යෝෂුවා Chapter 14

For English

Read යෝෂුවා Chapter 14 Online

Read යෝෂුවා Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝෂුවා and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

යෝෂුවා 14

පරිච්ඡේදය 14

1. පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද විසින් ඔවුන්ට බෙදා දුන්නාවූ, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කානාන් දේශයෙහි ලැබුණාවූ උරුම කොටස් මේවාය.

2. ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු හැටියට ගෝත්‍ර නවයටත් අර්ධ ගෝත්‍රයටත් පස ඇට දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේය.

3. මක්නිසාද ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් යොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුම දුන්නේය. නුමුත් ලෙවීවරුන්ට ඔහු ඔවුන් අතරේ උරුමයක් නුදුන්නේය.

4. මක්නිසාද යෝසෙප්ගේ පුත්‍රයෝ වනාහි මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකක්වූහ. ලෙවීවරුන්ට විසීම පිණිස නුවරවල්ද ඔවුන්ගේ සිව්පාවුන් හා දේපළ උදෙසා ඒ නුවරවල පිට-බිම්ද මිස දේශයේ කිසි කොටසක් ඔව්හු නුදුන්නෝය.

5. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස කරමින් දේශය බෙදුවෝය.

6. එවිට යූදාගේ පුත්‍රයෝ ගිල්ගාල්හි සිටි යෝෂුවා වෙතට ආවෝය. කෙනිස්සියවූ යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ට ස්වාමීන්වහන්සේ කාදෙෂ්-බර්නේයේදී මා ගැනත් ඔබ ගැනත් කී කාරණය ඔබ දන්නෙහිය.

7. දේශය සෝදිසිකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් කාදෙෂ්-බර්නේයේ සිට මා එවූ කල සතළිස් අවුරුද්දක් වයස්ව සිටියෙමි; මමද හැරී ඇවිත් මාගේ සිතේ කල්පනාව ලෙස ඔහුට ප්‍රවෘත්තිය කීවෙමි.

8. එහෙත් මා සමඟ ගිය මාගේ සහෝදරයෝ සෙනඟගේ සිත් දියව යන්ට සැලැස්සුවෝය. නුමුත් මම සම්පූර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගියෙමි.

9. මෝසෙස් ඒ දවසේ දිවුරමින්: ඔබ සම්පූර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගිය නිසා සැබවින්ම ඔබ පය තැබූ දේශය ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් සදාකාල උරුමයක් පිණිස වන්නේයයි කීවේය.

10. බලව, ඉශ්‍රායෙල්වරුන් කාන්තාරයෙහි හැසුරුණු කල්හි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට මේ වචනය කී කාලයේ සිට මේ සතළිස් පස් අවුරුද්ද තුළ ස්වාමීන්වහන්සේ කී හැටියට මා ජීවත්කොට රක්ෂාකළසේක. අද මම අසූපස් අවුරුද්දක් වයස්ව සිටිමි.

11. මෝසෙස් මා යැවූ දවසේදී මෙන්ම අදත් මම ශක්තිමත්ව සිටිමි. යුද්ධකරන්ටත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් මාගේ ශක්තිය ඒ කාලයේ තිබුණාක් මෙන්ම දැනුත් තිබේ.

12. එබැවින් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී සඳහන් කළ මේ කන්ද මට දුන මැනවි; එහි අනාක්වරුන් සිටින බවද පවුරු ඇති මහත් නුවරවල් තිබෙන බවද ඔබ ඒ දවසේදී ඇසුවෙහිය. ස්වාමීන්වහන්සේ කී ලෙස සමහරවිට උන්වහන්සේ මා සමඟ සිට ඔවුන් එළවන්ට මට පුළුවන්කරනසේකැයි කීවේය.

13. යෝෂුවා ඔහුට ආශීර්වාදකොට, යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට උරුමයක් කොට හෙබ්‍රොන් නුවර දුන්නේය.

14. එබැවින් කෙනිස්සිය යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් සම්පූර්ණ ලෙස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගිය නිසා හෙබ්‍රොන් අද දවස දක්වා ඔහුගේ උරුමයව තිබේ.

15. මීට පළමුවෙන් හෙබ්‍රොන් නුවරේ නම කිරියත්-අර්බාය; අර්බා වනාහි අනාක්වරුන් අතරෙන් ඉතා මහත් තැනැත්තාය. යුද්ධ නැවතී දේශය නිශ්චලවූවාය.

About යෝෂුවා Chapter 14

Read යෝෂුවා Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝෂුවා
Chapter: 14
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝෂුවා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝෂුවා Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝෂුවා Chapter 14?

යෝෂුවා Chapter 14 is part of the Book of යෝෂුවා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝෂුවා Chapter 14 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 21

Explore More from යෝෂුවා

  1. යෝෂුවා Chapter 24
  2. යෝෂුවා Chapter 9
  3. යෝෂුවා Chapter 19
  4. යෝෂුවා Chapter 17
  5. යෝෂුවා Chapter 6
  6. යෝෂුවා Chapter 23
  7. යෝෂුවා Chapter 4

Related Chapters & Readings

  1. ගණන් කථාව Chapter 31
  2. 2 ලේකම් Chapter 3
  3. දානියෙල් Chapter 6
  4. ශු. ලූක් Chapter 8
  5. යෙසායා Chapter 56
  6. යෙසායා Chapter 46
  7. හෙබ්රෙනව් Chapter 4
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *