නික්මයාම Chapter 16

For English

Read නික්මයාම Chapter 16 Online

Read නික්මයාම Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

නික්මයාම 16

පරිච්ඡේදය 16

1. පසුව ඔව්හු ඒලිම්හි සිට ගමන් ගත්තෝය, තවද ඔවුන් මිසර දේශයෙන් නික්ම ගියායින් පසු දෙවෙනි මාසයේ පසළොස්වෙනි දිනදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඒලිම් සහ සීනයි අතරෙහිවූ සීන් නම් වනාන්තරයට පැමුණුණහ.

2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව වනාන්තරයෙහිදී මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව කොඳුළෝය.

3. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුන්ට කථාකොට: මිසර දේශයෙහිදී මස් භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම කෑ විට ස්වාමීන්වහන්සේගේ අතින් අපි නැසුණෙමුනම් යහපත; මක්නිසාද මේ මුළු සමූහයා ක්ෂුධාවෙන් මරවන පිණිස ඔබ සැම අප මේ වනාන්තරයට ගෙනාවෝයයි කීවෝය.

4. එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: බලව, ඔව්හු මාගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්නෝද නැද්දැයි පරීක්ෂාකරන පිණිස ස්වර්ගයෙන් ඔබ සැම උදෙසා ආහාර වස්වන්නෙමි; සෙනඟ පිටත ගොස් දවසකට සෑහෙන ප්‍රමාණය දවස්පතා රැස්කරගනිත්වා.

5. තවද සවෙනි දවසේදී ඔවුන් ගෙනෙන දේ සූදානම්කරත්වා, එය ඔවුන් දවස්පතා රැස්කරගන්නා ප්‍රමාණය ලෙස දෙගුණයක් වන්නේයයි කීසේක.

6. මෝසෙස්ද ආරොන්ද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ඔබ සැම මිසර දේශයෙන් ගෙනාවේ ස්වාමීන්වහන්සේ බව සවස දැනගන්නහුය.

7. උදය ස්වාමීන්වහන්සේගේ තේජස දකින්නහුය; මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව ඔබ සැමගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසෙයි. ඔබ සැම අපට විරුද්ධව කොඳුරන්ට අපි කවුරුදැයි කීවෝය.

8. මෝසෙස්: මෙසේ වන්නේ ස්වාමීන්වහන්සේ සවස ඔබ සැමට කන පිණිස මාංසද උදය සෑහෙන තරම් ආහාරද දෙන විටය; මක්නිසාද ඔබ සැම ස්වාමීන්වහන්සේට විරුද්ධව කොඳුරන ඔබ සැමගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද? ඔබ සැමගේ කෙඳිරීම් අපට විරුද්ධව නොව ස්වාමීන්වහන්සේට විරුද්ධවයයි කීවේය.

9. තවද මෝසෙස් ආරොන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ කෙඳිරීම් ඇසූ හෙයින් උන්වහන්සේ ඉදිරියට ළංවෙන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කියන්නැයි කීය.

10. ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකළ කල්හි ඔව්හු වනාන්තරය දෙස බැලුවෝය, බලව, ස්වාමීන්වහන්සේගේ තේජස වලාකුළෙහි පෙනුණේය.

11. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

12. මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කෙඳිරීම් ඇසීමි. ඔබ සැම සවස මාංස කන්නහුය, උදය රොටිවලින් තෘප්තියට පැමිණෙන්නහුය; මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුයයි ඔවුන්ට කියවයි කීසේක.

13. ඒ හැටියට සවස වටුවෝ අවුත් අන්දායම් වසාගත්තෝය. උදය කඳවුර හාත්පස පිනි තිබුණේය.

14. වැටී තිබුණු ඒ පිනි හිඳුණු කල, බලව, හිම වැනි හීන් කුඩා වටවූ දෙයක් වනාන්තරයේ බිම පිට තිබුණේය.

15. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දැක කිමෙක්දැයි නොදැන: මේ මොනවාදැයි එකිනෙකාට කීවෝය. එවිට මෝසෙස්: මේ වනාහි කෑම පිණිස ස්වාමීන්වහන්සේ ඔබ සැමට දුන් රොටිය.

16. ස්වාමීන්වහන්සේ අණකර තිබෙන දේ මේය-ඔබ සැම එකිනෙකා තම තමා කන ප්‍රකාරයට එයින් රැස්කරගන්න; ඔබ සැමගේ ගණනේ හැටියට එකිනෙකා තම තමාගේ කූඩාරමේ සිටින්නන්ට එක්කෙනාට ඕමෙරයක් 16:16 ඕමෙරයක් නැළි තුනහමාරයි. බැගින් ගන්නැයි කීය.

17. ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කොට සමහරෙක් වැඩියෙන්ද සමහරෙක් අඩුවෙන්ද රැස්කරගත්තෝය.

18. ඔවුන් ඕමෙර යන මිම්මකින් ඒ මැන්න කල බොහෝ රැස්කළ තැනැත්තාට වැඩිව නොතිබුණේය, ටික රැස්කළ තැනැත්තාට අඩුව නොතිබුණේය; එකිනෙකා තම තමා කන ප්‍රමාණයට එකතුකෙළේය.

19. මෝසෙස්: කිසිකෙනෙක් පසුවදා උදය දක්වා එයින් ඉතුරු නොකෙරේවයි කීය.

20. එසේ වී නුමුත් ඔව්හු මෝසෙස්ට ඇහුම්කන්නොදී සමහරෙක් පසුවදා උදය වනතුරු එයින් ඉතුරුකළෝය, එය පණුවන් හැදී දුර්ගන්ධවිය. මෝසෙස් ඔවුන් කෙරෙහි කෝප විය.

21. ඔවුන් එකිනෙකා තම තමා කන ප්‍රකාරයට උදයෙන් උදය එය රැස්කරගත්තේය. අව්ව තදවූ විට එය දියවී ගියේය.

22. තවද හවෙනි දවසේදී ඔව්හු එකිනෙකාට ඕමෙර දෙකක් බැගින් දෙගුණයක් රැස්කරගත්තේය. සභාවේ සියලු අධිපතීහු අවුත් මෝසෙස්ට ඒ බව කීවෝය.

23. ඔහුද: ස්වාමීන්වහන්සේ කී කාරණය මේය, හෙට දවස ගරුමයවූ නිවාඩුවක්ය, ස්වාමීන්වහන්සේට ශුද්ධ සබතක්ය. පුළුස්සන දේ පුළුස්සා ගන්න, තම්බන දේ තම්බා ගන්න; ඉතුරුව තිබෙන සියල්ල පසුවදා උදය දක්වා තිබෙන්ට ඔබ සැම ළඟ තබාගන්නැයි ඔවුන්ට කීවේය.

24. ඔව්හු මෝසෙස් කී ලෙස පසුවදා උදය වනතුරු ඒවා තබාගත්තෝය. ඒවා දුර්ගන්ධ නොවීය, එහි කිසි පණුවෙක්ද නොවීය.

25. මෝසෙස්: අද ඒවා කන්න; මක්නිසාද අද ස්වාමීන්වහන්සේට පවත්වන සබතය. අද ඒවා කෙතෙහි සම්බනොවන්නේය. සදවසක් ඒවා රැස්කරන්න;

26. එහෙත් සත්වෙනි දවස සබතය, ඒ දවසෙහි එයින් කිසිවක් නොතිබේයයි කීය.

27. තවද සෙනඟ අතරෙන් සමහරෙක් සත්වෙනි දවසෙහි රැස්කරගන්ට පිටතට ගිය නුමුත් කිසිවක් නොලැබුණේය.

28. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ සැම මාගේ ආඥාද ව්‍යවස්ථාද පවත්වන්ට කොපමණ කල් අකැමැතිව සිටිනවාද?

29. බලන්න, ස්වාමීන්වහන්සේ ඔබ සැමට සබත් දවස දුන්සේක, එබැවින් උන්වහන්සේ සවෙනි දවසේදී දෙදවසක ආහාර ඔබ සැමට දෙනසේක; එකිනෙකා තම තමාගේ ස්ථානයේ නැවතී සිටිනු මිස සත්වෙනි දවසෙහි තමාගේ ඉඩමෙන් කිසිවෙක් නොයේවයි කීසේක.

30. මෙසේ සෙනඟ සත්වෙනි දවසෙහි නිවාඩුගත්තෝය.

31. ඉශ්‍රායෙල් වංශය ඒවාට මන්නා 16:31 එනම්, මොනවාද? නොහොත් ප්‍රසාදයක්. යන නාමය තැබූහ. ඒවා කොත්තමල්ලි ඇට සමානය, සුදුය; එහි රස මීපැණි මිශ්‍රවූ පූප මෙනි.

32. මෝසෙස් කියනුයේ: ස්වාමීන්වහන්සේ අණකළ දේ මේය, මා විසින් මිසර දේශයෙන් ඔබ සැම ගෙනා කල්හි වනාන්තරයේදී ඔබ සැම පෝෂණයකළ ආහාර ඔබ සැමගේ පරම්පරාවල අය දකින පිණිස ඔවුන් නිසා ඕමෙරයක් පුරවා තබාගන්න කීය.

33. මෝසෙස් ආරොන්ට කථාකොට: භාජනයක් රැගෙන මන්නාවලින් ඕමෙරයක් පුරවා ඔබ සැමගේ පරම්පරාවන් උදෙසා ප්‍රවේසම්ව තිබෙන පිණිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබන්නැයි කීවේය.

34. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ආරොන් ඒවා ප්‍රවේසම්වී තිබෙන පිණිස සාක්ෂිය 16:34 එනම්, සාක්ෂිපෙට්ටිය නොහොත් සාක්ෂි ලෑල්ල. ඉදිරියෙහි තැබීය.

35. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මනුෂ්‍ය පථයකට එන තෙක් සතළිස් අවුරුද්දක් මන්නා කෑවෝය; ඔව්හු කානාන් දේශයේ සීමාවලට පැමිණෙනතෙක් මන්නා කෑවෝය.

36. ඕමෙරයක් නම් ඒඵාවෙන් 16:36 ඒඵාවක් නැළි තිස්පහයි. දසයෙන් කොටසක්ය.

About නික්මයාම Chapter 16

Read නික්මයාම Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 16
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 16 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 16?

නික්මයාම Chapter 16 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 16 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 20

Explore More from පැරණි ගිවිසුම

  1. 1 සාමුවෙල් Chapter 24
  2. ගණන් කථාව Chapter 6
  3. ගීතාවලිය Chapter 131
  4. යෝෂුවා Chapter 10
  5. හිතෝපදේශ Chapter 14
  6. ද්වීතීය කථාව Chapter 15
  7. යෝෂුවා Chapter 7

Related Chapters & Readings

  1. සාලමොන්ගේ ගීතිකා Chapter 8
  2. ක්රිරයා Chapter 25
  3. රෝම Chapter 7
  4. යෝබ් Chapter 32
  5. ද්වීතීය කථාව Chapter 22
  6. යෝබ් Chapter 1
  7. එසකියෙල් Chapter 40
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *