Read පිලෙමොන් Chapter 1 Online
Read පිලෙමොන් Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of පිලෙමොන් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of පිලෙමොන් and the Holy Bible online.
Choose a Chapter
පිලෙමොන් 1
පරිච්ඡේදය 1
1. ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හිරකාරයෙක් වන පාවුල්ද සහෝදරවූ තිමෝතියස්ද යන අප විසින් අපේ ප්‍රේමවන්තවූ හවුල් සේවකයෙක්වූ පිලෙමොන්ටද,
2. අපේ සහෝදරීවූ අපියාටද අපේ හවුල් හේවායෙක්වූ අර්කිපස්ටද නුඹේ ගෙදර තිබෙන සභාවටද ලියා එවන වග නම්:
3. අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.
4. ස්වාමිවූ යේසුස්වහන්සේ කෙරෙහිද සියලු ශුද්ධවන්තයන් කෙරෙහිද තිබෙන නුඹේ ප්‍රේමයත් ඇදහිල්ලත් ගැන මම අසා,
5. නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැනගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ හවුල්කාරකම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත්වන පිණිස,
6. මාගේ යාච්ඤාවලදී නුඹ ගැන මතක්කරමින් නිතරම මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.
7. මක්නිසාද සහෝදරය, නුඹ කරණකොටගෙන ශුද්ධවන්තයන්ගේ සිත් ප්‍රාණවත්කරනු ලබන බැවින් නුඹේ ප්‍රේමය නිසා බොහෝ සන්තෝෂයද සැනසිල්ලද මට ලැබුණේය.
8. ඒ නිසා සුදුසුව තිබෙන දෙය නුඹට ආඥාකරන්ට ක්‍රිස්තුස්වහන්සේ තුළ මට බොහෝ නිසැකකම තිබෙන නුමුත්,
9. එසේ නොකර, මහලුව, දැනට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හිරකාරයෙක්ව සිටින පාවුල් නම් මම, ප්‍රේමය නිසා ඉල්ලා සිටිමි.
10. එසේ මා නුඹෙන් උදක්ම ඉල්ලන්නේ මා බැඳුම්වල සිටියදී ජාතකකළ මාගේ දරුවෙක්වූ ඔනේසිමස් ගැනය.
11. ඔහු වරක් නුඹට නිෂ්ප්‍රයෝජනව සිටිය නුමුත් දැන් නුඹටත් මටත් ප්‍රයෝජනව සිටියි.
12. මාගේම සිත වැනිවූ ඔහු නුඹ වෙත නැවත එවීමි.
13. ශුභාරංචිය නිසාවූ බැඳුම්වලදී ඔහු නුඹ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස මා වෙත සිටුවාගන්ට කැමතිව සිටියෙමි.
14. නුමුත් නුඹේ යහපත්කම බලයෙන් වාගේ නොව නිදහස් කැමැත්තෙන් වන පිණිස, නුඹේ කැමැත්ත නැතුව කිසිත් කරන්ට සතුටුනූණෙමි.
15. මක්නිසාද සමහරවිට ඔහු කලකට නුඹෙන් වෙන්වුණේ, මෙතැන් පටන් දාසයෙකු කොට නොව දාසයෙකුට වඩා ප්‍රේමවන්ත සහෝදරයෙකු කොට සදාකාලේටම ඔහු නුඹට ලැබෙන පිණිස වෙන්ට පුළුවන.
16. විශේෂ ලෙස මට ප්‍රේමවන්ත සහෝදරයෙක්වූ ඔහු කොපමණ වැඩියෙන් මාංසාකාරයෙන් සහ ස්වාමීන්වහන්සේ තුළ නුඹටත් එසේ නොවන්නේද.
17. ඉඳින් නුඹ මා පංගුකාරයෙකු කොට සිතනවා නම්, මා වාගේ ඔහු පිළිගන්න.
18. ඔහු නුඹට අයුත්තක් කළා නම්, නොහොත් නුඹට ණයව සිටිනවා නම්, ඒක මාගේ ගණනට තබන්න.
19. පාවුල් නම් මම මාගේම අතින් මේක ලියමි: මම ඒක ගෙවන්නෙමි. [මෙසේ කියන්නේ] නුඹම මට ණයක්ව සිටින බව නුඹට නොකියන පිණිසය.
20. එසේය, සහෝදරය, ස්වාමීන්වහන්සේ තුළ නුඹෙන් මට ප්‍රීතිය ලැබේවා. ක්‍රිස්තුස්වහන්සේ තුළ මාගේ සිත ප්‍රාණවත්කරන්න.
21. මා නුඹට ලියා එවන්නේ මා කියනවාටත් වඩා නුඹ කරන බව මා දැන, නුඹේ කීකරුකම විශ්වාසකරගනය.
22. ඒ ඇර මට නවාතැනක් සූදානම් කරන්න. මක්නිසාද නුඹලාගේ යාච්ඤා කරණකොටගෙන මා නුඹලාට දෙනු ලැබේයයි බලාපොරොත්තුවෙමි.
23. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ හවුල් හිරකාරයාවූ එපප්‍රස්ද
24. මාගේ හවුල් සේවකයන් වන මාර්ක්ද අරිස්තාර්කිස්ද දේමස්ද ලූක්ද නුඹට ආචාර කරති.
25. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්ම සමඟ වේවා. ආමෙන්.
About පිලෙමොන් Chapter 1
Read පිලෙමොන් Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of පිලෙමොන් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: පිලෙමොන්
Chapter: 1
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading පිලෙමොන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading පිලෙමොන් Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is පිලෙමොන් Chapter 1?
පිලෙමොන් Chapter 1 is part of the Book of පිලෙමොන් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete පිලෙමොන් Chapter 1 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- එපීස Chapter 2
- එපීස Chapter 5
- ශු. ලූක් Chapter 15
- ශු. ලූක් Chapter 3