යෙසායා Chapter 54

For English

Read යෙසායා Chapter 54 Online

Read යෙසායා Chapter 54 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

යෙසායා 54

පරිච්ඡේදය 54

1. දරුවන් බිහිනොකළ වඳ තැනැත්තිය, ගීකියන්න; විළිරුජාව නොවින්ද තැනැත්තිය, ගී හඬනගා ශබ්ද පවත්වන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

2. නුඹේ කූඩාරම තිබෙන ස්ථානය විශාලකරන්න, ඔව්හු නුඹේ වාසස්ථානවල තිර දිගහරිත්වා; වලක්වා නොගන්න. නුඹේ ලනු දික්කර නුඹේ ඇණ සවිකරන්න.

3. මක්නිසාද නුඹ දකුණටත් වමටත් පැතිරයනවා ඇත; නුඹේ වංශය ජාතීන්ගේ දේශ හිමිකරගෙන, පාළුවූ නුවරවල් වැසියන්ගෙන් පුරවනවා ඇත.

4. භය නොවන්න; මක්නිසාද නුඹ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; නුඹ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, නුඹේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.

5. කුමක් හෙයින්ද නුඹේ ස්වාමිපුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; මුළු පොළොවේ දෙවියන්වහන්සේයයි උන්වහන්සේට කියනු ලැබේ.

6. මක්නිසාද අත්හරිනලද්දාවූ, ආත්මයෙහි ශෝක ඇත්තාවූ භාර්යාවක් මෙන්ද පහරකන ලද යෞවන කාලයේ භාර්යාවක් මෙන්ද ස්වාමීන්වහන්සේ නුඹ කැඳවාගත්සේකැයි නුඹේ දෙවියන්වහන්සේ කියනසේක.

7. මම ලුහුඬු මොහොතකට නුඹ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පාවලින් නුඹ නැවත කැඳවාගන්නෙමි.

8. මම උදහස වගුරුවා මාගේ මුහුණ මොහොතක් නුඹෙන් සඟවා ගතිමි; නුමුත් සදාකාල කරුණාවෙන් නුඹට අනුකම්පාකරමියි නුඹේ මිදුම්කාරයා වන ස්වාමීන්වහන්සේ කියනසේක.

9. මේක මට නෝවාගේ ජලගැලීම මෙන්ය. මක්නිසාද නෝවාගේ ජලගැලීම තවත් පොළොවේ නොගලන හැටියට මා විසින් දිවුරුවාක්මෙන්ම, නුඹ කෙරෙහි උදහස් නොවන බවටත් නුඹට තරවටු නොකරන බවටත් මම දිවුළෙමි.

10. මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.

11. අසරණවූ, කුණාටුවෙන් සෙලවෙන්නාවූ, සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය, බලව, නුඹේ ගල් අංජන කැටවලින් අල්ලා, නුඹේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි.

12. නුඹේ කොත් රක්ත මාණික්‍යවලින්ද නුඹේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්ද නුඹේ සියලු මායිම් පියකරු ගල්වලින්ද සාදන්නෙමි.

13. නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.

14. නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. නුඹ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක නුඹට ළං නොවන්නේය.

15. මෙන්න, මාගේ සංඥාවක් නැතුව මනුෂ්‍යයන් රැස්වෙනවා ඇත. නුඹට විරුද්ධව එකතුවෙන කවුරු නුමුත් නුඹ නිසා වැටෙන්නෝය.

16. අඟුරුගින්න පිඹ නියම වැඩයට ආයුධයක් සාදන්නාවූ ආචාරියා මැවුවේ මමය; වැනසීමට නාස්තිකාරයා මැවුවෙත් මමය.

17. නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

About යෙසායා Chapter 54

Read යෙසායා Chapter 54 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙසායා
Chapter: 54
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙසායා Chapter 54 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙසායා Chapter 54?

යෙසායා Chapter 54 is part of the Book of යෙසායා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙසායා Chapter 54 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 21

Explore More from යෙසායා

  1. යෙසායා Chapter 36
  2. යෙසායා Chapter 6
  3. යෙසායා Chapter 42
  4. යෙසායා Chapter 32
  5. යෙසායා Chapter 45
  6. යෙසායා Chapter 66
  7. යෙසායා Chapter 24

Related Chapters & Readings

  1. දානියෙල් Chapter 12
  2. 1 ලේකම් Chapter 9
  3. 1 කොරින්ති Chapter 2
  4. රෝම Chapter 2
  5. රෝම Chapter 14
  6. නෙහෙමියා Chapter 8
  7. යෙසායා Chapter 43
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *