යෝෂුවා Chapter 13

For English

Read යෝෂුවා Chapter 13 Online

Read යෝෂුවා Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝෂුවා and the Holy Bible online.

Choose a Chapter

යෝෂුවා 13

පරිච්ඡේදය 13

1. යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටි කල ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: ඔබ මහලුව වයෝවෘද්ධව සිටින්නෙහිය, හිමිකරගැනීමට දේශයෙන් විශාල කොටසක් තවම ඉතුරුව තිබේ.

2. තවත් ඉතුරුව තිබෙන දේශය මේය: මිසරය ඉදිරිපිට තිබෙන ෂීහෝර් පටන් කානානිවරුන්ට අයිතිව උතුරේ තිබෙන එක්‍රොන් සීමාව දක්වා

3. පිලිස්තිවරුන්ගේ සියලු පළාත් වන ගාසාවරුද අෂ්දොද්වරුද අෂ්කෙලොන්වරුද ගිත්තීවරුද එක්‍රොන්වරුද යන පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනාගේ පළාත් සහ මුළු ගෙෂූරත් අව්විවරුන්ගේ පළාතත්ය.

4. දකුණු දිශාවේද ශීදොන්වරුන්ට අයිතිවූ මෙයාරාහිද පටන් අපෙක්ට පැමිණෙන තුරු අමෝරිවරුන්ගේ සීමාව දක්වා කානානිවරුන්ගේ මුළු දේශයත්,

5. ගෙබල්වරුන්ගේ දේශයත්, නැගෙනහිරට හෙර්මොන් කන්ද පහළින් තිබෙන බාල්-ගාද් පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා මුළු ලෙබනොනුත්ය.

6. ලෙබනොන් පටන් මිස්රෙපොත්-මයිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු ශීදොන්වරුන් මම ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දමන්නෙමි. මා විසින් ඔබට අණකළ හැටියට පසඇට දමා එය ඉශ්‍රායෙල්වරුන්ට උරුමයක් කොට බෙදන්න.

7. එබැවින් දැන් මේ දේශය ගෝත්‍ර නවයටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් බෙදාදෙන්නැයි කීසේක.

8. අනික් අර්ධ ගෝත්‍රයටත් රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ඔවුන්ට ලැබී තිබුණේය.

9. එනම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද දීබොන් දක්වා තිබෙන මේදෙබාහි මුළු තලාවද,

10. හෙෂ්බොන්හි රජකම්කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට අම්මොන් පුත්‍රයන්ගේ සීමාව දක්වා තිබුණු සියලු නුවරවල්ද,

11. ගිලියද්ද ගෙෂූර්වරුන්ගෙත් මයකාත්වරුන්ගෙත් පළාතද මුළු හෙර්මොන් කඳුකරයද අෂ්ටාරොත්හිත් එද්‍රයෙහිත් රජකම් කළාවූ

12. ඕග් රජුගේ මුළු රාජ්‍යය වන සලෙකා දක්වා තිබෙන මුළු බාෂාන්ද යන මේවාය. (ඔහු රෙපායිම් යෝධයන්ගෙන් ඉතුරුව සිටිය කෙනෙකි.) මෝසෙස් ඔවුන්ට පහරදී ඔවුන් පන්නා දැමුවේය.

13. එසේවී නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගෙෂූර්වරුන්ද මයකාත්වරුන්ද පන්නා නොදැමුවෝය. ගෙෂූර්වරුද මයකාත්වරුද අද දක්වා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි වාසය කරති.

14. ලෙවී ගෝත්‍රයට පමණක් ඔහු කිසි උරුමයක් නුදුන්නේය; ඔහු ඔවුන්ට කී ලෙස ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජාවල්ය.

15. මෝසෙස් රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට දුන්නේය.

16. ඔවුන්ගේ පළාත නම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද මේදෙබා ළඟ තිබෙන මුළු තලාවද,

17. හෙෂ්බොන් සහ ඊට අයිතිවූ තලාවේ තිබෙන සියලු නුවරවල් වන දීබොන්ද බාමොත්-බාල්ද බෙත්-බාල්-මෙයොන්ද,

18. යාහශ්ද කෙදේමොත්ද මෙපාත්ද,

19. කිරියාතයිම්ද සිබ්මාද මිටියාවතේ කන්දෙහි තිබෙන ශෙරෙත්-ෂහර්ද,

20. බෙත්-පෙයෝර්ද පිස්ගාහි පාවුලද බෙත්-යෙෂිමොත්ද,

21. තලාවේ සියලු නුවරවල්ද හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ මුළු රාජ්‍යයද යන මේවාය. ඔහුට සහ දේශයෙහි වාසය කළාවූ සීහොන්ගේ අමාත්‍යයන්ව සිටියාවූ මිදියන්හි අධිපතීන් වන එවීටත් රෙකෙම්ටත් ශූර්ටත් හූර්ටත් රෙබාටත් මෝසෙස් පහරදුන්නේය.

22. ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් මරනලද්දවුන් අතරේ ඔව්හු බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් නම් පේනකියන්නාද කඩුවෙන් මැරූහ.

23. යොර්දානද එහි අසබඩද රූබෙන් පුත්‍රයන්ගේ සීමාව විය. එය වනාහි නුවරවල්ද ඒවායේ ගම්ද ඇතුළුව රූබෙන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ට ලැබුණු උරුමයය.

24. මෝසෙස් ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට දුන්නේය.

25. ඔවුන්ගේ පළාත නම් යාශෙර්ද ගිලියද්හි සියලු නුවරවල්ද රබ්බා ඉදිරිපිට තිබෙන අරොයෙර් දක්වා අම්මොන් පුත්‍රයන්ගේ රටෙන් දෙකෙන් කොටසද,

26. හෙෂ්බොන් පටන් රාමත්-මිශ්පේ සහ බෙතොනීම් දක්වාත් මහනයිම් පටන් දෙබීර් සීමාව දක්වාත් තිබෙන පළාතද,

27. හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතුරු කොට්ඨාසය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම්ද බෙත්-නීම්රාද සුක්කොත්ද ශාපොන්ද නැගෙනහිරට යොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වා යොර්දාන සහ සීමාවද යන මේය.

28. ඒ වනාහි නුවරවල්ද ඒවායේ ගම්ද ඇතුළුව පවුල්වල හැටියට ගාද් පුත්‍රයන්ට ලැබුණු උරුමයය.

29. මෝසෙස් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් දුන්නේය. එය මනස්සේ පුත්‍රයන්ගේ අර්ධ ගෝත්‍රයට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.

30. ඔවුන්ගේ පළාත නම් මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජවූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන යායිර්ගේ සියලු නිවාස වන නුවරවල් හැටකුත්ය.

31. ගිලියද් දේශයෙන් අර්ධයක්ද බාෂාන්හි තිබුණ ඕග් රජුගේ රාජ්‍යයේ නුවරවල් වන අෂ්ටාරොත්ද එද්‍රෙයිද මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයන්ට එනම් මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.

32. මෝසෙස් විසින් නැගෙනහිරට යොර්දානෙන් එගොඩ මෝවබ් සමභූමිවල යෙරිකෝව ළඟදී බෙදාදුන් උරුම කොටස් මේවාය.

33. නුමුත් ලෙවී ගෝත්‍රයට මෝසෙස් කිසි උරුමයක් නුදුන්නේය. ඔවුන්ට කී හැටියට ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේමය.

About යෝෂුවා Chapter 13

Read යෝෂුවා Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝෂුවා
Chapter: 13
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝෂුවා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝෂුවා Chapter 13 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝෂුවා Chapter 13?

යෝෂුවා Chapter 13 is part of the Book of යෝෂුවා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝෂුවා Chapter 13 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 6
  7. නික්මයාම Chapter 2

Explore More from යෝෂුවා

  1. යෝෂුවා Chapter 14
  2. යෝෂුවා Chapter 23
  3. යෝෂුවා Chapter 24
  4. යෝෂුවා Chapter 1
  5. යෝෂුවා Chapter 17
  6. යෝෂුවා Chapter 7
  7. යෝෂුවා Chapter 12

Related Chapters & Readings

  1. ගණන් කථාව Chapter 22
  2. යෝෂුවා Chapter 10
  3. ශු. මතෙව් Chapter 12
  4. යෙසායා Chapter 32
  5. ශු. මතෙව් Chapter 14
  6. මීකා Chapter 3
  7. හිතෝපදේශ Chapter 15
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *