යෝෂුවා Chapter 5

For English

Read යෝෂුවා Chapter 5 Online

Read යෝෂුවා Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝෂුවා and the Holy Bible online.

Choose a Chapter

යෝෂුවා 5

පරිච්ඡේදය 5

1. ඉශ්‍රායෙල් පුත්‍රයන් මෙතර වෙන තුරු ස්වාමීන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් යොර්දානේ ජලය හින්දවා දැමූ බව යොර්දානට මෙතර බස්නාහිරදිග සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන්ද මුහුද ළඟ සිටි කානානිවරුන්ගේ සියලු රජවරුන්ද ඇසූ කල ඔවුන්ගේ සිත් දියව ගියේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තවත් ඔවුන් තුළ ධෛර්යයක් නොවීය.

2. ඒ කාලයේ ස්වාමීන්වහන්සේ: ගල්පිහියා සාදාගෙන දෙවෙනි වර ඉශ්‍රායෙල් පුත්‍රයන් චර්මඡේද්‍යකරන්නැයි යෝෂුවාට කීසේක.

3. යෝෂුවා ගල්පිහියා සාදා චර්මාග්‍ර-කන්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන් චර්මඡේද්‍යකළේය.

4. යෝෂුවා විසින් චර්මඡේද්‍යය කළ කාරණය මේය: මිසරයෙන් ආවාවූ සියලු පිරිමි එනම් සියලු යුද්ධ සෙනඟ මිසරයෙන් ආවාට පසු මගදී කාන්තාරයෙහි මිය ගියෝය.

5. නික්ම ආ සියලු සෙනඟ චර්මඡේද්‍යය ලබා සිටියෝය. නුමුත් මිසරයෙන් එන කල මගදී කාන්තාරයෙහි උපන් සියලු සෙනඟ චර්මඡේද්‍යය නොලබා සිටියෝය.

6. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නුදුන් නිසා මුළු ජාතිය එනම් මිසරයෙන් ආවාවූ යුද්ධකාර සෙනඟ විනාශවන තෙක් සතළිස් අවුරුද්දක් ඔව්හු කාන්තාරයෙහි හැසුරුණෝය. මෙසේ වුණේ, අපට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන දේශය දකින්ට ඔවුන්ට ඉඩනාරින ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ නිසාය.

7. උන්වහන්සේ ඔවුන් වෙනුවට නැගිටවූ ඔවුන්ගේ දරුවන් මගදී චර්මඡේද්‍යනොකළ බැවින් ඔව්හු අචර්මඡේදිතව සිටියෝය. යෝෂුවා ඔවුන් චර්මඡේද්‍ය කෙළේය.

8. තවද මුළු සෙනඟ චර්මඡේද්‍ය කොට නිමවූ කල ඔවුන්ට සුවවෙන තුරු කඳවුරේ ඔව්හු තමුන්ගේ ස්ථානවල නැවතුණෝය.

9. ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මම අද ඔබ සැම කෙරෙන් මිසරයේ නින්දාව අහකට පෙරළුවෙමියි කීසේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි අද දක්වා කියනු ලැබේ.

10. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන මාසේ දසසතරවෙනි දා සවස යෙරිකෝවේ සමභූමිවලදී පාස්කුව පැවැත්තුවෝය.

11. පාස්කුවට පසු දවසේදීම ඔව්හු දේශයේ ධාන්‍යවලින් සෑදූ මුහුන් නොදැමූ රොටි හා විලඳ කෑවෝය.

12. දේශයේ ධාන්‍යයෙන් ඔවුන් කෑවාට පසුවදා මන්නා නැවතුණේය; ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තවත් මන්නා නොලැබුණේය; එහෙත් ඔව්හු කානාන් දේශයේ භෝග ඵල ඒ අවුරුද්දේ කෑවෝය. දිව්‍ය අධිපතියා

13. තවද යෝෂුවා යෙරිකෝව ළඟ සිටියදී තමාගේ ඇස් ඔසවා බැලූ කල, තමා ඉදිරිපිට මනුෂ්‍යයෙක් ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටිනවා දුටුවේය. යෝෂුවා ඔහු ළඟට ගොස්: ඔබ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදැයි ඔහුගෙන් ඇසුවේය.

14. ඒ තෙමේද: එසේ නොවෙයි; මම දැන් ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමියි කීවේය. එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාරකොට: මාගේ ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක්දැයි ඇසීය.

15. ස්වාමීන්වහන්සේගේ සේනාපතියාද: ඔබ සිටින තැන ශුද්ධ ස්ථානයක් නිසා ඔබේ පාදවලින් වහන් ගළවන්නැයි යෝෂුවාට කීවේය. යෝෂුවාද එසේ කෙළේය.

About යෝෂුවා Chapter 5

Read යෝෂුවා Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝෂුවා
Chapter: 5
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝෂුවා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝෂුවා Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝෂුවා Chapter 5?

යෝෂුවා Chapter 5 is part of the Book of යෝෂුවා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝෂුවා Chapter 5 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 18
  6. නික්මයාම Chapter 10
  7. නික්මයාම Chapter 9

Explore More from යෝෂුවා

  1. යෝෂුවා Chapter 2
  2. යෝෂුවා Chapter 7
  3. යෝෂුවා Chapter 24
  4. යෝෂුවා Chapter 9
  5. යෝෂුවා Chapter 1
  6. යෝෂුවා Chapter 10
  7. යෝෂුවා Chapter 13

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 20
  2. නික්මයාම Chapter 17
  3. ශු. මතෙව් Chapter 18
  4. ද්වීතීය කථාව Chapter 30
  5. එසකියෙල් Chapter 41
  6. යෙසායා Chapter 45
  7. නෙහෙමියා Chapter 11
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *