ශු. මතෙව් Chapter 4

For English

Read ශු. මතෙව් Chapter 4 Online

Read ශු. මතෙව් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මතෙව් and the Holy Bible online.

Choose a Chapter

ශු. මතෙව් 4

පරිච්ඡේදය 4

1. එකල යේසුස්වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබන පිණිස ආත්මයාණන්වහන්සේ විසින් වනාන්තරයට පමුණුවනු ලැබූසේක.

2. උන්වහන්සේ දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද නිරාහාරව හුන් පසු, උන්වහන්සේට බඩගිනිවිය.

3. එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත්: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්ට අණකරන්නැයි කීවේය.

4. උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.

5. එවිට යක්ෂයා උන්වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේවමාළිගාව මුදුනෙහි සිටුවා:

6. ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් පහතට පනින්න. කුමක් හෙයින්ද- උන්වහන්සේ තමන් දූතයන්ට නුඹ ගැන අණදෙනසේක. නුඹේ පය යම් හෙයකින් ගලක නොවදින පිණිස ඔව්හු තමුන්ගේ අත්පිට නුඹ උසුලාගන්නෝය කියා ලියා තිබේයයි උන්වහන්සේට කීවේය.

7. යේසුස්වහන්සේද: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි ඔහුට කීසේක.

8. නැවතත් යක්ෂයා උන්වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ඓශ්වර්යයද උන්වහන්සේට පෙන්වා:

9. ඔබ බිම වැටී මට නමස්කාරකරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමියි උන්වහන්සේට කීවේය.

10. එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්වයව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.

11. එකල යක්ෂයා උන්වහන්සේ අත්හැර ගියේය; බලව, දේවදූතයෝ ඇවිත් උන්වහන්සේට උපස්ථානකළෝය.

12. යොහන් පාවාදෙනු ලැබූ බව උන්වහන්සේ අසා අහක්ව ගලීලයට ගියසේක.

13. උන්වහන්සේ නාසරෙත් නුවර හැර, සාබුලොන් සහ නප්තලීයේ සීමාවල මුහුදුබඩ තිබෙන කපර්ණවුමට පැමිණ, එහි වාසයකළසේක.

14. මෙසේ කළේ- යොර්දාන් එගොඩ මුහුද අසබඩ සාබුලොන් රටද නප්තලී රටද වන අන්‍ය ජාතීන්ගේ ගලීලයෙහි,

15. අන්ධකාරයෙහි හුන් සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය, මරහුගේ දේශයෙහිද සෙවණෙහිද හුන්නවුන්ට ආලෝකය උදාවූයේයයි

16. අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.

17. එතැන් පටන් යේසුස්වහන්සේ: පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ලංවී තිබේය කියා දේශනාකරන්ට පටන්ගත්සේක.

18. උන්වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදිනසේක්, මසුන් අල්ලන්නන්ව සිටියාවූ සහෝදරයන් දෙදෙනෙක් වන පේතෘස් නම්ලත් සීමොන්ද ඔහුගේ සහෝදරවූ අන්දෘද මුහුදේ දැලක් හෙළනවා දැක:

19. මා පස්සේ එන්න, මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමියි ඔවුන්ට කීසේක.

20. එකෙණෙහිම ඔව්හු දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියෝය.

21. උන්වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙක් වන සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද තමුන්ගේ පියවූ සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් හරිගස්සනවා දැක, ඔවුන්ට අඬගැසූසේක.

22. එකෙණෙහිම ඔව්හු ඔරුවද තමුන්ගේ පියාද අත්හැර උන්වහන්සේ අනුව ගියෝය.

23. තවද යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක.

24. උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩා වලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.

25. ගලීලයෙන්ද දෙකපොලිසෙන්ද යෙරුසලමෙන්ද යුදයෙන්ද යොර්දාන් එගොඩින්ද බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය.

About ශු. මතෙව් Chapter 4

Read ශු. මතෙව් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. මතෙව්
Chapter: 4
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. මතෙව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. මතෙව් Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. මතෙව් Chapter 4?

ශු. මතෙව් Chapter 4 is part of the Book of ශු. මතෙව් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. මතෙව් Chapter 4 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. එපීස Chapter 5
  6. ශු. ලූක් Chapter 15
  7. ශු. ලූක් Chapter 3

Explore More from ශු.-මතෙව්

  1. ශු. මතෙව් Chapter 19
  2. ශු. මතෙව් Chapter 15
  3. ශු. මතෙව් Chapter 21
  4. ශු. මතෙව් Chapter 7
  5. ශු. මතෙව් Chapter 16
  6. ශු. මතෙව් Chapter 13
  7. ශු. මතෙව් Chapter 25

Related Chapters & Readings

  1. ශු. මතෙව් Chapter 23
  2. ශු. මාර්ක් Chapter 3
  3. ශු. ලූක් Chapter 16
  4. විලාප ගී Chapter 2
  5. ගීතාවලිය Chapter 69
  6. 1 ලේකම් Chapter 22
  7. ලෙවී කථාව Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *