යෙසායා Chapter 62

For English

Read යෙසායා Chapter 62 Online

Read යෙසායා Chapter 62 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.

Choose a Chapter

යෙසායා 62

පරිච්ඡේදය 62

1. මම සියොන් උදෙසාත් යෙරුසලම උදෙසාත් නිශ්ශබ්දව නොසිටින්නෙමි, එහි ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන්ද නික්මෙන තුරු නොනවතින්නෙමි.

2. ජාතීන් නුඹේ ධර්මිෂ්ඨකමත් සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් කියවෙන අලුත් නමක්ද නුඹට කියන්ට යෙදෙනවා ඇත.

3. නුඹ ස්වාමීන්වහන්සේගේ අතෙහි අලංකාර ඔටුන්නක්ද නුඹේ දෙවියන්වහන්සේගේ අතෙහි රාජකිරීටයක්ද වන්නෙහිය.

4. නුඹ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, නුඹේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. නුඹ ‍හෙප්ශීබා* කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රසන්නය, නුඹේ දේශයද සරණපාවාගනු ලැබේ. (* එනම්, ඈ කෙරෙහි ප්‍රසන්නවෙම් කියාද නුඹේ දේශය‍ බෙයුලාඑනම්, සරණ පාවාගනු ලැබුවා)

5. මක්නිසාද තරුණයෙකු විසින් කන්‍යාවක් පාවගන්නාක්මෙන් නුඹේ පුත්‍රයෝ නුඹ සරණපාවාගන්නෝය. මනමාලයා මනමාලී කෙරෙහි ප්‍රීතිවන්නාක්මෙන් නුඹේ දෙවියන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රීතිවනසේක.

6. එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි,

7. උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න.

8. ස්වාමීන්වහන්සේ තමන්ගේ දකුණත සහ තමන්ගේ බලවත් හස්තය ගැන දිවුරමින්: සැබවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි; නුඹ වැඩකර ලබාගත් නුඹේ මුද්‍රිකයුෂ විදේශීහු නොබොන්නෝය.

9. නුමුත් ඒවා එකතුකළ අය ඒවා කා, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්නෝය; ඒවා රැස්කළ අය මාගේ ශුද්ධ මළුවලදී ඒවා බොන්නෝයයි කීසේක.

10. දොරටුවලින් ඇතුල්වෙන්න, ඇතුල්වෙන්න; සෙනඟගේ මාර්ගය පහදන්න; මහ මාවත සමතලාකරන්න, සමතලාකරන්න; ගල් අහක්කරන්න; ජනයන්ට කොඩියක් නගන්න.

11. බලව, ස්වාමීන්වහන්සේ පොළොවේ කෙළවර දක්වා මෙසේ ප්‍රකාශකර තිබේ; අන්න නුඹේ ගැළවීම එන්නේය; අන්න උන්වහන්සේගේ බලය උන්වහන්සේ සමඟය, උන්වහන්සේගේ විපාකය උන්වහන්සේ ඉදිරියෙහිය කියා සියොන් දුවට කියන්න.

12. ඔව්හු: ශුද්ධ සෙනඟය කියාත් ස්වාමීන්වහන්සේගේ මුදාගත් අයය කියාත් කියනු ලබන්නෝය. නුඹ වනාහි: සොයාගත් තැනැත්තීය, අත්නෑරිය නුවරක්ය කියා කියනු ලබන්නෙහිය.

About යෙසායා Chapter 62

Read යෙසායා Chapter 62 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙසායා
Chapter: 62
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙසායා Chapter 62 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙසායා Chapter 62?

යෙසායා Chapter 62 is part of the Book of යෙසායා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙසායා Chapter 62 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 18
  6. නික්මයාම Chapter 10
  7. නික්මයාම Chapter 9

Explore More from යෙසායා

  1. යෙසායා Chapter 10
  2. යෙසායා Chapter 9
  3. යෙසායා Chapter 54
  4. යෙසායා Chapter 5
  5. යෙසායා Chapter 35
  6. යෙසායා Chapter 53
  7. යෙසායා Chapter 61

Related Chapters & Readings

  1. සාලමොන්ගේ ගීතිකා Chapter 1
  2. යෙරෙමියා Chapter 21
  3. ශු. යොහන් Chapter 15
  4. හෙබ්රෙනව් Chapter 4
  5. 2 සාමුවෙල් Chapter 4
  6. හිතෝපදේශ Chapter 16
  7. ගීතාවලිය Chapter 45
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *