යෙසායා Chapter 25

For English

Read යෙසායා Chapter 25 Online

Read යෙසායා Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.

Choose a Chapter

යෙසායා 25

පරිච්ඡේදය 25

1. ස්වාමීන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ටකළසේක.

2. එසේය, ඔබ නුවරක් පස් ගොඩකටද බලකොටු නුවරක් ජරාවාස ගොඩකටද විදේශීන්ගේ මාළිගාවක් නුවරක් නොවන ලෙසද හැරෙවුසේක; ඒක කවදාවත් ගොඩනගනු නොලබන්නේය.

3. එබැවින් බලවත් සෙනඟ ඔබට ගෞරවකරන්නෝය, භයානක ජාතීන්ගේ නගරයද ඔබට භයවන්නේය.

4. මක්නිසාද ඔබවහන්සේ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටිසේක.

5. වියළි තැනක ග්‍රීෂ්මය මෙන් ඔබ අන් දේශක්කාරයන්ගේ ඝෝෂාව පහකරනසේක; වලාකුළක සෙවණ කරණකොටගෙන ග්‍රීෂ්මය පහවයන්නාක්මෙන් භයානකයන්ගේ ජයගීය යටත්කරනු ලැබේ.

6. සේනාවල ස්වාමීන්වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදනසේක.

7. උන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැතිකරදමනසේක.

8. උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක; තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහකරනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.‍

9. ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක. මේ තැනන්වහන්සේ ස්වාමීන්වහන්සේය; අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, අපි උන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රීතිසන්තෝෂවන්නෙමුව.

10. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හස්තය මේ කන්දෙහි රඳන්නේය, නුමුත් මෝවබ් කසළගොඩේ වතුරෙහි පිදුරු මඩින්නාක්මෙන් තමාගේ ඉඩමේ මඩිනු ලබන්නේය.

11. පීනන්නෙකු පීනන්ට අත් විදහන්නාක්මෙන් ඔහු එහි තමාගේ අත් විදහන්නේය; නුමුත් උන්වහන්සේ ඔහුගේ ආඩම්බරයත් ඔහුගේ අත්වල ප්‍රයෝගයත් පහත්කරදමනසේක.

12. උන්වහන්සේ නුඹේ පවුරුවල උස් බලකොටුව හෙළාදමා, පහත්කොට, බිමේ දූවිල්ලටම පමුණුවනසේක.

About යෙසායා Chapter 25

Read යෙසායා Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙසායා
Chapter: 25
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙසායා Chapter 25 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙසායා Chapter 25?

යෙසායා Chapter 25 is part of the Book of යෙසායා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙසායා Chapter 25 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 6
  5. නික්මයාම Chapter 30
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 18

Explore More from යෙසායා

  1. යෙසායා Chapter 14
  2. යෙසායා Chapter 28
  3. යෙසායා Chapter 52
  4. යෙසායා Chapter 26
  5. යෙසායා Chapter 64
  6. යෙසායා Chapter 35
  7. යෙසායා Chapter 34

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 86
  2. 1 තෙසලෝනික Chapter 4
  3. යෙරෙමියා Chapter 49
  4. 1 යොහන් Chapter 4
  5. ශු. ලූක් Chapter 16
  6. ලෙවී කථාව Chapter 26
  7. උත්පත්ති Chapter 45
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *