ශු. මතෙව් Chapter 23

For English

Read ශු. මතෙව් Chapter 23 Online

Read ශු. මතෙව් Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මතෙව් and the Holy Bible online.

Choose a Chapter

ශු. මතෙව් 23

පරිච්ඡේදය 23

1. එකල යේසුස්වහන්සේ සමූහයන්ටත් තමන් ගෝලයන්ටත් කථාකොට:

2. ලියන්නෝද ඵරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති.

3. එබැවින් ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වන්න. නුමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත.

4. එසේය, ඔව්හු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති.

5. ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය. ඔව්හු තමුන්ගේ පිලාක්තරි පළල්කර (තමුන්ගේ වස්ත්‍රවල) දාවලු මහත් කරති,

6. මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානයටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද,

7. වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද මනුෂ්‍යයන් විසින් රබ්බියි කියනු ලැබීමටද කැමතිවෙති.

8. නුමුත් නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ ආචාරීන්වහන්සේ එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය.

9. පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින උන්වහන්සේමය.

10. නුඹලා නායකයෝයයි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ නායකයාණෝ එක්කෙනෙක්මය. එනම් ක්‍රිස්තුස්වහන්සේය.

11. නුමුත් නුඹලා අතරෙන් ඉතා උත්තමයා නුඹලාගේ සේවකයා වන්නේය.

12. තමාම උසස්කරගන්න කවරෙක් නුමුත් පහත්කරනු ලබන්නේය; තමාම පහත්කරගන්න කවරෙක් නුමුත් උසස්කරනු ලබන්නේය.

13. ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.

14. (14 වෙනි පදය මාර්ක් 12:40, ලූක් 20:47 යන තැන්වල බලන්න. )

15. ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා එක්කෙනෙකු හරවාගන්න පිණිස මුහුදත් ගොඩත් හැමතැනම ඇවිදින්නහුය; හරවාගත්තාම, නුඹලාටත් වඩා දෙගුණයක් ඔහු නිරයේ පුත්‍රයෙකු කරන්නහුය.

16. අන්ධවූ මග පෙන්වන්නෙනි, නුඹලාට දුක්වේ! මක්නිසාද: යමෙක් දේවමාළිගාව ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් දේවමාළිගාවේ රන් ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය.

17. අඥානයෙනි, අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? රන්ද? රන් විශුද්ධකළ දේවමාළිගාවද?

18. තවද: යමෙක් පූජාසනය ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් ඒ පිට තිබෙන පඬුර ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය.

19. අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? පඬුරද? පඬුර විශුද්ධකරන පූජාසනයද?

20. එබැවින් පූජාසනය ගැන දිවුරන්නා ඒ ගැනද ඒ පිට තිබෙන සියල්ල ගැනද දිවුරන්නේය.

21. දේවමාළිගාව ගැන දිවුරන්නා ඒ ගැනද එහි වසන තැනන්වහන්සේ ගැනද දිවුරන්නේය.

22. ස්වර්ගය ගැන දිවුරන්නාද දෙවියන්වහන්සේගේ සිංහාසනය ගැනත් එහි වැඩ හිඳින තැනන්වහන්සේ ගැනත් දිවුරන්නේය.

23. ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.

24. අන්ධවූ මගපෙන්වන්නෙනි, නුඹලා මදුරුවා බේරාදමා ඔටුවා ගිලගන්නහුය.

25. ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා කුසලානද තැටියද පිටින් පවිත්‍රකරන්නහුය, නුමුත් ඇතුළේ ඒවා කොල්ල කෑමෙනුත් තෘෂ්ණාධිකකමෙනුත් පිරී තිබේ.

26. අන්ධවූ ඵරිසිය, කුසලානත් තැටියත් පිටින් පවිත්‍රවන පිණිස පළමුකොට ඒවායේ ඇතුළ පවිත්‍රකරන්න.

27. ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුදුකළ සොහොන් ගෙවලට සමානය, ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ.

28. එසේම නුඹලාත් පිටතින් මනුෂ්‍යයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය, නුමුත් ඇතුළතින් වංචාවෙන්ද අයුතුකමෙන්ද පිරී සිටින්නහුය.

29. ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා අනාගතවක්තෘවරුන්ගේ සොහොන් ගෙවල් සාදා, ධර්මිෂ්ඨයන්ගේ සොහොන් කොත් හරහා:

30. අපේ පියවරුන්ගේ කාලයේදී අපි සිටියෙමු නම් අනාගතවක්තෘවරුන්ගේ ලේ වැගිරීමට ඔවුන් සමඟ හවුල්කාරයෝ නොවන්නෙමුයයි කියන්නහුය.

31. මෙසේ නුඹලා අනාගතවක්තෘවරුන් මැරූවන්ගේ පුත්‍රයෝයයි නුඹලාම සාක්ෂිදෙන්නහුය.

32. නුඹලාත් නුඹලාගේ පියවරුන්ගේ මිම්ම පූර්ණකරන්න.

33. සර්පයෙනි, පොළොංවංශයෙනි, නුඹලා නිරයේ දඬුවමින් කෙසේ ගැළවෙන්නහුද?

34. එබැවින් මම අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ලියන්නන්ද නුඹලා ළඟට එවමි. නුඹලා ඔවුන්ගෙන් සමහරෙකු මරන්නහුය, කුරුසියෙහි ඇණගසන්නහුය; සමහරෙකුට නුඹලාගේ සිනගෝගවලදී තළා, ඔවුන් නුවරින් නුවරට එළවමින් පීඩාකරන්නහුය.

35. මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ නුඹලා විසින් මරනලද බරාකියාගේ පුත්‍රවූ සකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය.

36. සැබවක් නුඹලාට කියමි-මේ සියල්ල මේ පරම්පරාව පිටට පැමිණෙන්නේය.

37. අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත.

38. බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ.

39. මක්නිසාද නුඹලාට කියමි: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාදලද්දේයයි නුඹලා කියන තෙක් මෙතැන් පටන් නුඹලා මා දකින්නේ නැතැයි කීසේක.

About ශු. මතෙව් Chapter 23

Read ශු. මතෙව් Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. මතෙව්
Chapter: 23
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. මතෙව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. මතෙව් Chapter 23 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. මතෙව් Chapter 23?

ශු. මතෙව් Chapter 23 is part of the Book of ශු. මතෙව් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. මතෙව් Chapter 23 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. ශු. ලූක් Chapter 15
  6. එපීස Chapter 5
  7. ශු. ලූක් Chapter 23

Explore More from ශු.-මතෙව්

  1. ශු. මතෙව් Chapter 4
  2. ශු. මතෙව් Chapter 5
  3. ශු. මතෙව් Chapter 8
  4. ශු. මතෙව් Chapter 13
  5. ශු. මතෙව් Chapter 17
  6. ශු. මතෙව් Chapter 20
  7. ශු. මතෙව් Chapter 14

Related Chapters & Readings

  1. 2 ලේකම් Chapter 13
  2. උත්පත්ති Chapter 45
  3. ශු. යොහන් Chapter 9
  4. ගීතාවලිය Chapter 3
  5. ද්වීතීය කථාව Chapter 17
  6. එස්තර් Chapter 10
  7. විනිශ්චයකාරයන් Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *