1 රාජාවලිය Chapter 9

For English

Read 1 රාජාවලිය Chapter 9 Online

Read 1 රාජාවලිය Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 රාජාවලිය and the Holy Bible online.

Choose a Chapter

1 රාජාවලිය 9

පරිච්ඡේදය 9

1. තවද සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද ගොඩනගා, සාලමොන් තමාගේ මුළු ආශාවේ හැටියට සාදන්ට කැමතිවූ සියල්ලත් නිමකළ විට,

2. ස්වාමීන්වහන්සේ ගිබියොන්හිදී සාලමොන්ට පෙනුණාක් මෙන් දෙවෙනි වර ඔහුට පෙනුණුසේක.

3. ස්වාමීන්වහන්සේ කථාකොට: ඔබ මා ඉදිරියෙහි ඔප්පුකළ ඔබේ යාච්ඤාවත් කන්නලව්වත් ඇසුවෙමි. ඔබ ගොඩනැගූ මේ ගෘහයෙහි මාගේ නාමය සදාකාලේටම තබන පිණිස ඒක විශුද්ධකෙළෙමි; මාගේ ඇස්ද මාගේ සිතද නිරන්තරයෙන් මෙහි වන්නේය.

4. ඉතින් ඔබේ පියවූ දාවිත් හැසුරුණාක් මෙන් ඔබ මා ඉදිරියෙහි සිතේ ඇද නැතිකමින්ද අවංකකමින්ද හැසිරෙමින්, මා විසින් ඔබට අණකළ සියල්ලේ ප්‍රකාරයට කර, මාගේ පනත්ද විනිශ්චයවල්ද පවත්වන්නෙහි නම්,

5. ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳින්ට ඔබට කෙනෙක් නැතුව යන්නේ නැත කියා මා විසින් ඔබේ පියවූ දාවිත්ට පොරොන්දුවූ හැටියට, ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඔබේ රාජ්‍යයේ සිංහාසනය සදාකාලේටම ස්ථිරකරන්නෙමි.

6. නුමුත් ඔබ සැමත් ඔබ සැමගේ දරුවොත් මා වෙතින් ඉවත්ව ගොස්, මා විසින් ඔබ සැම ඉදිරියෙහි තබා තිබෙන මාගේ ආඥාද පනත්ද නොපවත්වා, ගොස් අන් දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකළොත්,

7. මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.

8. මෙපමණ උස්ව තිබෙන මේ ගෘහය ළඟින් යන සියල්ලන් විස්මයට පත්ව කවටකම්කර: ස්වාමීන්වහන්සේ මේ දේශයටත් මේ ගෘහයටත් මෙසේ කළේ මක්නිසාදැයි අසනවා ඇත.

9. එවිට: ඔවුන් තමුන්ගේ පියවරුන් මිසරදේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇලුම්වී, ඔවුන්ට නමස්කාරකොට සේවයකළ නිසා, ස්වාමීන්වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිටට පැමිණෙවුසේකැයි මිනිසුන් උත්තරදෙනවා ඇතැයි ඔහුට කීසේක.

10. තවද සාලමොන් විසින් ගෘහ දෙක එනම් ස්වාමීන්වහන්සේගේ ගෘහය සහ රජ ගෙය ගොඩනැගීමට ගත කළ විසි අවුරුද්දට පසු,

11. සාලමොන්ගේ මුළු කැමැත්තේ හැටියට ඔහුට කිහිරි ලීද දේවදාර ලීද රන්ද සපයා දුන් තීර්හි රජවූ හීරාම්ට සාලමොන් රජ ගලීල දේශයෙහි නුවරවල් විස්සක් දුන්නේය.

12. හීරාම්ද සාලමොන් තමාට දුන් නුවරවල් බලන්ට තීර්හි සිට ඇවිත් ඒවා ගැන සතුටු නොවී:

13. මාගේ සහෝදරය, ඔබ මට දුන් මේ නුවරවල් මොනවා දැයි කියා ඒවාට කාබුල් රටයයි නම් තැබුවේය. ඒ නම අද දක්වාත් පවතී.

14. හීරාම් රන් තලෙන්ත එකසිය විස්සක් රජුට එව්වේය.

15. සාලමොන් රජු රාජකාරියට මනුෂ්‍යයන් ගත් අභිප්‍රාය නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේම ගෙයද මිල්ලෝද යෙරුසලමේ පවුරද හාශෝර්ද මෙගිද්දෝද ගෙසෙර්ද ගොඩනැගීම පිණිසය.

16. මිසරයේ රජවූ ඵාරාවෝ ඇවිත් ගෙසෙර් අල්වාගෙන ඒක ගින්නෙන් පුලුස්සාදමා, ඒ නුවර වාසයකළ කානානිවරුන් මරා, ඒක සාලමොන්ගේ භාර්යාවවූ තමාගේ දුවට දායාදයක්කොට දී තිබුණේය.

17. සාලමොන් ගෙසෙර්ද පහළ බෙත්-හොරොන්ද,

18. බාලාත්ද දේශයෙහි තිබෙන කාන්තාරයෙහි තාමර්ද,.

19. සාලමොන් සන්තකවූ සියලු ගබඩා නුවරවල්ද රථවලට නුවරවල්ද අසරුවන්ට නුවරවල්ද සාලමොන් යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් තමා සතුටුවූ ප්‍රකාර ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැඟුවේය.

20. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් නුවූ, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මුළුමනින්ම විනාශකර දමන්ට බැරිවුණාවූ අමෝරිවරුන්ගෙන්ද හිත්තීවරුන්ගෙන්ද පෙරිස්සිවරුන්ගෙන්ද හිවීවරුන්ගෙන්ද යෙබූසිවරුන්ගෙන්ද ඉතිරිවුණ සියලු ජාතීන්ට පසුව,

21. දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට දාසයන් ගණනක් ගත්තේය.

22. නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සාලමොන් කිසිවෙක් වහලුන් කොට නොගත්තේය. ඔව්හු වනාහි යුද්ධකාරයෝව ඔහුගේ සේවකයෝව ඔහුගේ අධිපතියෝව ඔහුගේ සේනාපතියෝව ඔහුගේ රථ කෙරෙහිද අසරුවන් කෙරෙහිද ප්‍රධානියෝව සිටියෝය.

23. සාලමොන්ගේ වැඩ බලාගත්තාවූ, වැඩකළ සෙනඟ ආණ්ඩුකළාවූ ප්‍රධාන මුලාදෑනීහු පන්සිය පනස් දෙනෙක් වූහ.

24. ඵාරාවෝගේ දියණිය වනාහි දාවිත්ගේ නුවර සිට සාලමොන් විසින් ඈ උදෙසා ගොඩනැගූ ඇගේ ගෙට ආවාය. එවිට ඔහු මිල්ලෝ ගොඩනැගීය.

25. සාලමොන් තමා ස්වාමීන්වහන්සේට ගොඩනැගූ පූජාසනය පිට අවුරුද්දට තුන් වරක් දවන පූජාද ශාන්ති පූජාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පූජාසනය පිට සුවඳ දුම්ද ඔප්පුකෙළේය. මෙසේ ඔහු ගෘහය සාදා නිමකෙළේය.

26. සාලමොන් රජ ඒදොම් දේශයෙහි රතු මුහුද අද්දර ඒලෝත් ළඟ පිහිටි එශීයොන්ගෙබෙර්හි නැව් සෑදෙවුවේය.

27. හීරාම්ද මුහුදේ කාරණා දන්නාවූ නැව්කාරයින් වන තමාගේ සේවකයන් සාලමොන්ගේ සේවකයන් සමඟ ඒ නැව්වල යැවුවේය.

28. ඔව්හු ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය විස්සක් සාලමොන් රජු ළඟට ගෙනාවෝය.

About 1 රාජාවලිය Chapter 9

Read 1 රාජාවලිය Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 රාජාවලිය
Chapter: 9
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 රාජාවලිය Chapter 9 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 රාජාවලිය Chapter 9?

1 රාජාවලිය Chapter 9 is part of the Book of 1 රාජාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 රාජාවලිය Chapter 9 online for free with easy chapter navigation.

More Chapters from 1-රාජාවලිය

  1. 1 රාජාවලිය Chapter 19
  2. 1 රාජාවලිය Chapter 18
  3. 1 රාජාවලිය Chapter 22
  4. 1 රාජාවලිය Chapter 20
  5. 1 රාජාවලිය Chapter 13
  6. 1 රාජාවලිය Chapter 21
  7. 1 රාජාවලිය Chapter 17

Explore More from පැරණි ගිවිසුම

  1. සෙකරියා Chapter 3
  2. හිතෝපදේශ Chapter 10
  3. ගීතාවලිය Chapter 87
  4. 1 ලේකම් Chapter 23
  5. ගීතාවලිය Chapter 36
  6. 2 රාජාවලිය Chapter 17
  7. 1 ලේකම් Chapter 27

Related Chapters & Readings

  1. යෝබ් Chapter 19
  2. ගණන් කථාව Chapter 5
  3. ගීතාවලිය Chapter 8
  4. ගීතාවලිය Chapter 92
  5. ශු. මතෙව් Chapter 10
  6. 2 කොරින්ති Chapter 11
  7. 1 සාමුවෙල් Chapter 24
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *