Read යෝබ් Chapter 32 Online
Read යෝබ් Chapter 32 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝබ් and the Holy Bible online.
Choose a Chapter
යෝබ් 32
පරිච්ඡේදය 32
1. තමාම ධර්මිෂ්ඨ යයි යෝබ් සිතූ බැවින් මේ මනුෂ්‍යයන් තුන්දෙන ඔහුට උත්තරදීම නැවැත්තුවෝය.
2. එවිට රාම්ගේ පෙළපතේ බූසිය බාරෙකල්ගේ පුත්‍රවූ එලීහුගේ උදහස ඇවුළුණේය.යෝබ් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොව තමාගේ ධර්මිෂ්ඨකම කියාගත් බැවින් ඔහුගේ උදහස යෝබ්ට විරුද්ධව ඇවුළුණේය.
3. ඔහුගේ මිත්‍රයන් තුන්දෙනාද යෝබ් කෙරෙහි වරද තැබූ නුමුත් ඔහුට උත්තරදෙන්ට ඔවුන්ට බැරිවුණ බැවින් ඔවුන්ටත් විරුද්ධව ඔහුගේ උදහස ඇවුළුණේය.
4. එලීහු යෝබ්ට උත්තර නොදී ප්‍රමාදව සිටියේය, මක්නිසාද ඔව්හු ඔහුට වඩා වැඩිමහල්ය.
5. මේ මනුෂ්‍යයන් තුන්දෙනාගේ මුඛයෙහි උත්තරයක් නැති බව එලීහු දුටු විට ඔහුගේ උදහස ඇවුළුණේය.
6. එකල බූසිය බාරෙකල්ගේ පුත්‍රවූ එලීහු උත්තරදෙමින් කියනුයේ: මම වයසින් බාලව සිටිමි ඔබ සැම නම් වයෝවෘද්ධයෝය; එබැවින් මම පස්සට වී මා දන්නා දේ ඔබ සැමට කියන්ට භයවීමි.
7. වෘද්ධ 32:7 එනම්, වයෝවෘද්ධයන්. වයස කථාකළ යුතුය, අවුරුදු රාශිය ප්‍රඥාව ඉගැන්විය යුතු යයි කීමි.
8. එහෙත් මනුෂ්‍යයා තුළ ආත්මයක් ඇත්තේමය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්මද ඔවුන්ට ඥානය දෙන්නේය.
9. ප්‍රඥාවන්තව සිටින්නේ මහත් අයම නොවේ, යුක්තිය දැනෙන්නේ වැඩිමහල්ලන්ටම නොවේ.
10. එබැවින්: මාගේ වචන අසන්න; මමත් දන්න දේ කියන්නෙමියි කීමි.
11. මම ඔබ සැමගේ වචන ගැන බලාසිටියෙමි, කුමක් කිය යුතුදැ යි ඔබ සැම සොයාගන්න තුරු ඔබ සැමගේ වාදයට ඇහුම්කන්දුනිමි,
12. එසේය, ඔබ සැමට මගේ සිත යොමු කෙළෙමි, එහෙත් යෝබ් හගිස්වන්ටවත් ඔහුගේ වචනවලට උත්තරදෙන්ටවත් කෙනෙක් ඔබ සැම අතරේ නොවීය.
13. එබැවින්: අපට ප්‍රඥාව සම්බවිය; මනුෂ්‍යයා නොව දෙවියන්වහන්සේ ඔහු පරාජයකරනවා ඇතැයි නොකියන්ට බලාගන්න.
14. මක්නිසාද ඔහු තමාගේ වචන මට විරුද්ධව යොමු නොකළේය; මමත් ඔබ සැමගේ කථාවලින් ඔහුට උත්තර නොදෙන්නෙමි.
15. ඔව්හු කැලඹී තවත් උත්තර නොදී සිටිති, කියන්ට ඔවුන්ට වචන නැත.
16. එසේ ඔවුන් කථානොකර, තවත් උත්තරනොදී, නිකම් සිටින නිසා මම බලා සිටිම්ද?
17. ඉතින් මමත් මාගේ වාරයේදී උත්තර දෙන්නෙමි, මමත් දන්න දේ කියන්නෙමි.
18. මක්නිසාද මම වචනවලින් පිරී සිටිමි; මා තුළ තිබෙන ආත්මය මා පොලඹවන්නේය.
19. මෙන්න, මාගේ බඩ රැස්නොගිය මුද්‍රකපානයත් පිපිරෙන්ට ළංවූ අලුත් සම්භාජනත් මෙන්ය.
20. මට පහසු ලැබෙන පිණිස කථාකර, මාගේ තොල් ඇර උත්තර දෙන්නෙමි.
21. මනුෂ්‍යයෙකුගේ තරාතිරම බලන්ට මට සිද්ධ නොවේවා; කිසි මනුෂ්‍යයෙකුට ඉච්චා නොකරන්නෙමි.
22. මක්නිසාද ඉච්චාකරන්ට මම නොදනිමි. එසේ කළොත් මාගේ මැවුම්කාරයාණන්වහන්සේ ඉක්මනින් මා තුරන්කරනවා ඇත.
About යෝබ් Chapter 32
Read යෝබ් Chapter 32 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෝබ්
Chapter: 32
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෝබ්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෝබ් Chapter 32 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෝබ් Chapter 32?
යෝබ් Chapter 32 is part of the Book of යෝබ් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෝබ් Chapter 32 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
Explore More from යෝබ්
- යෝබ් Chapter 5
- යෝබ් Chapter 25
- යෝබ් Chapter 9
- යෝබ් Chapter 37
- යෝබ් Chapter 20
- යෝබ් Chapter 3
- යෝබ් Chapter 1