ලෙවී කථාව Chapter 14

For English

Read ලෙවී කථාව Chapter 14 Online

Read ලෙවී කථාව Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ලෙවී කථාව 14

පරිච්ඡේදය 14

1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:

2. කුෂ්ඨරෝගියා පවිත්‍රවීමේ දවසෙහි ඔහු පිළිබඳ ව්‍යවස්ථාව මේය-ඔහු පූජකයා වෙතට පමුණුවනු ලැබිය යුතුය.

3. පූජකයාද කඳවුරෙන් පිටතට ගොස් ඔහු බැලිය යුතුය, කුෂ්ඨරෝගය සුවවී කුෂ්ඨරෝගියාගෙන් පහවී තිබෙන බව දුටුවොත්,

4. පවිත්‍ර වෙන්ට සිටින්නා උදෙසා පණ ඇති පවිත්‍රවූ පක්ෂීන් දෙදෙනෙක්ද කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද ගෙනෙන්ට පූජකයා අණකරාවා.

5. පක්ෂීන්ගෙන් එකෙකු මැටි භාජනයක බැසයන ජලය පිට මරන්ට අණකළ යුතුය.

6. එවිට පූජකයා පණ ඇති පක්ෂියා සහ කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද රැගෙන ඒවාද පණ ඇති පක්ෂියාද බැස යන ජලය පිට මරනලද පක්ෂියාගේ ලෙයෙහි ගිල්වා,

7. කුෂ්ඨයෙන් පවිත්‍රවෙන්ට සිටින්නාට සත් වරක් ඉස ඔහු පවිත්‍රයයි කියා පණපිටින් සිටින පක්ෂියා එළිමහනෙහි නිදහස්කර හරීවා.

8. පවිත්‍ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය.

9. සත්වෙනි දවසේදී තමාගේ සියලු කේස එනම් තමාගේ ඉසකෙස්ද තමාගේ රැවුලද තමාගේ ඇස්බැමිද බූගාගන තමාගේ වස්ත්‍ර සෝදාගන තමාගේ ශරීරය වතුරෙන් නාවාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය.

10. අටවෙනි දවසේදී ඔහු කැලලක් නැති බැටළු වස්සන් දෙදෙනෙක්ද කැලලක් නැති අවුරුද්දක බැටළු වැස්සියෙක්ද තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා.

11. ඔහු පවිත්‍රකරන පූජකයාද පවිත්‍රවෙන්ට සිටින මනුෂ්‍යයා සහ ඒ දේවල් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තබා,

12. එක බැටළු වස්සෙක්ද තෙල් හුණ්ඩුවක්ද රැගෙන අපරාධ පූජාවක් පිණිස ඔප්පුකරමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් කොට ඒවා තේවකෙරේවා.

13. ශුද්ධ ස්ථානයෙහි පාප පූජාවේද දවන පූජාවේද සතුන් මරන ස්ථානයෙහි ඔහු බැටළු පැටවා මැරිය යුතුය. මක්නිසාද පාප පූජාව පූජකයාට අයිතිවාක් මෙන් අපරාධ පූජාවත් අයිතිය. ඒක අතිශුද්ධය.

14. පූජකයාද අපරාධ පූජාවේ ලෙයින් ස්වල්පයක් ගෙන පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අත මාපට ඇඟිල්ලේද ඔහුගේ දකුණු පය මාපට ඇඟිල්ලේද ගා,

15. තෙල් හුණ්ඩුවෙන් ස්වල්පයක් තමාගේ වම් අල්ලේ වත්කරගන,

16. තමාගේ වම් අල්ලේ තිබෙන තෙලෙහි තමාගේ දකුණු ඇඟිල්ල ගිල්වා, තමාගේ ඇඟිල්ලෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත්වරක් තෙල් ඉස,

17. තමාගේ අතේ ඉතිරිවෙන තෙලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද දකුණු අත මාපට ඇඟිල්ලේද දකුණු පය මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ පිට ගා,

18. පූජකයාගේ අතේ ඉතිරිව තිබෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නාගේ හිසේ ගා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමඟිකමක් කෙරේවා.

19. තවද පූජකයා පාප පූජාව ඔප්පුකර තමාගේ අපවිත්‍රකම නිසා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා සමඟිකමක් කෙරේවා; පසුව ඔහු දවන පූජාවේ සතා මරාවා.

20. පූජකයා ඒ දවන පූජාවද ආහාර පූජාවද පූජාසනය පිට ඔප්පුකොට ඔහු උදෙසා සමඟිකමක් කරන්නේය, එවිට ඔහු පවිත්‍රවන්නේය.

21. නුමුත් ඔහු එපමණ වත්කම නැති දිළින්දෙක් නම්, තමා උදෙසා සමඟිකමක් කරන්ට තේව කරන අපරාධ පූජාවක් පිණිස එක බැටළුවස්සෙක්ද ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් පංගුවක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා;

22. තවද තමාගේ වත්කමේ හැටියට කොබෙයියන් දෙන්නෙක්ද නොහොත් පරෙවි පැටවුන් දෙන්නෙක්ද එකෙක් පාප පූජාවක් පිණිසත් අනිකා දවන පූජාවක් පිණිසත් ගනීවා.

23. ඔහු තමාගේ පවිත්‍රවීම පිණිස අටවෙනි දවසේදී ස්වාමීන්වහන්සේ ඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ඒවා පූජකයා වෙතට ගෙනේවා.

24. පූජකයාද අපරාධ පූජාවේ බැටළු පැටවා සහ තෙල් හුණ්ඩුවද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තේව පූජාවක් කොට තේවකෙරේවා.

25. අපරාධ පූජාවේ බැටළු පැටවාද මරා අපරාධ පූජාවේ ලේවලින් මඳක් ගෙන පවිත්‍ර වෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද දකුණු අතේ මාපට ඇඟිල්ලේද දකුණු පයේ මාපට ඇඟිල්ලේද ගා,

26. තෙලින් මඳක් තමාගේ වම් අල්ලේ වත්කොට,

27. තමාගේ වම් අල්ලේ තිබෙන තෙල්වලින් තමාගේ දකුණු ඇඟිල්ලෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් වරක් ඉස,

28. තමාගේ අතේ තිබෙන තෙල්වලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අතේ මාපට ඇඟිල්ලේද දකුණු පයේ මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ තිබෙන තැන ගා,

29. පූජකයාගේ අල්ලේ ඉතුරුවෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමඟිකමක් කිරීමට ඔහුගේ හිසේ ගෑ යුතුය.

30. එවිට ඔහු තමාගේ වත්කමේ හැටියට කොබෙයියන්ගෙන්වත් පරෙවි පැටවුන්ගෙන්වත්,

31. තමාගේ වත්කමේ හැටියට එකෙක් පාප පූජාවක් කොටද අනිකා දවන පූජාවක් කොටද ආහාර පූජාව ඇතුළුව ඔප්පුකෙරේවා. එසේ පූජකයා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමඟිකමක් කරන්නේය.

32. තමාගේ පවිත්‍රවීමට නිසි දෙය සපයාගන්ට වත්කම මදිවූ කුෂ්ඨරෝගියා ගැන ව්‍යවස්ථාව ඒකයයි කීසේක.

33. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කථාකොට කියනසේක්:

34. ඔබ සැමට භුක්තියක් පිණිස මා විසින් දෙන කානාන් දේශයට ඔබ සැම පැමුණුණ කල්හි ඔබ සැම භුක්තිවිඳින දේශයේ ගෙයකට මම කුෂ්ඨරෝගය පැමිණෙවුවෙම්නම්,

35. ගේ අයිතිකාරයා ඇවිත්: ගෙයි කුෂ්ඨයක් තිබෙනවා වාගේ මට පෙනේයයි පූජකයාට කියන්නේය.

36. එවිට ගෙයි තිබෙන සියල්ල අපවිත්‍ර නොවන පිණිස පූජකයා කුෂ්ඨය බැලීමට ඇතුල් වෙන්ට මත්තෙන් ගේ හිස්කරන්ට ඔවුන්ට අණකළ යුතුය. ඉන්පසු පූජකයා ගෙය බලන්ට ඇතුල්විය යුතුය.

37. ඔහු කුෂ්ඨය බැලූ කල කුෂ්ඨය ගෙයි බිත්තිවල පලාවන් හෝ රත්වන් හෝ පැළුණු රේඛා සහිතව බිත්තියට වඩා පහත් පෙනීමක් ඇතුව තිබුණොත්,

38. පූජකයා ගෙයින් පිටතට දොරකඩ ළඟට ඇවිත් සත් දවසක් ගෙය වසා තබා,

39. සත්වෙනි දවසෙහි නැවත අවුත් බලාවා. එවිට කුෂ්ඨය ගෙයි බිත්තිවල පැතිර තිබුණොත්,

40. කුෂ්ඨය ඇති ගල් ගළවා නුවරින් පිට අපවිත්‍ර ස්ථානයක ඒවා දමන්ට පූජකයා අණකළ යුතුය.

41. තවද ඔහු ගෙයි ඇතුළත වටකරින් සූරන්ට සැලැස්විය යුතුය, ඔව්හු සූරාදමන බදාම නුවරින් පිටත අපවිත්‍ර ස්ථානයක දමා,

42. වෙන ගල් ගෙන අනික් ගල් තිබුණු තැන්වල තබත්වා; ඔහු වෙන බදාම රැගෙන ගෙයි බදාම ගෑ යුතුය.

43. ගල් අහක්කොට ගෙනගොස් ගේ සූරාදමා එහි බදාම ගෑ පසු කුෂ්ඨය නැවත පැමිණ ගෙයි පැතිරෙන්නේනම්,

44. පූජකයා ඇවිත් බලාවා. එවිට කුෂ්ඨය ගෙයි පැතිර තිබේනම් එය ගෙයි තිබෙන වස කුෂ්ඨයක්ය. ඒක අපවිත්‍රය.

45. ඔහු ගෙය ඒකේ ගල්ද ඒකේ දඬුද ගෙයි බදාම සියල්ලද ඇතුළුව කඩාදමා නුවරින් පිටත අපවිත්‍ර ස්ථානයකට ගෙන ගිය යුතුය.

46. තවද ගෙය වසා තිබෙන කාලය තුළ එහි ඇතුල්වන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.

47. ඒ ගෙයි නිදන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය; ඒ ගෙයිදී කෑම කන්නාද තමාගේ වස්ත්‍ර සෝදා ගත යුතුය.

48. පූජකයා අවුත් බැලූ විට ගෙය බදාම ගෑ පසු කුෂ්ඨය ගෙයි පැතිර ගොස් නැත්නම් කුෂ්ඨය සුවවූ බැවින් ගෙය පවිත්‍රයයි පූජකයා ප්‍රකාශ කරාවා.

49. ඔහු ගෙය පවිත්‍රකරන පිණිස පක්ෂීන් දෙදෙනෙක්ද කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද රැගෙන,

50. පක්ෂීන්ගෙන් එකෙකු මැටි භාජනයක බැස යන ජලය පිට මරා,

51. කිහිරි දඬුද හිසොප්ද රතුලොම්ද පණ ඇති පක්ෂියාද රැගෙන, මැරූ පක්ෂියාගේ ලෙයෙහිත් බැස යන ජලයෙහිත් ගිල්වා සත් වරක් ගෙට ඉස,

52. එසේ පක්ෂියාගේ ලෙයින්ද බැස යන ජලයෙන්ද පණ ඇති පක්ෂියාගෙන්ද කිහිරි දඬුවලින්ද හිසොප්වලින්ද රතු ලොම්වලින්ද ගෙය පවිත්‍ර කොට,

53. පණ ඇති පක්ෂියා නුවරින් පිටත එළිමහනෙහි නිදහස්කර හරීවා. මෙලෙස ඔහු ගෙය උදෙසා සමඟිකමක් කරන්නේය; ඒක පවිත්‍රවන්නේය.

54. සියලු ආකාර කුෂ්ඨරෝගද කබලුද,

55. වස්ත්‍රයක හා ගෙයක කුෂ්ඨයද,

56. ඉදිමුමද කබුලද පල්ලද සම්බන්ධව,

57. ඒවා පවිත්‍ර කොයි විටද අපවිත්‍ර කොයි විටදැයි ඉගැන්වීමට ව්‍යවස්ථාව මේය. කුෂ්ඨය පිළිබඳ ව්‍යවස්ථාව මේයයි කීසේක.

About ලෙවී කථාව Chapter 14

Read ලෙවී කථාව Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ලෙවී කථාව
Chapter: 14
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ලෙවී කථාව Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ලෙවී කථාව Chapter 14?

ලෙවී කථාව Chapter 14 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ලෙවී කථාව Chapter 14 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 20

Explore More from ලෙවී-කථාව

  1. ලෙවී කථාව Chapter 6
  2. ලෙවී කථාව Chapter 3
  3. ලෙවී කථාව Chapter 2
  4. ලෙවී කථාව Chapter 9
  5. ලෙවී කථාව Chapter 10
  6. ලෙවී කථාව Chapter 1
  7. ලෙවී කථාව Chapter 13

Related Chapters & Readings

  1. යෙසායා Chapter 28
  2. තීතස් Chapter 2
  3. යෙසායා Chapter 52
  4. සෙකරියා Chapter 2
  5. ගීතාවලිය Chapter 141
  6. විනිශ්චයකාරයන් Chapter 15
  7. හොෂෙයා Chapter 9
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *