Read ශු. මාර්ක් Chapter 10 Online
Read ශු. මාර්ක් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මාර්ක් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මාර්ක් and the Holy Bible online.
Choose a Chapter
ශු. මාර්ක් 10
පරිච්ඡේදය 10
1. උන්වහන්සේ එතැනින් නැගිට යුදයේ සීමාවලටත් යොර්දානෙන් එගොඩ පළාතටත් පැමිණිසේක. සමූහයෝ උන්වහන්සේ වෙතට නැවත රැස්වූවෝය; උන්වහන්සේද තමන් පුරුද්ද ලෙස නැවත ඔවුන්ට ඉගැන්නූසේක.
2. ඵරිසිවරු උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්: පුරුෂයෙකු විසින් තමාගේ භාර්යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
3. උන්වහන්සේ උත්තරදෙමින්: මෝසෙස් නුඹලාට අණකළේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක.
4. අත්හැරීම් පත්‍රයක් ලියා ඈ අත්හරින්ට මෝසෙස් අවසර දුන්නේයයි ඔව්හු කීවෝය.
5. නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලාගේ සිත් දැඩිකම නිසා ඔහු මේ ආඥාව නුඹලාට ලියා දුන්නේය.
6. නුමුත් මැවීමේ පටන්ගැන්මේ සිට උන්වහන්සේ පුරුෂයෙකු හා ස්ත්‍රියෙකු වශයෙන් ඔවුන් මැවූසේක.
7. එබැවින් මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය;
8. ඒ දෙදෙනාද එක මාංසය වන්නෝය. මෙසේ ඔව්හු එතැන් පටන් දෙදෙනෙක් නොව එක මාංසය වෙති,
9. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.
10. ගෝලයෝ ගෙයිදී මේ කාරණය ගැන නැවතත් උන්වහන්සේගෙන් ඇසුවෝය.
11. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු පාවාගන්න කවරෙක් නුමුත් ඈට විරුද්ධව කාමමිථ්‍යාචාරය කෙරේ.
12. ඒ ස්ත්‍රී ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණපාවා ගන්නී නම්, ඈද කාමමිථ්‍යාචාරය කරන්නීයයි කීසේක.
13. ඔව්හු ළදරුවන් පිට උන්වහන්සේගේ අත තබවාගන්න පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. නුමුත් ගෝලයෝ ඔවුන්ට සැරකළෝය.
14. යේසුස්වහන්සේ ඒ දැක ඉතා අමනාපවී: ළදරුවන් මා ළඟට එන්ට හරින්න; ඔවුන් වලක්වන්ට එපා. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.
15. සැබවක් නුඹලාට කියමි-යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් පිළි නොගත්තොත් ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේයයි ඔවුන්ට කීසේක.
16. උන්වහන්සේ ඔවුන් වඩාගෙන, ඔවුන් පිට අත් තබා, ඔවුන්ට ආශීර්වාදකළසේක.
17. උන්වහන්සේ මාර්ගයට යද්දී එක්තරා කෙනෙක් දුවගන ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි දණින් හිඳ: යහපත් ආචාරීන්වහන්ස, සදාකාල ජීවනය උරුමකර ගන්නා පිණිස මා විසින් කුමක් කරන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
18. යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මා යහපත්යයි නුඹ මට කියන්නේ මන්ද? එක්කෙනෙක් එනම් දෙවියන්වහන්සේ මිස වෙන කිසිවෙක් යහපත් නොවේ.
19. මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරුසාක්ෂි නොකියව, වංචාකම් නොකරව, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව යන මේ ආඥා නුඹ දන්නෙහියයි කීසේක.
20. ඔහුද: ආචාරීන්වහන්ස, මේ සියල්ල මාගේ යෞවන අවස්ථාවේ පටන් රක්ෂාකෙළෙමියි උන්වහන්සේට කීවේය.
21. යේසුස්වහන්සේ ඔහු දෙස බලා, ඔහුට ප්‍රේමකොට: නුඹට එකක් අඩුය. ගොස් නුඹ සන්තක සියල්ල විකුණා දිළිඳුන්ට දෙන්න, ස්වර්ගයෙහි නුඹට වස්තු ඇතිවන්නේය. නුඹ මා අනුව එන්නැයි ඔහුට කීසේක.
22. එහෙත් ඔහුට බොහෝ සම්පත් තිබුණු බැවින් ඔහු ඒ කීම නිසා මුහුණ මැලවී, ශෝකයෙන් යන්ට ගියේය.
23. එවිට යේසුස්වහන්සේ අවට බලා: ධනවන්තයන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම කොපමණ අමාරුදැයි ගෝලයන්ට කීසේක.
24. ගෝලයෝ උන්වහන්සේගේ වචනවලට විස්මපත් වූවෝය. නුමුත් යේසුස්වහන්සේ නැවතත් උත්තරදෙමින්: දරුවෙනි, වස්තුව කෙරෙහි විශ්වාසකරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම කොපමණ අමාරුද!
25. ධනවන්තයෙකු ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉදිකටු සිදුරෙන් ඔටුවෙකුට යන්ට පහසුයයි කීසේක.
26. ඔව්හු අතිශයින් මවිතවී: එසේ නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි උන්වහන්සේට කීවෝය.
27. යේසුස්වහන්සේ ඔවුන් දෙස බලා: මනුෂ්‍යයන්ට නම් නුපුළුවන, නුමුත් දෙවියන්වහන්සේට එසේ නොවේය. මක්නිසාද දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.
28. පේතෘස් උන්වහන්සේට කථා කරන්ට පටන්ගෙන: මෙන්න, අපි සියල්ල අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුයයි කීය.
29. යේසුස්වහන්සේද: සැබවක් නුඹලාට කියමි-මා නිසාද ශුභාරංචිය නිසාද ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මවු හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නුමුත්,
30. දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනගාත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය.
31. නුමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි කීසේක.
32. ඔවුන් යෙරුසලමට යන කල මගදී යේසුස්වහන්සේ ඔවුන්ට පෙරටුව ගියසේක. ඔව්හු විස්මපත්වුවෝය; පස්සෙන් ගිය අය භයවූවෝය. උන්වහන්සේ දොළොස්දෙනා නැවත කැඳවා, තමන්වහන්සේට සිදුවෙන්ට තිබෙන දේ කියන්ට පටන්ගෙන:
33. බලව, අපි යෙරුසලමට යමුව; මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයන්ටත් ලියන්නන්ටත් පාවාදෙනු ලබන්නේය; ඔව්හු වනාහි ඔහු මරණයට නියමකොට අන්‍යජාතීන්ට පාවාදෙන්නෝය.
34. ඔව්හු ඔහුට නින්දාකොට, කෙළගසා, තළා, ඔහු මරන්නෝය; නුමුත් තුන් දවසකට පසු ඔහු නැවත නැගිටින්නේයයි කීසේක.
35. සෙබදීගේ පුත්‍රයෝවූ යාකොබ්ද යොහන්ද උන්වහන්සේ ළඟට ඇවිත්: ආචාරිනි, අප ඉල්ලන්නාවූ කොයිදෙයක් නුමුත් ඔබ අපට කරදෙනවාට අපි කැමැත්තෙමුයයි කීවෝය.
36. මා විසින් නුඹලාට කුමක් කරදෙනවාට නුඹලා කැමැත්තහුදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.
37. ඔබගේ තේජසේදී එක්කෙනෙක් ඔබගේ දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තේද හිඳගන්ට අපට වරදුන මැනවයි ඔව්හු උන්වහන්සේට කීවෝය.
38. නුමුත් යේසුස්වහන්සේ: නුඹලා ඉල්ලන්නේ කුමක්දැයි නුඹලා නොදන්නහුය. මා බොන කුසලානෙන් බොන්ට හෝ මා ලබන බව්තීස්මයෙන් බව්තීස්මකරනු ලබන්ට හෝ නුඹලාට පුළුවන්දැයි ඔවුන්ට කීසේක.
39. අපට පුළුවනැයි ඔව්හු උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: මා බොන කුසලානෙන් නුඹලා බොන්නහුය; මා ලබන බව්තීස්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුය.
40. නුමුත් මාගේ දකුණු පැත්තේද වම් පැත්තේද හිඳගන්ට දීම මාගේ නොවේය. යමෙකුට එය සූදානම්කර තිබේද ඔවුන්ටයයි කීසේක.
41. එවිට දසදෙනා ඒ අසා යාකොබ් සහ යොහන් කෙරේ කෝපවෙන්ට පටන්ගත්තෝය.
42. යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා කියනසේක්: අන්‍ය ජාතීන් අතරේ ආණ්ඩුකාරයෝයයි සලකනු ලබන්නන් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් නුඹලා දන්නහුය.
43. නුමුත් නුඹලා අතරේ එසේ නොවේය. නුඹලා අතරේ උතුම්වෙන්ට කැමති කවරෙක් නුමුත් නුඹලාගේ සේවකයා වන්නේය.
44. නුඹලා අතරේ ප්‍රධානියා වෙන්ට කැමති කවරෙක් නුමුත් සියල්ලන්ගේ දාසයා වන්නේය.
45. මක්නිසාද සැබවින් මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට තමාගේ ජීවිතය දෙන්ටද ආයේයයි කීසේක.
46. ඔව්හු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත් සමූහයක් සමඟ යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමේයුස්ගේ පුත්‍රවූ බර්තිමේයුස් නම් අන්ධවූ හිඟන්නෙක් පාර අයිනේ ඉඳගන උන්නේය.
47. ඒ නාසරිය යේසුස්වහන්සේ බව ඔහු අසා: දාවිත්ගේ පුත්‍රවූ යේසුස්වහන්ස, මට කරුණාකළ මැනවයි මොරගසන්ට පටන්ගත්තේය.
48. එවිට ඔහු නිශ්ශබ්ද වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකළෝය. නුමුත් ඔහු: දාවිත්ගේ පුත්‍රය, මට කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවේය.
49. යේසුස්වහන්සේ නැවතී සිට: ඔහුට අඬගසන්නැයි කීසේක. ඔව්හු අන්ධයාට අඬගසා: ධෛර්යවත්වෙන්න. නැගිටින්න, උන්වහන්සේ නුඹට අඬගසනසේකැයි කීවෝය.
50. ඔහු තමාගේ සළුව ඉවත දමා, පැනනැගී යේසුස්වහන්සේ ළඟට ආයේය.
51. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මා විසින් නුඹට මක්කරනවාට නුඹ කැමතිදැයි ඔහුගෙන් ඇසූසේක. රබ්බෝනි, පෙනීම ලබාගන්ටයයි අන්ධයා උන්වහන්සේට කීයේය.
52. යේසුස්වහන්සේද: යන්න, නුඹේ ඇදහිල්ල නුඹට සුවකළේයයි ඔහුට කීසේක. එවේලේම ඔහු පෙනීම ලැබ, මාර්ගයෙහි උන්වහන්සේ අනුව ගියේය.
About ශු. මාර්ක් Chapter 10
Read ශු. මාර්ක් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මාර්ක් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ශු. මාර්ක්
Chapter: 10
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ශු. මාර්ක්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ශු. මාර්ක් Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ශු. මාර්ක් Chapter 10?
ශු. මාර්ක් Chapter 10 is part of the Book of ශු. මාර්ක් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ශු. මාර්ක් Chapter 10 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- එපීස Chapter 2
- එපීස Chapter 5
- ශු. ලූක් Chapter 15
- ශු. ලූක් Chapter 3
Explore More from ශු.-මාර්ක්
- ශු. මාර්ක් Chapter 9
- ශු. මාර්ක් Chapter 3
- ශු. මාර්ක් Chapter 15
- ශු. මාර්ක් Chapter 14
- ශු. මාර්ක් Chapter 11
- ශු. මාර්ක් Chapter 12
- ශු. මාර්ක් Chapter 6