2 රාජාවලිය Chapter 18

For English

Read 2 රාජාවලිය Chapter 18 Online

Read 2 රාජාවලිය Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 රාජාවලිය and the Holy Bible online.

Choose a Chapter

2 රාජාවලිය 18

පරිච්ඡේදය 18

1. ඒලාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ හෝෂෙයාගේ තුන්වෙනි අවුරුද්දේදී යුදාහි රජවූ ආහාස්ගේ පුත්‍රවූ හෙසකියා රජවුණේය.

2. ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී විසිනව අවුරුද්දක් යෙරුසලමේ රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම් අබීය, ඈ සෙකරියාගේ දුවෙක්ය.

3. ඔහුගේ පියවූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.

4. ඔහු උස් තැන් පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කණු කපාදමා, මෝසෙස් විසින් සෑදූ පිත්තල සර්පයාත් කැබලිකොට දැමුවේය; මක්නිසාද ඒ දවස් දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඊට සුවඳ දුම් ඔප්පුකළෝය; ඔහු ඊට නෙහුෂ්තාන්යයි 18:4එනම්, පිත්තල කෑල්ලක්. නම් තැබුවේය.

5. ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේය; ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසුවවත් ඔහුට ප්‍රථමවත් යුදාහි සියලු රජුන් අතරේ නොසිටියේය.

6. ඔහු ස්වාමීන්වහන්සේට ඇලුම්ව සිට, උන්වහන්සේ අනුව යාම අත්නොහැර, ස්වාමීන්වහන්සේ විසින් මෝසෙස්ට අණකළ උන්වහන්සේගේ ආඥා රක්ෂාකෙළේය.

7. ස්වාමීන්වහන්සේද ඔහු හා සමඟ සිටිසේක; ඔහු ගිය ගිය තැන සමෘද්ධවිය. ඔහු අෂූර්හි රජුට විරුද්ධව කැරළි ගසා, ඔහුට සේවය නොකොට සිටියේය.

8. ඔහු ගාසා සහ එහි සීමාවල් දක්වාද මුර කොටුව පටන් පවුරු සහිත නුවර දක්වාද පිලිස්තිවරුන්ට පහර දුන්නේය.

9. ඒලාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ හෝෂෙයාගේ සත්වෙනි අවුරුද්ද වන හෙසෙකියා රජුගේ සතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ ෂල්මෙනෙසෙර් සමාරියට විරුද්ධව ඇවිත් ඒක වටලාගෙන,

10. තුන් අවුරුද්දකට පසු ඒක අල්ලාගත්තේය. ඉශ්‍රායෙල් රජවූ හෝෂෙයාගේ නවවෙනි අවුරුද්ද වන හෙසකියාගේ හවෙනි අවුරුද්දේදී සමාරිය අල්ලාගන්නාලද්දේය.

11. අෂූර්හි රජද ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝෂාන්හි ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචිකෙරෙවුවේය.

12. මෙසේ සිද්ධවුණේ ඔවුන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනොවී, උන්වහන්සේගේ ගිවිසුම වන, ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් අණකළ සියල්ල කඩකළ නිසාය, ඔව්හු ඒවා අසන්ටවත් කරන්ටවත් නොකැමැතිවූහ.

13. හෙසකියා රජුගේ දහහතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරිබ් යුදාහි රජවරුන්ගේ නුවරවලට විරුද්ධව ඇවිත් ඒවා අල්වාගත්තේය.

14. එවිට යුදාහි රජවූ හෙසකියා: මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගියමැනවි. ඔබ මා පිට තබන දෙයක් දරන්නෙමියි කියා ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා ඇරියේය. අසිරියාවේ රජද රිදී තලෙන්ත තිහක්ද දෙන්ට යුදාහි රජවූ හෙසකියාට නියමකෙළේය.

15. හෙසකියා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් රජ ගෙදර ගබඩාවලත් තිබුණු රිදී සියල්ල ඔහුට දුන්නේය.

16. ඒ කාලයෙහි හෙසකියා ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ දොරටුවලින්ද යුදාහි රජවූ හෙසකියා රනින් වැසුවාවූ කුළුනුවලින්ද රන් කපාගෙන ඒවා අෂූර්හි රජුට දුන්නේය.

17. නුමුත් අෂුර්හි රජ තර්තාන්ද රබ්-සාරිස්ද රබ්-ෂාකේද මහත් සේනාවක් සමඟ හෙසකියා රජු ළඟට ලාකීෂ්හි සිට යෙරුසලමට හැරියේය. ඔව්හු නැගී අවුත් යෙරුසලමට පැමිණියෝය. තවද ඔව්හු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජුට අඬගැස්සෙවුවෝය.

18. එවිට රජගෙදර ප්‍රධානියාවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නා ලේකමද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද පිටත්ව ඔවුන් ළඟට ගියෝය.

19. එවිට රබ්-ෂාකේ ඔවුන්ට කථාකොට: අෂූර්හි රජවූ මහරජ්ජුරුවෝ මෙසේ කියන්නාහ-ඔබ විශ්වාසය තබන ඔය දේ කිමෙක්ද?

20. යුද්ධය පිණිස මන්ත්‍රණයද බලයද තිබේයයි ඔබ කියන්නෙහිය. නුමුත් ඒවා හිස් වචනය. ඉතින් ඔබ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාසකරගනද?

21. මෙන්න, ඔබ විශ්වාසකරන්නේ ඒ තැළුණ බට දණ්ඩ වන මිසරය කෙරෙහිය; යමෙක් ඒකට බර වුණොත් ඒක ඔහුගේ අතට ඇනී හිල්වෙයි. මිසරයේ රජවූ ඵාරාවෝ කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට ඔහු එසේමය.

22. නුමුත්-අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමුයයි ඔබ සැම සමහරවිට මට කියනවා ඇත. නුමුත් ඔබ සැම යෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි යුදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා, හෙසකියා උන්වහන්සේගේ උස් තැන්ද පූජාසනද පහකරදැමුවා නොවේද?

23. ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට ඔබට පුළුවන් නම්, ඔබ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇපදුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.

24. එසේ ඔබට බැරි නම් ඔබ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙක් වුවත් එළවාදමන්නේ කොහොමද? රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගන සිටිනවාද?

25. මා දැන් මේ ස්ථානය විනාශකරන්ට ඊට විරුද්ධව ආවේ ස්වාමීන්වහන්සේ නැතුවද? මේ දේශයට විරුද්ධව ගොස් ඒක විනාශකරන්නැයි ස්වාමීන්වහන්සේ මට කීසේක කියා ඔබ සැම හෙසකියාට කියන්නැයි කීවේය.

26. එකල හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නාද යෝවාද රබ්-ෂාකේ කථාකොට: පවුර පිට සිටින සෙනඟට ඇසෙන්ට යුදෙව් භාෂාවෙන් අපට කථානොකොට, ඔබේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කථාකළමැනවැයි කීවෝය.

27. එහෙත් රබ්-ෂාකේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ ස්වාමියා මේ වචන කියන්ට මා එවුවේ ඔබේ ස්වාමියාත් ඔබත් ළඟටද? නොහොත් පවුර පිට ඉන්න මනුෂ්‍යයන් ඔබ සැම සමඟ තමුන්ගේ අශූචි කන පිණිසත් තමුන්ගේ මූත්‍ර බොන පිණිසත් ඔවුන් ළඟට නොවේදැයි කීවේය.

28. එවිට රබ්-ෂාකේ සිටගෙන යුදෙව් භාෂාවෙන් මහත් ශබ්දයකින් මොරගසා: අෂූර්හි රජ වන මහ රජ්ජුරුවන්ගේ වචන අසන්න.

29. ඔබ සැම රවටන්ට හෙසකියාට ඉඩ නොදෙන්න. මක්නිසාද මාගේ අතින් ඔබ සැම ගළවාගන්ට ඔහුට බැරිය.

30. ස්වාමීන්වහන්සේ සැබවින් අප ගළවාගන්නසේකැයි කියාද මේ නුවර අෂූර්හි රජු අතට අසුවෙන්නේ නැත කියාද ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔබ සැම විශ්වාසකරවන්ටත් ඉඩනාරින්න.

31. හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින්ද අෂූර්හි රජ මෙසේ කියයි-මා හා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න; එවිට මම ඇවිත්, ඔබ සැමගේ දේශයට සමානවූ, ධාන්‍ය හා මුද්‍රිකපානය ඇති, කෑමද මිදිවතුද ඇති, ඔලීව තෙල්ද මීපැණිද ඇති දේශයකට ඔබ සැම ගෙනයන තුරු,

32. ඔබ සැම එකිනෙකාට තම තමාගේ මුද්‍රික වැලෙන්ද තම තමාගේ අත්තික්කා ගසෙන්ද කන්ටත් තම තමාගේ ළිඳේ වතුර බොන්ටත් පුළුවන. මෙසේ ඔබ සැම නොනැසී ජීවත්වන්නහුය. ස්වාමීන්වහන්සේ අප ගළවාගන්නවා ඇත කියා හෙසකියා ඔබ සැම පොළඹවන කල ඔහුට ඇහුම්කන් නොදෙන්න.

33. ජාතීන්ගේ දෙවිවරු තම තමුන්ගේ දේශ අෂූර්හි රජුගේ අතින් කිසිසේත් ගළවාගත්තෝද?

34. හමාත්හිද අර්පාද්හිද දෙවිවරු කොයිද? සෙපර්වයිම්හිද හේනාහිද ඉව්වාහිද දෙවිවරු කොයිද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝද?

35. ස්වාමීන්වහන්සේ යෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන් වන ලෙස දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ කොයි දෙවිවරුද කියා අසන්නේයයි කීවේය.

36. නුමුත් සෙනඟ ඔහුට කිසි උත්තරයක් නොදී නිශ්ශබ්දව සිටියෝය. මක්නිසාද: ඔහුට උත්තරදෙන්ට එපාය කියා රජුගේ ආඥාවක් තිබුණේය.

37. එවිට රජගෙදර ප්‍රධානියෝවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම් නම් ගෘහාධිපතියාද ෂෙබ්නා ලේකම්ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද තමුන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ඇවිත්, රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්නුවෝය.

About 2 රාජාවලිය Chapter 18

Read 2 රාජාවලිය Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 රාජාවලිය
Chapter: 18
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 රාජාවලිය Chapter 18 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 රාජාවලිය Chapter 18?

2 රාජාවලිය Chapter 18 is part of the Book of 2 රාජාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 රාජාවලිය Chapter 18 online for free with easy chapter navigation.

More Chapters from 2-රාජාවලිය

  1. 2 රාජාවලිය Chapter 21
  2. 2 රාජාවලිය Chapter 22
  3. 2 රාජාවලිය Chapter 16
  4. 2 රාජාවලිය Chapter 9
  5. 2 රාජාවලිය Chapter 2
  6. 2 රාජාවලිය Chapter 15
  7. 2 රාජාවලිය Chapter 8

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 63
  2. දානියෙල් Chapter 8
  3. විනිශ්චයකාරයන් Chapter 4
  4. යෙසායා Chapter 11
  5. ගීතාවලිය Chapter 127
  6. 1 රාජාවලිය Chapter 1
  7. 1 ලේකම් Chapter 6

Related Chapters & Readings

  1. යෙරෙමියා Chapter 52
  2. එසකියෙල් Chapter 44
  3. විනිශ්චයකාරයන් Chapter 18
  4. යෝබ් Chapter 25
  5. උත්පත්ති Chapter 4
  6. යෝබ් Chapter 19
  7. යෝවෙල් Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *