යෙසායා Chapter 9

For English

Read යෙසායා Chapter 9 Online

Read යෙසායා Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.

Choose a Chapter

යෙසායා 9

පරිච්ඡේදය 9

1. ඔව්හු ඝණාන්ධකාරයට පන්නනු ලබන්නෝය. එහෙත් තද වේදනාවෙන් සිටියාවූ ඈට අඳුරක් නොවන්නේය. පළමු කාලයේදී උන්වහන්සේ සාබුලොන් රටද නප්තලී රටද පහත් කළසේක, නුමුත් අන්තිම කාලයේදී උන්වහන්සේ යොර්දාන් අසබඩ මුහුදු පළාතවූ ජාතීන්ගේ ගලීලය මහිමතාවට පැමිණවූසේක.

2. අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය.

3. ඔබ ජාතිය වැඩිකළසේක, ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනයකළසේක. ගොයම් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කල ප්‍රීතිවන්නාක්මෙන්ද ඔව්හු ඔබ ඉදිරියෙහි ප්‍රීතිවෙති.

4. මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක.

5. තවද කෝලාහලයට පැමිණෙන යුද්ධකාරයාගේ සියලු යුද්ධ වහන්ද ලෙයෙහි පෙඟු වස්ත්‍රද ගින්නෙහි දැවීමට දර පිණිස වන්නේය.

6. මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.

7. මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.

8. ස්වාමීන්වහන්සේ යාකොබ්ට වචනයක් එවූසේක, ඒක ඉශ්‍රායෙල් වෙතට බැස්සේය.

9. ගඩොල් වැටීගිය නුමුත් අපි කැපූ ගල්වලින් ගොඩනගන්නෙමුව; අත්තික්කා ගස් කපාදැමූ නුමුත් අපි ඒ වෙනුවට කිහිරි ගස් වවන්නෙමුයයි

10. සිතේ එඩිතරකමෙන්ද අහංකාරයෙන්ද කියන්නාවූ එප්‍රායිම් සහ සමාරියේ වැසියෝද වන මුළු සෙනඟ ඒක දැනගන්නෝය.

11. එබැවින් ස්වාමීන්වහන්සේ රෙශීන්ගේ එදිරිකාරයන් ඔවුන්ට විරුද්ධව උසස්කර, ඔවුන්ගේම සතුරන්ද පොළඹවනසේක;

12. සිරියවරු ඉස්සරින්ද පිලිස්තිවරු පස්සෙන්ද ඇවිත් මුඛය හැර ඉශ්‍රායෙල් කාදමන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.

13. එහෙත් සෙනඟ තමුන්ට පහරදුන් තැනන්වහන්සේ වෙතට නොහැරී, සේනාවල ස්වාමීන්වහන්සේ නොසෙවුවෝය.

14. එබැවින් ස්වාමීන්වහන්සේ හිස සහ වල්ගයද තල්අත්ත සහ පන්ගසද එක දවසේදීම ඉශ්‍රායෙල්ගෙන් කපාදමනසේක.

15. හිස නම් වෘද්ධයා සහ ගෞරව ඇත්තාය; වල්ගය නම් බොරු උගන්වන අනාගතවක්තෘය.

16. මක්නිසාද මේ සෙනඟට මග පෙන්වන්නෝ ඔවුන් මුළාකරවති; ඔවුන් විසින් ගෙනයනු ලබන්නෝද නාස්තිවෙති.

17. එබැවින් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ යෞවනයන් කෙරෙහි ප්‍රීති නොවනසේක, ඔවුන්ගේ පියා නැත්තන්ටත් වැන්දඹුවන්ටත් අනුකම්පා නොකරනසේක. මක්නිසාද ඔවුන් සියල්ලෝම අභක්තිකයෝද නපුර කරන්නෝද වෙති, සියලු මුඛද නින්දිත දේ කථාකෙරෙති. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.

18. මක්නිසාද දුෂ්ටකම ගින්න මෙන් දවයි; ඒක කටුගස්ද ගොකටුද නාස්ති කරයි; එසේය, එය කැලෑවේ අකුල්වල ඇවිළී, ඝනවූ දුම්-වලාකුල් ඉහළට නගිති.

19. සේනාවල ස්වාමීන්වහන්සේගේ උදහසින් දේශය දාලා ගියාය. සෙනඟද ගින්නට දර මෙන් වෙති; කිසිවෙක් තමාගේ සහෝදරයාට කරුණා නොකෙරෙයි.

20. කෙනෙක් දකුණු පැත්තෙහි ගසාකන නුමුත්, බඩගිනිව සිටියි; ඔහු වම් පැත්තෙහි කන නුමුත්, ඔව්හු තෘප්තියට නොපැමිණෙති. එකිනෙකා තම තමාගේ බාහුවේ මාංසය කන්නේය.

21. මනස්සේ විසින් එප්‍රායිම්ද එප්‍රායිම් විසින් මනස්සේද කාදමනවා ඇත. ඔවුන් දෙගොල්ලම එකතුව යූදාට විරුද්ධවන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.

About යෙසායා Chapter 9

Read යෙසායා Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙසායා
Chapter: 9
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙසායා Chapter 9 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙසායා Chapter 9?

යෙසායා Chapter 9 is part of the Book of යෙසායා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙසායා Chapter 9 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 6
  5. නික්මයාම Chapter 30
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 18

Explore More from යෙසායා

  1. යෙසායා Chapter 47
  2. යෙසායා Chapter 40
  3. යෙසායා Chapter 59
  4. යෙසායා Chapter 49
  5. යෙසායා Chapter 56
  6. යෙසායා Chapter 8
  7. යෙසායා Chapter 26

Related Chapters & Readings

  1. යෙසායා Chapter 58
  2. ගණන් කථාව Chapter 3
  3. හොෂෙයා Chapter 5
  4. විලාප ගී Chapter 5
  5. එසකියෙල් Chapter 21
  6. ශු. යොහන් Chapter 8
  7. ගණන් කථාව Chapter 31
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *