Read යෙසායා Chapter 38 Online
Read යෙසායා Chapter 38 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.
Choose a Chapter
යෙසායා 38
පරිච්ඡේදය 38
1. ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරවිය. ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා ඔහු ළඟට ඇවිත්: නුඹේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද නුඹ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.
2. එවිට හෙසකියා තමාගේ මුහුණ බිත්තිය දෙසට හරවාගෙන ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්:
3. අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කළ බව සිහිකළ මැනවයි කියා තදින් ඇඬුවේය.
4. එවිට ස්වාමීන්වහන්සේගේ වචනය යෙසායා වෙතට පැමිණ කියනුයේ:
5. නුඹ ගොස් හෙසකියාට මෙසේ කියන්න-නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දුටිමි. නුඹේ වයසට අවුරුදු පහළොහක් එකතුකරන්නෙමි.
6. මම අෂූර්හි රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා, මේ නුවර ආවරණයකරන්නෙමි.
7. ස්වාමීන්වහන්සේ කී දේ උන්වහන්සේ ඉෂ්ටකරන බවට උන්වහන්සේගෙන් නුඹට ලැබෙන ලකුණ මේය:
8. බලව, ආහාස්ගේ හෝරායන්ත්‍ර මණ්ඩලය පිට සෙවණැල්ල බැස ගිය තැනින් අංශක දශයක් පස්සට යන්ට සලස්වන්නෙමියි කියන්නැයි කීවේය. එසේ හෝරායන්ත්‍ර මණ්ඩලය පිට සූර්ය-ඡායාව බැස ගොස් තිබුණු තැනින් අංශක දසයක් පස්සට හැරී ආවේය.
9. යූදාහි රජවූ හෙසකියා රෝගීව සිට සුවපත්වූ පසු ලියූ ලියවිල්ල මේය-
10. මාගේ වයසේ මද්දහනේදී මට මිනීවළේ දොරටුවලට යන්ට වෙන්නේය, මාගේ ඉතිරි අවුරුදු මාගෙන් පහකර තිබේයයි කීමි.
11. ජීවත්ව සිටින්නන්ගේ දේශයේදී ස්වාමීන්වහන්සේ, එසේය, ස්වාමීන්වහන්සේ දකින්ටවත් ලෝ වැසියන් සමඟ සිට මනුෂ්‍යයන් බලන්ටවත් තවත් මට නොලැබෙන්නේයයි කීමි.
12. එඬේර කූඩාරමක් මෙන් මාගේ වයස මාගෙන් පහකරනු ලැබ මා වෙතින් ගෙනයනලද්දේය. වියන්නෙකු සේ මම මාගේ ජීවිතය අකුලාගතිමි; අළුවෙන් කපාදමන්නාක් මෙන් උන්වහන්සේ මා සිඳ දමනසේක. එක දවසක් ඇතුළතදී ඔබ මා තීන්දු කරනසේක.
13. උදය දක්වා මම කල්පනාකෙළෙමි; උන්වහන්සේ සිංහයෙකු මෙන් මාගේ සියලු ඇට බිඳිනසේක. එක දවසක් ඇතුළතදී ඔබ මා තීන්දු කරනසේක.
14. වැහිලිහිණියෙකු නොහොත් කොකෙකු මෙන් කෑගැසීමි; පරෙවියෙකු මෙන් වැලපුණෙමි. උඩ බැලීමෙන් මාගේ ඇස් දුර්වලවී තිබේ; අහෝ ස්වාමීන්වහන්ස, මම පීඩා විඳිමි, ඔබ මට ඇපවුව මැනව.
15. මම කුමක් කියම්ද? උන්වහන්සේ මට වදාරා, උන්වහන්සේම ඉෂ්ටකළ සේක. මාගේ ආත්මයේ තද ශෝකය නිසා මාගේ සියලු අවුරුදුවල සන්සුන්කමින් යන්නෙමි.
16. ස්වාමීන්වහන්ස, මේවායින්ම මනුෂ්‍යයෝ ජීවත්වෙති, ඒවා කෙරෙහිම මාගේ ආත්මයත් ජීවත්වන්නේය. එබැවින් මා ශක්තිමත්කොට, මා ජීවත්කළ මැනව.
17. බලව, මට තද ශෝකය පැමුණුණේ මාගේ සමාදානය පිණිසය. නුමුත් ඔබ මාගේ ආත්මයට ඇති ප්‍රේමය නිසා විනාශය නැමති වළෙන් එය මුදාගත්සේක; එසේය, ඔබ මාගේ පව් සියල්ල ඔබ පිටිපස්සට දැමූසේක.
18. මක්නිසාද ඔබට ප්‍රශංසාකරන්ට මිනී වළටවත් ඔබ වර්ණනාකරන්ට මරණයටවත් බැරිය. වළට බසින්නෝ ඔබගේ විශ්වාසකම ගැන බලා නොසිටින්නෝය.
19. ජීවත්ව සිටින්නා-ජීවත්ව සිටින්නාම-අද මා වාගේ ඔබට ස්තුතිකරන්නේය. පියා දරුවන්ට ඔබගේ විශ්වාසකම ගැන දන්වන්නේය.
20. ස්වාමීන්වහන්සේ මා ගළවන්ට සෑදී සිටිනසේක. එබැවින් අපේ ජීවිතයේ සියලුම දවස්වල ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී මාගේ ගීතිකා ගායනාකරන්නෙමු.
21. යෙසායා කථාකොට: ඔව්හු අත්තික්කා කැටියක් ගෙන කොටා වණය පිට තබත්වා, එවිට ඔහුට සුවවන්නේයයි කියා තිබුණේය.
22. හෙසකියාද: මා ස්වාමීන්වහන්සේගේ ගෘහයට යන බවට තිබෙන ලකුණ මොකදැයි අසා තිබුණේය.
About යෙසායා Chapter 38
Read යෙසායා Chapter 38 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙසායා
Chapter: 38
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
- 📱 Hindi Android Bible App
- 📱 Hindi Christian Songs from waytochurch
- 📖 Read on Malayalam Christian Songs – madely
Continue Reading the Bible
Continue reading යෙසායා Chapter 38 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙසායා Chapter 38?
යෙසායා Chapter 38 is part of the Book of යෙසායා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙසායා Chapter 38 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
- නික්මයාම Chapter 21
Explore More from යෙසායා
- යෙසායා Chapter 46
- යෙසායා Chapter 9
- යෙසායා Chapter 24
- යෙසායා Chapter 29
- යෙසායා Chapter 53
- යෙසායා Chapter 1
- යෙසායා Chapter 20