යෙසායා Chapter 16

For English

Read යෙසායා Chapter 16 Online

Read යෙසායා Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

යෙසායා 16

පරිච්ඡේදය 16

1. කාන්තාරය දෙස පිහිටා තිබෙන සේලා සිට සියොන් දුවගේ කන්දට, දේශයේ ආණ්ඩුකාරයාට, බැටළු පැටවුන් යවන්න.

2. මක්නිසාද මෝවබ්හි දූවරු මුළාව යන කුරුල්ලන්මෙන්, අත්හරිනලද පක්ෂි කැදැල්ලක්මෙන්, අර්නොන්හි තොටුපළවල සිටින්නෝය.

3. උපදෙස් දෙන්න, යුක්තිය කරන්න; ඉරමුදුන් වේලෙහිම නුඹේ සෙවණැල්ල රාත්‍රියට සමානකරන්න. නෙරපනලද්දවුන් සඟවාගන්න; පලාඑන තැනැත්තා පාවා නොදෙන්න.

4. නෙරපනලද්දාවූ මාගේ ජනයාට නුඹ සමඟ සිටින්ට ඉඩදෙන්න; මෝවබ්ට නුඹ කොල්ලකාරයා ඉදිරියෙන් ආවරණයක්වෙන්න. මක්නිසාද පැහැරගන්නා නැතිවිය, කොල්ලකෑම නවතියි, පීඩා කරන්නෝ දේශයෙන් විනාශකරනු ලබති.

5. මෙසේ සිංහාසනයක් කරුණාවෙන් පිහිටෙන්නේය, ඒ පිට දාවිත්ගේ කූඩාරමෙහි කෙනෙක් සැබෑකමෙන් සැරහී හිඳ, විනිශ්චයකර, යුක්තිය පවත්වා, ධර්මිෂ්ඨකම ඉෂ්ටකරන්ට යුහුවන්නේය.

6. ඉතා උඩඟුවූ මෝවබ්ගේ උඩඟුකමද ඔහුගේ උදාරම්කමද ඔහුගේ ආඩම්බරයද ඔහුගේ උදහසද ගැන ඇසීමුව, ඔහුගේ පාරට්ටුකිරීම් හිස්ය.

7. එබැවින් මෝවබ්වරු මෝවබ් නිසා කෑමොරගසන්නෝය. සියල්ලෝම කෑමොරගසන්නෝය. කීර්-හරෙසෙත්හි මිදිපල කැවිලි නිසා නුඹලා වැලපෙන්නහුය, ඒක මුළුමනින්ම පහර ලැබුවේය.

8. මක්නිසාද හෙෂ්බොන්හි කෙත්ද සිබ්මාහි මිදිවැල්ද මැළවේ; ජාතීන්ගේ ස්වාමීහු එහි හොඳ වැල් කඩාදැමුවෝය; ඒවා යාසෙර් දක්වා විහිදී, කාන්තාරයෙහි එහා මෙහා ගියේය; එහි අතුද විහිදී, මුහුදෙන් එතරට ගියේය.

9. එබැවින් යාසෙර් අඬන්නාක්මෙන් මම සිබ්මාහි මිදිවැල ගැන අඬන්නෙමි. අනේ, හෙෂ්බොන් සහ එලෙයාලේ, නුඹලා මාගේ කඳුළුවලින් තෙමන්නෙමි. මක්නිසාද නුඹේ නියඟ කාලයේ ඵල පිටද අස්වැන්න පිටද යුද්ධ ඝෝෂාව පැමිණෙන්නේය.

10. සාරවත් කෙතෙන් සතුටද ප්‍රීතියද පහකරනලද්දේය; මිදිවතුවල කවිකීමවත් ප්‍රීති ඝෝෂාවවත් නොවන්නේය. කිසි මඩින්නෙක් මිදිපැස්වල මුද්‍රිකඵල මැඩ නොගන්නේය; මම මිදිඵල නෙළීමේ ප්‍රීති ඝෝෂාව නැවැත්වීමි.

11. එහෙයින් මෝවබ් ගැන මාගේ අතුණුද කීර්-හෙරෙස් ගැන මාගේ හෘදයද වීණාවක්මෙන් ශබ්ද දෙන්නේය.

12. තවද මෝවබ් උසස්ථානයෙහි පෙනී, වෙහෙසවී, යාච්ඤාකරන්ට තමාගේ ශුද්ධස්ථානයට ඇතුල්වූ කල්හි ඔහුට පිහිට නොලැබේ.

13. ස්වාමීන්වහන්සේ මෝවබ් ගැන පළමු කී වචනය මේය.

14. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කථාකොට: කුලීකාරයෙකුගේ අවුරුදු ලෙස තුන් අවුරුද්දකින් මෝවබ්ගේ ඉසුරුමත්කම ඔහුගේ මහත් සමූහයා ඇතුළුව නීචකමට පැමිණෙනවා ඇත; ඉතිරිවෙන්නේ ඉතා ස්වල්පවූ දුර්වලවූ කොටසක්යයි කීසේක.

About යෙසායා Chapter 16

Read යෙසායා Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙසායා
Chapter: 16
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙසායා Chapter 16 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙසායා Chapter 16?

යෙසායා Chapter 16 is part of the Book of යෙසායා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙසායා Chapter 16 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 21

Explore More from යෙසායා

  1. යෙසායා Chapter 65
  2. යෙසායා Chapter 5
  3. යෙසායා Chapter 62
  4. යෙසායා Chapter 31
  5. යෙසායා Chapter 14
  6. යෙසායා Chapter 43
  7. යෙසායා Chapter 64

Related Chapters & Readings

  1. 2 කොරින්ති Chapter 9
  2. යෙරෙමියා Chapter 37
  3. 2 තෙසලෝනික Chapter 3
  4. උත්පත්ති Chapter 40
  5. ගීතාවලිය Chapter 122
  6. යෝෂුවා Chapter 12
  7. හෙබ්රෙනව් Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *