ශු. මතෙව් Chapter 26

For English

Read ශු. මතෙව් Chapter 26 Online

Read ශු. මතෙව් Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මතෙව් and the Holy Bible online.

Choose a Chapter

ශු. මතෙව් 26

පරිච්ඡේදය 26

1. තවද යේසුස්වහන්සේ මේ සියලු වචන කියා නිමවා තමන්ගේ ගෝලයන්ට කථාකොට:

2. තව දෙදවසකට පසු පාස්කුව පැමිණෙන බව නුඹලා දන්නහුය, මනුෂ්‍ය පුත්‍රයා කුරුසියෙහි ඇණගැසීමට පාවාදෙනු ලැබේයයි කීසේක.

3. එකල නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද කායාඑස් නම් උත්තම පූජකයාගේ ශාලාවට එකතුව,

4. යේසුස්වහන්සේ ප්‍රයෝගයෙන් අල්ලා මරන්ට මන්ත්‍රණයකළෝය.

5. නුමුත්: සෙනඟ අතරේ කෝලාහලයක් හට නොගන්නා පිණිස මංගල්‍යයේදී නොකරමුයයි කීවෝය.

6. යේසුස්වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගීවූ සීමොන්ගේ ගෙදර සිටියදී

7. ස්ත්‍රියෙක් ඉතා අනර්ඝවූ සුවඳ තෙලින් පිරෙවු සුදු ගල් කරඬුවක් ගෙන උන්වහන්සේ ළඟට ඇවිත්, කෑමට හිඳගන හුන් උන්වහන්සේගේ හිසේ වත්කළාය.

8. නුමුත් ගෝලයෝ ඒ දැක කිපී: මේ නාස්තිය කළේ කුමටද?

9. මක්නිසාද මේ තෙල ලොකු ගණනකට විකුණා දිළිඳුන්ට දෙන්ට පුළුවන්ව තිබුණේයයි කීවෝය.

10. නුමුත් යේසුස්වහන්සේ ඒක දැන: කුමට නුඹලා මේ ස්ත්‍රීට කරදරකරනවාද? ඈ මට යහපත් ක්‍රියාවක් කළාය.

11. මක්නිසාදයත් දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමි.

12. ඈ මේ තෙල මාගේ ශරීරයේ වත්කළේ මා තැන්පත්කිරීමට සූදානම් කරන පිණිසය.

13. සැබවක් නුඹලාට කියමි-මේ ශුභාරංචිය ලොව මුළුල්ලේ යම් තැනක ප්‍රකාශකරනු ලබන්නේද එතැනදී මේ ස්ත්‍රිය විසින් කළ මේ ක්‍රියාවත් ඈ සිහි කිරීමක් පිණිස කියනු ලබන්නේයයි කීසේක.

14. එවිට යූදස් ඉස්කාරියොත් නම් දොළොස්දෙනාගෙන් එක්කෙනෙක් නායක පූජකයන් ළඟට ගොස්:

15. ඔහු නුඹලාට පාවාදෙන්ට නුඹලා මට දෙන්ට කැමති මොනවාදැයි ඇසුවේය. ඔව්හු රිදී මිල තිහක් ඔහුට කිරා දුන්නෝය.

16. එතැන් පටන් ඔහු උන්වහන්සේ පාවාදෙන්ට ප්‍රස්තාවක් සෙවීය.

17. මුහුන් නොදැමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙළකරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය.

18. උන්වහන්සේ: නුවර අසවලා ළඟට ගොස් ඔහුට කථාකොට-මාගේ කාලය ආසන්නය; මාගේ ගෝලයන් සමඟ නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමියි ආචාරීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක.

19. ගෝලයෝ යේසුස්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කොට, පාස්කුව පිළියෙළකළෝය.

20. සවස්වූ කල්හි උන්වහන්සේ ගෝලයන් දොළොස්දෙනා සමඟ කෑමට වාඩිවහුන්සේක;

21. ඔවුන් කමින් සිටියදී උන්වහන්සේ කථාකොට: සැබවක් නුඹලාට කියමි-නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.

22. ඔව්හු අතිශයෙන් ශෝකව එකිනෙකා: ස්වාමිනි, මමද මමදැයි අසන්ට පටන්ගත්තෝය.

23. උන්වහන්සේ උත්තරදෙමින්: මා සමඟ තලියේ අත ලෑ තැනැත්තේම මා පාවා දෙන්නේය.

24. මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන හැටියට ඔහු යන්නේය. නුමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ! ඒ මනුෂ්‍යයා නූපන්නා නම් ඔහුට යහපතැයි කීසේක.

25. උන්වහන්සේ පාවාදුන් යූදස්ද උත්තරදෙමින්: රබ්බී, ඒ මමදැයි ඇසුවේය. නුඹ කීවෙහියයි උන්වහන්සේ ඔහුට කීසේක.

26. ඔවුන් කමින් සිටියදී යේසුස්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ගෝලයන්ට දී: රැගෙන කන්න; මේක මාගේ ශරීරයයයි කීසේක.

27. උන්වහන්සේ කුසලානක් ගෙන ස්තුතිකොට ඔවුන්ට දී: නුඹලා සියල්ලෝම මෙයින් බොන්න;

28. මේක පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය.

29. එහෙත් මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහිදී මා නුඹලා සමඟ අලුත් මුද්‍රිකපානය බොන දවස දක්වා මෙතැන් පටන් මේ මිදිඵල යුස නොබොන්නෙමියි නුඹලාට කියමියි කීසේක.

30. ඔව්හු ගීතිකාවක් කළායින් පසු ඔලීව කන්දට පිටත්ව ගියෝය.

31. එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා සියල්ලෝම අද රාත්‍රියේ මා ගැන බාධාවන්නහුය. මක්නිසාද මම එඬේරාට පහරදෙන්නෙමි, එකල රැළේ බැටළුවෝ විසිරවනු ලබන්නෝයයි ලියා තිබේ.

32. නුමුත් මා නැගුටුවනු ලැබූ පසු නුඹලාට පළමුවෙන් ගලීලයට යන්නෙමියි කීසේක.

33. පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: සියල්ලන්ම ඔබ ගැන බාධාවෙතත් මම නම් කවදාවත් බාධා නොවන්නෙමියි කීවේය.

34. යේසුස්වහන්සේද: සැබවක් නුඹට කියමි-අද රාත්‍රියේ කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියි ඔහුට කීසේක.

35. පේතෘස්ද: ඔබ සමඟ නසින්ට පවා මට සිද්ධවුණත්-ඔබ නාඳුනමියි කියන්නේ නැතැයි උන්වහන්සේට කීවේය. ගෝලයන් සියල්ලෝද එලෙසම කීවෝය.

36. එකල යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගෙත්සෙමනය කියන ස්ථානයට පැමිණ: මා අතනට ගොස් යාච්ඤාකරන අතර නුඹලා මෙහි ඉඳින්නැයි තමන් ගෝලයන්ට කීසේක.

37. උන්වහන්සේ පේතෘස්ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනාද කැඳවාගෙන ගොස්, ශෝකවෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන්ගත්සේක.

38. එකල උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවතී මා සමඟ අවදිව සිටින්නැයි කීසේක.

39. උන්වහන්සේ මඳක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමතිලෙස නොව ඔබ කැමතිලෙස වේවයි කියා යාච්ඤාකළසේක.

40. උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත් ඔවුන් නිදාඉන්නවා දැක, පේතෘස්ට කථාකොට: කිමෙක්ද? මා සමඟ එක පැයක්වත් අවදිව ඉන්ට නුඹලාට බැරි වුණාද?

41. නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනයයි කීසේක.

42. උන්වහන්සේ නැවත දෙවෙනි වරත් අහක්ව ගොස්: අහෝ මාගේ පියාණෙනි, මේක මා විසින් නොබී පහවෙන්ට බැරි නම්, ඔබගේ කැමැත්තවේවයි කියා යාච්ඤාකළසේක.

43. උන්වහන්සේ නැවත ඇවිත් ඔවුන් නිදා ඉන්නවා දුටුසේක, මක්නිසාද ඔවුන්ගේ ඇස් නිදිබරව තිබුණේය.

44. නැවතත් උන්වහන්සේ ඔවුන් අත්හැර ගොස්, තුන්වෙනි වරත් ආයෙත් එම වචන කියා යාච්ඤාකළසේක.

45. එකල උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත්: ඉතින් නිදාගෙන නිවාඩු ගන්න. මෙන්න, පැය ළඟය, මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවාදෙනු ලබයි.

46. නැගිටින්න, අපි යමු. අන්න, මා පාවාදෙන්නා ළඟ යයි කීසේක.

47. උන්වහන්සේ කථාකරද්දීම, බලව, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් හා සෙනඟගේ වැඩිමහල්ලන් කෙරෙන් කඩු මුගුරු ගත් මහත්වූ සමූහයක්ද ආවෝය.

48. උන්වහන්සේ පාවාදෙන්නා: මම යමෙකු සිඹගනිම්ද ඒ උන්වහන්සේය. උන්වහන්සේ අල්ලාගන්නය කියා ඔවුන්ට ලකුණක් දී තිබුණේය.

49. එකෙණෙහිම ඔහු යේසුස්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ශුභසිද්ධවේවා කියා උන්වහන්සේ සිඹගත්තේය.

50. යේසුස්වහන්සේද: මිත්‍රය, නුඹ කරන්ට ආ දෙය කරන්නැයි ඔහුට කීසේක. එවිට ඔව්හු ඇවිත් යේසුස්වහන්සේ පිට අත් තබා උන්වහන්සේ අල්ලාගත්තෝය.

51. යේසුස්වහන්සේ සමඟ සිටියවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ අත දිඟුකොට කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාදැමීය.

52. එවිට යේසුස්වහන්සේ: නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන‍්නෝය.

53. දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද?

54. එසේ ඉල්ලුවොත්, මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණවෙන්නේ කොහොමදැයි ඔහුට කීසේක.

55. ඒ පැයේදී යේසුස්වහන්සේ සමූහයන්ට කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද? මා දේවමාළිගාවේ උගන්වමින් දවස්පතා හිඳිද්දී නුඹලා මා ඇල්ලුවේ නැත.

56. නුමුත් මේ සියල්ල සිද්ධවූයේ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි සම්පූර්ණවන පිණිසයයි කීසේක. එවිට ගෝලයන් සියල්ලෝම උන්වහන්සේ අත්හැර පලාගියෝය.

57. යේසුස්වහන්සේ ඇල්ලූ අය උත්තම පූජකයාවූ කායාඑස් ළඟට උන්වහන්සේ ගෙනගියෝය, ලියන්නොත් වැඩිමහල්ලොත් එතැන්හි රැස්ව සිටියෝය.

58. නුමුත් පේතෘස් උත්තම පූජකයාගේ ශාලාව දක්වා උන්වහන්සේ අනුව දුරින් ගොස්, ඇතුල්ව, තීන්දුව දකින පිණිස සේවකයන් සමඟ හිඳගත්තේය.

59. නායක පූජකයෝද මුළු මන්ත්‍රණසභාවද යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි සෙවුවෝය.

60. බොහෝ බොරු සාක්ෂිකාරයන් ආ නුමුත් කිසිවක් සම්බවුණේ නැත. නුමුත් පසුව දෙදෙනෙක් ඇවිත්:

61. දේවමාළිගාව කඩාදමා ඒක තුන් දවසකින් ගොඩනගන්ට මට පුළුවනැයි මොහු කීයේයයි කීවෝය.

62. එවිට උත්තම පූජකයා නැගිට සිට: නුඹ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් නුඹට විරුද්ධව කියන මේ සාක්ෂිය මොකදැයි උන්වහන්සේට කීවේය.

63. නුමුත් යේසුස්වහන්සේ කථා නොකර සිටිසේක. එවිට උත්තම පූජකයා: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමියි උන්වහන්සේට කීවේය.

64. යේසුස්වහන්සේද: නුඹ කීවෙහිය. තවද නුඹලාට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිව හිඳිනවාත් අහසේ වලාකුල් පිට එනවාත් නුඹලා දකින්නහුයයි ඔහුට කීසේක.

65. එවිට උත්තම පූජකයා තමාගේ වස්ත්‍ර ඉරාගෙන: මොහු දෙවියන්වහන්සේට අපහාසකෙළේය. සාක්ෂිකාරයන්ගෙන් අපට තවත් කම මොකද? මොහුගේ දේවඅපහාසය දැන් නුඹලාට ඇසුණේය.

66. නුඹලා කුමක් සිතවුදැයි කීවේය. ඔව්හු උත්තරදෙමින්; මොහු මරණයට සුදුස්සෙකැයි කීවෝය.

67. එවිට ඔව්හු උන්වහන්සේගේ මුහුණට කෙළගසා, උන්වහන්සේට ගුටි ඇන්නෝය. සමහරෙක් අතුල් පහර ගසා:

68. ක්‍රිස්තුස්නි, නුඹට ගැසුවේ කවුදැයි දිවැසින් අපට කියන්නැයි කීවෝය.

69. පේතෘස් පිටත මළුවෙහි හිඳගෙන උන්නේය. යෞවනියක් ඔහු ළඟට ඇවිත්: නුඹත් ගලීලයාවූ යේසුස් සමඟ සිටියෙහියයි කීවාය.

70. නැත, නුඹ කියනදේ නොදනිමියි ඔහු සියල්ලන් ඉදිරියේ කීවේය.

71. ඔහු පිටතට දොරටුව ළඟට ගිය කල, තව තැනැත්තියක් ඔහු දැක: මොහුත් නාසරිය යේසුස් සමඟ සිටියේයයි එතන සිටියවුන්ට කීවාය.

72. ඔහු නැවතත්: මා ඒ මනුෂ්‍යයා අඳුනන්නේ නැතැයි දිවුරමින් කීවේය.

73. ස්වල්ප වේලාවකට පසු එතැන සිටි අය ඇවිත්: සැබෑවටම නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; ඒ බව නුඹේ කථාවෙන්ම ප්‍රකාශයයි පේතෘස්ට කීවෝය.

74. එවිට ඔහු: ඒ මනුෂ්‍යයා නාඳුනමියි කියා දෙස්තිබාගන්ටද දිවුරන්ටද පටන් ගත්තේය. එකෙණෙහිම කුකුළා හඬලීය.

75. කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියනවා ඇතැයි යේසුස්වහන්සේ කී වචනය පේතෘස් සිහිකොට, පිටතට ගොස් බලවත් දුකින් හැඬුවේය.

About ශු. මතෙව් Chapter 26

Read ශු. මතෙව් Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. මතෙව්
Chapter: 26
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. මතෙව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. මතෙව් Chapter 26 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. මතෙව් Chapter 26?

ශු. මතෙව් Chapter 26 is part of the Book of ශු. මතෙව් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. මතෙව් Chapter 26 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. ශු. ලූක් Chapter 15
  6. එපීස Chapter 5
  7. ශු. ලූක් Chapter 23

Explore More from ශු.-මතෙව්

  1. ශු. මතෙව් Chapter 4
  2. ශු. මතෙව් Chapter 22
  3. ශු. මතෙව් Chapter 6
  4. ශු. මතෙව් Chapter 13
  5. ශු. මතෙව් Chapter 7
  6. ශු. මතෙව් Chapter 11
  7. ශු. මතෙව් Chapter 23

Related Chapters & Readings

  1. යෙසායා Chapter 26
  2. ගීතාවලිය Chapter 128
  3. 2 රාජාවලිය Chapter 5
  4. යූදස් (යූද්) Chapter 1
  5. ගණන් කථාව Chapter 16
  6. ලෙවී කථාව Chapter 22
  7. යෙසායා Chapter 9
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *