ක්රිරයා Chapter 22

For English

Read ක්රිරයා Chapter 22 Online

Read ක්රිරයා Chapter 22 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ක්රිරයා and the Holy Bible online.

Choose a Chapter

ක්රිරයා 22

පරිච්ඡේදය 22

1. සහෝදරයෙනි, පියවරුනි, මා දැන් නුඹලාට කියන්නාවූ මාගේ විත්තිය අසන්නැයි කීවේය.

2. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් තමුන්ට කථාකරන බව ඇසූ විට ඔව්හු වඩාම නිශ්ශබ්දව සිටියෝය. ඔහු කථාකොට:

3. මම කිලිකියේ තාර්සස්හි උපන් යුදෙව්වෙක්ය, නුමුත් මේ නුවර වැඩී, පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙළේ හැටියට ගමාලියෙල්ගේ පාදමූලයෙහි උගන්වනු ලැබ, අද නුඹලා සියල්ලන් සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ ගැන ජ්වලිතව සිටියෙමි.

4. පුරුෂයන්ද ස්ත්‍රීන්ද බැඳ හිරගෙවලට භාරදෙමින්, මරණය දක්වා මේ ලබ්ධි මාර්ගයට පීඩාකෙළෙමි.

5. ඒ ගැන උත්තම පූජකයාද වැඩිමහල්ලන්ගේ මුළු සභාවද මට සාක්ෂි දරති. ඔවුන්ගෙනුත් සහෝදරයන්ට ලියුම් ලබාගන, දමස්කයේ සිටි අයටත් දඬුවම්කරන පිණිස ඔවුන් බැඳ යෙරුසලමට ගෙනෙන්ට එතැනට ගමන්කෙළෙමි.

6. තවද මා ගමන්කරමින් දමස්කයට ළංවූ කල, ඉරමුදුන් වේලාව පමණේදී හදිසියෙන් අහසින් මහත් ආලෝකයක් මා වටකර බැබළුණේය.

7. මම බිම වැටුණෙමි. එවිට සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි මට කියන හඬක් ඇසුණේය.

8. මම උත්තරදෙමින්: ස්වාමිනි, ඔබ කවුදැයි ඇසුවෙමි. උන්වහන්සේද: මම නම් නුඹ පීඩාකරන්නාවූ නාසරිය යේසුස්යයි මට කීසේක.

9. මා සමඟ සිටි අය ආලෝකය දුටුවෝය, නුමුත් මට කථාකළ තැනන්වහන්සේගේ හඬ ඔවුන්ට ඇසුණේ නැත.

10. මමද: ස්වාමීනි, මම මක්කරම්දැයි ඇසුවෙමි. ස්වාමීන්වහන්සේ මට කථාකොට: නැගිට දමස්කයට යන්න; නුඹ විසින් කරන්ට නියමකර තිබෙන සියල්ල එහිදී නුඹට කියනු ලැබේයයි කීසේක.

11. ඒ ආලෝකයේ තේජස නිසා මාගේ ඇස් නොපෙනී ගිය කල, මා සමඟ සිටියවුන් විසින් මාගේ අත අල්ලා ගෙනයනු ලැබ, දමස්කයට පැමිණියෙමි.

12. එවිට ව්‍යවස්ථාව ප්‍රකාරයට භක්තිවන්තවූ, එහි වසන සියලු යුදෙව්වරුන් විසින් යහපත් කෙනෙකැයි කියනලද්දාවූ

13. අනනියස් නම් මනුෂ්‍යයෙක් මා වෙත ඇවිත් මා ළඟ සිට: සහෝදරවූ සාවුල්, පෙනීම ලබන්නැයි මට කීවේය. මමද ඒ පැයේදීම ඔහු දෙස බැලීමි.

14. ඔහු කථාකොට: අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, තමන් වහන්සේගේ කැමැත්ත දැනගන්ටත් ධර්මිෂ්ඨ තැනන්වහන්සේව දකින්ටත් උන්වහන්සේගේ මුඛයෙන් හඬක් අසන්ටත් නුඹව නියමකළසේක.

15. මක්නිසාද නුඹ ඇසූ දුටු දේ ගැන සියලු මනුෂ්‍යයන්ට නුඹ උන්වහන්සේ උදෙසා සාක්ෂිකාරයෙක් වන්නෙහිය.

16. ඉඳින් ප්‍රමාදවෙන්නේ මක්නිසාද? නැගිට උන්වහන්සේගේ නාමයට යාච්ඤාකරමින්, බව්තීස්මය ලැබ, නුඹේ පව් සෝදාදමන්නැයි කීවේය.

17. තවද මම යෙරුසලමට නැවත ඇවිත් දේවමාළිගාවෙහි යාච්ඤාකරමින් සිටියදී මූර්ඡාවුණෙමි.

18. එවිට උන්වහන්සේ මට දර්ශනයවී: නුඹ ප්‍රමාද නොවී ඉක්මනින් යෙරුසලමෙන් යන්න. මක්නිසාද මා ගැන නුඹේ සාක්ෂිය ඔව්හු පිළි නොගන්නෝයයි මට කීසේක.

19. එකල මම කථාකොට: ස්වාමීනි, ඔබ කෙරෙහි ඇදහූවන් මා විසින් හිරගෙවල දමා, සියලු සිනගෝගවලදී ඔවුන්ට තැළුෑ බව ඔව්හුම දනිති.

20. ඔබගේ සාක්ෂිකාරවූ ස්තේපන්ගේ ලේ වැගිරෙවු කල මමත් ළඟ සිට, ඊට එකඟවෙමින්, ඔහු මැරූවන්ගේ වස්ත්‍ර ප්‍රවේසම්කෙළෙමියි කීවෙමි.

21. එවිට උන්වහන්සේ මට කථාකොට: පිටත්වෙන්න. මක්නිසාද මම නුඹ මෙයින් බොහෝ ඈතට අන්‍ය ජාතීන් වෙතට යවන්නෙමියි කීසේකැයි කීවේය.

22. ඔව්හු මේ වචනය දක්වා ඔහුට ඇහුම්කන්දුන්නෝය; එවිට ඔව්හු ශබ්දනගා: මෙබඳු මනුෂ්‍යයා පොළොවෙන් අහක්කරන්න. මක්නිසාද මොහු ජීවත්වෙන්ට යුතු නැතැයි කිවෝය.

23. ඔවුන් මොරගසමින්, තමුන්ගේ උතුරුසළු ගළවා වීසිකරමින්, ධූලි ඉහළට දමමින් සිටි බැවින්,

24. අධිපතියා ඔහු කොටුවට ගෙනයන්ට අණකොට මොන කාරණයක් නිසා ඔව්හු ඔහුට විරුද්ධව එසේ මොරගැසුවෝදැයි දැනගන්නා පිණිස ඔහුට කසෙන් තළා විභාගකරන්ට නියමකෙළේය.

25. නුමුත් ඔවුන් පටිවලින් ඔහුව බැන්ද විට පාවුල් කථාකොට: රෝමයෙක්වූ මනුෂ්‍යයෙකු විනිශ්චය නොකොට ඔහුට කසෙන් තළන්ට නුඹලාට අවසර තිබේදැයි ළඟ සිටියාවූ සියයකට මුලාදෑනියාට කීවේය.

26. සියයකට මුලාදෑනියා ඒ අසා අධිපතියා ළඟට ගොස්: ඔබ මක්කරන්ට යනවාද? මේ මනුෂ්‍යයා රෝමයෙකැයි කීවේය.

27. එවිට අධිපතියා ඇවිත්: නුඹ රෝමයෙක්ද කියා මට කියන්නැයි ඔහුට කීවේය. එසේයයි ඔහු කීවේය.

28. අධිපතියා උත්තරදෙමින්: මම බොහෝ මිලදී මේ නාගරිකත්වය ලබාගතිමියි කීවේය; පාවුල්ද: මම රෝමයෙක්ව උපන්නෙමියි කීවේය.

29. එබැවින් ඔහු විභාගකරන්ට සිටි අය එවෙල්ම ඔහු වෙතින් අහක්ව ගියෝය. ඔහු රෝමයෙක් බව දැනගත් කල ඔහු බැන්ද බැවින් අධිපතියාද භයවූයේය.

30. පසුවදා, හෙතෙම යුදෙව්වරු මොන කාරණයක් ගැන ඔහුට වැරදි තබත්දැයි හරියාකාර දැනගන්ට කැමතිව, ඔහු මුදා, නායක පූජකයන්ට සහ මුළු මන්ත්‍රණ සභාවට රැස්වෙන්ට අණකොට, පාවුල් ගෙනැවිත් ඔවුන් ඉදිරියෙහි සිටෙවුවේය.

About ක්රිරයා Chapter 22

Read ක්රිරයා Chapter 22 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ක්රිරයා
Chapter: 22
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ක්රිරයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ක්රිරයා Chapter 22 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ක්රිරයා Chapter 22?

ක්රිරයා Chapter 22 is part of the Book of ක්රිරයා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ක්රිරයා Chapter 22 online for free with easy chapter navigation.

More Chapters from ක්රිරයා

  1. ක්රිරයා Chapter 17
  2. ක්රිරයා Chapter 26
  3. ක්රිරයා Chapter 28
  4. ක්රිරයා Chapter 25
  5. ක්රිරයා Chapter 20
  6. ක්රිරයා Chapter 12
  7. ක්රිරයා Chapter 6

Explore More from නව ගිවිසුම

  1. ක්රිරයා Chapter 12
  2. හෙබ්රෙනව් Chapter 7
  3. ක්රිරයා Chapter 27
  4. හෙබ්රෙනව් Chapter 10
  5. ශු. ලූක් Chapter 9
  6. ශු. ලූක් Chapter 2
  7. ශු. මතෙව් Chapter 1

Related Chapters & Readings

  1. එස්රා Chapter 8
  2. ලෙවී කථාව Chapter 1
  3. ගීතාවලිය Chapter 65
  4. 2 සාමුවෙල් Chapter 8
  5. ගීතාවලිය Chapter 124
  6. යෙරෙමියා Chapter 51
  7. 1 රාජාවලිය Chapter 11
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *