Read යෙසායා Chapter 10 Online
Read යෙසායා Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.
Choose a Chapter
යෙසායා 10
පරිච්ඡේදය 10
1. දුර්වලයන් විනිශ්චයෙන් අහක් කරන පිණිසත්, මාගේ සෙනඟගේ දුප්පතුන්ගේ යුක්තිය පෙරළන පිණිසත්, වැන්දඹුවන් තමුන්ගේ කොල්ලය වන පිණිසත්, පියා නැත්තවුන් තමුන්ගේ ගොදුර කරගන්න පිණිසත්,
2. අධර්මිෂ්ඨ නියෝග නියමකරගන්නන්ටද අයුක්ති සටහන්කර තබන්නන්ටද දුක් වේ!
3. පළිගැනීමේ දවසේදීත් දුරින් එන විනාශයේදීත් නුඹලා කුමක් කරන්නහුද? උපකාර ලැබීම පිණිස නුඹලා කා ළඟට පලායන්නහුද? නුඹලාගේ තේජස කොතැන තබා යන්නහුද?
4. ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
5. අහෝ මාගේ උදහස නැමැති පොල්ලවූද මාගේ කෝපය නැමති සැරයටිය ස්වකීය අතෙහි ඇත්තාවූද අෂූරියය!
6. අභක්තික ජාතියකට විරුද්ධව ඔහු එවන්නෙමි, මාගේ උදහසේ සෙනඟගෙන් කොල්ලකන්ටද සම්පත් උදුරාගන්ටද වීථිවල මඩ මෙන් ඔවුන් පාගාදමන්ටද ඔවුන්ට විරුද්ධව ඔහුට අණදෙන්නෙමි.
7. නුමුත් ඔහු එසේ අදහස්කරන්නේවත් ඔහුගේ සිතින් එසේ සිතන්නේවත් නැත; ස්වල්ප ගණනක් නොවන ජාතීන් විනාශකරන්ටද සිඳදමන්ටද ඔහුගේ සිතෙහි තිබේ.
8. ඔහු කථාකොට: මාගේ අධිපතීන් සියල්ලෝම රජවරු නොවෙද්ද?
9. කල්නෝ කර්කෙමිෂ් වාගේ නොවේද? හමාත් අර්පද් වාගේ නොවේද? සමාරිය දමස්කය වාගේ නොවේද?
10. යෙරුසලමෙත් සමාරියෙත් රූපවලට වඩා රූප ඇති දේවතාවන්ගේ රාජ්‍යයන් මාගේ අතට අසුවුණු ලෙසම,
11. මා විසින් සමාරියටත් එහි පිළිමවලටත් කළ ලෙස යෙරුසලමටත් එහි පිළිමවලටත් නොකරන්නෙම්දැයි කියන්නේය.
12. මෙසේ ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් තමන්ගේ මුළු වැඩය තීන්දුකළ පසු, මම අෂූර්හි රජුගේ සිතේ අහංකාරකමේ ඵලය ගැනත් ඔහුගේ උඩඟු ඇස්වල එඩිතරකම ගැනත් දඬුවම්කරන්නෙමි.
13. මක්නිසාද ඔහු කථාකොට: මා ඒක කළේ මාගේ අතේ සවියෙනුත් මාගේ ප්‍රඥාවෙනුත්ය. මට නුවණ ඇත්තේය. මම ජනයන්ගේ සීමා පහකෙළෙමි, ඔවුන්ගේ සම්පත්ද පැහැරගෙන, සිංහාසන පිට උන් අය බලවන්තයෙකු මෙන් හෙළාදැමීමි.
14. ජනයන්ගේ වස්තු පක්ෂි කැදැල්ලක් මෙන් මාගේ අතට අසුවිය; අත්හැරදැමූ බිජු එකතුකරන්නාක්මෙන් මම මුළු පොළොව එකතුකරගත්තෙමි. පියාපත් සෙලවීමක්වත් කට ඇරීමක්වත් ශබ්ද කිරීමක්වත් නොවීයයි කීයේය.
15. පොරොව ඒකෙන් කපන්නාට විරුද්ධව පාරට්ටු කරගනීද? නොහොත් කියත එයින් ඉරන්නාට විරුද්ධව උඩඟුවේද? ඒ වනාහි පොල්ලක් විසින් ඒක ඔසවන්නන් සොලවන්නාක්මෙන්ද සැරයටියක් විසින් ලී නොවන තැනැත්තා ඔසවන්නාක්මෙන්ද වන්නේය.
16. එබැවින් සේනාවල ස්වාමීවූ ස්වාමීන්වහන්සේ ඔහුගේ තර අය පිටට කෙට්ටුකම යවනසේක; ඔහුගේ ඉසුර යටද ගිනි ඇවිළීමක් මෙන් ඇවිළීමක් වන්නේය.
17. ඉශ්‍රායෙල්වරුන්ගේ ආලෝකය ගින්නක් පිණිසද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේ ගිනි දළුවක් පිණිසද වන්නේය. එය ඔහුගේ කටු ගස් හා ගොකටු එක දවසේදීම දවා නැතිකර දමන්නේය.
18. උන්වහන්සේ ඔහුගේ වනයේද ඔහුගේ සාරවූ කෙතේද අලංකාරය, ශරීර ප්‍රාණ ඇතුළුව නැතිකරදමනසේක. ඒක කොඩිය උසුලන්නෙකුගේ ක්ලාන්තභාවය මෙන් වෙයි.
19. ඔහුගේ වනයේ ඉතිරි ගස්වල ගණන ළමයෙකුට ලියන්ට පුළුවන් ලෙස ස්වල්ප වෙයි.
20. ඒ දවසෙහි ඉශ්‍රායෙල්ගෙන් ඉතිරිවන්නාවූ, යාකොබ්ගේ වංශයෙන් ගැළවෙන්නාවූ අය තමුන්ට පහරදුන් අය කෙරෙහි තවත් පිහිටා නොසිට, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙහි සැබෑකමින් පිහිටා සිටිනවා ඇත.
21. ඉතිරි අය, එනම් යාකොබ්ගේ ඉතිරි අය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේ වෙතට හැරී එනවා ඇත.
22. මක්නිසාද, ඉශ්‍රායෙල්, නුඹේ සෙනඟ මුහුදේ වැලි මෙන් වුණත්, ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙක් පමණක් හැරී එනවා ඇත. දිව්‍ය සාධාරණකම හොඳ හැටි දක්වන්නාවූ නාස්තියක් නියමකර තිබේ.
23. එසේය, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මුළු පොළොවෙහි නිශ්චිත නිෂ්ඨාවක් සිද්ධකරනවා ඇත.
24. එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක්: සියොන්හි වසන මාගේ සෙනඟෙනි, අෂූරියයා පොල්ලෙන් නුඹට ගසා, මිසරය කළාක්මෙන් තමාගේ සැරයටිය නුඹට විරුද්ධව ඔසවන නුමුත්, ඔහුට භය නොවන්න.
25. මක්නිසාද තව ඉතා ස්වල්ප කලකින් කෝපය හා මාගේ උදහස ඔවුන් විනාශකිරීමෙන් සම්පූර්ණවන්නේය.
26. සේනාවල ස්වාමීන්වහන්සේ ඕරෙබ් පර්වතය ළඟදී මිදියන් මරාදැමූ ලෙස, ඔහුට විරුද්ධව කසයක්* ඔසවා තමන්ගේ සැරයටිය මුහුදට උඩින් තබනවා ඇත, මිසරයේදී කළාක් මෙන් එය ඔසවනවා ඇත. (* එනම්, විනාශකාරයෙක් නැගුටුවා)
27. තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේයයි කියනසේක.
28. ඔහු අයාතට පැමිණ මිගේරා‍්න මැදින් ගියේය; මික්මාෂ්හි ඔහු තමාගේ බඩු තබන්නේය.
29. ඔව්හු කඳු මාවත පසුකර ඇවිත්, ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමාය කම්පාවෙයි, සාවුල්ගේ ගිබෙයාය පලාගියේය.
30. ගල්ලීම් දියණියෙනි, නුඹේ හඬ නඟා මොරගසන්න! ලයිෂා, ඇහුම්කන්දෙන්න! අනේ අසරණ අනතොත්!
31. මද්මේනා පලාගියේය; ගේබිම් වැසියෝ පලායන්ට රැස්වෙති.
32. ඔහු අද දවසේම නොබ්හි රඳන්නේය. ඔහු යෙරුසලම් හෙල වන සියොන් දුවගේ කන්දට විරුද්ධව තමාගේ අත සොලවන්නේය.
33. බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ භයංකරකමින් අතු කපාදමනසේක. උසින් උසස්වූ ඒවා කපනු ලබන්නේය, උඩඟු ඒවාද පහත්කරනු ලබන්නේය.
34. උන්වහන්සේ කැලෑවේ අකුල් යකඩෙන් කපාදමනසේක, ලෙබනොන්ද බලවන්තයෙක් කරණකොටගෙන වැටෙන්නේය.
About යෙසායා Chapter 10
Read යෙසායා Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙසායා
Chapter: 10
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෙසායා Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙසායා Chapter 10?
යෙසායා Chapter 10 is part of the Book of යෙසායා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙසායා Chapter 10 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
- නික්මයාම Chapter 21
Explore More from යෙසායා
- යෙසායා Chapter 41
- යෙසායා Chapter 46
- යෙසායා Chapter 66
- යෙසායා Chapter 21
- යෙසායා Chapter 37
- යෙසායා Chapter 5
- යෙසායා Chapter 48