යෝෂුවා Chapter 3

For English

Read යෝෂුවා Chapter 3 Online

Read යෝෂුවා Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝෂුවා and the Holy Bible online.

Choose a Chapter

යෝෂුවා 3

පරිච්ඡේදය 3

1. යෝෂුවා අලුයම නැගිට සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ ෂිට්ටීම්හි සිට පිටත්ව යොර්දානට පැමිණ, එතරව යන්ට පළමුවෙන් එහි නැවතුණේය.

2. තවද තුන් දවසකට පසු මුලාදෑනීහු කඳවුර මුළුල්ලෙහි ගොස්,

3. සෙනඟට කථාකොට: ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් ලෙවීවරුන්වූ පූජකයන් එය ගෙනයනවාත් ඔබ සැම දකින විට ඔබ සැමගේ ස්ථානවලින් පිටත්ව ඒ පස්සේ යන්න.

4. එහෙත් මිම්මෙන් රියන් දෙදහසක් පමණවූ ඉඩක් ඔබ සැමටත් ඊටත් අතරේ තිබිය යුතුය. මීට පළමුවෙන් ඔබ සැම මේ මාර්ගයෙහි නොගිය බැවින් ඔබ සැම යන්ට ඕනෑ මාර්ගය දැනගන්න පිණිස ඊට ළංනොවී සිටින්නැයි අණකළෝය.

5. යෝෂුවාද: හෙට ස්වාමීන්වහන්සේ ඔබ සැම අතරේ පුදුම දේ කරන්ට යන නිසා පවිත්‍රවෙන්නැයි සෙනඟට කීවේය.

6. යෝෂුවා පූජකයන්ටද කථාකොට: ඔබ සැම ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව යන්නැයි කීවේය. ඔව්හු ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව ගියෝය.

7. ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මා මෝසෙස් සමඟ සිටියාක් මෙන් ඔබ සමඟත් සිටින බව සියලු ඉශ්‍රායෙල්වරුන් දැනගන්නා පිණිස ඔවුන්ගේ ඇස් හමුවෙහි ඔබ උසස් කරන්ට අද දවසේ පටන්ගන්නෙමි.

8. ඔබ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයන්ට අණකොට: ඔබ සැම යොර්දාන් ජලය අද්දරට පැමුණුණාම යොර්දානේ නැවතී සිටින්නය කියා ඔවුන්ට කියන්නැයි කීවේය.

9. යෝෂුවාද: ඔබ සැම මෙහි ළංවී ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ වචන අසන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.

10. යෝෂුවා කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේ ඔබ සැම අතරෙහි සිටින බවත් උන්වහන්සේ නොවරදවාම ඔබ සැම ඉදිරියෙන් කානානිවරුන්ද හිත්තීවරුන්ද හිවීවරුන්ද පෙරිස්සිවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන බවත් ඔබ සැම මෙයින් දැනගන්නහුය.

11. බලව, මුළු පොළොවේ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඔබ සැමට පෙරටුව යොර්දානට යන්නේය.

12. එබැවින් එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් දොළොස්දෙනෙකු තෝරාගන්න.

13. මුළු පොළොවට ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පතුල් යොර්දාන් ජලයේ තබන විට යොර්දාන් ජලය එනම් ඉහළින් එන ජලය නැවතී එක ගොඩක් වී හිටිනවා ඇතැයි කීවේය.

14. සෙනඟ යොර්දානෙන් එතරට යන්ට තමුන්ගේ කූඩාරම්වලින් නික්මගිය විට ගිවිසුම් පෙටිටිය ගෙනයන පූජකයෝ සෙනඟට පෙරටුවෙන් සිටියෝය.

15. පෙට්ටිය ගෙනයන්නන් යොර්දානට පැමිණි විටද පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පාද ජලයේ අද්දර ගැලුණු විටද (ගොයම් කපන කාලය මුළුල්ලෙහි යොර්දානේ ජලය එහි සියලු ඉවුරු ඉක්මවා උතුරායයි)

16. ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.

17. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයෝ යොර්දාන් මැද වියලි භූමිය පිට ස්ථිරව සිටියෝය, මුළු සෙනඟ යොර්දානෙන් සම්පූර්ණයෙන් එතර වනතෙක් සියලු ඉශ්‍රායෙල්වරු වියලි බිම පිට ගියෝය.

About යෝෂුවා Chapter 3

Read යෝෂුවා Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝෂුවා
Chapter: 3
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝෂුවා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝෂුවා Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝෂුවා Chapter 3?

යෝෂුවා Chapter 3 is part of the Book of යෝෂුවා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝෂුවා Chapter 3 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 6
  7. නික්මයාම Chapter 2

Explore More from යෝෂුවා

  1. යෝෂුවා Chapter 12
  2. යෝෂුවා Chapter 18
  3. යෝෂුවා Chapter 21
  4. යෝෂුවා Chapter 19
  5. යෝෂුවා Chapter 9
  6. යෝෂුවා Chapter 2
  7. යෝෂුවා Chapter 15

Related Chapters & Readings

  1. යෙසායා Chapter 38
  2. එපීස Chapter 6
  3. 2 රාජාවලිය Chapter 8
  4. ගීතාවලිය Chapter 42
  5. යෙරෙමියා Chapter 25
  6. නික්මයාම Chapter 28
  7. 1 සාමුවෙල් Chapter 11
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *