Read ලෙවී කථාව Chapter 15 Online
Read ලෙවී කථාව Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.
Choose a Chapter
ලෙවී කථාව 15
පරිච්ඡේදය 15
1. ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට කියනසේක්:
2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න-යම් මනුෂ්‍යයෙකුට තමාගේ මාංසයෙන් ප්‍රමේහයක් ඇති කල ඔහුගේ ප්‍රමේහය නිසා ඔහු අපවිත්‍රය.
3. ප්‍රමේහය සම්බන්ධව ඔහුගේ අපවිත්‍රකම මේය: ඔහුගේ ප්‍රමේහය ඔහුගේ මාංසයෙන් නික්මෙන නුමුත් මාංසය තුළ නවතින නුමුත් ඒක ඔහුගේ අපවිත්‍රකමය.
4. ප්‍රමේහය ඇති අය සයනය කරන සියලු යහන් අපවිත්‍රවන්නේය. ඔහු හිඳින සියලු බඩුද අපවිත්‍රවන්නේය.
5. ඔහුගේ යහනේ ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
6. ප්‍රමේහය ඇති අය හිඳගන්න කිසිවක් පිට හිඳින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
7. ප්‍රමේහය ඇත්තාගේ ශරීරයෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
8. ප්‍රමේහය ඇති අය පවිත්‍ර කෙනෙකු පිටට කෙළගැසුවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රවන්නේය.
9. ප්‍රමේහය ඇති අය නැගී යන සියලු රථවාහනද අපවිත්‍රවන්නේය.
10. ඔහුගේ ඇඟට යටව තිබුණු කිසි දෙයක ස්පර්ශවන කවුරු නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. ඒවා ගෙනයන්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
11. ප්‍රමේහය ඇති අය තමාගේ අත් වතුරෙන් සෝදා නොගෙන අතගසන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය.
12. ප්‍රමේහය ඇති අය අත ගසන මැටි භාජනය බිඳදැමිය යුතුය. සියලු ලී භාජනද වතුරෙන් සේදිය යුතුය.
13. ප්‍රමේහය ඇති අය ප්‍රමේහයෙන් පවිත්‍රවූ කල ඔහු තමාගේ පවිත්‍රවීමට සත් දවසක් පසුකොට තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ ශරීරය බැස යන වතුරෙන් නාවා ගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය.
14. අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙකු හෝ පරෙවිපැටවුන් දෙන්නෙකු හෝ රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අවුත් උන් පූජකයාට දේවා.
15. පූජකයාද උන්ගෙන් එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, ඔහුගේ ප්‍රමේහය ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමඟිකමක් කරන්නේය.
16. යම් පුරුෂයෙකුගේ ශුක්‍රධාතුව ඔහු කෙරෙන් පිටවුණොත් ඔහු තමාගේ මුළු ශරීරය වතුරෙන් සෝදාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය.
17. ශුක්‍රධාතුව තැවරෙන සියලු වස්ත්‍රද හම්ද සෝදනු ලැබිය යුතුය, ඒවා සවස දක්වාද අපවිත්‍රවන්නේය.
18. ශුක්‍රධාතුව වැගිරීම ඇති පුරුෂයෙක් ස්ත්‍රියෙක් සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනම වතුර නාගත යුතුය, ඔව්හු සවස දක්වාද අපවිත්‍රව සිටින්නෝය.
19. යම් ස්ත්‍රියෙකුට ප්‍රමේහයක් ඇතිවී ඇගේ ශරීරයේ ප්‍රමේහය ලේවීනම් ඈ සත් දවසක් ඇගේ කිලුටුකමෙහි වන්නීය. ඈ ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.
20. ඇගේ කිලුටුකමේදී ඈ සැතපෙන සියල්ලද අපවිත්‍ර වන්නේය. ඈ හිඳගන්න සියල්ලද අපවිත්‍රවන්නේය.
21. ඇගේ යහනෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
22. ඈ හිඳගන්න කිසිවක ස්පර්ශවන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
23. යහන පිටවත් ඈ හිඳගන්න දෙයක් පිටවත් තිබෙන දෙයෙහි ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.
24. යම් පුරුෂයෙක් ඈ සමඟ සයනය කොට ඇගේ කිලුට ඔහු පිට වන්නේනම්, ඔහු සත් දවසක් අපවිත්‍රව සිටින්නේය; ඔහු සැතපෙන සියලු යහන්ද අපවිත්‍රව තිබෙන්නේය.
25. යම් ස්ත්‍රියෙකුට ඇගේ කිලුටුකමේ කාලයට ඇතුළත් නැති බොහෝ දවසක් ලේ වැගිරීමක් වන්නේනම් නොහොත් ඇගේ කිලුටුකමේ කාලයට වැඩි කාලයක් ලේ වැගිරීමක් වන්නේනම් ඇගේ අපවිත්‍රකමේ සියලු දවස්වල ඇගේ කිලුටුකමේ දවස්වලදී මෙන් සිටින්නීය. ඈ අපවිත්‍රය.
26. ඇගේ වැගිරීමේ සියලු දවස්වලදී ඈ සැතපෙන සියලු යහන් ඇගේ කිලුටුකමේ යහන මෙන් වන්නේය. ඈ හිඳින සියල්ලද ඇගේ කිලුටුකමේ අපවිත්‍රකම මෙන්ම අපවිත්‍රවන්නේය.
27. එහි ස්පර්ශවන තැනැත්තේ අපවිත්‍රව සිටින්නේය, ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
28. නුමුත් ඇගේ වැගිරීමෙන් ඈ පවිත්‍රවූවානම් සත් දවසක් ගතකළාට පසු ඈ පවිත්‍රවන්නීය.
29. අටවෙනි දවසෙහි කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවි පැටවුන් දෙන්නෙක් හෝ රැගෙන සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට උන් ගෙනා යුතුය.
30. පූජකයාද එකෙක් පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකොට ඇගේ අපවිත්‍රකමේ වැගිරීම සඳහා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඈ උදෙසා සමඟිකමක් කරන්නේය.
31. එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් මධ්‍යයෙහි තිබෙන මාගේ මණ්ඩපය කිලුටුකොට තමුන්ගේ අපවිත්‍රකමෙන් නොනස්නා පිණිස ඔබ සැම ඔවුන්ගේ අපවිත්‍රකමෙන් ඔවුන් වෙන්කරන්න.
32. වැගිරීමක් ඇත්තාද ශුක්‍ර වැගිරීමෙන් අපවිත්‍ර වෙන්නාද ඔසප් ඇතිවීමෙන් අසනීපව සිටින්නීද,
33. පුරුෂයෙක් නුමුත් ස්ත්‍රියෙක් නුමුත් වැගිරීමක් ඇති අයද අපවිත්‍ර ස්ත්‍රියෙක් සමඟ සයනයකරන්නාද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.
About ලෙවී කථාව Chapter 15
Read ලෙවී කථාව Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ලෙවී කථාව
Chapter: 15
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ලෙවී කථාව Chapter 15 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ලෙවී කථාව Chapter 15?
ලෙවී කථාව Chapter 15 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ලෙවී කථාව Chapter 15 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
- නික්මයාම Chapter 21
Explore More from ලෙවී-කථාව
- ලෙවී කථාව Chapter 18
- ලෙවී කථාව Chapter 7
- ලෙවී කථාව Chapter 21
- ලෙවී කථාව Chapter 13
- ලෙවී කථාව Chapter 14
- ලෙවී කථාව Chapter 10
- ලෙවී කථාව Chapter 12