2 ලේකම් Chapter 4

For English

Read 2 ලේකම් Chapter 4 Online

Read 2 ලේකම් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 ලේකම් and the Holy Bible online.

Choose a Chapter

2 ලේකම් 4

පරිච්ඡේදය 4

1. ඔහු පිත්තල පූජාසනයක් සෑදුවේය. ඒකේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, උස දස රියනක්ය.

2. ඔහු මුහුදත් වාත්තුකර සෑදුවේය. ඒකේ ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දහයක්ය, එය වටකුරුව තිබුණේය. ඒකේ උස පස් රියනක්ය, ඒකේ වට ප්‍රමාණය තිස් රියනක් විය.

3. ඒකේ පහළ කොට්ඨාසයේ, රියනකට ගවරූප දසයක් බැගින්, එය වාත්තුකරන විට වාත්තුකළ දෙපේළියක ගවරූප වටකරින්ම තිබුණේය.

4. ඒක ගවරූප දොළොසක් පිට තබා තිබුණේය. තුනක් උතුරු දෙසටද තුනක් බටහිර දෙසටද තුනක් දකුණු දෙසටද තුනක් නැගෙනහිර දෙසටද හැරී තිබුණේය. මුහුද ඒවාට උඩින් ඒවා පිට තිබුණේය, ඒවායේ පස්සා කොට්ඨාස සියල්ලම ඇතුළට තිබුණේය.

5. ඒකේ ඝනකම අල්ලක පළලය; ඒකේ ගැටිය කුසලාන් ගැටියක වැඩ මෙන් මානෙල් මලක් ලෙස සාදා තිබුණේය. එහි බාත් තුන්දහසක් ඇල්ලුවේය.

6. සේදීම පිණිස ඔහු භාජන දසයක් සාදා පහක් දකුණු පැත්තේද පහක් වම් පැත්තේද තැබුවේය; දවන පූජාව සම්බන්ධ දේ එහි සෝදනලද්දේය. නුමුත් මුහුද තිබුණේ පූජකයන්ට සේදීම පිණිසය.

7. රන් පහන්-රුක් දසයත් ඒවායේ නියමයේ හැටියට ඔහු සාදා මාලිගාවෙහි දකුණේ පහකුත් වමේ පහකුත් තැබුවේය.

8. ඔහු මේස දසයක්ද සාදා, පහක් මාලිගාවෙහි දකුණේද පහක් වමේද තැබුවේය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේය.

9. පූජකයන්ගේ මළුවද මහ මළුවද ඒ මළුවට දොරවල්ද සාදා, ඒ දොරවල් පිත්තලෙන් වැසුවේය.

10. මුහුද වනාහි ඔහු දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරෙහි තැබුවේය.

11. තවද හූරාම් සැළිත් හැඳිත් තාලිත් සෑදුවේය. මෙසේ හූරාම් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සාලමොන් රජුට කළ වැඩ ඉෂ්ටකොට නිමකෙළේය.

12. එනම් කුළුනු දෙකද, කුළුනු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙකද, කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,

13. කුළුනු පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයද යන මේවාය.

14. ඔහු මැහිද සෑදුවේය, මැහි පිට තිබුණු භාජනද

15. එක මුහුදද ඒ යට ගවයන් දොළොසද

16. සැළිද හැඳිද මස් කොකුද ඒවායේ සියලු බඩුද ඔහු සෑදුවේය. ඔහුට පියෙක්වූ හූරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ ඒ බඩු ඔපදැමූ පිත්තලෙන්ය.

17. යොර්දාන් සමභූමියෙහි සුක්කොත්ද ශෙරෙදාද අතරේ තිබෙන මැටි බිමෙහි රජ ඒවා වාත්තුකෙරෙවුවේය.

18. මෙසේ සාලමොන් මේ සියලු භාණ්ඩ මහත් රාශියක් සෑදුවේය. පිත්තලවල බරද දැනගත නොහැකි විය.

19. සාලමොන් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු වන රන් පූජාසනයද පිදීමේ රොටි තිබුණු මේසද;

20. දේව වාක්‍යස්ථානය ඉදිරිපිට නියමයේ හැටියට දැල්වීමට පවිත්‍ර රන් පහන්-රුක්ද ඒවායේ පහන්ද;

21. රනින් එනම් ඉතා අනර්ඝ රනින් මල්ද පහන්ද අඬුද;

22. පවිත්‍ර රනින් පහන් කතුරුද තලිද හැඳිද ගිනි කබල්ද සෑදෙවුවේය. ගෘහයට ඇතුල්වන තැන එනම් අති ශුද්ධස්ථානයේ ඇතුල් දොරවල්ද ගෘහයේ එනම් මාලිගාවේ දොරවල්ද රනින් විය.

About 2 ලේකම් Chapter 4

Read 2 ලේකම් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 ලේකම්
Chapter: 4
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 ලේකම් Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 ලේකම් Chapter 4?

2 ලේකම් Chapter 4 is part of the Book of 2 ලේකම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 ලේකම් Chapter 4 online for free with easy chapter navigation.

More Chapters from 2 ලේකම්

  1. 2 ලේකම් Chapter 18
  2. 2 ලේකම් Chapter 3
  3. 2 ලේකම් Chapter 20
  4. 2 ලේකම් Chapter 12
  5. 2 ලේකම් Chapter 11
  6. 2 ලේකම් Chapter 35
  7. 2 ලේකම් Chapter 16

Explore More from පැරණි ගිවිසුම

  1. යෙසායා Chapter 52
  2. යෝබ් Chapter 32
  3. උත්පත්ති Chapter 46
  4. උත්පත්ති Chapter 24
  5. එසකියෙල් Chapter 18
  6. 1 සාමුවෙල් Chapter 7
  7. 1 ලේකම් Chapter 10

Related Chapters & Readings

  1. 2 සාමුවෙල් Chapter 14
  2. ගණන් කථාව Chapter 9
  3. දානියෙල් Chapter 3
  4. 1 රාජාවලිය Chapter 21
  5. 2 රාජාවලිය Chapter 3
  6. 1 ලේකම් Chapter 2
  7. 1 පේතෘස් Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *