යෙසායා Chapter 29

For English

Read යෙසායා Chapter 29 Online

Read යෙසායා Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

යෙසායා 29

පරිච්ඡේදය 29

1. දාවිත් අන්දායම් බැන්ද නුවරවන අරියෙල්, අරියෙල්, නුඹට දුක් වේ! අවුරුද්දට අවුරුද්ද එකතුකරන්න; නියම මංගල්‍ය පැමිණේවා.

2. එකල මම අරියෙල්ට විපත පමුණුවන්නෙමි, එකල්හි ශෝකය සහ වැලපීම වන්නේය. ඒකද මට අරියෙල් මෙන් වන්නේය.

3. මම නුඹට විරුද්ධව හාත්පසින් අන්දායම් බැඳ, කොටුවක් තනා, නුඹට විරුද්ධව ගොඩැලි සාදන්නෙමි.

4. නුඹ පහත්කරනු ලැබ බිම සිට කථාකරනවා ඇත, නුඹේ කථාවද පහත්වී ධූලියෙන් පැමිණෙන්නේය; නුඹේ හඬ ආත්ම බන්ධනකාරයෙකුගේ හඬ මෙන් බිමෙන් නගින්නේය, නුඹේ කථාව ධූලියෙන් හෙමින් පැමිණෙන්නේය.

5. එහෙත් නුඹට සතුරුවූ විදේශි සමූහයා සිහින් ධූලි මෙන්ද බලාත්කාර සමූහයා පහව යන බොල් මෙන්ද වන්නේය. එසේය, ඇසිල්ලකින්ම එය සිදුවන්නේය.

6. සේනාවල ස්වාමීන්වහන්සේ වෙතින් ගර්ජනාවක්ද පොළෝකම්පාවක්ද මහත් ඝෝෂාවක්ද සුළිහුළඟක්ද කුණාටුවක්ද විනාශකරන ගිනිදළුවක්ද ඈ පිටට පැමිණෙන්නේය.

7. අරියෙල්ට විරුද්ධව සටන්කරන සියලු ජාතීන්ගේ සමූහයා එනම් ඈට සහ ඇගේ බලකොටුවට විරුද්ධව සටන්කරන්නාවූද ඈට විපත පමුණුවන්නාවූද සියල්ලෝ හීනයක් එනම් රාත්‍රියේ දර්ශනයක් මෙන් වන්නෝය.

8. බඩගිනි ඇත්තා කනවාය කියා හීනෙන් දකින්නාක්මෙන් වේ; ඔහු පිබිදුණාම ඔහුගේ බඩ හිස්ව තිබේ. නොහොත් පිපාසා ඇත්තා බොනවාය කියා හීනෙන් දකින්නාක්මෙන්ය; පිබිදුණාම ඔහු ක්ලාන්තව පිපාසාව සිටින්නේය. සියොන් කන්දට විරුද්ධව සටන් කරන සියලු ජාතීන්ගේ සමූහයාට එසේම වන්නේය.

9. නැවතී සිට විස්මපත්වෙන්න; සැපවිඳ අන්ධවෙන්න. ඔව්හු මත්ව සිටිති, නුමුත් මුද්‍රිකපානයෙන් නොවේ; ඔව්හු වැනෙති, නුමුත් සුරාපානයෙන් නොවේ.

10. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි නිදිමත භාවයක් වගුරුවා, අනාගතවක්තෘවරුන් වන නුඹලාගේ ඇස් පියෙවූසේක; දර්ශනකාරයන් වන නුඹලාගේ හිස්ද වැසූසේක.

11. දර්ශන සියල්ලද මුද්‍රාකර තිබෙන ලියවිල්ලක වචන මෙන් නුඹලාට වී තිබේ; අකුරු දන්න කෙනෙකුට ඒක දී: මේක කියවන්නැයි කීවාම ඔහු-මුද්‍රකර තිබෙන නිසා මට කියවන්ට බැරියයි කියන්නේය

12. අකුරු නොදන්න කෙනෙකුට ලියවිල්ල දී: මේක කියවන්නැයි කීවාම-මම අකුරු නොදනිමියි ඔහු කියන්නේය.

13. ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,

14. මම තවත් මේ සෙනඟ අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුමවූ අපූරු ක්‍රියාවක් කරන්ට පටන්ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැතිවී යන්නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණද සැඟවීයන්නේයයි කීසේක.

15. ස්වාමීන්වහන්සේගෙන් තමුන්ගේ අදහස සඟවන පිණිස කාරණා ගැඹුරුකර, තමුන්ගේ ක්‍රියාවල් අන්ධකාරයෙහිකර: අප දකින්නේ කවුද? අප ඇඳිනගන්නේ කවුදැයි කියන්නාවූ අයට දුක්වේ.

16. නුඹලා කාරණා පෙරළන හැටි! කුම්භකාරයා මැටි වාගේයයි සිතන්ට යුතුද? කර්මාන්තය ඒක සෑදූ තැනැත්තා ගැන-ඔහු මා සෑදුවේ නැතැයි කියන්ටවත්, සෑදූ දෙයක් ඒක සෑදූ තැනැත්තා ගැන-ඔහුට දැනුමක් නැතැයි කියන්ටවත් යුතුද?

17. තව ස්වල්ප කලකින් ලෙබනොන් වනය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන් ගනු ලබන්ටත් තිබෙනවා නොවේද?

18. ඒ දවසෙහි බිහිරන් පොතේ වචන අසනවා ඇත, කළුවරෙහිත් අන්ධකාරයෙහිත් සිටින අන්ධයන්ගේ ඇස්ද පැහැදෙනවා ඇත.

19. යටහත් අය ස්වාමීන්වහන්සේ කෙරෙහි වඩ වඩා ප්‍රීතිවෙනවා ඇත, මනුෂ්‍යයන් අතරෙන් දිළින්දෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වෙනවා ඇත.

20. මක්නිසාද බලාත්කාරකම් කරන්නා පහවුණේය, නින්දාකරන්නා නැතිවී යයි, අයුතුකම්කරන්ට බලා සිටින සියල්ලෝද සිඳදමනු ලැබුවෝය.

21. ඔව්හු යම් කාරණයකදී මනුෂ්‍යයන් වරදටම පත්කොට දොරටුවේදී අවවාදකරන්නාට මලපතක් තබති, ප්‍රයෝගයෙන් ධර්මිෂ්ඨයාගේ යුක්තියද පෙරළති.

22. එබැවින් ආබ්‍රහම් මිදුවාවූ ස්වාමීන්වහන්සේ යාකොබ් වංශය ගැන කථාකොට: යාකොබ් දැන් ලජ්ජා නොවන්නේය, ඔහුගේ මුහුණද දැන් සුදුමැලි නොවන්නේය.

23. එහෙත් මාගේ අත්වල වැඩ වන තමාගේ දරුවන් තමා සමඟ සිටිනවා ඔහු දුටුවාම ඔව්හු මාගේ නාමයට ගෞරවකරන්නෝය; එසේය, ඔව්හු යාකොබ්ගේ ශුද්ධ තැනන්වහන්සේට ගෞරවකොට, ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව සිටින්නෝය.

24. ආත්මයෙන් මුළාවූ අය නුවණ දැනගන්නෝය, කැරළිකාර අය ධර්මය ඉගෙනගන්නෝයයි කීසේක.

About යෙසායා Chapter 29

Read යෙසායා Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙසායා
Chapter: 29
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙසායා Chapter 29 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙසායා Chapter 29?

යෙසායා Chapter 29 is part of the Book of යෙසායා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙසායා Chapter 29 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 21

Explore More from යෙසායා

  1. යෙසායා Chapter 58
  2. යෙසායා Chapter 66
  3. යෙසායා Chapter 13
  4. යෙසායා Chapter 43
  5. යෙසායා Chapter 2
  6. යෙසායා Chapter 6
  7. යෙසායා Chapter 48

Related Chapters & Readings

  1. එළිදරව් Chapter 4
  2. ගීතාවලිය Chapter 114
  3. 1 ලේකම් Chapter 28
  4. දේශනාකාරයා Chapter 3
  5. විනිශ්චයකාරයන් Chapter 14
  6. ද්වීතීය කථාව Chapter 21
  7. යෙසායා Chapter 18
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *