Read 2 ලේකම් Chapter 6 Online
Read 2 ලේකම් Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
2 ලේකම් 6
පරිච්ඡේදය 6
1. එවිට සාලමොන් කථාකොට: තමන්වහන්සේ ඝනාන්ධකාරයෙහි වසනසේකැයි ස්වාමීන්වහන්සේ වදාළසේක.
2. නුමුත් මම ඔබට නිවාස ගෘහයක්ද සදාකල්ම ඔබට වැඩසිටීමට ස්ථානයක්ද ගොඩනැඟුවෙමියි කීවේය.
3. රජතෙමේ මුහුණ හරවා මුළු ඉශ්‍රායෙල් සභාව නැගිට සිටිද්දී මුළු ඉශ්‍රායෙල් සභාවට ආශීර්වාදකෙළේය.
4. ඔහු කථාකොට කියනුයේ: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා, මක්නිසාද උන්වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පියවූ දාවිත්ට කථාකොට-
5. මා විසින් මාගේ සෙනඟ මිසර දේශයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය එහි වන පිණිස ගෘහයක් ගොඩනගන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරා නොගතිමි; මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියාව සිටින්ට කිසි මනුෂ්‍යයෙක්ද තෝරා නොගතිමි.
6. නුමුත් මාගේ නාමය තැබීමට යෙරුසලමද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි ප්‍රධානියා වන පිණිස දාවිත්ද තෝරාගතිමියි කියා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.
7. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මාගේ පියවූ දාවිත්ගේ සිතේ තිබුණේය.
8. නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට: මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට ඔබේ සිතේ තිබුණේය, එය ඔබේ සිතේ පැවතීම හොඳය.
9. එසේවී නුමුත් ඔබ ඒ ගෘහය ගොඩ නොනගන්නෙහිය; ඔබ තුළෙන් නික්මෙන ඔබේ පුත්‍රයාම මාගේ නාමයට ඒ ගෘහය ගොඩනගන්නේයයි කීසේක.
10. ස්වාමීන්වහන්සේ තමන් කී වචනය ඉෂ්ටකර තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ කී හැටියට මම මාගේ පියවූ දාවිත් වෙනුවෙන් නැගිට ඉශ්‍රායෙල් සිංහාසනයේ හිඳ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනැඟුවෙමි.
11. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ කළ ගිවිසුම අඩංගුවූ පෙට්ටිය එහි තැබුවෙමියි කීවේය.
12. එවිට ඔහු මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට තමාගේ අත් විදහා ගත්තේය.
13. මක්නිසාද සාලමොන් පස් රියනක් දිග ඇති, පස් රියනක් පළල ඇති, තුන් රියනක් උස ඇති පිත්තල මංචකයක් සාදා, මළුව මැද තබා තිබුණේය; ඔහු ඒක උඩ සිට මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තමාගේ අත් විදහාගන කියනුයේ:
14. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ස්වර්ගයෙහිවත් පොළොවෙහිවත් ඔබට සමානවූ දෙවිකෙනෙක් නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නාවූ ඔබගේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත් කරුණාවත් පවත්වනසේක.
15. ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට ඔබ පොරොන්දුවූ දේ ඔබ ඔහුට ඉෂ්ටකරදුන්සේක. එසේය, ඔබ ස්වකීය මුඛයෙන් ඒක කියා, අද දවසේ තිබෙන ප්‍රකාරයට ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.
16. එබැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ස්වකීය මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට කථාකොට: ඔබ මා ඉදිරියෙහි හැසුරුණාක් මෙන් ඔබේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව පවත්වන හැටියට තමුන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම්වන්නෝ නම් ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිදීමට මා ඉදිරියෙහි ඔබට කෙනෙක් නැතුව නොයන්නේය කියා ඔබ කී කාරණය ඔහුට ඉෂ්ට කළමැනව.
17. එබැවින් දැන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාවූ දාවිත්ට ඔබ කී ඔබගේ වචනය ස්ථිරවේවා.
18. නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වසනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊටත් වඩා කොපමණ මදිද!
19. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවද කන්නලව්වද සලකා, ඔබ ඉදිරියෙහි ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන ඉල්ලීමද යාච්ඤාවද ඇසුව මැනව.
20. ඔබ යම් ස්ථානයක් ගැන-මාගේ නාමය එහි තබන්නෙමියි කීසේක්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රෑ දාවල් ඇරී තිබේවා; මේ ස්ථානය දෙසට හැරී ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාච්ඤාවද ඇසුව මැනව.
21. ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්වට කන්දුන මැනව. එසේය, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව; අසා කමාකළ මැනව.
22. යමෙක් තමාගේ අසල්වාසියාට විරුද්ධව වරද කොට, ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහු පිට තබනලදුව, ඔහු ඇවිත් මේ ගෘහයේ ඔබගේ පූජාසනය ඉදිරිපිට දිවුළොත්,
23. ඔබ ස්වර්ගයෙහි සිට අසා වදාරමින්, දුෂ්ටයාට ප්‍රතිඵල දී, ඔහුගේ මාර්ගය ඔහුගේ හිස පිටට පමුණුවා ධර්මිෂ්ඨයා නිදොස්කර, ඔහුගේ ධර්මිෂ්ඨකමේ හැටියට ඔහුට විපාක දෙමින්, ඔබගේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව.
24. ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඔබට විරුද්ධව පව්කළ බැවින් සතුරා ඉදිරියෙහි පරාජයවූ කල ඔව්හු ඔබ වෙතට හැරී ඔබගේ නාමය ප්‍රකාශකර මේ ගෘහයෙහිදී ඔබට යාච්ඤාකොට කන්නලව්කරන්නෝ නම්,
25. ඔබ ස්වර්ගයෙහි සිට අසා, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ පාපය කමාකොට, ඔවුන්ටත් ඔවුන්ගේ පියවරුන්ටත් ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.
26. ඔවුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් අහස පියවී වර්ෂාව නැතුව යන විට, ඔබ ඔවුන්ට මෙසේ දඬුවම් කරන බැවින් ඔව්හු මේ ස්ථානය දෙසට හැරී යාච්ඤාකොට ඔබගේ නාමය ප්‍රකාශකර තමුන්ගේ පාපය අත්හරින්නෝ නම්,
27. ඔබ ස්වර්ගයෙහි සිට අසා, ඔවුන් විසින් යායුතු යහපත් මාර්ගය ඔවුන්ට පෙන්නාදුන් කල, ඔබගේ මෙහෙකරුවන්ගෙත් ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ගෙත් පාපයට කමාවී, උරුමයක් කොට ඔබගේ සෙනඟට ඔබ දී තිබෙන ඔබගේ දේශයට වර්ෂාව එවුව මැනව.
28. දේශයට සාගතයක් පැමුණුණොත්, නොහොත් වසංගතයක් ආවොත්, නොහොත් ගොයම් වියළීයාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමුණුණොත්, ඔවුන්ගේ දේශයේ නුවරවල ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගන්ට හෝ මොන පීඩාවක් නුමුත් මොන රෝගයක් නුමුත් පැමිණෙන්ට හෝ යෙදුණොත්,
29. කොයි මනුෂ්‍යයෙකු විසින් නුමුත්, ඔබගේ මුළු සෙනඟවූ ඉශ්‍රායෙල් විසින් නුමුත්, තම තමුන්ගේ සිත්වල පීඩාවද දුකද දැනගන මේ ගෘහය දෙසට තමුන්ගේ අත් විදහාගන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පුකළොත්,
30. ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් භූමිය මතු පිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි භයවී ඔබගේ මාර්ගවල හැසිරෙන පිණිස,
31. සිත් දන්නාවූ ඔබ එකිනෙකාට තම තමාගේ සියලු මාර්ගවල හැටියට විපාක දුන මැනව; (මක්නිසාද ඔබ පමණක්ම සියලු මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් දන්නාසේක.)
32. තවද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් නොවන විදේශීන් ඔබගේ උතුම් නාමයත් බලවත් හස්තයත් දිගුකළ බාහුවත් නිසා දුරු රටක සිට ඇවිත් මේ ගෘහය දෙසට හැරී යාච්ඤාකළොත්,
33. ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මෙන් පොළොවේ සියලු සෙනඟද ඔබගේ නාමය හැඳිනගෙන ඔබ කෙරෙහි භයවෙන පිණිසත්, මා විසින් ගොඩනැගූ මේ ගෘහයට ඔබගේ නාමය තබා තිබෙන බව දැනගන්නා පිණිසත්, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, විදේශියා ඔබගෙන් ඉල්ලන සියල්ල ලෙස ඔහුට කළමැනව.
34. ඔබගේ සෙනඟ තමුන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔබ විසින් යවන යම් මාර්ගයකින් ගොස්, ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනගනලද ගෘහයද දෙසට හැරී ඔබට යාච්ඤාකරන්නෝ නම්,
35. ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා, ඔවුන්ට යුක්තිය කළමැනව.
36. ඉදින් ඔව්හු ඔබට විරුද්ධව පව්කළොත් (මක්නිසාද පව්නොකරන කෙනෙක් නැත), ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දුන්නොත්, ඔවුන් වාලට ගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන දේශයකට ඔවුන් ගෙනයනු ලැබුවොත්,
37. ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් කල්පනාකොට, හැරී, ඔවුන් වාල්ව සිටින දේශයේදී ඔබට කන්නලව්කර: අපි පව්කෙළෙමුව, අපි හිතුවක්කාරකම්කොට දුෂ්ට ලෙස ක්‍රියාකෙළෙමුයයි කියමින්,
38. ඔවුන් වාලට ගෙනගියවුන්ගේ දේශයෙහිදී ඔවුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයද ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනැගූ ගෘහයද දෙසට හැරී යාච්ඤාකරන්නෝ නම්,
39. ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා, ඔවුන්ට යුක්තිය කොට, ඔබට විරුද්ධව පව්කළාවූ ඔබගේ සෙනඟට කමාවුව මැනව.
40. දැන්, මාගේ දෙවියන්වහන්ස, මේ ස්ථානයෙහිදී කරන යාච්ඤාවට ඔබගේ ඇස් ඇරී ඔබගේ කන් යොමුවී තිබේවා.
41. ඉතින්, දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ නැගිට ඔබගේ බලයේ ගිවිසුම් පෙට්ටිය සමඟ ඔබගේ නිවාසයට වැඩිය මැනව. දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ පූජකයෝ ගැළවීම පැළඳගෙන සිටිත්වා, ඔබගේ ශුද්ධවන්තයෝද යසසින් ප්‍රීතිවෙත්වා.
42. දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ මුහුණ ඉවත නොහැරෙවුව මැනව. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ට දුන් කරුණාවල් සිහිකළමැනවයි කියා යාච්ඤාකෙළේය.
About 2 ලේකම් Chapter 6
Read 2 ලේකම් Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 ලේකම්
Chapter: 6
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 ලේකම් Chapter 6 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 ලේකම් Chapter 6?
2 ලේකම් Chapter 6 is part of the Book of 2 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 ලේකම් Chapter 6 online for free with easy chapter navigation.
More Chapters from 2 ලේකම්
- 2 ලේකම් Chapter 18
- 2 ලේකම් Chapter 20
- 2 ලේකම් Chapter 3
- 2 ලේකම් Chapter 35
- 2 ලේකම් Chapter 16
- 2 ලේකම් Chapter 12
- 2 ලේකම් Chapter 11
Explore More from පැරණි ගිවිසුම
- යෙසායා Chapter 64
- ලෙවී කථාව Chapter 15
- ගීතාවලිය Chapter 107
- යෙසායා Chapter 52
- විනිශ්චයකාරයන් Chapter 1
- ගීතාවලිය Chapter 57
- එසකියෙල් Chapter 11