Read 1 රාජාවලිය Chapter 4 Online
Read 1 රාජාවලිය Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 රාජාවලිය and the Holy Bible online.
Choose a Chapter
1 රාජාවලිය 4
පරිච්ඡේදය 4
1. සාලමොන් රජු මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටියේය.
2. ඔහුට සිටි අධිපතීහු මොව්හුය: ශාදොක්ගේ පුත්‍රවූ අශරියා පූජකයාය;
3. ෂීෂාගේ පුත්‍රයෝවූ එලීහොරෙප්ද අහියාද ලේකම්වරුය; අහිලූද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාට් වාර්තාකරුවාය;
4. යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා සේනාපතියාය; ශාදොක්ද අබියාතර්ද පූජකයෝය;
5. නාතාන්ගේ පුත්‍රවූ අශරියා මූලාදෑනීන්ගේ නායකයාය; නාතාන්ගේ පුත්‍රවූ සාබූද් ඇමතියෙක්ව රජුගේ මිත්‍රයාව සිටියේය;
6. අහිෂාර් වනාහි රජගෙදර ප්‍රධානියාය. අබ්දාගේ පුත්‍රවූ අදොනිරම් රාජකාරියේ මුලාදෑනියාය.
7. රජුටත් ඔහුගේ ගෘහ වාසීන්ටත් ආහාර සපයන පිණිස සාලමොන්ගේ මුලාදෑනීන් දොළොස්දෙනෙක් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි පත්ව සිටියෝය. එසේ සපයාදීම එකිනෙකාට වැටුණේ අවුරුද්දකට මාසයක් බැගින්ය.
8. ඔවුන්ගේ නාම මේය: එප්‍රායිම් කඳු රටේ සිටිය බෙන්-හූර්ය.
9. මාකශ්හිද ෂයාල් බිම්හිද බෙත්-ෂෙමෙෂ්හිද ඒලොන්-බෙන්-හානාන්හිද සිටිය බෙන්-දෙකෙර්ය.
10. අරුබ්බෝත්හි බෙන්-හෙසෙද්ය; ඔහුට සෝකොව සහ මුළු හේපෙර් රටද වැටුණේය.
11. දොර් නම් කඳුකරය මුළුල්ලෙහි සිටිය බෙන්-අබිනාදාබ්ය; ඔහුගේ භාර්යාව සාලමොන්ගේ දුවවූ තාපත්ය.
12. අහිලූද්ගේ පුත්‍රවූ බානාට තයනාක්ද මෙගිද්දෝද ශාරෙතාන්ට කිට්ටුව යෙස්‍රෙයෙල්ට පහළින් තිබෙන මුළු බෙත්-ෂෙයාන්ද වැටුණේය. ඒ පළාත බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වාද යොක්මෙයාම්ට එහා සීමා දක්වාද පිහිටා තිබේ.
13. රාමොත්-ගිලියද්හි සිටිය බෙන්-ගෙබර්ය. ගිලියද්හි තිබෙන්නාවූ, මනස්සේගේ පුත්‍රවූ යායිර්ගේ නුවරවලුත් පවුරුද පිත්තල අගුල්ද ඇති මහා නුවරවල් හැටක් සහිත බාෂාන්හි අර්ගොබ් පළාතත් ඔහුට වැටුණේය.
14. මහනායිම්හි සිටිය ඉද්දෝගේ පුත්‍රවූ අහිනාදාබ්ය.
15. නප්තලීහි සිටිය අහිමාශ්ය; ඔහුද සාලමොන්ගේ දුවූ බාසෙමත් භාර්යා කොට පාවාගත්තේය.
16. ආෂෙර්හිද බෙයාලොත්හිද සිටිය හූෂයිගේ පුත්‍රවූ බානාය.
17. ඉස්සාඛර්හි සිටිය පරුවාගේ පුත්‍රවූ යෙහෝෂාපාට්ය.
18. බෙන්යමින්හි සිටිය ඒලාගේ පුත්‍රවූ ෂිමෙයිය.
19. අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේද බාෂාන්හි රජවූ ඕග්ගේද දේශයවූ ගිලියද් දේශයෙහි සිටිය උරීගේ පුත්‍රවූ ගෙබෙර්ය; ඒ දේශයෙහි සිටියේ එක මුලාදෑනියෙක්ය.
20. යුදාවරු ද ඉශ්‍රායෙල්වරු මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය, ඔව්හු කමින් බොමින් ප්‍රීතිවෙමින් පසුවූහ.
21. සාලමොන් වනාහි ප්‍රාත් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔව්හු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය.
22. දවසකට සාලමොන්ගේ ආහාර මෙසේය: සිහින් පිටි කෝරිහක්ය, වෙන පිටි කෝර සැටක්ය.
23. මුවන්ද තිත්මුවන්ද රතුමුවන්ද තරකළ පක්ෂීන්ද හැර තර හරක් දසදෙනෙකුත් කෙතේ හරක් විසි දෙනෙකුත් බැටළුවන් සියයකුත්ය.
24. මක්නිසාද ඔහු තිප්සා පටන් ගාශා දක්වාම ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශයද ගංගාවෙන් මෙගොඩ සියලු රජුන්ද කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔහු අවට සෑම දිශාවලද ඔහුට සමාදානය තිබුණේය.
25. සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යුදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය.
26. සාලමොන්ට ඔහුගේ රථවලට ගාල් සතළිස් දහසක. අශ්වයෝ සිටියෝය, අසුරුවන් දොළොස් දහසක්ද සිටියෝය.
27. ඒ මුලාදෑනීන් එකිනෙකා තම තමාට නියම මාසයේදී සාලමොන් රජුටද සාලමොන් රජුගේ මේසයට ආවාවූ සියල්ලන්ටද කිසිවක් අඩුවෙන්ට ඉඩ නෑර ආහාර සපයාදුන්නේය.
28. ඔවුන් එකිනෙකා තම තමාට නියමවී තිබුණු හැටියට අශ්වයන්ටත් සෛන්ධවයන්ටත් යව සහ පිදුරු නියම ස්ථානයට ගෙනාවේය.
29. දෙවියන්වහන්සේ ඉතා මහත් ප්‍රඥාවකුත් ඥානයකුත් මුහුදු වෙරළේ වැල්ලමෙන් විශාලවූ සිහියකුත් සාලමොන්ට දුන්සේක.
30. සාලමොන්ගේ ප්‍රඥාව පූර්වදිග රටවල සියලු ජනයාගේ ප්‍රඥාවටත් මිසරවරුන්ගේ මුළු ප්‍රඥාවටත් වඩා මහත්ව තිබුණේය.
31. මක්නිසාද ඔහු සියලු මනුෂ්‍යයන්ටද එශ්‍රාහිය ඒතාන්ටද මාහොල්ගේ පුත්‍රයන්වූ හේමන්ටද කල්කොල්ටද දර්දාටද වඩා ප්‍රඥාවන්තව සිටියේය. ඔහුගේ කීර්තියද අවට සිටි සියලු ජාතීන් අතරේ පතළවී ගියේය.
32. ඔහු උපදේශවාක්‍ය තුන්දහසක් කීවේය. ඔහුගේ ගීතිකාද එක්දාස් පහක්ය.
33. ඔහු ලෙබනොන්හි තිබෙන කිහිරි ගස පටන් බිත්තියෙන් හටගන්න හිසොප් ගහ දක්වා ගස් ගැන කථාකෙළේය. ඔහු මෘගයන්ද පක්ෂීන්ද බඩගා යන සතුන්ද මත්ස්‍යයන්ද ගැනත් කථාකෙළේය.
34. ඔහුගේ ප්‍රඥාව ගැන ඇසුවාවූ පොළොවේ සියලු රජුන් වෙතින් සියලු වර්ගයන් කෙරෙන් මනුෂ්‍යයෝ සාලමොන්ගේ ප්‍රඥාව අසන්ට ආවෝය.
About 1 රාජාවලිය Chapter 4
Read 1 රාජාවලිය Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 රාජාවලිය
Chapter: 4
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 රාජාවලිය Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 රාජාවලිය Chapter 4?
1 රාජාවලිය Chapter 4 is part of the Book of 1 රාජාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 රාජාවලිය Chapter 4 online for free with easy chapter navigation.
More Chapters from 1-රාජාවලිය
- 1 රාජාවලිය Chapter 19
- 1 රාජාවලිය Chapter 18
- 1 රාජාවලිය Chapter 22
- 1 රාජාවලිය Chapter 20
- 1 රාජාවලිය Chapter 13
- 1 රාජාවලිය Chapter 21
- 1 රාජාවලිය Chapter 17
Explore More from පැරණි ගිවිසුම
- ද්වීතීය කථාව Chapter 18
- යෙසායා Chapter 28
- දේශනාකාරයා Chapter 1
- නාහුම් Chapter 2
- විනිශ්චයකාරයන් Chapter 4
- විලාප ගී Chapter 5
- යෙරෙමියා Chapter 45