ලෙවී කථාව Chapter 20

For English

Read ලෙවී කථාව Chapter 20 Online

Read ලෙවී කථාව Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ලෙවී කථාව 20

පරිච්ඡේදය 20

1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:

2. නැවත ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න-ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් හෝ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි සිටින විදේශීන්ගෙන් හෝ තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දෙන කවරෙකු නුමුත් සැබවින් මරනු ලැබිය යුතුය; දේශයේ වැසියෝ ඔහුට ගල්ගසත්වා.

3. ඒ මනුෂ්‍යයා මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකරන්ටත් මාගේ ශුද්ධ නාමයට නින්දාකරන්ටත් තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දුන් බැවින් මම ඔහුට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු සිඳදමන්නෙමි.

4. ඒ මනුෂ්‍යයා තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දෙන කල දේශයේ වැසියෝ යම් ආකාරයකින් ඔහු කෙරෙන් තමුන්ගේ ඇස් වසාගෙන ඔහු නොමරන්නෝනම්,

5. මම ඒ මනුෂ්‍යයාටද ඔහුගේ පවුලටද විරුද්ධව මාගේ මුහුණ යොමුකොට, ඔහුද මොලෙක් සමඟ වේශ්‍යාකම් කරන්ට ඔහු සමඟ වේශ්‍යාකමට ගිය සියල්ලන්ද ඔවුන්ගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.

6. ආත්ම බන්ධනකාරයන් දෙසටත් ශාස්ත්‍රකාරයන් දෙසටත් හැරී ඔවුන් පස්සේ වේශ්‍යාකමට යන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ අතරෙන් ඔහු සිඳදමන්නෙමි.

7. එබැවින් ඔබ සැම ඔබ සැමම පවිත්‍රකරගෙන ශුද්ධව සිටින්න. මක්නිසාද මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

8. මාගේ පනත් රක්ෂාකරමින් ඒවා ඉෂ්ටකරන්න. මම ඔබ සැම පවිත්‍රකරන ස්වාමීන්වහන්සේය.

9. පියාට හෝ මෑණියන්ට හෝ දෙස් කියන කවරෙක් නුමුත් සැබවින් මරනු ලැබිය යුතුය. ඔහු තමාගේ පියාට හෝ මෑණියන්ට දෙස් කීවේය; ඔහුගේ ලේ ඔහු පිට වන්නේය.

10. අන් මනුෂ්‍යයෙකුගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් එනම් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් ඇද්ද එසේ කරන්නාද කරන්නීද සැබවින් මරනු ලැබිය යුතුය.

11. තමාගේ පියාගේ භාර්යාව සමඟ සයනයකරන මනුෂ්‍යයා තම පියාගේ නග්නභාවය හැරිය බැවින් ඔවුන් දෙදෙනාම සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.

12. මනුෂ්‍යයෙක් තම පුත්‍රයාගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔවුන් දෙදෙනාම සැබවින් මරනු ලැබිය යුතුය. ඔව්හු ව්‍යාකූලයක් කළෝය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.

13. මනුෂ්‍යයෙක් ගැහැනියකු සමඟ සයනයකරන්නාක්මෙන් පිරිමියෙකු සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනාම පිළිකුලක් කළෝය. ඔව්හු සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.

14. මනුෂ්‍යයෙක් භාර්යාවක් සහ ඇගේ මෑණියන් පාවා ගත්තොත් ඒක දූෂ්‍යකමක්ය. ඔබ සැම අතරේ දුෂ්ටකමක් නොවන පිණිස ඔහුද ඔව්හුද ගින්නෙන් දවනු ලබත්වා.

15. මනුෂ්‍යයෙක් මෘගයෙකු සමඟ සංවාසය කළොත් ඔහු සැබවින් මරනු ලැබිය යුතුය. ඒ මෘගයාද මරාදමන්න.

16. තවද ස්ත්‍රියෙක් මෘගයෙකු සමඟ සංවාසය කරන්ට ඌට ළංවුණොත් ඒ ස්ත්‍රිය හා මෘගයාද මරාදමන්න. ඔව්හු සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.

17. මනුෂ්‍යයෙක් තමාගේ පියාගේ දුව නොහොත් තමාගේ මවගේ දුව වන තමාගේ සහෝදරිය පාවාගෙන ඇගේ නග්නභාවය දුටුවොත්, ඈද ඔහුගේ නග්නභාවය දුටුවොත්, එය නින්දිතකමක්ය; ඔවුන් තමන් සෙනඟගේ පුත්‍රයන්ගේ ඇස් හමුවෙහි සිඳදැමිය යුතුය. ඔහු තමාගේ සහෝදරියගේ නග්නභාවය හැරියේය; ඔහු තමාගේ අපරාධය දැරිය යුතුය.

18. මනුෂ්‍යයෙක් ඔසප්වී සිටින ස්ත්‍රියෙකු සමඟ සයනයකර ඇගේ නග්නභාවය හැරියොත් ඔහු ඇගේ උල්පත නග්නකෙළේය, ඈද තමාගේ ලේ උල්පත හැරීයාය. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ සෙනඟ අතරෙන් සිඳදැමිය යුතුය.

19. ඔබේ මෑණියන්ගේ සහෝදරීගේවත් පියාගේ සහෝදරීගේවත් නග්නභාවය නොහරින්න. මක්නිසාද ඔහු තමාගේ කිට්ටු නෑයා නග්නකෙළේය. ඔව්හු තමුන්ගේ අපරාධය දරන්නෝය.

20. මනුෂ්‍යයෙක් තමාගේ මහම්මා නොහොත් කුඩම්මා සමඟ සයනයකළොත් ඔහු තමාගේ මවුගේ සහෝදරයාගේ හෝ පියාගේ සහෝදරයාගේ හෝ නග්නභාවය හැරියේය; ඔවුන් තමුන්ගේ පාපය දරා දරුවන් නොලැබ මැරෙනවා ඇත.

21. මනුෂ්‍යයෙක් තමාගේ සහෝදරයාගේ භාර්යාව පාවාගන්නේනම් එය කිලුටුකමක්ය. ඔහු තමාගේ සහෝදරයාගේ නග්නභාවය හැරියේය; ඔවුන් දරුවන් නොලැබ සිටිනවා ඇත.

22. එබැවින් ඔබ සැම වාසය කරන පිණිස මා විසින් ඔබ සැම පමුණුවන දේශය ඔබ සැම වමාරානොදමන පිණිස මාගේ සියලු පනත්ද මාගේ සියලු විනිශ්චයයන්ද රක්ෂාකරමින් පවත්වන්න.

23. ඔබ සැම ඉදිරියෙන් මා විසින් පහකරනු ලබන සෙනඟගේ සිරිත් ප්‍රකාරයට නොහැසිරෙන්න. මක්නිසාද ඔවුන් මේ සියලු දේවල් කළ නිසා මම ඔවුන් පිළිකුල්කෙළෙමි.

24. එහෙත්: ඔබ සැම ඔවුන්ගේ දේශය හිමිකරගන්නහුය, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන ඒක හිමිකරගන්නා පිණිස ඔබ සැමට දෙන්නෙමියි ඔබ සැමට කීයෙමි. මම වනාහි ජාතීන් කෙරෙන් ඔබ සැම වෙන්කර ගත්තාවූ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

25. එබැවින් ඔබ සැම පවිත්‍ර අපවිත්‍ර මෘගයන් අතරේද අපවිත්‍ර පවිත්‍ර පක්ෂීන් අතරේද වෙනස සලකන්න. ඔබ සැමට අපවිත්‍රකොට මා විසින් වෙන් කරනලද්දාවූ මෘගයන්ගෙන්වත් පක්ෂීන්ගෙන්වත් බඩගා යන කිසි සතෙකුගෙන්වත් ඔබ සැමගේ ආත්ම පිළිකුල්කර නොගන්න.

26. ඔබ සැම මට ශුද්ධව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය, මාගේ සෙනඟ වන පිණිස මනුෂ්‍ය ජාතීන් අතරෙන් ඔබ සැම වෙන්කරගතිමි.

27. ආත්ම බන්ධනකරුවූ නොහොත් ශාස්ත්‍රකාරවූ පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ සැබවින් මරනු ලැබිය යුතුය. ඔවුන් ගල්ගසනු ලැබිය යුතුය. ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේයයි කීසේක.

About ලෙවී කථාව Chapter 20

Read ලෙවී කථාව Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ලෙවී කථාව
Chapter: 20
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ලෙවී කථාව Chapter 20 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ලෙවී කථාව Chapter 20?

ලෙවී කථාව Chapter 20 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ලෙවී කථාව Chapter 20 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 21

Explore More from ලෙවී-කථාව

  1. ලෙවී කථාව Chapter 1
  2. ලෙවී කථාව Chapter 13
  3. ලෙවී කථාව Chapter 10
  4. ලෙවී කථාව Chapter 26
  5. ලෙවී කථාව Chapter 3
  6. ලෙවී කථාව Chapter 18
  7. ලෙවී කථාව Chapter 21

Related Chapters & Readings

  1. 1 ලේකම් Chapter 2
  2. යෙසායා Chapter 2
  3. 2 ලේකම් Chapter 34
  4. ලෙවී කථාව Chapter 24
  5. එස්තර් Chapter 3
  6. 1 ලේකම් Chapter 27
  7. ක්රිරයා Chapter 4
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *