Read 2 ලේකම් Chapter 32 Online
Read 2 ලේකම් Chapter 32 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
2 ලේකම් 32
පරිච්ඡේදය 32
1. මේ කාරණාවලටත් මේ විශ්වාස මෙහෙයටත් පසුව අෂූර්හි රජවූ සෙනකෙරිබ් ඇවිත් යුදාට ඇතුල්ව, පවුරු ඇති නුවරවල් අල්ලාගන්ට සිතා ඒවාට විරුද්ධව කඳවුරු බැන්දේය.
2. සෙනකෙරිබ් ඇවිත් යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට යන බව හෙසකියා දැක,
3. නුවරට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්ට තමාගේ අධිපතීන්ද බලවන්තයන්ද සමඟ මන්ත්‍රණයකරගත්තේය; ඔව්හු ඔහුට උපකාරකළෝය.
4. මෙසේ මහත් සෙනඟක් රැස්ව කථාකොට: අෂූර්හි රජුන් ආ විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්ට ඉඩ තබන්නේ කුමටදැයි කියා සියලු උල්පත්ද දේශය මැදින් ගලායන ඔයද නැවැත්තූහ.
5. ඔහු ධෛර්ය උපදවාගෙන, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැඟුවේය, පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනගා, දාවිත්ගේ නුවර තිබුණ මිල්ලෝ සවිකර, බොහෝ ආයුධ හා පලිස් සෑදුවේය.
6. ඔහු සෙනඟ කෙරෙහි යුද්ධාධිපතීන් පත්කොට, නුවර දොරකඩ එළිමහන් තැන් ඔවුන් රැස්කරගන ඔවුන්ට මිත්‍රකමින් කථාකොට:
7. අෂූර්හි රජුටවත් ඔහු සමඟ සිටින මුළු සමූහයාටවත් භයනොවී නොකැලඹී බලවත්ව සවිව සිටපල්ලා. මක්නිසාද ඔහු සමඟ සිටින්නන්ට වඩා බලවන්තයෙක් අප සමඟ සිටින්නේය.
8. ඔහු සමඟ ඇත්තේ මාංසමය හස්තයක්ය; නුමුත් අපට පිහිටවී අපේ යුද්ධයන් කරන පිණිස අප සමඟ සිටින්නේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීවේය. සෙනඟ යුදාහි රජවූ හෙසකියාගේ වචන කෙරෙහි විශ්වාසය තැබූහ.
9. මින්පසු අෂූර්හි රජවූ සෙනකෙරිබ් තෙම තමාගේ මුළු සේනාව ඇතුව ලාකීෂ් ඉදිරිපිට සිටියදී, යෙරුසලමෙහි සිටි යුදාහි රජවූ හෙසකියාටත් යෙරුසලමෙහි සිටි සියලු යුදාවරුන්ටත් තමාගේ සේවකයන් අත කියා යවනුයේ:
10. අෂූර්හි රජවූ සෙනකෙරිබ් මෙසේ කියන්නේය-ඔබ සැම යෙරුසලමේ බලකොටුවෙහි සිටින්නේ කුමක් කෙරෙහි විශ්වාසකරගෙනද?
11. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ අතින් අප ගළවාගන්නසේකැයි කියමින් හෙසකියා ඔබ සැම පොළඹන්නේ සාපිපාසයෙන් මැරෙන්ට ඔබ සැම භාරදෙන පිණිස නොවේද?
12. උන්වහන්සේගේ උස්තැන්ද පූජාසනද පහකොට: ඔබ සැම එකම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාරකරන්ටත් ඊපිට සුවඳ දුම් ඔප්පුකරන්ටත් ඕනෑය කියා යුදාටත් යෙරුසලමටත් අණකළේ මේ හෙසකියා නොවේද?
13. මා සහ මාගේ පියවරුන් විසින් දේශවල සියලු ජනයන්ට කළ දේ ඔබ සැම දන්නේ නැද්ද? දේශවල ජාතීන්ගේ දෙවිවරුන්ට කොයි අන්දමකින්වත් ඔවුන්ගේ දේශය මාගේ අතින් ගළවාගන්ට පුළුවන්වුණේද?
14. ඔබ සැම මාගේ අතින් ගළවන්ට ඔබ සැමගේ දෙවියන්ට පුළුවන්වෙන ලෙස, මාගේ පියවරුන් විසින් සිඳදැමූ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරුන් අතරෙන් තමාගේ සෙනඟ මාගේ අතින් ගළවන්ට කාට පුළුවන්වීද?
15. එබැවින් ඔබ සැම රවටන්ටවත් මෙලෙස ඔබ සැම පොළඹන්ටවත් හෙසකියාට ඉඩනොදෙන්න, ඔහු විශ්වාස නොකරන්න. මක්නිසාද කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවිකෙනෙකුටවත් තමාගේ සෙනඟ මාගේ අතින්වත් මාගේ පියවරුන්ගේ අතින්වත් ගළවාගන්ට පුළුවන් නොවීය. එසේවී නම් ඔබ සැමගේ දෙවියන්වහන්සේ ඔබ සැම මාගේ අතින් ගළවන්නේ කොහොමදැයි කීවේය.
16. ඔහුගේ සේවකයෝ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ මෙහෙකරුවූ හෙසකියාටත් විරුද්ධව තවදුරටත් කථාකෙළේය.
17. තවද ඔහු දේශවල ජාතීන්ගේ දෙවිවරුන් තමුන්ගේ සෙනඟ මා අතින් නොගැළවූවාක් මෙන් හෙසකියාගේ දෙවියනුත් තමන්ගේ සෙනඟ මාගේ අතින් ගළවන්නේ නැත කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නින්දාකර, උන්වහන්සේට විරුද්ධව කථාකරන පිණිස ලියුම් ලියා එවුවේය.
18. ඔවුන් නුවර අල්ලාගන්න පිණිස, පවුර පිට සිටි යෙරුසලමේ සෙනඟ භයගන්වන්ටත් ඔවුන් කලඹන්ටත් ඔව්හු යුදෙව් භාෂාවෙන් මහත් හඬකින් මොරගසා,
19. මනුෂ්‍ය අත් වැඩ වන පොළෝ ජනයන්ගේ දෙවිවරුන් ගැන කථාකරන්නාක් මෙන් යෙරුසලමේ දෙවියන්වහන්සේ ගැන කථාකළෝය.
20. ඒ නිසා හෙසකියා රජද ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායාද යාච්ඤාකොට ස්වර්ගයට මොරගැසූහ.
21. එවිට ස්වාමීන්වහන්සේ දේවදූතයෙකු එවූසේක, ඔහු අෂූර්හි රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධකාරයන්ද ප්‍රධානීන්ද අධිපතීන්ද සිඳදැමුවේය. මෙසේ ඔහු ලජ්ජා මුහුණින් යුක්තව තමාගේ දේශයට හැරීගියේය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාට දාව උපන් තැනැත්තෝ එහිදී ඔහු කඩුවෙන් මැරුවෝය.
22. මෙසේ ස්වාමීන්වහන්සේ හෙසකියාද යෙරුසලමේ වැසියන්ද අෂූර්හි රජවූ සෙනකෙරිබ්ගේ අතින්ද අනික් සියල්ලන්ගේ අතින්ද ගළවා, හැම අතින්ම ඔවුන් ආරක්ෂාකළසේක.
23. එවිට බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේට පඬුරුද යුදාහි රජවූ හෙසකියාට අනර්ඝ දේද යෙරුසලමට ගෙනාවෝය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි උතුම්ව සිටියේය.
24. ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරව, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේ ඔහුට කථාකොට ලකුණක් ඔහුට දුන්සේක.
25. එහෙත් හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට යුතු ලෙස නොහැසිර සිතින් උඩඟුවිය. ඒ නිසා ඔහු පිටටත් යුදා සහ යෙරුසලම පිටටත් උදහස පැමිණියේය.
26. නුමුත් තමාගේ සිතේ උඩඟුකම ගැන හෙසකියාද යෙරුසලමේ වැසියන්ද යටත්වූ නිසා හෙසකියාගේ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් පිටට නොපැමිණියේය.
27. හෙසකියාට වස්තුද ඓශ්වර්යද අතිශයින්ම තිබුණේය. ඔහු රන් රිදීවලටත් අනර්ඝ ගල්වලටත් සුවඳ ද්‍රව්‍ය වලටත් පලිස්වලටත් සියලු ආකාර අනර්ඝ බඩුවලටත් ගබඩාගෙවල්ද,
28. ධාන්‍යවල අස්වැන්නටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් ගබඩාද, සියලු ආකාර මෘගයන්ට පට්ටිද, රැළවලට ගාල්ද සෑදෙවුවේය.
29. දෙවියන්වහන්සේ ඔහුට සම්පත් අතිශයින්ම දුන් නිසා ඔහු නුවරවල්ද බොහෝ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද සපයාගත්තේය.
30. මෙම හෙසකියා ගීහොන්හි වතුරේ ඉහළ උල්පත නවත්වා ඒවා දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැසඑන්ට සැලැස්සුවේය. හෙසකියා තමාගේ සියලු වැඩවලදී සඵලවුණේය.
31. එසේවුවත් දේශයෙහි සිද්ධවුණ ආශ්චර්යය ගැන විභාගකරන්ට බබිලෝනියේ අධිපතීන් විසින් තානාපතියන් ඔහු ළඟට එවූ කල, ඔහුගේ සිතේ තිබුණ සියල්ල දැනගන්න පිණිස දෙවියන්වහන්සේ ඔහු සෝදිසි කිරීමට අත්හැරියසේක.
32. හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ භක්තිමත් කෘත්‍යන්ද ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘතැනගේ දර්ශන පොතෙහිද යුදා සහ ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහිද ලියා තිබේ.
33. හෙසකියා තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාසයෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ මරණයේදී සියලු යුදාවරුද යෙරුසලමේ වැසියෝද ඔහුට ගෞරවකළෝය. ඔහුගේ පුත්‍රවූ මනස්සේ ඔහු වෙනුවට රජවිය.
About 2 ලේකම් Chapter 32
Read 2 ලේකම් Chapter 32 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 ලේකම්
Chapter: 32
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 ලේකම් Chapter 32 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 ලේකම් Chapter 32?
2 ලේකම් Chapter 32 is part of the Book of 2 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 ලේකම් Chapter 32 online for free with easy chapter navigation.
More Chapters from 2 ලේකම්
- 2 ලේකම් Chapter 18
- 2 ලේකම් Chapter 3
- 2 ලේකම් Chapter 20
- 2 ලේකම් Chapter 16
- 2 ලේකම් Chapter 12
- 2 ලේකම් Chapter 28
- 2 ලේකම් Chapter 11
Explore More from පැරණි ගිවිසුම
- යෝබ් Chapter 14
- උත්පත්ති Chapter 17
- ද්වීතීය කථාව Chapter 17
- එසකියෙල් Chapter 16
- නික්මයාම Chapter 32
- යෝබ් Chapter 8
- 2 සාමුවෙල් Chapter 8