Read යෝෂුවා Chapter 8 Online
Read යෝෂුවා Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝෂුවා and the Holy Bible online.
Choose a Chapter
යෝෂුවා 8
පරිච්ඡේදය 8
1. ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: භය නොවෙන්න, නොකැලඹෙන්න. මුළු යුද්ධ සේනාව ඔබ සමඟ ගෙන නැගිට හායිට යන්න. මා විසින් හායි රජු හා ඔහුගේ සෙනඟත් ඔහුගේ නුවරත් ඔහුගේ රටත් ඔබ අතට පාවාදී තිබේ.
2. ඔබ යෙරිකෝවටත් එහි රජුටත් කළ ලෙස හායිටත් එහි රජුටත් කරන්න. නුමුත් එහි කොල්ලය හා සිව්පාවුන් ඔබ සැමට කොල්ලයක් කොට ගන්න. නුවරට එහායින් සේනාවක් රහසේ සිටුවන්නැයි කීසේක.
3. මෙසේ යෝෂුවා හා මුළු යුද්ධ සේනාව හායිට යන පිණිස නැගිට්ටෝය. යෝෂුවා බලසම්පන්න යුද්ධකාරයන් තිස් දාහක් තෝරාගෙන රාත්‍රියේ ඔවුන් යවමින්,
4. ඔවුන්ට අණකොට: ඔබ සැම නුවරට එහායින් සැඟවී සිටින්න, නුවරින් වැඩිදුර නොගොස් සියල්ලෝම සූදානම්ව සිටින්න.
5. මාද මා සමඟ සිටින සියලු සෙනඟද නුවරට ළංවී ඔවුන් පළමු වතාවේ මෙන් අපට විරුද්ධව පිටතට ආ කල්හි අපි ඔවුන් ඉදිරියෙන් පලායන්නෙමුව;
6. මක්නිසාද: පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලායන්නෝයයි කියමින්, ඔවුන් නුවරින් ඈත්කරගන්න තුරු ඔවුන් අප පස්සේ එනවා ඇත; එබැවින් අපි ඔවුන් ඉදිරියෙන් පලායන්නෙමුව.
7. එවිට ඔබ සැම සැඟවී සිටින තැනින් නැගිට ඇවිත් නුවර අල්ලාගන්න. මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක ඔබ සැම අතට පාවාදෙන සේක.
8. ඔබ සැම නුවර අල්ලාගත්තාම ඒක ගිනිලන්න; ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස කරන්න. මා ඔබ සැමට අණකළ බව බලාගන්නැයි කීවේය.
9. මෙසේ යෝෂුවා විසින් යවන ලදුව ඔව්හු ගොස් හායිට බස්නාහිරින් බෙතෙල්ටත් හායිටත් අතරේ සැඟවී සිටියෝය. නුමුත් යෝෂුවා ඒ රාත්‍රියෙහි සෙනඟ අතරේ නැවතී සිටියේය.
10. යෝෂුවා අලුයම නැගිට සෙනඟ රැස්කොට ගණන්කොට ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ සෙනඟට පෙරටුව හායිට ගියේය.
11. මුළු සෙනඟ එනම් ඔහු සමඟ සිටි සියලු යුද්ධකාරයෝ නැගී ළංවී නුවර ඉදිරිපිටට පැමිණ හායිට උතුරෙන් කඳවුරු බැඳගත්තෝය. ඔහුටත් හායිටත් අතරේ මිටියාවතක් විය.
12. ඔහු පන්දහසක් පමණ මනුෂ්‍යයන් රැගෙන ඔවුන් හායිට බස්නාහිරින් බෙතෙල්ටත් හායිටත් අතරේ රහසේ සිටෙවුවේය.
13. එසේ නුවරට උතුරෙන් සිටිය මුළු සමුදාවද නුවරට බස්නාහිරින් රහසේ සිටිය අයද යන සෙනඟ සිටෙවුවායින් පසු යෝෂුවා ඒ රාත්‍රියේ මිටියාවත මැදට ගියේය.
14. තවද හායි රජු එය දුටු කල ඔහු සහ නුවර මනුෂ්‍යයෝ වන ඔහුගේ මුළු සෙනඟත් ඉක්මන්කර අලුයම නැගිට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට අරබා සමභූමිය ඉදිරිපිට නියම ස්ථානයට පිටත්ව ගියෝය; එහෙත් නුවරට එහායින් තමාට විරුද්ධව සමූහයක් සැඟවී ඉන්න බව ඔහු නොදැන සිටියේය.
15. යෝෂුවාද සියලු ඉශ්‍රායෙල්වරුද ඔවුන් ඉදිරියෙහි පැරදුණාක් මෙන් කාන්තාරයට යන මාර්ගයෙහි පලාගියෝය.
16. එවිට ඔවුන් පස්සේ එළවාගන යන පිණිස හායි නුවර සිටි මුළු සෙනඟ අඬගස්වා ගන්නාලද්දාහ. ඔව්හු යෝෂුවා පස්සේ එළවාගන ගොස් නුවරින් ඈත්වූවෝය.
17. ඉශ්‍රායෙල්වරුන් පස්සේ යන්ට පිටතට නොගිය එක මනුෂ්‍යයෙක්වත් හායිහි හෝ බෙතෙල්හි හෝ ඉතුරුනොවීය. නුවර නොවසා අත්හැර, ඔව්හු ඉශ්‍රායෙල්වරුන් එළවාගෙන ගියෝය.
18. ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔබේ අතේ තිබෙන හෙල්ලය හායි දෙසට දිගුකරන්න; මක්නිසාද මම ඒක ඔබ අතට දෙන්නෙමියි කීසේක. යෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නුවර දෙසට දිගුකෙළේය.
19. එවිට සැඟවී සිටිය සමුදාව තමුන් සිටි තැනින් වහාම නැගිට, ඔහු අත දිගුකළ කෙණෙහිම දිව ඇවිත් නුවරට වැද ඒක අල්ලා, ඉක්මන්කර ගිනිලෑවෝය.
20. හායි මනුෂ්‍යයන් පස්සට හැරී බැලූ කල නුවර ධූමය අහසට නගින බව ඔව්හු දුටුවෝය, එවිට එහෙන්වත් මෙහෙන්වත් පලායන්ට ඔවුන්ට බලයක් නොතිබුණේය. කාන්තාරය දෙසට පලාගිය සෙනඟ තමුන් ලුහුබැඳ ආවුන් දෙසට හැරුණෝය.
21. යෝෂුවා සහ සියලු ඉශ්‍රායෙල්වරු සැඟවී සිටිය සමුදාව නුවර අල්ලා ගත් බවත් නුවර ධූමය නැගෙන බවත් දැක, හැරී ඇවිත් හායි නුවර මිනිසුන් මැරුවෝය.
22. සෙස්සෝද ඔවුන්ට විරුද්ධව නුවරින් නික්ම ආවෝය; මෙසේ ඔවුන් ඒ පැත්තෙනුත් මේ පැත්තෙනුත් ඉශ්‍රායෙල්වරුන්ට මැදිවුණ කල, ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු වෙන්ට නොහැර ඔවුන්ට පහරදුන්නෝය.
23. හායි රජ පණපිටින් අල්වා යෝෂුවා ළඟට ගෙනාවෝය.
24. ඉශ්‍රායෙල්වරුන් තමුන් පස්සේ කාන්තාරයෙහි එළවාගන ආවාවූ හායිහි සියලු වැසියන් පිටතදී මරා තීන්දුකළ පසුද මෙසේ ඔවුන් සියල්ලන්ම නාස්තිවෙනතුරු කඩු මුවහතින් වැටීගිය පසුද සියලු ඉශ්‍රායෙල්වරු හායිට හැරීගොස් ඊට කඩු මුවහතින් පහරදුන්නෝය.
25. ඒ දවසේදී වැටුණු ස්ත්‍රී පුරුෂයෝ වූ හායිහි සියලු මනුෂ්‍යයෝ දොළොස් දහසක්ය.
26. මක්නිසාද යෝෂුවා හෙල්ලය දිගුකළ තමාගේ අත හායිහි සියලු වැසියන් මුළුමනින්ම විනාශකර දමන තුරු පස්සට නොගත්තේය.
27. නුමුත් සිව්පාවුන්ද ඒ නුවර කොල්ලයද ස්වාමීන්වහන්සේ යෝෂුවාට අණකළ වචනය ප්‍රකාර ඉශ්‍රායෙල්වරු තමුන්ට කොල්ලයක් කොට ගත්තෝය.
28. මෙසේ යෝෂුවා හායි ගිනිලා, එය සදාකල් පවතින ගොඩක් එනම් අද දක්වා පවතින පාළු ස්ථානයක් කෙළේය.
29. ඔහු හායිහි රජ සවස දක්වා ගසක එල්ලා තැබුවේය. ඉර බසින වේලාවේ ඔහුගේ මළකඳ යෝෂුවාගේ අණ පිට ගසින් බා, නුවර දොරකඩ හෙළා, මහත් ගල් ගොඩක් ඒ පිට ගොඩගැසුවෝය. එය අද දවස දක්වා තිබේ.
30. එවිට යෝෂුවා ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකළ පරිදි මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන ලෙස,
31. කිසිවෙකු විසින් යකඩයක් නොපෙවුවාවූ. පියවි ගල්වලින් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඒබාල් කන්දෙහි පූජාසනයක් ගොඩනැගුවේය. ඔව්හු ඒක පිට ස්වාමීන්වහන්සේට දවන පූජා පුදා, ශාන්ති පූජාද ඔප්පුකළෝය.
32. ඔහු එහිදී ඒ ගල් පිට මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියුවේය. ඔහු එය ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි ලියුවේය.
33. සියලු ඉශ්‍රායෙල්වරුද ඔවුන්ගේ වැඩිමහල්ලෝද මුලාදෑනීහුද විනිශ්චයකාරයෝද ස්වදේශියා සේම විදේශියාද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉසුලූ ලෙවීවරුන්වූ පූජකයන් ඉදිරියෙහි ගිවිසුම් පෙට්ටිය දෙපැත්තේ සිටියෝය; දෙකෙන් කොටසක් ගෙරිසීම් කන්ද ඉදිරිපිටය, දෙකෙන් කොටසක් ඒබාල් කන්ද ඉදිරිපිටය. මෙසේ කළේ පළමුකොටම ඉශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුය කියා ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ හැටියටය.
34. ඉන්පසු ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට ආශීර්වාදයත් ශාපයත් යන ව්‍යවස්ථාවේ සියලු වචන ඔහු කියෙවුවේය.
35. මෝසෙස් අණකළ සියල්ලෙන් යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සභාවද ස්ත්‍රීන්ද බාලයන්ද ඔවුන් අතරෙහි හැසුරුණ විදේශීන්ද ඉදිරියේදී නොකියෙවු එකද වචනයක් නොවීය.
About යෝෂුවා Chapter 8
Read යෝෂුවා Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෝෂුවා
Chapter: 8
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෝෂුවා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෝෂුවා Chapter 8 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෝෂුවා Chapter 8?
යෝෂුවා Chapter 8 is part of the Book of යෝෂුවා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෝෂුවා Chapter 8 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 2
Explore More from යෝෂුවා
- යෝෂුවා Chapter 7
- යෝෂුවා Chapter 20
- යෝෂුවා Chapter 16
- යෝෂුවා Chapter 3
- යෝෂුවා Chapter 21
- යෝෂුවා Chapter 13
- යෝෂුවා Chapter 5