2 ලේකම් Chapter 22

For English

Read 2 ලේකම් Chapter 22 Online

Read 2 ලේකම් Chapter 22 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 ලේකම් and the Holy Bible online.

Choose a Chapter

2 ලේකම් 22

පරිච්ඡේදය 22

1. යෙරුසලමේ වැසියෝ ඔහුගේ බාල පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය. මක්නිසාද අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව සියලු වැඩිමහල් පුත්‍රයන් මැරුවෝය. එබැවින් යුදාහි රජවූ යෙහෝරාම්ගේ පුත් අහසියා රජකම්කෙළේය.

2. අහසියා හතළිස් දෑවුරුදු වයසේදී රජවී, අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතලියාය, ඈ ඔම්රීගේ දුවෙක්ය.

3. ඔහුද ආහබ්ගේ වංශයේ මාර්ගවල හැසුරුණේය. මක්නිසාද දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුගේ මන්ත්‍රණකාරී වූවාය.

4. ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. මක්නිසාද ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුට මන්ත්‍රණකාරයෝ වූහ.

5. ඔහුත් ඔවුන්ගේ මන්ත්‍රණය ලෙස හැසිර, ආහබ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙහෝරාම් සමඟ සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව රාමොත්-ගිලියද්හි යුද්ධකරන්ට ගියේය. සිරියවරු යෝරාම්ට තුවාලකළෝය.

6. ඔහු සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව සටන්කරන අතර රාමාහිදී සිරියවරුන් විසින් ඔහුට කළ තුවාල යෙස්‍රෙයෙල්හිදී සුවකරවාගන්න පිණිස ඔහු හැරී ආවේය. යුදාහි රජවූ යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියාද ආහබ්ගේ පුත්‍රවූ යෙහෝරාම් රෝගාතුරව සිටි බැවින් ඔහු බලන්ට යෙස්‍රෙයෙල්ට ගියේය.

7. යෝරාම් ළඟට යාම නිසා අහසියාටවූ විනාශය දෙවියන්වහන්සේ කෙරෙන් විය. මක්නිසාද ඔහු ගිය කල ආහබ්ගේ වංශය සිඳ දමන පිණිස ස්වාමීන්වහන්සේ විසින් ආලේපකළාවූ නිම්ෂීගේ පුත්‍රවූ යේහුට විරුද්ධව ඔහු යෙහෝරාම් සමඟ ගියේය.

8. තවද යේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ටකරද්දී යුදාහි අධිපතීන්ද අහසියාට සේවයකළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන්ද සම්බව ඔහු ඔවුන් මැරුවේය.

9. ඔහු අහසියා සොයා ගියේය, ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්වා යේහු ළඟට ගෙනවුත් මැරුවෝය; තවද ඔව්හු කථාකොට: මොහු වනාහි තමාගේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ සෙවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රයායයි කියා ඔහු තැන්පත් කළෝය. රාජ්‍යය පවත්වාගන්ට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත.

10. එකල අහසියාගේ මවුවූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු යුදා රාජවංශය නැතිකළාය.

11. නුමුත් රජුගේ දූවූ යෙහෝෂබත් මරනු ලැබූ රාජ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත්‍රවූ යෝවාෂ් හොරෙන් හැරගෙන ගොස්, ඔහුද ඔහුගේ කිරි මවද යහන් තුබූ ගබඩාවෙහි සඟවා තැබුවාය. මෙසේ යෙහෝරාම් රජුගේ දූවූ, යෙහෝයාදා පූජකයාගේ භාර්යාවවූ, අහසියාගේ සහෝදරීවූ යෙහෝෂබත් අතලියා විසින් ඔහු නොමරන ලෙස ඈ කෙරෙන් ඔහු සැඟෙවුවාය.

12. ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේය. අතලියා දේශය කෙරෙහි රජකම්කළාය.

About 2 ලේකම් Chapter 22

Read 2 ලේකම් Chapter 22 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 ලේකම්
Chapter: 22
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 ලේකම් Chapter 22 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 ලේකම් Chapter 22?

2 ලේකම් Chapter 22 is part of the Book of 2 ලේකම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 ලේකම් Chapter 22 online for free with easy chapter navigation.

More Chapters from 2 ලේකම්

  1. 2 ලේකම් Chapter 18
  2. 2 ලේකම් Chapter 3
  3. 2 ලේකම් Chapter 20
  4. 2 ලේකම් Chapter 16
  5. 2 ලේකම් Chapter 28
  6. 2 ලේකම් Chapter 12
  7. 2 ලේකම් Chapter 11

Explore More from පැරණි ගිවිසුම

  1. යෝෂුවා Chapter 22
  2. විනිශ්චයකාරයන් Chapter 11
  3. ගීතාවලිය Chapter 85
  4. නික්මයාම Chapter 16
  5. ගීතාවලිය Chapter 95
  6. ගීතාවලිය Chapter 46
  7. මීකා Chapter 2

Related Chapters & Readings

  1. ක්රිරයා Chapter 22
  2. ගීතාවලිය Chapter 64
  3. 1 යොහන් Chapter 3
  4. උත්පත්ති Chapter 6
  5. ගණන් කථාව Chapter 11
  6. යෝවෙල් Chapter 3
  7. එළිදරව් Chapter 18
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *