1 රාජාවලිය Chapter 6

For English

Read 1 රාජාවලිය Chapter 6 Online

Read 1 රාජාවලිය Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 රාජාවලිය and the Holy Bible online.

Choose a Chapter

1 රාජාවලිය 6

පරිච්ඡේදය 6

1. තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවාට පසු හාරසිය අසූවෙනි අවුරුද්දේ එනම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සාලමොන්ගේ රජකම් කිරීමේ සතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයවූ ශීව් මාසයේදී ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.

2. සාලමොන් රජ ස්වාමීන්වහන්සේට ගොඩනැගූ ගෘහයේ දිග රියන් සැටක්ය, පළල රියන් විස්සක්ය, උස රියන් තිහක්ය.

3. ගෘහයේ මාලිගාව ඉස්සරහ තිබුණු ශාලාවේ දිග ගෘහයේ පළල හැටියටම රියන් විස්සක්ව, එහි පළල ගෘහය ඉස්සරහ රියන් දසයක්ව තිබුණේය.

4. ගරාදි සවිකරනලද කවුළු ඔහු ගෘහයට සෑදුවේය.

5. ඔහු මාලිගාවත් දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකරින් ගෘහයේ බිත්ති වටේට ගෘහයේ බිත්තියට යාකර මහල් ගොඩනගා වටේට කාමර සෑදුවේය.

6. පහතම මහළේ පළල පස් රියනක්ය, මැද එකේ පළල සරියනක්ය, තුන්වෙනි ඒකේ පළල සත්රියනක්ය. මක්නිසාද ගෘහයේ බිත්තිවලට බාල්ක ඇතුල් නොකරන පිණිස පිටින් වටේටම ගෘහයේ බිත්තිවල තැනින්තැන පටුකර සෑදුවේය.

7. ගල්වළේදී තීන්දුවට සූදානම්කළ ගල්වලින් ගෘහය ගොඩනැගූ බැවින් ගෘහය ගොඩනැගීමේදී මිටියකවත් පොරවකවත් වෙන කිසි යකඩ ආවුදයකවත් ශබ්දයක් නොඇසුණේය.

8. මැද කාමරවලට දොර ගෘහයේ දකුණු පැත්තෙහි විය. වටවූ පඩිපෙළකින් මැද මහලටත් මැද මහෙලන් තුන්වෙනි මහලටත් නගින්ට සාදා තිබුණේය.

9. මෙසේ ඔහු ගෘහය තනා නිමකෙළේය; ඔහු ගෘහය කිහිරි දැවවලින්ද ලෑලිවලින්ද වැසුවේය.

10. ඔහු මුළු ගෘහයට යාකර පස්රියනක් බැගින් උස ඇති මහල් ගොඩනැඟුවේය. ඒවා කිහිරි ලීවලින් ගෘහයට සවිකරනලද්දේය.

11. ස්වාමීන්වහන්සේගේ වචනය සාලමොන්ට පැමිණ කියනුයේ:

12. ඔබ ගොඩනගන මේ ගෘහය ගැන වනාහි, ඔබ මාගේ පනත්වල හැසිර මාගේ විනිශ්චයවල් ඉෂ්ටකර මාගේ සියලු ආඥා පවත්වමින් ඒ ප්‍රකාර හැසිරෙන්නෙහිනම්, ඔබේ පියවූ දාවිත්ට මා විසින් කී මාගේ වචනය ඔබට ඉෂ්ටකරන්නෙමි.

13. තවද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් අත්නෑර, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි වාසයකරන්නෙමියි කීසේක.

14. මෙසේ සාලමොන් ගෘහය ගොඩනගා නිමකෙළේය.

15. ඇතුළතින් ඔහු ගෘහයේ බිත්තිවල කිහිරි ලෑලි ඇල්ලුවේය; ගෘහයේ බිම පටන් පියස්සේ පැති දක්වා ඇතුළතින් ලීවලින් වැසුවේය. ගෘහයේ බිම දේවදාර ලෑලිවලින් වැසුවේය.

16. ඔහු ගෘහයේ ඉතා ඇතුල් කොට්ඨාසයෙන් රියන් විස්සක් දිගට බිමෙහි සහ බිත්තිවලත් කිහිරි ලෑලි ඇල්ලුවේය. ඇතුළතින් ඔහු ඒක දිව්‍ය-වාක්‍යස්ථානයක් වන අති ශුද්ධස්ථානය කොට සෑදුවේය.

17. ඊට ඉදිරිපිටවූ ගෘහය එනම් මාලිගාව සතළිස් රියනක් දිගය.

18. ගෘහයේ ඇතුළත කැකිරි වැල්ද පිපුණු මල්ද කැටයම්කළ කිහිරි ලීවලින් වසා තිබුණේය. මුළුල්ලම කිහිරි ලීය; කිසි ගලක් පෙනෙන්ට නොතිබුණේය.

19. ඔහු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තැබීමට ඇතුළතින් ගෘහය තුළ දිව්‍ය-වාක්‍යස්ථානයක් පිළියෙළකෙළේය.

20. ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, එහි උසත් විසි රියනක්ය; ඔහු එය අනර්ඝ රනින් වැසුවේය. පූජාසනය ඔහු කිහිරි ලීවලින් වැසුවේය.

21. මෙසේ සාලමොන් ගෘහයේ ඇතුළත අනර්ඝ රනින් වසා, රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒක රනින් වැසුවේය.

22. මුළු ගෘහය වසා තීන්දුවනතෙක් ඔහු ඒක මුළුල්ලම රනින් වැසුවේය. දිව්‍ය-වාක්‍යස්ථානයට අයිති පූජාසනය මුළුල්ලත් රනින් වැසුවේය.

23. ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ වල් ඔලීව ලීවලින් දස රියන බැගින් උස ඇති කෙරුබ් රූප දෙකක් සාදා තැබුවේය.

24. එක කෙරුබ් රූපයක එක පියාපතක් පස් රියනක්ය, කෙරුබ් රූපයේ අනික් පියාපත පස් රියනක්ය. එක පියාපතක කෙළවර පටන් අනික් පියාපෙත් කෙළවර දක්වා දස රියනක්ය.

25. අනික් කෙරුබ් රූපයත් දස රියනක්ය. කෙරුබ් රූප දෙකම එක මිම්මටද එක හැඩේටද වූහ.

26. එක කෙරුබ් රූපයක උස දස රියනක්ය, අනික් කෙරුබ් රූපයත් එසේමය.

27. ඔහු ඒ කෙරුබ් රූප ඇතුල් ගෘහය තුළ පිහිටෙවුවේය. එක කෙරුබ් රූපයක පියාපතක් එක බිත්තියට වදින හැටියටත් අනික් කෙරුබ් රූපයේ පියාපතක් අනික් බිත්තියට වදින හැටියටත් ඒවායේ පියාපත් ගෘහය මධ්‍යයෙහි එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබනලද්දේය.

28. ඔහු කෙරුබ් රූප රනින් වැසුවේය.

29. වටකර ඇතුළෙනුත් පිටිනුත් ගෘහයේ සියලු බිත්තිවල ඔහු කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කොටා කැටයම් වැඩ කෙළේය.

30. ඔහු ගෘහයේ බිම ඇතුළෙනුත් පිටිනුත් රනින් වැසුවේය.

31. දිව්‍ය-වාක්‍යස්ථානයේ දොරකඩට වල් ඔලීව ලීවලින් දොරවල් සෑදුවේය. උඩ පඩිකඳ ද උළුවහු කණුද බිත්තියෙන් පහෙන් කොටසක් විය.

32. වල් ඔලීව ලීවලින් සෑදූ ඒ දොර දෙකේ ඔහු කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කැටයම්කර, රනින් වසා, කෙරුබ් හා තල් ගස් පිටත් රත්රන් ගෑවේය.

33. එසේම මාලිගාවේ දොරකඩටත් වල් ඔලීව ලී වලින් උළුවහු කණුද දේවදාර ලීවලින් දොරවල් දෙකක්ද සෑදුවේය;

34. ඊට බිත්තියෙන් සතරෙන් කොටසක් ගියේය. එක දොරකට අකුළන පියන් දෙකක්ද අනික් දොරට අකුළන පියන් දෙකක්ද විය.

35. ඔහු ඒවායේ කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කපා ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේය.

36. ඇතුළු මිදුල කැපූ ගල්පේළි තුනකින්ද කිහිරි දැව පේළියකින්ද සෑදුවේය.

37. සතරවෙනි අවුරුද්දේ ශීව් මාසයේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම තබනලද්දේය.

38. එකොළොස්වෙනි අවුරුද්දේ අටවෙනි මාසය වන බූල් මාසයේදී ගෘහය එහි සියලු කොට්ඨාස ඇතුළුව එහි නියම මුළු විධියට නිම කරනලද්දේය. මෙසේ ඔහු සත් අවුරුද්දක් එය ගොඩනැගීමේ යෙදී සිටියේය.

About 1 රාජාවලිය Chapter 6

Read 1 රාජාවලිය Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 රාජාවලිය
Chapter: 6
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 රාජාවලිය Chapter 6 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 රාජාවලිය Chapter 6?

1 රාජාවලිය Chapter 6 is part of the Book of 1 රාජාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 රාජාවලිය Chapter 6 online for free with easy chapter navigation.

More Chapters from 1-රාජාවලිය

  1. 1 රාජාවලිය Chapter 18
  2. 1 රාජාවලිය Chapter 19
  3. 1 රාජාවලිය Chapter 22
  4. 1 රාජාවලිය Chapter 20
  5. 1 රාජාවලිය Chapter 13
  6. 1 රාජාවලිය Chapter 17
  7. 1 රාජාවලිය Chapter 11

Explore More from පැරණි ගිවිසුම

  1. උත්පත්ති Chapter 19
  2. 2 සාමුවෙල් Chapter 3
  3. යෙරෙමියා Chapter 38
  4. 1 ලේකම් Chapter 4
  5. 1 සාමුවෙල් Chapter 10
  6. 1 රාජාවලිය Chapter 14
  7. ද්වීතීය කථාව Chapter 8

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 140
  2. ගලාති Chapter 6
  3. 1 රාජාවලිය Chapter 19
  4. 1 පේතෘස් Chapter 1
  5. ද්වීතීය කථාව Chapter 11
  6. 2 සාමුවෙල් Chapter 6
  7. සෙකරියා Chapter 4
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *