යෝෂුවා Chapter 15

For English

Read යෝෂුවා Chapter 15 Online

Read යෝෂුවා Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝෂුවා and the Holy Bible online.

Choose a Chapter

යෝෂුවා 15

පරිච්ඡේදය 15

1. යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණු කොටස දකුණට ඒදොම්හි සීමාව වන ශීන් කාන්තාරය දක්වා දකුණු සීමාව තෙක්ම පිහිටා තිබුණේය.

2. ඔවුන්ගේ දකුණු සීමාව ලුණු මුහුදේ කෙළවර වන දකුණට හැරී තිබෙන වරායේ පටන්,

3. අක්‍රාබ්බීම්හි නැගුමට දකුණෙන් වැටී, ශීන් දක්වා ගොස්, කාදෙෂ්-බර්නේයට දකුණෙන් නැගී හෙෂ්රොන්ට ගොස්, අද්දාර්ට නැගී කර්කා දෙසට හැරී ගොස්,

4. අශ්මොන්ට පැමිණ, මිසරයේ ඔය දක්වාත් ගියේය; ඒ සීමාව මුහුද ළඟ කෙළවරවිය. මෙය ඔබ සැමගේ දකුණු සීමාව වන්නේය.

5. නැගෙනහිර සීමාව යොර්දාන් කෙළවර දක්වා ලුණු මුහුදය. උතුරු පැත්තේ සීමාව නම් යොර්දාන් කෙළවරෙහිවූ මුහුදේ වරාය පටන්ය.

6. එම සීමාව බෙත්-හොග්ලාට නැගී, බෙත්-අරබාට උතුරෙන් ගොස්, රූබෙන්ගේ පුත්‍රවූ බොහන්ගේ ගල ළඟට නැගී,

7. ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැගී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මීම්හි නැගුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරීගොස්, එතනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවරවුණේය.

8. එතනින් සීමාව යෙබූසිවරුන් වාසය කළ යෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත මැදින් නැගී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන්ද රෙඵාවරුන්ගේ මිටියාවතේ කෙළවරට උතුරෙන්ද තිබෙන කන්ද මුදුනට ගියේය.

9. සීමාව කන්ද මුදුනේ සිට නෙප්තෝවාහි දිය උල්පත ළඟට වැටී, එතනින් එප්‍රොන් කන්දේ නුවරවල් දක්වා ගියේය; එතනින් සීමාව කිරියත්-යෙයාරීම් වන බාලාට ගොස්,

10. බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දටද, එතනින් කෙසාලොන් වන යෙයාරීම් කන්දට උතුරු පැත්තෙන්ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස, තිම්නාට ගියේය.

11. එතනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂීක්කෙරොන්ට වැටී, එතනින් බාලා කන්දට ගොස් යබ්නෙයෙල්ට වැටී, මුහුද ළඟ කෙළවරවුණේය.

12. බස්නාහිර සීමාව නම් මහ මුහුදත් එහි අසබඩත්ය. යූදා පුත්‍රයන්ගේ පවුල්වල හැටියට වටේට තිබුණ ඔවුන්ගේ සීමාව මේය.

13. යෝෂුවා ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට යූදාගේ පුත්‍රයන් අතරෙහි කොටසක් දුන්නේය. එය හෙබ්‍රොන් නම්වූ කිරියත්-අර්බාය. අර්බා අනාක්වරුන්ගේ පියාය.

14. කාලෙබ් වනාහි අනාක්ගෙන් පැවත ආ ෂේෂයිද අහිමාන්ද තල්මයිද යන අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා එතනින් පන්නා දැමුවේය.

15. එතනින් ඔහු දෙබීර් වැසියන්ට විරුද්ධව ගියේය. දෙබීර්ට පළමු තිබුණු නම කිරියත්-සේපෙර්ය.

16. කාලෙබ් කථාකොට: කිරියත්-සේපෙර්ට පහරදී ඒක අල්වාගන්න තැනැත්තාට මාගේ දුවවූ අක්සා භාර්යාව කොට පාවාදෙන්නෙමියි කීවේය.

17. කාලෙබ්ගේ සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල් ඒක අල්ලාගත්තේය. කාලෙබ් තමාගේ දුවවූ අක්සා ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය.

18. ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්ට ඔහු ඈට සැලැස්විය; ඈ කොටළුවා පිටින් බැස්සාය; කාලෙබ් ඈට කථාකොට: ඔබට ඕනෑ මොකදැයි ඇසීය.

19. ඈද: මට වරයක් දුන මැනවි; මක්නිසාද ඔබ දකුණු රටක් මට දී තිබේ, දිය උල්පත්ද මට ලැබේවයි කීවාය. එවිට ඔහු ඉහළ උල්පත්ද පහළ උල්පත්ද ඈට දුන්නේය.

20. යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ උරුමය මේය.

21. දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට තිබුණු ඉතා දුරවූ නුවරවල් නම්: කබ්ශෙයෙල්ද ඒදෙර්ද යාගුර්ද,

22. කීනාද දිමෝනාද අදාදාද,

23. කෙදෙෂ්ද හාශෝර්ද ඉත්නාන්ද,

24. ශිප්ද තෙලෙම්ද බෙයාලොත්ද,

25. හාශෝර්-හදත්තාද කෙරියොත්-හෙෂ්රෝන් වන හාශෝර්ද,

26. ආමාම්ද ෂෙමාද මෝලාදාද,

27. හශර්-හද්දාද හෙෂ්මොන්ද බෙත්-පෙලෙත්ද,

28. හශර්-ෂූවාල්ද බෙයෙර්-ෂෙබාද බිස්යෝතියාද,

29. බාලාද ඉයීම්ද එශෙම්ද,

30. එල්තෝලද්ද කෙසීල්ද හොර්මාද,

31. ශික්ලග්ද මද්මන්නාද සන්සන්නාද,

32. ලෙබායොත්ද ෂිල්හිම්ද ආයින්ද රිම්මොන්ද යන මේවාය. ගම් සහිතව සියලු නුවරවල් විසිනවයක්ය.

33. තැනිතලා රටෙහි තිබුණු ඒවා නම්: එෂ්තායොල්ද ශොරාද අෂ්නාද,

34. ශානොවාද ඒන්-ගන්නීම්ද තප්පුවාද ඒනාම්ද,

35. යර්මූත්ද අදුල්ලාම්ද සෝකෝද අශෝකාද,

36. ෂයරයීම්ද අදීතයිම්ද ගෙදේරාද ගෙදේරෝතයීම්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ද යන මේවාය.

37. ශෙනාන්ද හදාෂාද මිග්දල්-ගාද්ද,

38. දිල්යාන්ද මිශ්පේද යොක්තෙයෙල්ද,

39. ලාකීෂ්ද බෝශ්කත්ද එග්ලොන්ද,

40. කබ්බොන්ද ලාමාම්ද කිත්ලීෂ්ද,

41. ගෙදේරොත්ද බෙත්-දාගොන්ද නයමාද මක්කේදාද යන නුවරවල් දහසය සහ ඒවායේ ගම්ද යන මේවාය.

42. ලිබ්නාද එතෙර්ද ආෂාන්ද,

43. ඉප්තාද අෂ්නාද නේශීබ්ද,

44. කෙයිලාද අක්ශිබ්ද මරේෂාද යන නුවරවල් නවය සහ ඒවායේ ගම්ද යන මේවාය.

45. එක්‍රොන්ද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය.

46. එක්‍රොන් පටන් බස්නාහිරට මුහුද දක්වා අෂ්දොද් ළඟ තිබෙන සියලු නුවරවල් සහ ඒවායේ ගම්ය.

47. අෂ්දොද්ද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය; මිසරයේ ඔය සහ මහ මුහුදත් එහි අසබඩත් දක්වා ගාසාද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය.

48. කඳු රටේ තිබුණ ඒවානම්: ෂාමීර්ද යත්තීර්ද සෝකෝද,

49. දන්නාද දෙබීර් වන කිරියත්-සන්නාද,

50. අනාබ්ද එෂ්තෙමෝද ආනීම්ද,

51. ගෝෂෙන්ද හෝලොන්ද ගිලෝද යන නුවරවල් එකොළොස සහ ඒවායේ ගම්ද යන මේවාය.

52. අරාබ්ද දූමාද එෂාන්ද,

53. යානීම්ද බෙත්-තප්පුවාද අපේකාද,

54. හුම්තාද හෙබ්‍රොන් නම්වූ කිරියත්-අර්බාද ශියොර්ද යන නුවරවල් නවයද ඒවායේ ගම්ද යන මේවාය.

55. මායොන්ද කර්මෙල්ද ශිප්ද යූතාද,

56. යෙශ්‍රයෙල්ද යොක්දෙයාම්ද සානොවාද,

57. කායින්ද ගිබෙයාද තිම්නාද යන නුවරවල් දසය සහ ඒවායේ ගම්ද යන මේවාය.

58. හල්හුල්ද බෙත්-ශුර්ද ගෙදෝර්ද,

59. මාරාත්ද බෙත්-අනොත්ද එල්තෙකොන්ද යන නුවරවල් හය සහ ඒවායේ ගම්ද යන මේවාය.

60. කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්ද රබ්බාද යන දෙනුවර සහ ඒවායේ ගම්ය.

61. කාන්තාරයෙහි තිබුණ ඒවානම්:

62. බෙත්-අරබාද මිද්දීන්ද සෙකාකාද, නිබ්-ෂාන්ද ලුණු නුවරද ඒන්-ගෙදීද යන නුවරවල් හය සහ ඒවායේ ගම්ය.

63. නුමුත් යෙරුසලමේ වාසයකළ යෙබූසිවරුන් පන්නාදමන්ට යූදා පුත්‍රයන්ට නොහැකි විය. අද දවස දක්වා යෙබූසිවරු යූදා පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.

About යෝෂුවා Chapter 15

Read යෝෂුවා Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝෂුවා
Chapter: 15
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝෂුවා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝෂුවා Chapter 15 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝෂුවා Chapter 15?

යෝෂුවා Chapter 15 is part of the Book of යෝෂුවා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝෂුවා Chapter 15 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 10
  7. නික්මයාම Chapter 9

Explore More from යෝෂුවා

  1. යෝෂුවා Chapter 21
  2. යෝෂුවා Chapter 9
  3. යෝෂුවා Chapter 22
  4. යෝෂුවා Chapter 2
  5. යෝෂුවා Chapter 8
  6. යෝෂුවා Chapter 10
  7. යෝෂුවා Chapter 5

Related Chapters & Readings

  1. හෙබ්රෙනව් Chapter 2
  2. ගීතාවලිය Chapter 132
  3. ලෙවී කථාව Chapter 12
  4. ගීතාවලිය Chapter 40
  5. ලෙවී කථාව Chapter 1
  6. නික්මයාම Chapter 23
  7. යෙසායා Chapter 29
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *