ක්රිරයා Chapter 13

For English

Read ක්රිරයා Chapter 13 Online

Read ක්රිරයා Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ක්රිරයා and the Holy Bible online.

Choose a Chapter

ක්රිරයා 13

පරිච්ඡේදය 13

1. අන්තියෝකියේ පිහිටි සභාවෙහි ප්‍රොපේතවරු සහ ගුරුවරු සිටියෝය; එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන්ද කිරේනියේ ලුකියස්ද දේශාධිපතිවූ හෙරොද් සමඟ ඇතිදැඩිවුණාවූ මානායින්ද සාවුල්ද යන අයවල්ය.

2. ඔවුන් ස්වාමීන්වහන්සේට මෙහෙකරමින් නිරාහාරයෙන් උන් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: මා විසින් බාර්ණබස්ද සාවුල්ද කැඳවූ වැඩය පිණිස ඔවුන් මට වෙන්කරන්නැයි කීසේක.

3. එවිට ඔව්හු නිරාහාරයෙන් හිඳ යාච්ඤාකොට ඔවුන් පිට අත් තබා, ඔවුන් පිටත්කර හැරියෝය.

4. මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවනලදුව සිලුකියට බැසගොස්, එහිදී නැව් නැගී කුප්‍රසට ගියෝය.

5. ඔව්හු සලමියට පැමිණි කල, යුදෙව්වරුන්ගේ සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශකළෝය. යොහන් ඔවුන්ගේ සේවකයාව සිටියේය.

6. ඔව්හු මුළු දිවයින මැදින් පාපස් දක්වා ගිය කල, එක්තරා මායාකාරයෙක් වන බොරු අනාගතවක්තෘ කෙනෙක්වූ බාර්-යේසුස් නම් යුදෙව් මනුෂ්‍යයෙකු දුටුවෝය.

7. ඔහු බුද්ධිමත් මනුෂ්‍යයෙක්වූ සර්ගියස් පාවුලස් නම් අධිපතියා සමඟ සිටියේය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ වචනය අහන්ට ආශාවුණේය.

8. නුමුත් මායාකාර යන අර්ථ ඇති එලිමස් නම් තැනැත්තේ අධිපතියා ඇදහීමෙන් ඉවතට හරවාගන්ට අදහස්කරමින්, ඔවුන්ට විරුද්ධව සිටියේය.

9. නුමුත් පාවුල් යන නමක්ද ඇති සාවුල් ශුද්ධාත්මයෙන් පූර්ණව, ඔහු දෙස ඇස් යොමා:

10. සියලු වංචාවෙන් හා සියලු දුෂ්ටකමින් පූර්ණවූ තැනැත්ත, යක්ෂයාගේ පුත්‍රය, සියලු ධර්මිෂ්ඨකමට සතුරුවූ නුඹ ස්වාමීන්වහන්සේගේ හරි මාර්ගයන් පෙරළීමෙන් නවතින්නේ නැද්ද?

11. ඉදින්, මෙන්න, ස්වාමීන්වහන්සේගේ හස්තය නුඹ පිට තිබේ, නුඹ අන්ධවී කලකට ඉර නොදක්නෙහියයි කීවේය. එකෙණෙහිම දුමාරයක්ද අඳුරක්ද ඔහු පිටට පැමුණුණේය; ඔහුද තමාගේ අත අල්ලාගෙන යන්ට මිනිසුන් සොයමින් ඇවිද්දේය.

12. එකල අධිපති තෙමේ සිද්ධවූ දේ දැක, ස්වාමීන්වහන්සේගේ ඉගැන්වීමට විස්මපත්ව, අදහාගත්තේය.

13. පාවුල්ද ඔහු සමඟ සිටියෝද පාපස් කෙරෙන් නැව් නැගී ගොස්, පම්පිලියේ පර්ගායට පැමුණුණෝය. එවිට යොහන් ඔවුන් කෙරෙන් අහක්වී යෙරුසලමට හැරී ගියේය.

14. නුමුත් ඔව්හු පාර්ගායෙන් පිටත්ව ගමන්කොට, පිසිදියේ අන්තියෝකියාට ඇවිත් සබත් දවසේදී සිනගෝගයට ඇතුල්වී හිඳගත්තෝය.

15. ව්‍යවස්ථාවද අනාගතවාක්‍යයද කියෙවු පසු සිනගෝගයේ මුලාදෑනීහු: සහෝදරයෙනි, සෙනඟට අවවාද වචනයක් නුඹලාට ඇත්නම් කියන්නැයි ඔවුන්ට කියා යැවුවෝය.

16. එවිට පාවුල් නැගිට සිට අතින් සංඥාකොට: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙනි, ඇහුම්කන්දෙන්න.

17. මේ ඉශ්‍රායෙල් සෙනඟගේ දෙවියන්වහන්සේ අපේ පියවරුන් තෝරාගන, මිසර දේශයෙහි විදේශීව සිටියදී සෙනඟ උසස්කොට, බලවත් බාහුවකින් ඔවුන් එයින් පිටතට ගෙනාසේක.

18. උන්වහන්සේ සතළිස් අවුරුද්දක් පමණ කාලයක් වනයෙහිදී ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටිසේක.

19. උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශකොට, අවුරුදු හාරසිය පනහක් පමණ කාලයකට ඒ ජාතීන්ගේ දේශය උරුමයක් කොට ඔවුන්ට දුන්සේක.

20. එයින් පසු අනාගතවක්තෘවූ සාමුවෙල් දක්වා උන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකාරයන් දුන්සේක.

21. ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලුවෝය. දෙවියන්වහන්සේ බෙන්යමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙක්වූ කීෂ්ගේ පුත්‍රවූ සාවුල් සතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන්සේක.

22. උන්වහන්සේ ඔහු අහක්කොට, දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටෙවුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂිදෙමින්: යෙස්සේගේ පුත්‍රවූ, මාගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්වූ, මාගේ මුළු කැමැත්ත කරන්නාවූ දාවිත් මට සම්බවීයයි කීසේක.

23. ඔහුගේ වංශයෙන් දෙවියන්වහන්සේ පොරොන්දුවූ ලෙස ඉශ්‍රායෙල්ට යේසුස් නම් ගැළවුම්කාරයෙකු පමුණුවා දුන්සේක.

24. උන්වහන්සේගේ ඊමට පෙර යොහන් ඉශ්‍රායෙල්ගේ මුළු සෙනඟට පශ්චාත්තාපයේ බව්තීස්මය ප්‍රකාශ කෙළේය.

25. තවද යොහන් තමාගේ මෙහෙය ඉෂ්ටකරමින් සිටියදී: මම කවුරුය කියා නුඹලා සිතවුද? මම උන්වහන්සේ නොවෙමි. බලව, මට පසුව කෙනෙක් එනසේක, උන්වහන්සේගේ පාදවල වහන් මුදන්ටවත් මම නොවටිමියි කීවේය.

26. සහෝදරයෙනි, ආබ්‍රහම්ගේ වංශයේ පුත්‍රයෙනි, නුඹලා අතරේ දෙවියන්වහන්සේ කෙරෙහි බය ඇත්තෙනි, මේ ගැළවීමේ වචනය එවනලද්දේ අපටය.

27. මක්නිසාද යෙරුසලමෙහි වසන්නෝද ඔවුන්ගේ මුලාදෑනිවරුද උන්වහන්සේවත් සියලු සබත් දවස්වල කියවෙන අනාගතවක්තෘවරුන්ගේ හඬවත් නොදැන, උන්වහන්සේ වරදට පත්කිරීමෙන් ඒවා සම්පූර්ණකළෝය.

28. උන්වහන්සේ කෙරෙහි මරණයට සුදුසු කිසිවක් සම්බනූණ නුමුත්, උන්වහන්සේව මරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලුවෝය.

29. උන්වහන්සේ ගැන ලියා තිබුණු සියල්ල ඔවුන් සම්පූර්ණකළ විට, ගසෙන් උන්වහන්සේව බාගෙන, සොහොන්ගෙයක තැබුවෝය.

30. නුමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුසේක.

31. උන්වහන්සේ තමන්වහන්සේ සමඟ ගලීලයෙන් යෙරුසලමට ගියවුන්ට බොහෝ දවසක් පෙනි පෙනී සිටිසේක. ඔව්හු දැන් සෙනඟට උන්වහන්සේගේ සාක්ෂිකාරයෝය.

32. එබැවින් දෙවියන්වහන්සේ පියවරුන්ට දුන් පොරොන්දුව යේසුස්වහන්සේව නැගිටවීමෙන් අපේ දරුවන්ට සම්පූර්ණයෙන් ඉෂ්ටකළසේකැයි යන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමුව.

33. එසේම: නුඹ මාගේ පුත්‍රයාය, අද නුඹ ජනිතකෙළෙමියි දෙවෙනි ගීතිකාවේ ලියා තිබේ.

34. තවත් කුණුවීමට නොහැරෙන ලෙස දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටෙවු බවට මෙයාකාරයෙන් කීසේක, එනම්: දාවිත්ගේ ශුද්ධවූ ස්ථිරවූ ආශීර්වාද නුඹලාට දෙන්නෙමියි යනුයි.

35. ඇරත් වෙන ගීතිකාවකද: ඔබගේ ශුද්ධ තැනැත්තා කුණුවීමට පැමිණෙන්ට ඉඩ නොදෙනසේකැයි කීසේක.

36. කුමක්හෙයින්ද දාවිත් දෙවියන්වහන්සේගේ මන්ත්‍රණය ලෙස තම පරම්පරාවේදී මෙහෙකළ පසු සැතපී, තමාගේ පියවරුන් ළඟ තබනලදුව, කුණුවීමට පැමුණුණේය.

37. නුමුත් දෙවියන්වහන්සේ විසින් නැගුටුවනලද තැනන්වහන්සේ කුණුවීමට නොපැමිණිසේක.

38. එහෙයින්, සහෝදරයෙනි, උන්වහන්සේ කරණකොටගෙන පව් කමා කිරීම නුඹලාට ප්‍රකාශකරනු ලබන බව දැනගන්න.

39. අදහාගන්නාවූ සියල්ලෝ උන්වහන්සේ කරණකොටගෙන සියලු දේවල් පිළිබඳව නිර්දෝෂකරනු ලබති. එසේ නුඹලාට මෝසෙස්ගේ ව්‍යවස්ථාව කරණකොටගෙන නිර්දෝෂ කරනු ලබන්ට නුපුළුවන්විය.

40. එබැවින්: හෙළාදකින්නෙනි, බලව්, පුදුමවව්, විනාශවව්; මක්නිසාද නුඹලාගේ දවස්වලදී ක්‍රියාවක් කරමි, ඒ ක්‍රියාව ගැන යමෙක් නුඹලාට ප්‍රකාශකළත් නුඹලා කිසිසේත් එය විශ්වාස නොකරන්නහුයයි

41. අනාගතවක්තෘවරුන්ගේ පොත්වල කියා තිබෙන කාරණා නුඹලා පිටට නොපැමිණෙන ලෙස බලාගන්නැයි කීවේය.

42. ඔවුන් නික්ම යද්දී එම වචන ඊළඟ සබත් දවසෙහිත් තමුන්ට ප්‍රකාශකරන ලෙස ඔව්හු ඉල්ලුවෝය.

43. සමූහයා විසිර ගියායින් පසු යුදෙව්වරුන්ගෙන්ද යුදෙව් ආගමට හැරුණ භක්තිවන්තයන්ගෙන්ද බොහෝ දෙනෙක් පාවුල් සහ බාර්ණබස් අනුව ගියෝය. ඔව්හු ඔවුන්ට කථාකරමින්, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙහි පවතින්ට ඔවුන්ට අවවාද කළෝය.

44. ඊළඟ සබත් දවසේ දෙවියන්වහන්සේගේ වචනය අසන පිණිස නුවර වැසි සියල්ලෝම වාගේ රැස්වුණෝය.

45. නුමුත් යුදෙව්වරු සමූහයන් දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුල් විසින් කියනලද කාරණාවලට විරුද්ධව කථාකරමින් අපහාසකළෝය.

46. එවිට පාවුල්ද බාර්ණබස්ද භය නැතුව කථාකරමින්: දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට නුඹලාට කියන්ට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව නුඹලාම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්‍යජාතීන් අතට හැරී යමුව.

47. මක්නිසාද ස්වාමීන්වහන්සේ අපට මෙසේ අණකළසේක, කෙසේදයත්: නුඹ පොළොවේ සීමා දක්වා ගැළවීම වන පිණිස අන්‍යජාතීන්ට නුඹ එළියක් කොට තැබුවෙමියි කියා තිබේයයි කීවෝය.

48. අන්‍යජාතීහු ඒ අසා සන්තෝෂව, දෙවියන්වහන්සේගේ වචනයට ගෞරවකළෝය. සදාකාල ජීවනය ලැබීමට නියම කරනලද සියල්ලෝම අදහාගත්තෝය.

49. ස්වාමීන්වහන්සේගේ වචනය ඒ පළාත මුළුල්ලෙහි පතළව ගියේය.

50. නුමුත් යුදෙව්වරු භක්තිවන්ත කුල ස්ත්‍රීන්ද නුවර ප්‍රධානීන්ද පොලඹවා, පාවුල් සහ බාර්ණබස්ට විරුද්ධව පීඩාවක් උපදවා, තමුන්ගේ සීමාවලින් ඔවුන් පිටතට ලූවෝය.

51. එහෙත් ඔව්හු තමුන්ගේ පාදවල ධූලි ඔවුන්ට විරුද්ධව ගසා දමා, ඉකෝනියට පැමිණියෝය.

52. ගෝලයෝ වනාහි ප්‍රීතියෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණවූහ.

About ක්රිරයා Chapter 13

Read ක්රිරයා Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ක්රිරයා
Chapter: 13
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ක්රිරයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ක්රිරයා Chapter 13 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ක්රිරයා Chapter 13?

ක්රිරයා Chapter 13 is part of the Book of ක්රිරයා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ක්රිරයා Chapter 13 online for free with easy chapter navigation.

More Chapters from ක්රිරයා

  1. ක්රිරයා Chapter 17
  2. ක්රිරයා Chapter 26
  3. ක්රිරයා Chapter 28
  4. ක්රිරයා Chapter 25
  5. ක්රිරයා Chapter 20
  6. ක්රිරයා Chapter 12
  7. ක්රිරයා Chapter 6

Explore More from නව ගිවිසුම

  1. 1 යොහන් Chapter 3
  2. ක්රිරයා Chapter 6
  3. රෝම Chapter 11
  4. ශු. මතෙව් Chapter 6
  5. 1 කොරින්ති Chapter 14
  6. 1 කොරින්ති Chapter 8
  7. ශු. මතෙව් Chapter 1

Related Chapters & Readings

  1. ශු. මතෙව් Chapter 11
  2. 1 පේතෘස් Chapter 1
  3. විනිශ්චයකාරයන් Chapter 15
  4. විලාප ගී Chapter 2
  5. ආමොස් Chapter 9
  6. ගීතාවලිය Chapter 23
  7. දානියෙල් Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *