Read 2 ලේකම් Chapter 16 Online
Read 2 ලේකම් Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
2 ලේකම් 16
පරිච්ඡේදය 16
1. ආසාගේ රජකම්කිරීමේ තිස්හවෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ බයෙෂා රජ යුදාට විරුද්ධව ගොස් යුදාහි රජවූ ආසා වෙතට කිසිවෙකුට යන්ට එන්ට ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැඟුවේය.
2. එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහයේද රජගෙයිද ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසයකළාවූ සිරියේ රජවූ බෙන්හදද්ට ඒවා යවමින්:
3. මාගේ පියාද ඔබගේ පියාද අතරේ තිබුණාක් මෙන් මා සහ ඔබ අතරේද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි; ඉශ්‍රායෙල්හි රජවූ බයෙෂා මා වෙතින් අහක්ව යන පිණිස ඇවිත් ඔබ ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩකළ මැනවැයි කියා හැරියේය.
4. එවිට බෙන්හදද් ආසා රජුට ඇහුම්කන්දී, තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්‍රායෙල් නුවරවලට විරුද්ධව යැවීය; ඔව්හු ඊයොන්ටත් දාන්ටත් ආබෙල්-මයිම්ටත් නප්තලීහි සියලු ගබඩා නුවරවලටත් පහර දුන්නෝය.
5. බයෙෂා ඒ ඇසූ විට ඔහු රාමා නගරය ගොඩනැගීමෙන් නැවතී තමාගේ වැඩ අත්හිටෙවුවේය.
6. එවිට ආසා රජ සියලු යුදාවරුන් කැඳවාගන ගොස්, බයෙෂා ගොඩනැගූ රාමාහි ගල්ද ලීද ඔවුන් ලවා ගෙන්වාගෙන, එයින් ගෙබාද මිශ්පාද ගොඩනැඟුවේය.
7. එකල්හි හනානි නම් දිවස් ඇත්තා යුදාහි රජවූ ආසා ළඟට අවුත් කථාකොට: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා සිරියේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී ගියාය.
8. කූෂ්වරුන්ද ලූබ්වරුන්ද රථ සහ අසරුවන් මහත් රාශියක් ඇති මහත් සේනාවක්ව සිටියා නොවේද? එහෙත් ඔබ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නිසා උන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවාදුන්සේක.
9. මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය. මේ ගැන ඔබ අණුවණ ලෙස ක්‍රියාකෙළෙහිය; මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇතිවන්නේයයි කීවේය.
10. එවිට ආසා තෙමේ දිවස් ඇත්තා කෙරෙහි කෝපව ඔහු හිරගෙයි දැමීය; මක්නිසාද ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස්ව සිටියේය. එම කාලයේම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩාකෙළේය.
11. බලව, ආසාගේ ක්‍රියා මුල පටන් අග දක්වා යුදාහිද ඉශ්‍රායෙල්හිද රජුන්ගේ පොතෙහි ලියා තිබේ.
12. ආසාගේ රජකම්කිරීමේ තිස්නවවෙනි අවුරුද්දේදී ඔහුගේ පාදවල රෝගයක් විය; ඔහුගේ රෝගය තදබල විය. එහෙත් ඔහු තමාගේ රෝගයේදී ස්වාමීන්වහන්සේ නොව වෙදුන් සෙවුවේය.
13. ආසා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔහු මැරුණේ තමාගේ රජකම්කිරීමේ සතළිස් එක්වෙනි අවුරුද්දේදීය.
14. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගන තිබුණු ඔහුගේම සොහොන් ගෙයි ඔහු තැන්පත්කළෝය, යළිත් තෛල මිශ්‍රකරන්නාගේ ශාස්ත්‍රය ලෙස පිළියෙළකළ නොයෙක් ආකාර සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූහ. ඔව්හු ඔහු උදෙසා ඉතා මහත් ගිනිමැලයක් දැල්වුවෝය.
About 2 ලේකම් Chapter 16
Read 2 ලේකම් Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 ලේකම්
Chapter: 16
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 ලේකම් Chapter 16 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 ලේකම් Chapter 16?
2 ලේකම් Chapter 16 is part of the Book of 2 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 ලේකම් Chapter 16 online for free with easy chapter navigation.
More Chapters from 2 ලේකම්
- 2 ලේකම් Chapter 3
- 2 ලේකම් Chapter 18
- 2 ලේකම් Chapter 20
- 2 ලේකම් Chapter 28
- 2 ලේකම් Chapter 12
- 2 ලේකම් Chapter 11
- 2 ලේකම් Chapter 35
Explore More from පැරණි ගිවිසුම
- යෝබ් Chapter 30
- නාහුම් Chapter 1
- ගීතාවලිය Chapter 127
- ද්වීතීය කථාව Chapter 13
- යෝෂුවා Chapter 16
- යෙරෙමියා Chapter 32
- දේශනාකාරයා Chapter 10