ලෙවී කථාව Chapter 10

For English

Read ලෙවී කථාව Chapter 10 Online

Read ලෙවී කථාව Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ලෙවී කථාව 10

පරිච්ඡේදය 10

1. ආරොන්ගේ පුත්‍රයෝවූ නාදාබ් සහ අබිහු තම තමාගේ ධූම භාජනය රැගෙන එහි ගිනි බහා ඒ පිට සුවඳ ද්‍රව්‍ය දමා ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණනොකළාවූ අන්‍ය ගින්නක් උන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.

2. තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් ඔවුන් දවා දැම්මේය, එසේ ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය.

3. එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.

4. එවිට මෝසෙස් ආරොන්ගේ බාල පියා වන උසියෙල්ගේ පුත්‍රයන්වූ මිෂායෙල් හා එල්ශාඵාන් කැඳවා: ඔබ සැම ළඟාවී ඔබ සැමගේ සහෝදරයන් ශුද්ධ ස්ථානය ඉදිරියෙන් කඳවුරෙන් පිටතට උස්සාගන යන්නැයි ඔවුන්ට කීවේය.

5. ඔව්හු මෝසෙස් කී හැටියට ළඟාවී ඒ අය ඔවුන්ගේ දික් යට ඇඳුම් පිටින් කඳවුරෙන් පිටතට උස්සාගෙන ගියෝය.

6. මෝසෙස් ආරොන්ටත් ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට හා ඊතාමාර්ටත් කථාකොට: ඔබ සැම නොනස්නා පිණිසද උන්වහන්සේ මුළු සභාව කෙරෙහි උදහස් නොවන පිණිසද ඔබ සැමගේ හිසකේ විදහා නොගන්න, ඔබ සැමගේ වස්ත්‍ර ඉරානොගන්න. එහෙත් ඔබ සැමගේ සහෝදරයෝ වන මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ ඇවිලෙවු දැවීම ගැන වැලපෙත්වා.

7. ස්වාමීන්වහන්සේගේ ආලේප තෛලය ඔබ සැම පිට තිබෙන නිසා, ඔබ සැම නොනස්නා පිණිස, සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොගොස් සිටින්නැයි කීවේය. ඔව්හු මෝසෙස්ගේ වචනය ලෙස කළෝය.

8. ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට:

9. සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වෙන කල ඔබවත් ඔබේ පුත්‍රයෝවත් නොනසින පිණිස මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් පානයනොකරන්න.

10. ඔබ සැම විසින් ශුද්ධ දේ සහ අකැප දේ අතරෙහිත් අපවිත්‍ර දේ සහ පවිත්‍ර දේ අතරෙහිත් වෙනසක් කරන පිණිසද,

11. ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියෙවූ සියලු පනත් ඔබ සැම ඔවුන්ට උගන්වන පිණිසද ඒක ඔබ සැමගේ පරම්පරාවල සදාකාල නියෝගයක් වන්නේයයි කීසේක.

12. මෝසෙස් ආරොන්ටත් ඔහුගේ ඉතිරිව සිටි පුත්‍රයන් වූ එලෙයාසාර් සහ ඊතාමාර්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් ඉතුරුව තිබෙන ආහාර පූජාව රැගෙන පූජාසනය ළඟදී මුහුන් නැතුව කන්න. මක්නිසාද එය අති ශුද්ධය.

13. ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් එය ඔබේද ඔබේ පුත්‍රයන්ගේද නියම කොටස වන නිසා එය ශුද්ධවූ තැනකදී කන්න. මක්නිසාද එසේ මට අණකරනලද්දේය.

14. ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද තේව ළැපැත්ත සහ එසවීමේ කළවය පවිත්‍ර තැනකදී කෑ යුතුය. මක්නිසාද ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජාවල යාගවලින් ඔබේද ඔබේ පුත්‍රයන්ගේද නියම කොටස කොට දෙන ලද්දේය.

15. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවකට තේවකරන පිණිස ඔසවන කළවයද තේව ළැපැත්තද ගින්නෙන් කළ පූජාව වන තෙල සමඟ ගෙනෙත්වා. ඒක ස්වාමීන්වහන්සේ අණකළ ලෙස ඔබටද ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටද සදාකාලේටම අයිතිවන්නාවූ කොටසක්යයි කීවේය.

16. මෝසෙස් පාප පූජාවේ එළුවා ඕනෑකමින් සෙවීය, බලව, ඒකා පුලුස්සාදමා තිබුණේය. ඔහු ඉතිරිව සිටිය ආරොන්ගේ පුත්‍රයන් වූ එලෙයාසර්ද ඊතාමාර්ද කෙරෙහි උදහස්ව:

17. ඔබ සැම පාප පූජාව ශුද්ධ ස්ථානයෙහිදී නොකෑවේ මක්නිසාද? එය අති ශුද්ධය. ඇරත් ඔබ සැම සභාවේ අයුතුකම පහකරන පිණිසද ස්වාමීන්වහන්සේ ඉදිරිපිට ඔවුන් උදෙසා සමඟිකමක් කරන පිණිසද උන්වහන්සේ එය ඔබ සැමට දී තිබේ.

18. බලව, ඒකේ ලේ ශුද්ධ ස්ථානය ඇතුළට නොගෙනෙන ලද්දේය. මා අණකළ ලෙස ඒක සැබවින් ශුද්ධ ස්ථානයෙහිදී ඔබ සැම විසින් කෑ යුතුව තිබුණේයයි කීය.

19. ආරොන් මෝසෙස්ට කථාකොට: ඔව්හු මේ දවසෙහි තමුන්ගේ පාප පූජාව සහ දවන පූජාව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජාකළෝය; නුමුත් මෙයාකාර දේ මට සිද්ධවී තිබේ. ඉදින් මම පාප පූජාව අද කෑවෙම් නම් ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව පෙනේදැයි කීවේය.

20. මෝසෙස් ඒ ඇසූ කල එය යහපත් බව ඔහුට පෙනුණේය.

About ලෙවී කථාව Chapter 10

Read ලෙවී කථාව Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ලෙවී කථාව
Chapter: 10
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ලෙවී කථාව Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ලෙවී කථාව Chapter 10?

ලෙවී කථාව Chapter 10 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ලෙවී කථාව Chapter 10 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 21

Explore More from ලෙවී-කථාව

  1. ලෙවී කථාව Chapter 14
  2. ලෙවී කථාව Chapter 6
  3. ලෙවී කථාව Chapter 13
  4. ලෙවී කථාව Chapter 16
  5. ලෙවී කථාව Chapter 12
  6. ලෙවී කථාව Chapter 17
  7. ලෙවී කථාව Chapter 7

Related Chapters & Readings

  1. ශු. ලූක් Chapter 1
  2. යෝබ් Chapter 20
  3. යෙරෙමියා Chapter 8
  4. යෙසායා Chapter 44
  5. උත්පත්ති Chapter 29
  6. එසකියෙල් Chapter 10
  7. ශෙපනියා Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *