Read ලෙවී කථාව Chapter 6 Online
Read ලෙවී කථාව Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.
Choose a Chapter
ලෙවී කථාව 6
පරිච්ඡේදය 6
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2. යමෙක් පව්කොට ස්වාමීන්වහන්සේට විරුද්ධව වරදක් කරමින් ප්‍රවේසමට භාරගත් දෙයක් ගැන හෝ ගනුදෙනුවක් ගැන හෝ සොරකමක් ගැන හෝ තම අසල්වාසියාට අවිශ්වාස ලෙස ක්‍රියාකළොත්, නොහොත් තම අසල්වාසියාට බලාත්කාරයක් කළොත්,
3. නැතිවූ දෙය සම්බවූ කල ඔහු ඒ ගැන අවිශ්වාස ලෙස ක්‍රියාකොට බොරුවට දිවුළොත්, මෙසේ මනුෂ්‍යයෙක් පව්කරමින් මේ දේවලින් යම් කිසිවක් කිරීමෙන්,
4. පව්කොට වරදකාරයෙක් වුණොත්, තමා විසින් සොරකමින් ගත් දෙය හෝ බලාත්කාරකමින් ගත් දෙය හෝ ප්‍රවේසමට තමාට භාරදුන් දෙය හෝ නැතිවී තමාට සම්බවුණාවූ දෙය හෝ,
5. තමා යමක් ගැන බොරුවට දිවුළේද ඒ දෙය හෝ ඔහු නැවත දිය යුතුය. එසේය, ඔහු සම්පූර්ණ වශයෙන් එය දෙමින් ඊට තව පහෙන් කොටසක්ද එකතුකර දිය යුතුය. ඔහු තමා වරදකාරයා වූ දවසෙහි ඒක අයිතිකාරයාට දේවා.
6. ඔහු ඔබ විසින් නියම කරන ගණනේ හැටියට බැටළු රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේට අපරාධ පූජාවක් පිණිස පූජකයා වෙතට ගෙනෙන්ට ඕනෑය.
7. පූජකයාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමඟිකමක් කරන්නේය, ඔහු යමක් කිරීමෙන් වරදකාරයෙක් වූයේද ඒ ගැන ක්ෂමාකරනු ලබන්නේයයි කීසේක.
8. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
9. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට අණකරමින් මෙසේ කියන්න: දවන පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය-දවන පූජාව මුළු රාත්‍රියෙහි උදය දක්වා පූජාසනයේ මැස්ස පිට තිබිය යුතුය; පූජාසනයේ ගින්නද එහි දැල්වෙමින් තිබිය යුතුය.
10. එවිට පූජකයා තමාගේ හණ වස්ත්‍රය හැඳ තමාගේ මාංසය පිට හණ කලිසම ලාගෙන පූජාසනය පිට දවන පූජාව දැවූ ගින්නේ අළු රැගෙන පූජාසනය ළඟ දමන්නේය.
11. ඔහු තමාගේ ඇඳුම් ගළවා වෙන ඇඳුම් ඇඳගෙන කඳවුරෙන් පිට පවිත්‍ර තැනකට අළු ගෙනේවා.
12. පූජාසනය පිට ගින්න නොනිවී එහි දැල්වෙමින් තිබිය යුතුය; පූජකයාද හැම උදයම ඒ මතුයෙහි දර දවන්නේය. ඔහු ඊ පිට දවන පූජාව පිළිවෙළට තබා එහි ශාන්ති පූජාවල තෙල දවන්නේය.
13. ගින්න පූජාසනය පිට නිතර දැල්වෙමින් නොනිවී තිබියයුතුය.
14. ආහාර පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ආරොන්ගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජාසනය ඉදිරිපිට ඒක ඔප්පුකළ යුතුය.
15. ඔහු ආහාර පූජාවේ සිහින් පිටියෙන්ද ඒකේ තෙලින්ද අහුරක් සහ ආහාර පූජාව පිට තිබෙන තුවරලා සියල්ලත් රැගෙන ඒ සිහිවීමේ කොටස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය.
16. එයින් ඉතිරි හරිය ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ කත්වා. එය ශුද්ධවූ තැනකදී මුහුන් නැතුව කෑ යුතුය; ඔව්හු ඒක සම්මුඛවීමේ කූඩාරමේ මළුවේදී කත්වා.
17. ඒක මුහුන් දමා බදිනු නොලැබිය යුතුය. ගින්නෙන් කළ මාගේ පූජාවලින් ඔවුන්ගේ කොටස මෙන් ඒක දුනිමි; පාප පූජාව මෙන්ද අපරාධ පූජාව මෙන්ද ඒක අති ශුද්ධය.
18. ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් ඔබ සැමගේ පරම්පරාවල නිරන්තරයෙන්ම අයිති කොටසක් මෙන් ආරොන්ගේ දරුවන් අතරේ සියලු පිරිමින්ට එයින් කන්නට පුළුවන. ඊට තැවරෙන කවරෙක් නුමුත් ශුද්ධවන්නේයයි කීසේක.
19. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
20. ආරොන් ආලේප ලබන දවසෙහි ඔහු සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නාවූ ඔවුන්ගේ පූජාව මේය-නිරන්තර ආහාර පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසකින් උදයේ එයින් භාගයක්ද සවස එයින් භාගයක්ද වේ.
21. ඒවා තෙල් ඇතුව ඇතිලියක පිළියෙළකරනු ලැබිය යුතුය; ඒවා පෙඟුණු කල ඇතුළට ගෙනැවිත් පිලිස්සු ආහාර පූජාවක් කොට කැබලි වශයෙන් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ඔප්පුකරන්න.
22. ඔහුගේ පුත්‍රයන්ගෙන් ඔහු වෙනුවට ආලේපලත් පූජකයා ඒක පූජාකළ යුතුය. නිරන්තර පනතකින් ඒක ස්වාමීන්වහන්සේට සහමුලින්ම දවනු ලැබිය යුතුය.
23. පූජකයෙකුගේ සියලු ආහාර පූජා සහමුලින්ම දවනු ලබන්ට ඕනෑය. ඒවා නොකෑ යුතුයයි කීසේක.
24. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
25. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න-පාප පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: දවන පූජාවේ සතා මරන තැනදී පාප පූජාවේ සතාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මැරිය යුතුය. එය අති ශුද්ධය.
26. පාප පූජාවක් කොට එය ඔප්පුකරන පූජකයා එය කන්ට ඕනෑය. සම්මුඛවීමේ කූඩාරමේ මළුවෙහිදී, ශුද්ධවූ තැනක එය කනු ලැබේවා.
27. ඒකේ මාංසයෙහි ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධවන්නේය. ඒකේ ලේ කිසි වස්ත්‍රයක ඉසුණොත් ඒ ඉසුණු වස්ත්‍රය ශුද්ධවූ ඉඩමක සෝදන්න.
28. එහෙත් ඒක තැම්බූ මැටි භාජනය බිඳ දැමිය යුතුය. එය පිත්තල භාජනයක තම්බන ලද්දේ වීනම් භාජනය මැදලා වතුරෙන් සේදිය යුතුය.
29. පූජකයන් අතරෙහි සියලු පිරිමි එයින් කන්නෝය. එය අති ශුද්ධය.
30. ශුද්ධ ස්ථානයෙහි සමඟි කිරීම පිණිස යම් පාප පූජාවක ලේවලින් සම්මුඛවීමේ කූඩාරමට ගෙනෙනු ලැබේද ඒ පූජාව නොකෑ යුතුය. එය ගින්නෙන් දවනු ලබන්නේය.
About ලෙවී කථාව Chapter 6
Read ලෙවී කථාව Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ලෙවී කථාව
Chapter: 6
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ලෙවී කථාව Chapter 6 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ලෙවී කථාව Chapter 6?
ලෙවී කථාව Chapter 6 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ලෙවී කථාව Chapter 6 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 18
Explore More from ලෙවී-කථාව
- ලෙවී කථාව Chapter 15
- ලෙවී කථාව Chapter 19
- ලෙවී කථාව Chapter 12
- ලෙවී කථාව Chapter 3
- ලෙවී කථාව Chapter 26
- ලෙවී කථාව Chapter 24
- ලෙවී කථාව Chapter 9