Read ලෙවී කථාව Chapter 25 Online
Read ලෙවී කථාව Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.
Choose a Chapter
ලෙවී කථාව 25
පරිච්ඡේදය 25
1. ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට කථාකොට කියනසේක්:
2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න-මා විසින් ඔබ සැමට දෙන දේශයට ඔබ සැම පැමිණි කල දේශය ස්වාමීන්වහන්සේට සබතක් පවත්වන්නීය.
3. සාවුරුද්දක් ඔබේ කෙත වපුරන්න, සාවුරුද්දක් ඔබේ මිදිවැල් කප්පාදුකොට එහි ඵල එක්කරගන්න;
4. එහෙත් සත්වෙනි අවුරුද්ද ස්වාමීන්වහන්සේට පවත්වන සබතක් වන දේශයට ගරුමය නිවාඩුවේ සබත් කාලයක් වන්නේය. ඔබේ කෙත නොවපුරන්න, ඔබේ මිදිවැල් කප්පාදු නොකරන්න.
5. ඔබේ ගොයමින් ඉබේම හටගන්න ඒවා කපා නොගන්න, කප්පාදු නොකළ ඔබේ මිදිවැළේ වලු රැස්කර නොගන්න. එය දේශයට ගරුමය නිවාඩුවේ අවුරුද්දක් වන්නේය.
6. දේශයේ සබත් ඔබ සැමට එනම් ඔබටත් ඔබේ මෙහෙකරුවාටත් ඔබේ මෙහෙකාරීටත් ඔබේ කුලීකාරයාටත් ඔබ සමඟ වසන ආගන්තුකයාටත් ආහාර පිණිස වන්නේය;
7. එහි මුළු වර්ධනය ඔබේ ගවයන්ටත් ඔබේ දේශයෙහි සිටින මෘගයන්ටත් ගොදුරු පිණිස වන්නේය.
8. අවුරුදුවල සත් සබතක් ඔබට ගණන්කර ගන්න, එනම් සත් වරක් සත් අවුරුද්දක්ය; එවිට අවුරුදුවල සත් සබතක දවස් එනම් හතළිස් නව අවුරුද්දක් ඔබට වන්නේය.
9. පසුව සත්වෙනි මාසයේ දසවෙනි දින හොරණෑ ශබ්දය සෑම තැනම පවත්වන්න; සමඟිකමක් කිරීමේ දවසේදී ඔබ සැමගේ දේශය මුළුල්ලේ හොරණෑව පිඹපල්ලා.
10. එසේ පනස්වෙනි වර්ෂය ශුද්ධ ලෙස පවත්වා දේශයෙහි සියලු වැසියන්ට නිදහස ප්‍රකාශකරන්න. එය ඔබ සැමට ජුබිලියක් වන්නේය; එකල ඔබ සැම එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතුය.
11. ඒ පනස්වෙනි වර්ෂය ඔබ සැමට ජුබිලියක් වන්නේය. ඒ කාලයෙහි වපුරන්ටවත් ඉබේම හටගන්න ඒවා කපාගන්ටවත් කප්පාදු නොකළ මිදි වැළෙන් ඵල නෙලාගන්ටවත් යුතු නැත.
12. මක්නිසාද එය ජුබිලියක්ය; ඒක ඔබ සැමට ශුද්ධවන්නේය. ඒකේ අස්වැන්න කෙතෙන්ම ගෙන කන්න.
13. ඒ ජුබිලි වර්ෂයෙහිදී ඔබ සැම එකිනෙකා තම තමාගේ උරුමයට නැවත පැමිණිය යුතුය.
14. ඔබේ අසල්වාසියාට කිසිවක් වික්කොත් නොහොත් ඔබේ අසල්වාසියා අතින් මිලේට ගත්තොත් ඔවුනොවුන්ට අයුතුකම් නොකරන්න.
15. ජුබිලි වර්ෂයට පසුව තිබෙන අවුරුදු ගණන හැටියට ඔබේ අසල්වාසියාගෙන් මිලේට ගන්න, අස්වනු ලැබෙන අවුරුදු ගණන හැටියට ඔහු ඔබට විකිණිය යුතුය.
16. අස්වැන්න ලැබෙන ප්‍රමාණයට ඔහු ඔබට ඒවා විකුණන නිසා, අවුරුදුවල වැඩිකමේ ප්‍රකාරයට එහි මිල ගණන වැඩිකළ යුතුය, අවුරුදුවල අඩුකමේ ප්‍රකාරයට එහි මිල ගණන අඩුකළ යුතුය.
17. එබැවින් ඔවුනොවුන්ට අයුතුකම් නොකොට, ඔබේ දෙවියන්වහන්සේට භය ඇතුව සිටින්න. මක්නිසාද මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
18. එබැවින් මාගේ පනත් ඉෂ්ටකොට, මාගේ විනිශ්චයයන් පවත්වා, ඒවා රක්ෂාකරන්න; එවිට ඔබ සැම දේශයෙහි සුවසේ වාසයකරනවා ඇත.
19. දේශය තමාගේ ඵලය දෙන්නීය, ඔබ සැම තෘප්තියට පැමිණෙනතෙක් කා එහි සුවසේ වාසයකරන්නහුය.
20. ඉදින් අප විසින් වපුරන්නේවත් අපේ අස්වැන්න රැස්කරගන්නේවත් නැත්නම් සත්වෙනි අවුරුද්දේ කුමක් කමුදැයි ඔබ සැම අසනවානම් මෙසේ කියමි.
21. හවෙනි අවුරුද්දේ තුන් අවුරුද්දකට අස්වැන්න ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය ඔබ සැම කෙරෙහි පැමිණෙන්ට අණකරන්නෙමි.
22. එසේ ඔබ සැම අටවෙනි අවුරුද්දේ වපුරා පරණ ඵලයෙන් කන්නහුය; නවවෙනි අවුරුද්දේ ඵල ලැබෙන තුරුම පරණ ඵල කන්නහුය.
23. දේශය හැමදාටම විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද දේශය මාගේය. ඔබ සැම වනාහි මා වෙත වසන විදේශීන් හා ආගන්තුකයෝය.
24. ඔබ සැමට උරුමවෙන මුළු දේශයෙහි බිම් මුදාගන්ට ඔබ සැම ඉඩඇරිය යුතුය.
25. ඔබේ සහෝදරයෙක් දුප්පත්ව තමාගේ උරුමයෙන් කොටසක් විකුණන්නේනම් ඔහුගේ කිට්ටු නෑයා ඇවිත් තම සහෝදරයා විසින් විකුණනලද ඉඩම මුදාගත යුතුය.
26. එසේ යමෙකුට මිදුම්කාරයෙක් නැති නුමුත් ඔහු පොහොසත්ව එය මුදාගැනීමට සෑහෙන පමණ වත්කම ලබාගත්තොත්,
27. ඔහු වික්ක දා පටන් අවුරුදු ගණන්කොට වැඩිව තිබෙන මුදල් ඒක මිලේට ගත් තැනැත්තාට නැවත දී තමාගේ උරුමයට දෙවනු පැමිණේවා.
28. එහෙත් එය නැවත ලබාගන්ට ඔහුට නොහැකිවී නම් විකුණනලද ඉඩම මිලේටගත් තැනැත්තාගේ අතේ ජුබිලි වර්ෂය දක්වා තිබේවා. ජුබිලි වර්ෂයෙහි ඒක මිදෙන්නේය, ඔහුද තමාගේ උරුමයට නැවත පැමිණෙන්නේය.
29. මනුෂ්‍යයෙක් පවුරු ඇති නුවරක තිබෙන ගෙයක් වික්කොත් එය වික්ක තැන් පටන් සම්පූර්ණ අවුරුද්දක් ඇතුළතදී ඒක මුදාගත හැකි වන්නේය; අවුරුද්දක් තුළේම එය මුදාගන්ට ඔහුට බලය තිබේ.
30. සම්පූර්ණ අවුරුද්දක් ඇතුළතදී එය මුදනු නොලැබුවොත් පවුරු ඇති නුවර තිබෙන ගේ මිලේට ගත් තැනැත්තාට එය ඔහුගේ පරම්පරාවල නිරන්තර උරුමයක් වන්නේය. එය ජුබිලි වර්ෂයෙහිදී ආපසු නොයන්නේය.
31. එහෙත් වටකරින් පවුරු නැති ගම්වල ගෙවල් දේශයේ කෙත් සමඟ ගණන්ගනු ලබන්නේය. ඒවා මුදාගත හැකිවන්නේය, ජුබිලි වර්ෂයෙහිදී ඒවා ආපසු යන්නෝය.
32. එසේවී නුමුත් ලෙවීවරුන්ගේ නුවරවල් එනම් ඔවුන්ගේ උරුම නුවරවල ගෙවල් කොයි කලෙක වුවත් ලෙවීවරුන්ට මුදාගත හැකිය.
33. ලෙවීවරුන්ගෙන් කවරෙක්වත් මිදුවොත් විකුණනලද ගෙයද ඔහුගේ උරුම නුවරද ජුබිලි වර්ෂයේදී ආපසු යන්නේය. මක්නිසාද ලෙවීවරුන්ගේ නුවරවල ගෙවල් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ගේ උරුමයය.
34. එහෙත් ඔවුන්ගේ නගරබද ප්‍රදේශයේ කෙත් විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද ඒවා ඔවුන්ගේ නිරන්තර උරුමයක්ය.
35. ඔබ වෙත ඔබේ සහෝදරයෙක් දිළිඳුවී ඔහුගේ අතමිට හිඟවුණොත් ඔහුට උපකාරකරන්න. විදේශියෙකු හා ආගන්තුකයෙකු මෙන් ඔහු ඔබ වෙත වාසයකෙරේවා.
36. ඔබේ සහෝදරයා ඔබ වෙත රක්ෂාවෙන පිණිස පොළීවත් ලාභයක්වත් ඔහුගෙන් නොගෙන ඔබේ දෙවියන්වහන්සේට භයව සිටින්න.
37. ඔබේ මිල පොළියටවත් ඔබේ ආහාර ලාභ ලබන පිණිසවත් ඔහුට නොදිය යුතුය.
38. මම වනාහි කානාන් දේශය ඔබ සැමට දී ඔබ සැමගේ දෙවියන්වහන්සේ වන පිණිස ඔබ සැම මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
39. ඔබ වෙත ඔබේ සහෝදරයා දිළිඳු බවට පැමිණ ඔබට තමාම වික්කොත් ඔහුගෙන් දාසයෙකුගේ වැඩ නොගත යුතුය.
40. කුලීකාරයෙකු මෙන්ද විදේශියෙකු මෙන්ද ඔහු ඔබ වෙත සිටිමින් ජුබිලි වර්ෂය දක්වා ඔබට මෙහෙකෙරේවා.
41. එකල ඔහුද ඔහු හා සමඟ ඔහුගේ දරුවෝද ඔබ වෙතින් ගොස් තමාගේ පෙළපතටත් තමාගේ පියවරුන්ගේ උරුමයටත් නැවත පැමිණෙත්වා.
42. මක්නිසාද ඔව්හු මිසර දේශයෙන් මා විසින් ගෙනෙනලද මාගේ මෙහෙකරුවෝය. දාසයන් මෙන් ඔවුන් විකුණනු නොලැබිය යුතුය.
43. තදකමින් ඔහු කෙරෙහි අධිපතිකම් නොකොට ඔබේ දෙවියන්වහන්සේට භය වෙන්න.
44. ඔබට ඇතිවන්නාවූ දාස දාසීන් ගැන නම්, ඔබ සැම වටකරින් සිටින ජාතීන්ගෙන්ම දාස දාසීන් මිලේට ගත යුතුය.
45. ඇරත් ඔබ සැම අතරෙහි විදේශීව සිටින්නාවූ අන් රට වැසියන්ගේ දරුවන්ගෙන්ද ඔවුන්ට ඔබ සැමගේ දේශයෙහිදී උපදින්නාවූ ඔබ සැම ළඟ සිටින ඔවුන්ගේ පවුල්වලින්ද මිලේට ගන්න. ඔවුන් ඔබ සැමගේ උරුමයක් කොට තබාගන්ට පුළුවන.
46. ඔබ සැමට පසුව ඔබ සැමගේ දරුවන්ටද උරුමයක් කොට ඔවුන් හිමිකර දෙන්ට පුළුවන; ඔවුන් අතරෙන් සදාකාලේටම ඔබ සැමගේ දාසයන් ලබාගත හැකිය. එහෙත් ඔබ සැමගේ සහෝදරයන්වූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි එනම් එක එකා තමතමාගේ සහෝදරයා කෙරෙහි තදකමින් අධිපතිකම් නොකළ යුතුය.
47. ඔබ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ කෙනෙක් පොහොසත්වෙන්ටත් ඔහු වෙත සිටින ඔබේ සහෝදරයෙක් දිළිඳුව ඔබ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ අයට හෝ විදේශියාගේ පවුලේ කෙනෙකුට හෝ විකුණනු ලබන්ටත් යෙදුණොත්,
48. ඔහු විකුණූ පසු නැවත මුදනු ලැබිය හැකිය; ඔහුගේ සහෝදරයන්ගෙන් එක් කෙනෙකුට ඔහු මුදාගත හැකිය.
49. ඔහුගේ මවුගේවත් පියාගේවත් සහෝදරයාට හෝ මවුගේවත් පියාගේවත් සහෝදරයාගේ පුත්‍රයාට හෝ ඔහුගේ පවුලට ළඟ නෑයින්ගෙන් කෙනෙකුට හෝ ඔහු මුදාගන්ට පුළුවන; නොහොත් ඔහු ධනවත් වන්නේනම් තමාම මුදාගන්ට හැකිවන්නේය.
50. ඔහු මිලේට ගත් තැනැත්තා සමඟ විකුණනු ලබන අවුරුද්ද පටන් ජුබිලි අවුරුද්ද දක්වා ගණන්බලාවා. ඔහුගේ විකිණීමේ මිල ඒ අවුරුදු ගණන හැටියට වන්නේය; ඔහු පඩියට වැඩකරන්නෙකුගේ කාලය ලෙස ඔහු සමඟ සිටීවා.
51. බොහෝ අවුරුදු ඉතුරුව තිබේනම් ඒවායේ හැටියට තමාගේ මිදීමේ මිලය තමා විකුණනු ලැබූ මිලයෙන් නැවත ගෙවිය යුතුය.
52. ජුබිලි අවුරුද්ද දක්වා ඉතුරුව තිබෙන්නේ අවුරුදු ස්වල්පයක් නම් ඔහු සමඟ ගණන බලා තමාගේ අවුරුදුවල හැටියට තමාගේ මිදීමේ මිල නැවත දේවා.
53. අවුරුද්දෙන් අවුරුද්ද පඩියට වැඩකරන්නෙකු මෙන් ඔහු ඒ අය වෙත සිටීවා. ඒ අය ඔබ ඉදිරිපිට ඔහු කෙරෙහි තද ලෙස අධිපතිකම් නොකෙරේවා.
54. මේ අන්දම්වලින් ඔහු මුදනු නොලබන්නේනම්, ඔහු සහ ඔහු සමඟ ඔහුගේ දරුවෝද ජුබිලි අවුරුද්දේ නිදහස්ව යන්නෝය.
55. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මාගේ මෙහෙකරුවෝය; ඔව්හු මා විසින් මිසර දේශයෙන් ගෙනාවාවූ මාගේ මෙහෙකරුවෝය. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
About ලෙවී කථාව Chapter 25
Read ලෙවී කථාව Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ලෙවී කථාව
Chapter: 25
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ලෙවී කථාව Chapter 25 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ලෙවී කථාව Chapter 25?
ලෙවී කථාව Chapter 25 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ලෙවී කථාව Chapter 25 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
Explore More from ලෙවී-කථාව
- ලෙවී කථාව Chapter 9
- ලෙවී කථාව Chapter 27
- ලෙවී කථාව Chapter 15
- ලෙවී කථාව Chapter 1
- ලෙවී කථාව Chapter 20
- ලෙවී කථාව Chapter 5
- ලෙවී කථාව Chapter 16