Read 2 ලේකම් Chapter 29 Online
Read 2 ලේකම් Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
2 ලේකම් 29
පරිච්ඡේදය 29
1. හෙසකියා විසිපස් අවුරුදු වයසේදී රජවී විසිනව අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අබියාය, ඈ ශෙකරියාගේ දුවෙක්ය.
2. ඔහුගේ පියවූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
3. ඔහු තමාගේ රජකම් කිරීමේ පළමුවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරවල් ඇර ඒවා හරිගැස්සුවේය.
4. ඔහු පූජකයන්ද ලෙවීවරුන්ද ගෙන්වාගෙන, නැගෙනහිරින් වූ එළිමහන් තැන ඔවුන් රැස්කර,
5. ඔවුන්ට කථාකොට: ලෙවීවරුනි, මට ඇහුම්කන්දෙන්න; ඔබ සැමම දැන් පවිත්‍රවී, ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයත් පවිත්‍රකොට, ශුද්ධස්ථානයෙන් කිලුටුකම පහකරන්න.
6. මක්නිසාද අපේ පියවරු ද්‍රෝහිකම් කරමින්, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කොට, උන්වහන්සේ අත්හැර ස්වාමීන්වහන්සේගේ වාසස්ථානය වෙතින් තමුන්ගේ මුහුණු අහක්කරගන පිටිපෑවෝය.
7. ද්වාරමණ්ඩපයේ දොරටුත් ඔව්හු වසා තබා, පහන් නිවා, ශුද්ධස්ථානයෙහි ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට සුවඳ දුම්වත් දවන පූජාවත් ඔප්පු නොකළෝය.
8. ඒ නිසා ස්වාමීන්වහන්සේගේ උදහස යුදා සහ යෙරුසලම කෙරෙහි පැමිණියේය, ඔබ සැමගේ ඇස්වලට පෙනෙන හැටියට ඔබ මොබ විසිකරනු ලැබීමටත් පුදුමයක් සහ නින්දාවක් වීමටත් උන්වහන්සේ ඔවුන් පාවාදුන්සේක.
9. මේ නිසා අපේ පියවරු කඩුවෙන් වැටුණෝය, අපේ පුත්‍රයෝද දූවරුද භාර්යාවෝද වහල්කමෙහි සිටිති.
10. ඉතින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ තද උදහස අප කෙරෙන් පහව යන පිණිස උන්වහන්සේ සමඟ ගිවිසුමක් කරන්ට මාගේ සිතේ තිබේ.
11. මාගේ පුත්‍රයෙනි, දැන් අලසව නොසිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්ටත් උන්වහන්සේට සේවයකරන්ටත් උන්වහන්සේගේ සේවකයන් ව සුවඳ දුම් ඔප්පුකරන්ටත් උන්වහන්සේ ඔබ සැම තෝරාගත්සේකැයි කීවේය.
12. එවිට කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමසයිගේ පුත්‍රවූ මාහත්ද අසරියාගේ පුත්‍රවූ යෝවෙල්ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත්‍රවූ කීෂ් සහ යෙහල්ලෙලෙල්ගේ පුත්‍රවූ අසරියාද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත්‍රවූ යෝවාද යෝවාගේ පුත්‍රවූ ඒදෙන්ද;
13. එලිශාපාන්ගේ පුත්‍රයන්ගෙන් ෂිම්රීද යෙවූයෙල්ද ආසාප්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියාද මත්තනියාද;
14. හේමාන්ගේ පුත්‍රයන්ගෙන් යෙහූවෙල්ද ෂිමෙයිද; යෙදූතුන්ගේ පුත්‍රයන්ගෙන් ෂෙමායාද උස්සීයෙල්ද යන ලෙවීවරු නැගිට,
15. තමුන්ගේ සහෝදරයන් රැස්කර, තුමූම පවිත්‍රවී, රජුගේ ආඥාව පරිද්දෙන් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරිසිදුකරන්ට ආවෝය.
16. පූජකයෝ ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරිසිදුකරන පිණිස එහි ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සම්බවුණ සියලු කිලුටු දේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවට ගෙනාවෝය. ලෙවීවරු ඒවා කිද්‍රොන් ඔයට ගෙනයන පිණිස අරගත්තෝය.
17. ඔව්හු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා පවිත්‍රකරන්ට පටන්ගෙන, මාසයේ අටවෙනිදා ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපයට ආවෝය; අටදවසකින් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහය පවිත්‍රකර, පළමුවෙනි මාසයේ දහසයවෙනිදා නිමකළෝය.
18. එවිට ඔව්හු හෙසකියා රජු වෙතට රාජ මාලිගාව ඇතුළට ගොස් කථාකොට: අපි ස්වාමීන්වහන්සේගේ මුළු ගෘහයත් දවන පූජා පුදන පූජාසනයත් ඊට අයිති සියලු භාණ්ඩත් රොටි මේසයත් ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදුකෙළෙමුව.
19. ඇරත් ආහාස් රජු රජකම්කරන කල තමාගේ ද්‍රෝහිකමේදී අහකදැමූ සියලු භාණ්ඩත් අපි සූදානම්කර පවිත්‍රකෙළෙමුව; ඒවා ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේයයි කීවෝය.
20. එවිට හෙසකියා රජ අලුයම නැගිට නුවර අධිපතීන් රැස්කරවා ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගියේය.
21. ඔව්හු රාජ්‍යයද ශුද්ධස්ථානයද යුදාවරුන්ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් බැටළුපැටවුන් සත්දෙනෙකුත් එළුවන් සත්දෙනෙකුත් ගෙනාවෝය. උන් ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඔප්පුකරන්ට ඔහු පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන්ට කීවේය.
22. ගොනුන් මැරූ විට පූජකයෝ ලේ රැගෙන පූජාසනය පිට ඉස්සෝය. බැටළුවන්ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝය. එසේම බැටළු පැටවුන්ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝය.
23. පාප පූජාවේ එළුවන් ඔව්හු රජු සහ සභාව ඉදිරියට ගෙනාවෝය; ඔව්හු තමුන්ගේ අත් උන් පිට තැබුවෝය.
24. එවිට පූජකයෝ උන් මරා, මුළු ඉශ්‍රායෙල් උදෙසා සමඟිකමක් කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝය. මක්නිසාද මුළු ඉශ්‍රායෙල් උදෙසා දවන පූජාවත් පාප පූජාවත් ඔප්පුකළ යුතුයයි රජ නියමකෙළේය.
25. තවද ඔහු දාවිත්ගේද රජුගේ දිවස් ඇත්තාවූ ගාද්ගේද ප්‍රොපේතවූ නාතාන්ගේද අණ පරිද්දෙන් අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සිටෙවුවේය. මක්නිසාද ඒ ආඥාව ස්වාමීන්වහන්සේගෙන් ප්‍රොපේතවරුන් අතින් වූයේය.
26. ලෙවීවරු දාවිත්ගේ තූර්යභාණ්ඩද පූජකයෝ හොරණෑද රැගෙන සිටියෝය.
27. හෙසකියාද පූජාසනය පිට දවන පූජාව ඔප්පුකරන්ට අණකෙළේය. දවන පූජාව පටන්ගන්න වේලාවට ස්වාමීන්වහන්සේගේ ගීතිකාවද හොරණෑද ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ තූර්යභාණ්ඩ ඇතුව පටන්ගන්නාලද්දේය.
28. මුළු සභාව වැඳවැටී උන්නාය, ගී කියන්නෝ ගී කීවෝය. හොරණෑකාරයෝ නළා පිම්බෝය; දවන පූජාව නිමවන තුරු සියල්ල එසේ පැවතුණේය.
29. පූජාකර නිමවූ කල රජද ඔහු සමඟ සිටි සියල්ලෝද නැමී වැන්දෝය.
30. හෙසකියා රජද අධිපතීහුද දාවිත්ගෙත් දිවස් ඇත්තා වන ආසාප්ගෙත් වචනවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්ට ලෙවීවරුන්ට අණකළෝය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී කියා, හිස් නමා වැන්දෝය.
31. එවිට හෙසකියා කථාකොට: දැන් ඔබ සැමම ස්වාමීන්වහන්සේට කැපවී සිටින බැවින් ළංවී යාගද ස්තුති පූජාද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්නැයි කීවේය; සභාව යාගද ස්තුති පූජාද කැමති සියල්ලෝ දවන පූජාද ගෙනාවෝය.
32. සභාව ගෙනා දවන පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත් බැටළුවන් සියයකුත් බැටළුපැටවුන් දෙසියයකුත්ය. මේ සියල්ල ස්වාමීන්වහන්සේට දවන පූජාවක් පිණිසය.
33. කැපකළ දේ නම් ගොන් හසියයකුත් බැටළුවන් තුන් දහසකුත්ය.
34. නුමුත් පූජකයන් මදිවූ නිසා සියලු දවන පූජා හමගහන්ට බැරිවිය. ඒ නිසා ඔවුන්ගේ සහෝදරයෝවූ ලෙවීවරු වැඩේ තීන්දුවෙන තුරුත් අනික් පූජකයන් පවිත්‍රවෙන තුරුත් ඔවුන්ට උදව්වූවෝය. මක්නිසාද තුමූම පවිත්‍රවීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංකව සිටියෝය.
35. ශාන්ති පූජාවල තෙලත් දවන යාග සඳහාවූ පාන පූජාවලුත් ඇතුළුව දවන පූජා බොහෝසෙයින් තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිළිවෙළට යොදනලද්දේය.
36. දෙවියන්වහන්සේ සෙනඟ උදෙසා සූදානම්කළ දේ ගැන හෙසකියාද මුළු සෙනඟද ප්‍රීතිවූහ. මක්නිසාද මේ කාරණය හදිසියෙන් සිද්ධකරනලද්දේය.
About 2 ලේකම් Chapter 29
Read 2 ලේකම් Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 ලේකම්
Chapter: 29
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 ලේකම් Chapter 29 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 ලේකම් Chapter 29?
2 ලේකම් Chapter 29 is part of the Book of 2 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 ලේකම් Chapter 29 online for free with easy chapter navigation.
More Chapters from 2 ලේකම්
- 2 ලේකම් Chapter 18
- 2 ලේකම් Chapter 3
- 2 ලේකම් Chapter 20
- 2 ලේකම් Chapter 16
- 2 ලේකම් Chapter 28
- 2 ලේකම් Chapter 12
- 2 ලේකම් Chapter 11
Explore More from පැරණි ගිවිසුම
- එසකියෙල් Chapter 23
- ලෙවී කථාව Chapter 6
- ගීතාවලිය Chapter 89
- ගීතාවලිය Chapter 87
- 2 රාජාවලිය Chapter 16
- හිතෝපදේශ Chapter 1
- යෙසායා Chapter 48