Read යෙසායා Chapter 52 Online
Read යෙසායා Chapter 52 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.
Choose a Chapter
යෙසායා 52
පරිච්ඡේදය 52
1. සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.
2. යෙරුසලම නුඹ ධූලි ගසාදමා, නැගිට වාඩිවෙන්න. වාලියෙක්වූ සියොන් දුව, නුඹේ බෙල්ලේ බැඳුම් ගළවාදමන්න.
3. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිකමට විකුණන ලද්දහුය; මිල නැතුව නුඹලා මුදනු ලබන්නහුය.
4. තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මුලදී මාගේ සෙනඟ මිසරයෙහි විදේශිව සිටින්ට එහි ගියෝය. අෂූර්වරු නිෂ්කාරණයේ ඔවුන්ට පීඩාකළෝය.
5. දැනුත් මට මෙහි තිබෙන්නේ කුමක්ද? මක්නිසාද මාගේ සෙනඟ නිකමට ගෙනයනලද්දේය. ඔවුන්ගේ ආණ්ඩුකාරයෝ කෑමොරගසති, මාගේ නාමයද නිතරම දවස මුළුල්ලෙහි අපහාසකරනු ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
6. එබැවින් මාගේ සෙනඟ මාගේ නාමය දැන ගන්නවා ඇත. එබැවින් කථාකරන්නේ මා බව ඒ දවසේදී ඔවුන් දැනගන්නවා ඇත. බලව, ඒ මමයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
7. ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ: නුඹේ දෙවියන්වහන්සේ රජකම්කරනසේකැයි සියොන්ට කියන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!
8. අන්න, නුඹේ මුරකාරයන්ගේ හඬ! ඔව්හු හඬ නගති, ඔව්හු එක්ව ගී කියති; මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් වෙතට හැරී එනවා ඔවුන් ඇසින්ම දකිනවා ඇත.
9. යෙරුසලමේ පාළු ඉඩම්, ප්‍රීතියෙන් ඝෝෂාකරමින් එක්ව ගී කියව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සනසා, යෙරුසලම මුදාගන තිබේ.
10. ස්වාමීන්වහන්සේ තමන්ගේ ශුද්ධ හස්තය සියලු ජාතීන් ඉදිරියෙහි [සටන් පිණිස] නග්නකළසේක; පොළොවේ සියලු සීමාවෝද අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෝය.
11. පිටත්වෙන්න, පිටත්වෙන්න, ඔතනින් පිටතට යන්න, කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, ඈ තුළින් පිටතට යන්න; ස්වාමීන්වහන්සේගේ භාණ්ඩ දරන්නෙනි, පිරිසිදුව සිටින්න.
12. මක්නිසාද නුඹලා ඉක්මනින් පිටතට යන්නේවත් නුඹලා පලායාමකින් යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාට පෙරටුව යනසේක; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ නුඹලාට පස්සෙන් එනසේක.
13. බලව, මාගේ සේවකයා නුවණින් ක්‍රියාකරමින් උසස්වී උතුම්වී, ඉතා උත්කෘෂ්ට වෙනවා ඇත.
14. උන්වහන්සේගේ පෙනීම කිසි මනුෂ්‍යයෙකුටත් උන්වහන්සේගේ ස්වරූපය මනුෂ්‍ය පුත්‍රයන්ටත් වඩා අවලක්ෂණව තිබුණු බැවින් බොහෝ දෙනෙක් උන්වහන්සේ නිසා විස්මපත්වුණාක්මෙන්ම,
15. උන්වහන්සේ බොහෝ* ජාතීන්ට ඉසිනවා ඇත; රජවරු උන්වහන්සේ නිසා තමුන්ගේ මුඛ වසාගන්නවා ඇත. මක්නිසාද ඔවුන්ට කියා නුදුන් දේ ඔවුන් දකිනවා ඇත, ඔවුන් නොඇසූ දේ තේරුම්ගන්නවා ඇත. (* හෙවත්, බොහෝ ජාතීන්ගෙන් බුහුමන් ලබනවා ඇත)
About යෙසායා Chapter 52
Read යෙසායා Chapter 52 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙසායා
Chapter: 52
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෙසායා Chapter 52 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙසායා Chapter 52?
යෙසායා Chapter 52 is part of the Book of යෙසායා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙසායා Chapter 52 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
Explore More from යෙසායා
- යෙසායා Chapter 1
- යෙසායා Chapter 53
- යෙසායා Chapter 11
- යෙසායා Chapter 8
- යෙසායා Chapter 49
- යෙසායා Chapter 19
- යෙසායා Chapter 6