යෝෂුවා Chapter 22

For English

Read යෝෂුවා Chapter 22 Online

Read යෝෂුවා Chapter 22 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝෂුවා and the Holy Bible online.

Choose a Chapter

යෝෂුවා 22

පරිච්ඡේදය 22

1. එවිට යෝෂුවා රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කැඳවා,

2. ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබ සැමට අණකළ සියල්ල ඔබ සැම පැවැත්තුවහුය, මා ඔබ සැමට අණකළ සියල්ල ගැන මාගේ හඬටත් කීකරුවූහුය.

3. ඔබ සැම අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් ඔබ සැමගේ සහෝදරයන් අත්නෑර සිට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවේ භාරය රක්ෂාකළහුය.

4. දැන් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. ඔබ සැම ඉතින් හැරී ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ ඔබ සැමට දුන් උරුම දේශයෙහි ඔබ සැමගේ කූඩාරම්වලට යන්න.

5. එහෙත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ සැම ප්‍රේමකොට, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥා පවත්වා, උන්වහන්සේට ඇලුම්ව සිට, ඔබ සැමගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද උන්වහන්සේට සේවය කරන හැටියට ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබ සැමට අණකළ ආඥාවද ව්‍යවස්ථාවද රක්ෂාකරන්ට හොඳාකාරයෙන් බලාගන්නැයි කීවේය.

6. මෙසේ යෝෂුවා ඔවුන්ට ආශීර්වාදකොට ඔවුන් යන්ට හැරියේය. ඔව්හු තමුන්ගේ කූඩාරම්වලට යන්ට ගියෝය.

7. මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි උරුමයක් දී තිබුණේය. අනික් අර්ධයට යෝෂුවා ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට යොර්දාන් මෙගොඩ උරුමයක් දුන්නේය. තවද යෝෂුවා ඔවුන්ගේ කූඩාරම්වලට ඔවුන් හරින කල ඔවුන්ට ආශීර්වාදකරමින්:

8. ඔබ සැම බොහෝ ධනයද සිව්පාවුන් ඉතා මහත් ගණනක්ද රිදීද රන්ද පිත්තලද යකඩද බොහෝ වස්ත්‍රද ඇතුව ඔබ සැමගේ කූඩාරම්වලට ගොස්, ඔබ සැමගේ සතුරන්ගෙන් ගත් කොල්ලය ඔබ සැමගේ සහෝදරයන් සමඟ බෙදාගන්නැයි ඔවුන්ට කීවේය.

9. එවිට රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස තමුන් ලබාගන සිටිය තමුන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන්ට කානාන් දේශයේ තිබෙන ෂීලෝහි සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතින් පිටත්ව ගියෝය.

10. කානාන් දේශයෙහි තිබෙන යොර්දානේ අසබඩ පළාතට ඔවුන් පැමුණුණ කල රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද එහි යොර්දාන ළඟ පූජාසනයක් එනම් දැකීමට මහත් පූජාසනයක් ගොඩනැගුවෝය.

11. එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කානාන් දේශය ඉදිරිපිට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පැත්තෙහි යොර්දාන අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනගා තිබේයයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ආරංචිවිය.

12. ඉශ්‍රායෙල් පුත්‍රයන් ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධව යුද්ධයට යන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්වුණාය.

13. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිලියද් දේශයේ සිටි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද වෙතට පූජකවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස්ද,

14. ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් එක එක පිය පෙළපතට අධිපතිව සිටි අධිපතිවරුන් දසදෙනෙක්ද යැවුවෝය. ඔව්හු එකිනෙකා ඉශ්‍රායෙල් දහස් ගණන් අතරෙහි තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝව සිටියෝය.

15. ඔව්හු ගිලියද් දේශයෙහි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ළඟට අවුත් කථාකරමින්:

16. ඔබ සැම අද දවසේ ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසන පිණිස පූජාසනයක් ගොඩනගා ගැනීමෙන් ඔබ සැම අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගොස් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධව කළාවූ මේ අපරාධය කිමෙක්ද?

17. පෙයෝර් පිළිබඳ අපරාධය මදිද? ස්වාමීන්වහන්සේගේ සභාව පිටට වසංගතයක් පැමිණි නුමුත් අද දක්වා අපි ඒ අපරාධයෙන් පවිත්‍ර නොවීමුව.

18. එහෙත් ඔබ සැම අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන්නහුය. මෙසේ ඔබ සැම අද ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසන හෙයින් හෙට උන්වහන්සේ මුළු ඉශ්‍රායෙල් සභාව කෙරෙහි උදහස්වෙනවා ඇත.

19. ඔබ සැමගේ උරුම දේශය අපවිත්‍ර නම් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය පිහිටුවා තිබෙන උන්වහන්සේගේ උරුම දේශයට එතරව අප අතරේ උරුමය ගන්න. නුමුත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය හැර ඔබ සැමට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේටත් අපටත් විරුද්ධව කැරළි නොගසන්න.

20. ශෙරාගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්‍රායෙල් සභාව පිටට උදහස නොපැමිණියේද? ඒ මනුෂ්‍යයා තමාගේ අපරාධය කරණකොටගෙන තනියම විනාශනූණේය කියා ස්වාමීන්වහන්සේගේ මුළු සභාව කියනවායයි ඔවුන්ට කීවෝය.

21. රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ඉශ්‍රායෙල්හි දහස්ගණන්වූ ජනයන්ගේ ප්‍රධානීන්ට උත්තරදෙමින්:

22. දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම දන්නාසේක, ඉශ්‍රායෙල්ද දැනගන්නවා ඇත; අප විසින් කැරළිකාරකමින්වත් ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකමින්වත්, ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන පිණිස අපට පූජාසනයක් ගොඩනගා තිබේ නම්, අද දවසේ අප නොගැළවුව මැනව.

23. ඒක පිට දවන පූජා නොහොත් ආහාර පූජා පුදන්ටවත් ශාන්ති පූජා ඔප්පුකරන්ටවත් ඒක ගොඩනැගුවා නම්, ස්වාමීන්වහන්සේම ඒ ගැන පළිගන්නසේක්වා;

24. අප මේක කළේ ප්‍රවේසම පිණිස අදහසක් ඇතුවය, එනම් මතු කාලයේදී ඔබ සැමගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබ සැමට කම් කිම්ද?

25. රූබෙන් පුත්‍රයෙනි, ගාද් පුත්‍රයෙනි, අපටත් ඔබ සැමටත් අතරේ ස්වාමීන්වහන්සේ යොර්දාන සීමාව කොට තබා තිබෙන නිසා ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැමට කොටසක් නැතැයි කියා මෙසේ ඔබ සැමගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේට භයවීමෙන් වෙන්කරන්නෝයයි අපි සිතීමුව.

26. එබැවින් අපට පූජාසනයක් ගොඩනගා ගැනීමට අපි සූදානම්වෙමුයයි අප විසින් කියාගත්තේ දවන පූජාවල්වත් යාගවල්වත් ඔප්පුකිරීමට නොව,

27. අපේ දවන පූජාවලිනුත් අපේ යාගවලිනුත් අපේ ශාන්ති පූජාවලිනුත් ස්වාමීන්වහන්සේගේ සේවය උන්වහන්සේ ඉදිරියෙහි ඉෂ්ටකිරීම යුතු බවට අප සහ ඔබ සැමද අපට පසුව අපේ පරම්පරාද අතරේ එහි සාක්ෂියක් වන පිණිසත්, ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැමට කොටසක් නැත කියා මතු කාලයේ ඔබ සැමගේ පුත්‍රයන් විසින් අපේ පුත්‍රයන්ට නොකියන පිණිසත්ය.

28. එසේ හෙයින් ඔවුන් අපටවත් අපේ පරම්පරාවලටවත් මතු කාලයේ එසේ කීවොත්: දවන පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට නොව අප සහ ඔබ සැම අතරේ සාක්ෂියක් පිණිස අපේ පියවරුන් සෑදුවාවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්නය කියා අපට කියන්ට පුළුවනැයි අපි කියාගත්තෙමුව.

29. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන්වහන්සේගේ පූජාසනය හැර දවන පූජා හෝ ආහාර පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යාම අපෙන් දුරුවේවයි කීවෝය.

30. එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේ පුත්‍රයන්ද විසින් කී වචන පූජකවූ පීනෙහාස්ද ඔහු සමඟ සිටිය සභාවේ අධිපතීන් වන ඉශ්‍රායෙල් දහස්ගණන්වූ ජනයන්ගේ ප්‍රධානීන්ද ඇසූ කල ඊට ඔව්හු බොහෝසේ සතුටුවූහ.

31. පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් රූබෙන් පුත්‍රයන්ටත් ගාද් පුත්‍රයන්ටත් මනස්සේ පුත්‍රයන්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේ අප අතරේ වසන බව ඔබ සැම මේ ද්‍රෝහිකම ස්වාමීන්වහන්සේට විරුද්ධව නොකළ නිසා අපි අද දැනගතිමුව. මෙසේ ඔබ සැම ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ අතින් ගැළවුවහුයයි කීවේය.

32. එවිට පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස්ද අධිපතීහුද රූබෙන් පුත්‍රයන් හා ගාද් පුත්‍රයන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත හැරී ඇවිත් ඔවුන්ට එපවත් කීවෝය.

33. ඒ කාරණය ඉශ්‍රායෙල් පුත්‍රයන්ට හොඳව පෙනුණේය; එබැවින් රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද වාසයකළ දේශය විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව යුද්ධයට යාම ගැන ඉශ්‍රායෙල් පුත්‍රයෝ තවත් කථානොකොට දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.

34. රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද: ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවට එය අප අතරේ සාක්ෂියක් වන නිසාය කියා ඒ පූජාසනයට ඒද් 22:34 එනම්, සාක්ෂියක්. යන නාමය තැබුවෝය.

About යෝෂුවා Chapter 22

Read යෝෂුවා Chapter 22 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝෂුවා
Chapter: 22
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝෂුවා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝෂුවා Chapter 22 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝෂුවා Chapter 22?

යෝෂුවා Chapter 22 is part of the Book of යෝෂුවා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝෂුවා Chapter 22 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 9
  7. නික්මයාම Chapter 2

Explore More from යෝෂුවා

  1. යෝෂුවා Chapter 15
  2. යෝෂුවා Chapter 18
  3. යෝෂුවා Chapter 21
  4. යෝෂුවා Chapter 8
  5. යෝෂුවා Chapter 12
  6. යෝෂුවා Chapter 19
  7. යෝෂුවා Chapter 4

Related Chapters & Readings

  1. 2 කොරින්ති Chapter 7
  2. 2 ලේකම් Chapter 2
  3. යාකොබ් Chapter 2
  4. උත්පත්ති Chapter 30
  5. ආමොස් Chapter 8
  6. 1 තිමෝති Chapter 3
  7. යෝබ් Chapter 14
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *