Read ලෙවී කථාව Chapter 24 Online
Read ලෙවී කථාව Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.
Choose a Chapter
ලෙවී කථාව 24
පරිච්ඡේදය 24
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
2. එළිය පිණිස පහනක් නිතරම දැල්වීම සඳහා කොටා හිඳගත් පවිත්‍ර ඔලීව තෙල් ඔබ ළඟට ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරන්න.
3. සම්මුඛවීමේ කූඩාරමෙහි සාක්ෂියේ තිරයට පිටතින් සවස පටන් උදය දක්වා ආරොන් ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිතරම පිළියෙළකර තබන්නේය. ඒක ඔබ සැමගේ පරම්පරාවලට නිරන්තර පනතක්ය.
4. ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර පහන්රුක මත්තෙහි පහන් නිතරම පිළියෙළකර තැබිය යුතුය.
5. සිහින් පිටි ගෙන එයින් රොටි දොළොසක් පුලුස්සන්න. එක එක රොටිය ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සාදන්න.
6. ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර මේසය උඩ පෙළකට සයක් බැගින් දෙපෙළකට තබන්න.
7. ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක්මෙන් රොටිවල සිහිවීමක් පිණිස ඒ දෙපෙළ පිට පවිත්‍ර තුවරලා තබන්න.
8. ඔහු ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා නිරන්තර ගිවිසුමක් වන පිණිස හැම සබත් දවසේම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිතරම පිළිවෙළට තබන්නේය.
9. ඒවා ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට වන්නේය; ඔව්හු ශුද්ධ තැනකදී ඒවා කත්වා. මක්නිසාද ඒවා ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් ඔහුට නිරන්තර පනතකින් අතිශුද්ධ යයි කීසේක.
10. ඉශ්‍රායෙල් ස්ත්‍රියෙකුගේද මිසරීය පුරුෂයෙකුගේද පුත්‍රයෙක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ මිසරයෙන් ආවේය. ඉශ්‍රායෙල් ස්ත්‍රියගේ පුත්‍රයාද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙක්ද කඳවුරෙහිදී ඩබරකර ගත්තෝය;
11. ඉශ්‍රායෙල් ස්ත්‍රියගේ පුත්‍රයා ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකොට දෙස් කීවේය. ඔව්හු ඔහු මෝසෙස් ළඟට ගෙනාවෝය. ඔහුගේ මවුගේ නම ෂෙලොමිත්ය, ඈ දාන්ගේ ගෝත්‍රයේ දිබ්රීගේ දුවය.
12. ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් ඔවුන්ට දන්වන තුරු ඔව්හු ඔහු හිර අඩස්සි කළෝය.
13. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
14. දෙස්කීවාවූ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනයන්න; ඔහුගේ වචන ඇසූ සියල්ලෝ තමුන්ගේ අත් ඔහුගේ හිස පිට තබත්වා, මුළු සභාවද ඔහුට ගල්ගසාවා.
15. ඔබ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: තමාගේ දෙවියන්වහන්සේට දෙස්කියන කවරෙක් නුමුත් තමාගේ පාපය දරන්ට ඕනෑයයි කියන්න.
16. ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය; මුළු සභාව සැබවින් ඔහු ගල්ගසා මැරිය යුතුය. විදේශියා වුවත් ස්වදේශියා වුවත් ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකළොත් මරනු ලැබිය යුතුය.
17. මනුෂ්‍යයෙකුට මැරෙන්ට පහර දෙන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය;
18. මෘගයෙකුට මැරෙන්ට පහර දෙන තැනැත්තා මෘගයා වෙනුවට මෘගයෙකු දී පළි ගෙවිය යුතුය.
19. මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට පලුදුවක් කළොත් ඔහු කළ ලෙසම ඔහුටත් කරනු ලැබේවා;
20. බිඳුමට බිඳුමක්ද ඇසට ඇසක්ද දතට දතක්ද වශයෙන් මනුෂ්‍යයෙකුට ඔහු කළ පලුදුවේ හැටියට ඔහුටත් කරනු ලැබේවා.
21. මෘගයෙකු මරන්නා ඊට පළි ගෙවිය යුතුය. නුමුත් මනුෂ්‍යයෙකු මරන්නා මරනු ලැබිය යුතුය.
22. ස්වදේශියාට මෙන් විදේශියාටද එක විනිශ්චය ක්‍රමයක් ඔබ සැමට තිබෙන්ට ඕනෑය. මක්නිසාද මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
23. මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකෙළේය, ඔහු කී ලෙස ඔව්හු දෙස් කීවාවූ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනවුත් ගල්ගසා මැරුවෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස කළෝය.
About ලෙවී කථාව Chapter 24
Read ලෙවී කථාව Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ලෙවී කථාව
Chapter: 24
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ලෙවී කථාව Chapter 24 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ලෙවී කථාව Chapter 24?
ලෙවී කථාව Chapter 24 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ලෙවී කථාව Chapter 24 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
Explore More from ලෙවී-කථාව
- ලෙවී කථාව Chapter 3
- ලෙවී කථාව Chapter 19
- ලෙවී කථාව Chapter 15
- ලෙවී කථාව Chapter 9
- ලෙවී කථාව Chapter 10
- ලෙවී කථාව Chapter 6
- ලෙවී කථාව Chapter 17