යෝෂුවා Chapter 6

For English

Read යෝෂුවා Chapter 6 Online

Read යෝෂුවා Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝෂුවා and the Holy Bible online.

Choose a Chapter

යෝෂුවා 6

පරිච්ඡේදය 6

1. යෙරිකෝව ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තරයේ වසා තිබුණේය. කිසිවෙක් පිටතට නොගියේය, ඇතුළටද නාවේය.

2. ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: බලන්න, යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද ඔබ අතට පාවාදුනිමි.

3. යුද්ධකාරයෝවූ ඔබ සැම සියල්ලෝ නුවර වටකරින් එක වරක් නුවර වටේට යන්න. සදවසක් ඔබ විසින් එසේ කළ යුතුය.

4. පූජකයෝ සත්දෙනෙක් බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් පෙට්ටියට පෙරටුව යෙත්වා. සත්වෙනි දවසේදී සත් වරක් නුවර වටේට යන්න, පූජකයෝද හොරණෑ පිඹිත්වා.

5. තවද ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත් වන විට, හොරණෑ ශබ්දය ඔබ සැමට ඇසුණාම, මුළු සෙනඟ මහත් ඔල්වර හඬක් පවත්වත්වා; එවිට නුවර පවුර ඇද වැටෙන්නේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගීයත්වයි කීසේක.

6. එවිට නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පූජකයන් කැඳවා ඔවුන්ට කථාකොට: ගිවිසුම් පෙට්ටිය උසුලා ගන්න, පූජකයෝ සත් දෙනෙක් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් රැගෙන යෙත්වයි කීවේය.

7. ඔහු සෙනඟටත් කථාකොට: ඉදිරියට ගොස් නුවර වටේ යන්න, ආයුධ ගත් පුරුෂයෝ ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පෙරටුව යෙත්වයි කීවේය.

8. යෝෂුවා සෙනඟට කථාකොට නිමවූ කල, පූජකයෝ සත්දෙනා බැටළු අං හොරණෑ සත රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝය. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද ඔවුන්ට පස්සෙන් ගියේය.

9. සන්නද්ධවූ අය හොරණෑ පිඹින පූජකයන්ට පෙරටුව ගියෝය, හොරණෑ පිඹිමින් යද්දී අනික් අය පෙට්ටියට පස්සෙන් ගියෝය.

10. යෝෂුවා සෙනඟට අණකොට කියනුයේ: ඔල්වර හඬ ගසන්ට මා විසින් ඔබ සැමට කියන දවස දක්වා ඔබ සැම ඔල්වරහඬ නොපැවැත්විය යුතුය, ඔබ සැමගේ කටහඬ ඇසෙන්ටවත් ඔබ සැමගේ කටින් කිසි වචනයක් නික්මෙන්ටවත් නොදිය යුතුය. මා කී විට ඔල්වර හඬ පවත්වන්නැයි කීවේය.

11. මෙසේ ඔහු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය එක වරක් නුවර වටකර යන්ට සැලැස්විය. ඔව්හු කඳවුරට අවුත් එහි නැවතුණෝය.

12. යෝෂුවා අලුයම නැගුටුණේය, පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය උසුලා ගත්තෝය.

13. පූජකයෝ සත්දෙනා බැටළු අං හොරණෑ සත ගෙන ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පෙරටුව නොනැවතී යමින් හොරණෑ පිම්බෝය. සන්නද්ධවූ අය ඔවුන්ට පෙරටුව ගියෝය; හොරණෑ පිඹිමින් යද්දී අනික් අය ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පස්සෙන් ගියෝය.

14. මෙසේ දෙවෙනි දවසේදී එක වරක් නුවර වටේට ගොස් කඳවුරට හැරී ආවෝය. සදවසක් ඔව්හු එසේ කළෝය.

15. සත්වෙනි දින පහන්වන වේලේ ඔව්හු නැගිට එම ආකාරයෙන්ම සත් වරක් නුවර වටේට ගියෝය. එදා පමණක් ඔව්හු සත්වරක් නුවර වටේට ගියෝය.

16. සත්වෙනි වර පූජකයන් හොරණෑ පිම්බ කල යෝෂුවා සෙනඟට කථාකොට: ඔල්වර හඬගසන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ සැමට නුවර දී තිබේ.

17. නුවර හා එහි ඇති සියල්ල ස්වාමීන්වහන්සේ උදෙසා මුළුමනින්ම විනාශයට කැප වන්නේය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය අප යැවූ පණිවිඩකාරයන් සැඟෙවු බැවින් ඈද ඈ සමඟ ගෙයි සිටින සියල්ලෝද පමණක් ජීවත්වන්නෝය.

18. විනාශයට කැපවූ දෙයින් කොහොමහරි වළකින්න, නැතහොත් ඔබ සැම කැපකළ පසු කැපවූ දෙයින් යමක් ගත්තොත්, ඔබ සැම ඉශ්‍රායෙල් කඳවුරට ශාප ලැබෙන්ට සලස්වා එය කලඹනවා ඇත.

19. රන් රිදී සියල්ලද පිත්තල සහ යකඩ බඩුද ස්වාමීන්වහන්සේට කැපය. ඒවා ස්වාමීන්වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතුයයි කීවේය.

20. එසේ සෙනඟ ඔල්වර හඬ ගැසූහ, පූජකයෝ හොරණෑ පිම්බෝය. සෙනඟ හොරණෑ ශබ්දය අසා මහත් හඬකින් ඔල්වරහඬ පැවැත්තූ විට පවුර ඇද වැටුණේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගී ගොස් නුවර අල්ලාගෙන,

21. පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන්ද යන නුවර සිටි සියල්ලන්ම කඩුමුවහතින් මුළුමනින්ම විනාශකර දැමුවෝය.

22. දේශය සොයාබැලූ දෙදෙනාට යෝෂුවා කථාකොට: වේශ්‍යා ස්ත්‍රියගේ ගෙට ගොස් ඔබ සැම ඈට දිවුළ ලෙස ඒ ස්ත්‍රිය සහ ඈට අයිති සියල්ලන් පිටතට ගෙනෙන්නැයි කීවේය.

23. ඔත්තුකාරයෝ වූ ඒ තරුණයෝ ඇතුළට ගොස් රාහාබ්ද ඇගේ පියාද මවුද සහෝදරයන්ද ඈට අයිති සියල්ලන්ද ඇගේ සියලු නෑයන්ද පිටතට ගෙනවුත් ඉශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් පිටත ඔවුන් සිටෙවුවෝය.

24. නුවර හා එහි තිබුණු සියල්ල ගින්නෙන් පුලුස්සා දැමුවෝය. රන් රිදීද පිත්තල හා යකඩ බඩුද පමණක් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවෙහි තැබුවෝය.

25. යෙරිකෝව සෝදිසිකරන්ට යෝෂුවා යැවූ පණිවිඩකාරයන් වේශ්‍යාවවූ රාහාබ් විසින් සැඟවූ බැවින් යෝෂුවා ඈට සහ ඇගේ පියාගේ පවුලටද ඈට අයිති සියල්ලන්ටද ජීවත්වෙන්ට ඉඩ හැරියේය; ඈ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි අද දක්වා වාසයකරන්නීය.

26. ඒ කාලයෙහි යෝෂුවා දිවුරමින්: යමෙක් නැගිට මේ යෙරිකෝ නුවර ගොඩනගන්නේ නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාපලත්තෙක් වේවා. ඔහු එහි අත්තිවාරම තබන විට ඔහුගේ කුලුඳුලාද එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයාද නැතිවෙනවා ඇතැයි ඔවුන්ට කීවේය.

27. මෙසේ ස්වාමීන්වහන්සේ යෝෂුවා සමඟ සිටිසේක; ඔහුගේ කීර්තිය දේශය මුළුල්ලෙහි පතළවිය.

About යෝෂුවා Chapter 6

Read යෝෂුවා Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝෂුවා
Chapter: 6
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝෂුවා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝෂුවා Chapter 6 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝෂුවා Chapter 6?

යෝෂුවා Chapter 6 is part of the Book of යෝෂුවා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝෂුවා Chapter 6 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 6
  7. නික්මයාම Chapter 2

Explore More from යෝෂුවා

  1. යෝෂුවා Chapter 13
  2. යෝෂුවා Chapter 23
  3. යෝෂුවා Chapter 5
  4. යෝෂුවා Chapter 9
  5. යෝෂුවා Chapter 18
  6. යෝෂුවා Chapter 21
  7. යෝෂුවා Chapter 19

Related Chapters & Readings

  1. ලෙවී කථාව Chapter 11
  2. යෝබ් Chapter 3
  3. ගීතාවලිය Chapter 134
  4. ගණන් කථාව Chapter 11
  5. ගණන් කථාව Chapter 1
  6. 2 ලේකම් Chapter 35
  7. යෝබ් Chapter 7
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *