ලෙවී කථාව Chapter 11

For English

Read ලෙවී කථාව Chapter 11 Online

Read ලෙවී කථාව Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ලෙවී කථාව 11

පරිච්ඡේදය 11

1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ටත් ආරොන්ටත් කථාකොට කියනසේක්:

2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේකියන්න-පොළොවෙහි සියලු මෘගයන් අතරෙන් ඔබ සැම විසින් කෑ යුතු වන්නේ මේ ජීවමාන සත්වයෝය.

3. මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ වමාරාකන්නාවූ සියල්ලන් ඔබ සැමට කන්ට පුළුවන.

4. එසේ වී නුමුත් වමාරාකන මෘගයන්ගෙන්ද කුරය බෙදුණවුන්ගෙන්ද මොවුන් ඔබ සැම විසින් නොකෑ යුතුය: එනම් ඔටුවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඔබ සැමට අපවිත්‍රය.

5. බෙන් හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ ඔබ සැමට අපවිත්‍රය.

6. හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ ඔබ සැමට අපවිත්‍රය.

7. ඌරා, කුරය බෙදී වෙන්ව තිබෙන නුමුත් වමාරානොකන නිසා ඌ ඔබ සැමට අපවිත්‍රය.

8. උන්ගේ මාංස නොකන්න, උන්ගේ මළකුණු ස්පර්ශනොකරන්න; උන් ඔබ සැමට අපවිත්‍රය.

9. ජලයෙහි ඉන්න සියල්ලන්ගෙන් ඔබ සැමට කන්ට පුළුවන්වන්නේ මේ සත්වයෝය: එනම් මුහුදුවලත් ගංගාවලත් ජලයෙහි ඉන්නාවූ වරල් සහ කොරපොතු ඇති සියල්ලන් කන්ට පුළුවන.

10. එහෙත් ජලයෙහි හැසිරෙන සියල්ලන්ගෙන්ද ජලයෙහි ඉන්නාවූ පණ ඇති සියලු සතුන්ගෙන්ද මුහුදුවලත් ගංගාවලත් ඉන්නාවූ වරල්ද කොරපොතුද නැති සියල්ලෝ ඔබ සැමට පිළිකුලක්ය,

11. උන් ඔබ සැමට පිළිකුලක් වන්නෝය; උන්ගේ මාංසය නොකන්න, උන්ගේ මළකුණු පිළිකුල් කොට සලකන්න.

12. ජලයෙහි ඉන්නාවූ වරල්ද කොරපොතුද නැති කොයි සතෙක් නුමුත් ඔබ සැමට පිළිකුලක්ය.

13. පක්ෂීන් අතරෙන් ඔබ සැම විසින් පිළිකුල්කළ යුතු වන්නේ මේ සත්තුය; උන් නොකෑ යුතුය, උන් පිළිකුලක්ය-එනම් රාජාලියාද මහ ගිජුලිහිණියාද මුහුදු උකුස්සාද;

14. උකුස්සාද ඒ ඒ වර්ගයේ කුරුළුගොයිද;

15. ඒ ඒ වර්ගයේ සියලු කපුටුවෝද;

16. පැස්බරාද රෑ උකුස්සාද මුහුදු ලිහිණියාද ඒ ඒ වර්ගයේ උකුස්සෝද;

17. බස්සාද දියකාවාද බකමූණාද;

18. උලමාද කරවැල් කොකාද ගිජුලිහිණියාද;

19. මානකොකාද ඒ ඒ වර්ගයේ කොක්කුද හුපුවාද වවුලාද යන උන්ය.

20. පියාපත් ඇති බඩගායන සතර පයින් ඇවිදින සියලු සත්තු ඔබ සැමට පිළිකුලක්ය.

21. එහෙත් පියාපත් ඇති බඩගා යන සතර පයින් ඇවිදින භූමිය පිට පැනයන පිණිස පාදවලට ඉහළින් කකුල් ඇති සියලු සතුන් අතරෙන් මුන් ඔබ සැමට කන්ට පුළුවන:

22. එනම් ඒ ඒ වර්ගයේ පළඟැටියෝද ඒ ඒ වර්ගයේ තට්ට පළඟැටියෝද ඒ ඒ වර්ගයේ ගොඩ වෙලුවෝද ඒ ඒ වර්ගයේ තනගිරව්ද ඔබ සැමට කන්ට පුළුවන.

23. එහෙත් පියාපත් ඇති බඩගායන සතර පයින් ඇවිදින සියලු සත්තු ඔබ සැමට පිළිකුලක්ය.

24. ඔබ සැම මුන්ගෙන් අපවිත්‍රවන්නහුය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.

25. උන්ගේ මළකුණුවලින් කිසිවක් උසුලා ගෙනයන කවරෙක් නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී.

26. බෙදුණු නුමුත් වෙන්නූණ කුර ඇති වමාරානොකන සියලු මෘගයෝ ඔබ සැමට අපවිත්‍රය. උන්ට ස්පර්ශවන සියල්ලෝද අපවිත්‍ර වන්නෝය.

27. පාද සතරෙන් යන සියලු ආකාර මෘගයන් අතරෙන් පතුල් තබායන සියල්ලෝ ඔබ සැමට අපවිත්‍රය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රවන්නේය.

28. උන්ගේ මළකුණු උසුලාගනයන්නා තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ සත්තු ඔබ සැමට අපවිත්‍රය.

29. පොළොව පිට බඩගායන සතුන් අතරෙන් ඔබ සැමට අපවිත්‍රවන්නේ මේ සත්තුය: එනම් ඒ ඒ වර්ගයේ මුගටියාද බටුමීයාද ඒ ඒ වර්ගයේ කබරගොයි හා තලගොයිද

30. හූනාද ගොඩ කිඹුලාද හිකනැලාද වැලි හූනාද කටුස්සාද යන උන්ය.

31. බඩගායන සියලු සතුන් අතරෙන් ඔබ සැමට අපවිත්‍රවන්නේ මේ සත්තුය. උන් මළ පසු උන්ට ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.

32. උන් මළ පසු යම් බඩුවක් පිටට වැටුණොත් ලී භාජනයක් නුමුත් ඇඳුමක් නුමුත් හමක් නුමුත් මල්ලක් නුමුත් යම් වැඩකට පාවිච්චිකරන වෙනයම් භාජනයක් නුමුත් ඒක අපවිත්‍රවන්නේය, එය වතුරෙහි දැමිය යුතුය, එය සවස දක්වා අපවිත්‍රව තිබේ; ඉන්පසු එය පවිත්‍රවන්නේය.

33. උන්ගෙන් යම් එකෙක් මැටි භාජනයක වැටුණොත් එහි තිබෙන සියල්ල අපවිත්‍රවන්නේය, ඒකද බිඳ දැමිය යුතුය;

34. එහි තිබෙන කන්නාවූ කොයි කෑමක් පිටට නුමුත් [උන්ගේ] වතුර වැටේද ඒ කෑම අපවිත්‍රන්නේය; එබඳු හැම භාජනවලින් බොන සියලු බීම අපවිත්‍රවන්නේය.

35. උන්ගේ මළකුණෙන් කිසිවක් යම් දෙයක් පිටට එනම් උදුනක හෝ වලන් මැස්සක හෝ වැටුණොත් එය බිඳදැමිය යුතුය. ඒවා අපවිත්‍රය, ඒවා ඔබ සැමට අපවිත්‍රවන්නේය.

36. එසේවී නුමුත් උල්පතක් හෝ වතුර එකතුවෙන වළක් හෝ පවිත්‍රය. නුමුත් උන්ගේ මළකුණු ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය.

37. උන්ගේ මළකුණුවලින් කිසිවක් වපුරන්ට තිබෙන මොන බිත්තර වී පිට නුමුත් වැටුණත් ඒවා පවිත්‍රය.

38. එහෙත් ඒ බිත්තර වී පිට වතුර වත්කළ පසු උන්ගේ මළකුණුවලින් කිසිවක් ඒ පිට වැටුණොත් ඒවා ඔබ සැමට අපවිත්‍රය.

39. ඔබ සැම කෑමට ගන්න මෘගයින්ගෙන් එකෙක් මැරුණොත් උගේ මළකුණේ ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටී.

40. ඒ මළකුණෙන් කන තැනැත්තේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ මළකුණ උසුලාගන යන තැනැත්තේද තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී.

41. බිම බඩගායන සියලු සත්තුද පිළිකුල්ය; උන් නොකෑ යුතුය.

42. බඩගා යන්නාවූද සතර පයින් යන්නාවූද නොහොත් බොහෝ පා ඇත්තාවූ එනම් පොළොව පිට බඩගායන්නාවූද සියලු සතුන් නොකෑ යුතුය; මක්නිසාද උන් පිළිකුල්ය.

43. බඩගායන කොයි සතෙකුගෙන්වත් පිළිකුල් නොවන්න, උන්ගෙන් පිළිකුල්වන ලෙස උන් කරණකොටගෙන අපවිත්‍රනොවන්න.

44. මක්නිසාද මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. මා ශුද්ධ බැවින් ඔබ සැමත් පවිත්‍රවී ශුද්ධව සිටින්න. පොළොව පිට බඩගා යන කොයි සතෙකුගෙන්වත් ඔබ සැම අපවිත්‍රකර නොගන්න.

45. මක්නිසාද මම වනාහි ඔබ සැමගේ දෙවියන්වහන්සේ වන පිණිස මිසර දේශයෙන් ඔබ සැම ගෙනාවාවූ ස්වාමීන්වහන්සේය. මම ශුද්ධ බැවින් ඔබ සැමත් ශුද්ධව සිටින්න.

46. අපවිත්‍රයන්ද පවිත්‍රයන්ද අතරෙත් කෑමට සුදුසු සතුන්ද කෑමට නුසුදුසු සතුන්ද අතරෙත් වෙනස දැක්වීමට,

47. මෘගයන්ද පක්ෂීන්ද ජලයෙහි හැසිරෙන පණ ඇති සතුන්ද බිම බඩගායන සියලු සතුන්ද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.

About ලෙවී කථාව Chapter 11

Read ලෙවී කථාව Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ලෙවී කථාව
Chapter: 11
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ලෙවී කථාව Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ලෙවී කථාව Chapter 11?

ලෙවී කථාව Chapter 11 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ලෙවී කථාව Chapter 11 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 20
  7. නික්මයාම Chapter 6

Explore More from ලෙවී-කථාව

  1. ලෙවී කථාව Chapter 2
  2. ලෙවී කථාව Chapter 20
  3. ලෙවී කථාව Chapter 3
  4. ලෙවී කථාව Chapter 18
  5. ලෙවී කථාව Chapter 26
  6. ලෙවී කථාව Chapter 4
  7. ලෙවී කථාව Chapter 23

Related Chapters & Readings

  1. ශු. යොහන් Chapter 14
  2. යෝබ් Chapter 17
  3. ක්රිරයා Chapter 25
  4. නික්මයාම Chapter 12
  5. යෝබ් Chapter 22
  6. දානියෙල් Chapter 12
  7. හබක්කුක් Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *