Read ශු. මතෙව් Chapter 2 Online
Read ශු. මතෙව් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මතෙව් and the Holy Bible online.
Choose a Chapter
ශු. මතෙව් 2
පරිච්ඡේදය 2
1. තවද හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්:
2. යුදෙව්වරුන්ට රජව උපන් තැනන්වහන්සේ කොතැන්හිද? මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්වදිශාවෙහිදී දැක, උන්වහන්සේට නමස්කාරකරන පිණිස ආවෙමුයයි කීවෝය.
3. හෙරොද් රජ ඒ ඇසූ කල්හි ඔහුද ඔහු සමඟ මුළු යෙරුසලමද කැලඹුණෝය.
4. එකල ඔහු සියලු නායක පූජකයන්ද සෙනඟගේ ලියන්නන්ද රැස්කරවා, ක්‍රිස්තුන්වහන්සේ කොතැන්හි උපදිනසේක්දැයි ඔවුන්ගෙන් විචාළේය.
5. ඔව්හු කථාකොට: යුදයේ බෙත්ලෙහෙම්හිය, කුමක් හෙයින්ද-
6. එම්බා බෙත්ලෙහෙම, යූදා දේශය, නුඹ යූදාගේ අධිපතීන් අතරෙහි කොයි ලෙසකින්වත් ඉතා කුඩා නොවන්නීය. මක්නිසාද මාගේ ඉශ්‍රායෙල් සෙනඟ පාලනයකරන්නාවූ ආණ්ඩුකාරයෙක් නුඹ කෙරෙන් නික්මෙන්නේයයි අනාගතවක්තෘ විසින් ලියා තිබේයයි ඔහුට කීවෝය.
7. එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව කොයි කාලයෙහි පෙනුණේදැයි හරියාකාරයෙන් ඔවුන්ගෙන් දැනගෙන:
8. නුඹලා ගොස් ඒ ළදරුවා ගැන හරියාකාරයෙන් විභාගකරන්න; නුඹලාට සම්බවූ කල, මාත් ගොස් උන්වහන්සේට නමස්කාරකරන පිණිස මට දන්වන්නය කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවීය.
9. ඔව්හු රජුගේ බස් අසා පිටත්ව ගියෝය; බලව, පූර්වදිශාවෙහිදී ඔවුන් දුටු තාරකාව ළදරුවා උන් තැන මුදුනට පැමිණ නවතින තුරු ඔවුන්ට පෙරටුව ගියේය.
10. ඔව්හු තාරකාව දැක ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවූවෝය.
11. ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය.
12. තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙස දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ඔව්හු අන් මගකින් තමුන්ගේ රටට ගියෝය.
13. ඔවුන් ගිය කල්හි ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට පලා ගොස්, මා නුඹට කියන තුරු එහි සිටින්න. මක්නිසාද හෙරොද් ළදරුවා විනාශකරන්ට සොයනවා ඇතැයි කීවේය.
14. ඔහු නැගිට රාත්‍රියෙහි ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට ගොස්,
15. හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේය. මෙසේ වූයේ: මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමියි කියා ස්වාමීන්වහන්සේ විසින් අනාගතවක්තෘ කරණකොටගෙන කියනලද කීම සම්පූර්ණවන පිණිසය.
16. එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය.
17. එකල: හැඬීමේද බොහෝ වැලපීමේද හඬක් රාමාහි ඇසුණේය; රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා සැනසෙන්ට නොකැමතිවූවායයි
18. අනාගතවක්තෘවූ යෙරෙමියා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවිය.
19. නුමුත් හෙරොද් මැරුණායින් පසු, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් මිසරයෙහිදී ස්වප්නයකින් යෝසෙප්ට පෙනී:
20. නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්‍රායෙල් දේශයට යන්න. මක්නිසාද ළදරුවාගේ ජීවිතය නසන්ට සෙවූ අය මළෝයයි කීවේය.
21. එවිට ඔහු නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්‍රායෙල් දේශයට ආවේය.
22. එහෙත් අර්කෙලාවුස් තමාගේ පියවූ හෙරොද් වෙනුවට යුදය කෙරෙහි රජකම්කරන බව ඔහු අසා, එහි යන්ට භයව, දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ගලීලයේ පළාත්වලට ගොස්,
23. නාසරෙත් නම් නුවරට පැමිණ, එහි වාසයකෙළේය. මෙසේ වූයේ: උන්වහන්සේ නාසරියයෙක්යයි කියනු ලබනසේකැයි අනාගතවක්තෘවරුන් කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.
About ශු. මතෙව් Chapter 2
Read ශු. මතෙව් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ශු. මතෙව්
Chapter: 2
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ශු. මතෙව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ශු. මතෙව් Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ශු. මතෙව් Chapter 2?
ශු. මතෙව් Chapter 2 is part of the Book of ශු. මතෙව් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ශු. මතෙව් Chapter 2 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- එපීස Chapter 2
- එපීස Chapter 5
- ශු. ලූක් Chapter 15
- ශු. ලූක් Chapter 3
Explore More from ශු.-මතෙව්
- ශු. මතෙව් Chapter 12
- ශු. මතෙව් Chapter 11
- ශු. මතෙව් Chapter 8
- ශු. මතෙව් Chapter 13
- ශු. මතෙව් Chapter 24
- ශු. මතෙව් Chapter 23
- ශු. මතෙව් Chapter 25