Read යෝෂුවා Chapter 17 Online
Read යෝෂුවා Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝෂුවා and the Holy Bible online.
Choose a Chapter
යෝෂුවා 17
පරිච්ඡේදය 17
1. යෝසෙප්ගේ කුලුඳුලාවූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේය. මනස්සේගේ කුලුඳුලාවූ, ගිලියද්ගේ පියවූ මාකීර් යුද්ධකාර මනුෂ්‍යයෙක් බැවින් ඔහුට ගිලියද්ද බාෂාන්ද ලැබුණේය.
2. මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබියෙසෙර්ගේ පුත්‍රයන්ටද හේලෙක්ගේ පුත්‍රයන්ටද අස්රීයෙල්ගේ පුත්‍රයන්ටද ෂෙකෙම්ගේ පුත්‍රයන්ටද හේපෙර්ගේ පුත්‍රයන්ටද ෂෙමිදාගේ පුත්‍රයන්ටද ඔවුන්ගේ පවුල්වල හැටියට කොටස් ලැබුණේය. තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ පිරිමි දරුවෝ මොව්හුය.
3. නුමුත් මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයා වන හෙඵෙර්ගේ පුත්‍රවූ ශෙලෝඵෙහාද්ට දූවරුන් මිස පුත්‍රයෝ නුවූහ. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශාය.
4. ඔව්හු පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද අධිපතීන්ද ඉදිරියට අවුත්: ස්වාමීන්වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දෙන්ට මෝසෙස්ට අණ කළසේකැයි කීවෝය. එබැවින් ඔහු ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය.
5. යොර්දානෙන් එගොඩ තිබෙන ගිලියද්ද බාෂාන්ද හැර මනස්සේට කොටස් දසයක් වැටුණේය.
6. මක්නිසාද මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණේය. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේය.
7. මනස්සේගේ සීමාව ආෂෙර් පටන් ෂෙකෙම් ඉදිරියෙහි තිබෙන මික්මෙතාත් දක්වා විය; එතනින් සීමාව දකුණට ඒන්-තප්පුවාහි වාසීන් කරා ගියේය.
8. තප්පුවා රට මනස්සේට අයිති විය. එහෙත් මනස්සේගේ සීමාවේ තිබුණු තප්පුවා එප්‍රායිම් පුත්‍රයන්ට වුණේය.
9. එතනින් සීමාව කානා ඔයට දකුණෙන් ඔය ළඟට බැස්සේය. මේ නුවරවල් මනස්සේගේ නුවරවල් අතරේ එප්‍රායිම්ට හිමිවිය. මනස්සේගේ සීමාව ඔයට උතුරෙන් වැටී මුහුද ළඟ කෙළවර වුණේය.
10. දකුණු පැත්ත එප්‍රායිම්ටද උතුරු පැත්ත මනස්සේටද අයිතිය, තවත් ඔහුගේ සීමාවක් මුහුදය; ඒවා උතුරෙන් ආෂෙර්ටත් නැගෙනහිරෙන් ඉස්සාඛර්ටත් යාව තිබේ.
11. තවද ඉස්සාඛර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නුවරවල්ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නුවරවල්ද දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද ඒන්-දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද තයනාක් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද මෙගිද්දෝ වැසියන් සහ ඊට අයිති නුවරවල්ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේය.
12. එහෙත් මනස්සේ පුත්‍රයන්ට ඒ නුවරවල වැසියන් එළවන්ට නොහැකි විය; කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමැතිව සිටියෝය.
13. ඉශ්‍රායෙල් පුත්‍රයන් ශක්තිමත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට පත් කළෝය, එහෙත් ඔවුන් සහමුලින් පන්නා නොදැමූහ.
14. යෝසෙප්ගේ පුත්‍රයෝ යෝෂුවාට කථාකොට: ස්වාමීන්වහන්සේ මේ දක්වා අපට ආශීර්වාදකළ බැවින් අප මහත් සෙනඟක්ව සිටියදී ඔබ එක කොටසක්ද එක පංගුවක්ද පමණක් අපට උරුමයක් කොට දුන්නේ මක්නිසාදැයි කීවෝය.
15. යෝෂුවා උත්තරදෙමින්: ඔබ සැම මහත් සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට ඔබ සැමට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේද රෙඵාවරුන්ගේද රටෙන් කොටසක් එළිකර ගන්නැයි ඔවුන්ට කීවේය.
16. යෝසෙප්ගේ පුත්‍රයෝ කථාකොට: කඳුරට අපට මදිය. මිටියාවත් රටෙහි එනම් බෙත්-ෂෙයාන්හිද ඊට අයිති නුවරවලද යෙශ්‍රෙයෙල් මිටියාවතෙහිද වාසයකරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේයයි කීවෝය.
17. යෝෂුවා එප්‍රායිම්ද මනස්සේද යන යෝසෙප්ගේ වංශයට කථාකොට: ඔබ සැම මහත් සෙනඟක්ය, ඔබ සැමට බොහෝ බලය ඇත්තේය. ඔබ සැමට ලැබෙන්නේ එක කොටසක් පමණක් නොවේය.
18. කඳු රටත් ඔබ සැමට අයිතිවන්නේය; එය වනාන්තරයක් නුමුත් ඔබ සැම එය කපා එළිකරගන්න, එවිට සීමා දක්වාම එය ඔබ සැමට වන්නේය. කානානිවරුන්ට යකඩ රථ තිබෙන නුමුත්, ඔවුන් ශක්තිමත්ව සිටින නුමුත්, ඔබ සැම ඔවුන් පන්නා දමනවා ඇතැයි කීවේය.
About යෝෂුවා Chapter 17
Read යෝෂුවා Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of යෝෂුවා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෝෂුවා
Chapter: 17
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෝෂුවා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
- 📱 Hindi Android Bible App
- 📱 Hindi Christian Songs from waytochurch
- 📖 Read on Malayalam Christian Songs – madely
Continue Reading the Bible
Continue reading යෝෂුවා Chapter 17 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෝෂුවා Chapter 17?
යෝෂුවා Chapter 17 is part of the Book of යෝෂුවා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෝෂුවා Chapter 17 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 18
Explore More from යෝෂුවා
- යෝෂුවා Chapter 16
- යෝෂුවා Chapter 2
- යෝෂුවා Chapter 5
- යෝෂුවා Chapter 12
- යෝෂුවා Chapter 21
- යෝෂුවා Chapter 20
- යෝෂුවා Chapter 24