Read ශු. මතෙව් Chapter 27 Online
Read ශු. මතෙව් Chapter 27 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මතෙව් and the Holy Bible online.
Choose a Chapter
ශු. මතෙව් 27
පරිච්ඡේදය 27
1. පහන්වූ කල සියලු නායක පූජකයොත් සෙනඟගේ වැඩි මහල්ලොත් යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණයකළෝය.
2. ඔව්හු උන්වහන්සේ බැඳගෙන ගොස් ආණ්ඩුකාරයාවූ පිලාත්ට බාරදුන්නෝය.
3. එවිට උන්වහන්සේ පාවාදුන් යූදස් උන්වහන්සේ වරදට පත්කරනු ලැබූ බව දැක, පසුතැවිලිව, රිදී මිල තිහ නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට නැවත ගෙනවුත්:
4. නිදොස් ලේ පාවාදීමෙන් මම පව්කෙළෙමියි කීවේය. නුමුත් ඔව්හු: එයින් අපට කම මොකද? නුඹම බලාගන්නැයි කීවෝය.
5. එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි දමා ගියේය; ඔහු අහක්ව ගොස් එල්ලී මැරුණේය.
6. නායක පූජකයෝ ඒ රිදී මිල රැගෙන: මේවා ලේවල මිල බැවින් දේවගබඩාවේ දමන්ට යුතු නැතැයි කීවෝය.
7. එවිට ඔව්හු මන්ත්‍රණයකොට විදේශීන් වළලන පිණිස එයින් කුම්භකාරයාගේ පිට්ටනිය ගත්තෝය.
8. එහෙයින් අද දක්වා ඒ පිට්ටනියට ලේ පිට්ටනියයයි කියති.
9. එවිට: ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සමහරුන් විසින් මිල කරනලද තැනැත්තාගේ වටිනාකම වූ රිදී මිල තිහ රැගෙන,
10. ස්වාමීන්වහන්සේ මට නියමකළ ලෙස කුම්භකාරයාගේ පිට්ටනියට ඒවා දුන්නෝය යන අනාගතවක්තෘවු යෙරෙමියා විසින් කියන ලද කාරණාව සම්පූර්ණවිය.
11. යේසුස්වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියෙහි සිටිසේක. නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි ආණ්ඩුකාරයා උන්වහන්සේගෙන් ඇසුවේය. එසේයයි යේසුස්වහන්සේ කීසේක.
12. නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද උන්වහන්සේට වරද තැබූ විට උන්වහන්සේ කිසි උත්තරයක් දුන්නේ නැත.
13. එවිට පිලාත් කථාකොට: මොව්හු නුඹට විරුද්ධව කොපමණ කාරණා ගැන සාක්ෂි කියන්නෝද කියා ඇසෙන්නේ නැද්දැයි කීවේය.
14. නුමුත් උන්වහන්සේ එක වචනයකටවත් උත්තර නුදුන්සේක. එහෙයින් ආණ්ඩුකාරයා බොහෝසෙයින් මවිතවූයේය.
15. මංගල්‍යයෙහිදී සමූහයා ඉල්ලන එක හිරකාරයෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස්කර දෙන සිරිතක් තිබුණේය.
16. එකල්හි බරබ්බස් නම් ප්‍රසිද්ධ හිරකාරයෙක් සිටියේය.
17. එහෙයින් ඔවුන් රැස්වූ විට පිලාත් ඔවුන්ට කථාකොට: මා විසින් නුඹලාට කවරෙකු නිදහස්කරදෙනවාට නුඹලා කැමතිද? බරබ්බස්ද? නොහොත් ක්‍රිස්තුස්ය කියන යේසුස්න්දැයි ඇසුවේය.
18. මක්නිසාද ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවාදුන් බව ඔහු දැනගෙන සිටියේය.
19. තවද ඔහු විනිශ්චයාසනයෙහි හිඳිද්දී ඔහුගේ භාර්යාව: ඒ ධර්මිෂ්ඨයාට කිසිවක් නොකරන්න. අද ඔහු නිසා ස්වප්නයකින් බොහෝ දුක් වින්දෙමියි ඔහුට කියා ඇරියාය.
20. එහෙත් නායක පූජකයෝද වැඩිමහල්ලෝද බරබ්බස් ඉල්ලන්ටත් යේසුස්වහන්සේ නසන්ටත් සමූහයන් කැමතිකරවාගත්තෝය.
21. ආණ්ඩුකාරයා ඔවුන්ට උත්තරදෙමින්: මේ දෙදෙනාගෙන් කවරෙකු මා විසින් නුඹලාට නිදහස්කරදෙනවාට කැමතිදැයි ඔවුන්ගෙන් ඇසුවේය. බරබ්බස්යයි ඔව්හු කීවෝය.
22. එසේවී නම් ක්‍රිස්තුස් කියන යේසුස්ට මා විසින් කුමක් කරන්ටදැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු කුරුසියෙහි ඇණගසනු ලබාවයි සියල්ලෝම කීවෝය.
23. එවිට ඔහු: මන්ද, මොහු මොන නපුරක් කෙළේදැයි ඇසුවේය. නුමුත්: ඔහු කුරුසියෙහි ඇණගසනු ලබාවයි ඔව්හු අතිශයෙන් මොරගැසුවෝය.
24. මෙසේ කෝලාහලයක් හටගන්නවා මිස තමාගේ උත්සාහයෙන් කිසි පලක් නැති බව පිලාත් දැක, වතුර ගෙන සමූහයා ඉදිරියේ අත් සෝදමින්: මේ ධර්මිෂ්ඨයාගේ ලේ ගැන මම නිදොස්වෙමි. නුඹලාම බලාගන්නැයි කීවේය.
25. මුළු සෙනඟ උත්තර දෙමින්: ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේවයි කීවෝය.
26. එකල ඔහු බරබ්බස් ඔවුන්ට නිදහස්කරදුන්නේය. නුමුත් ඔහු යේසුස්වහන්සේට තළවා, උන්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලබන්ට භාරදුන්නේය.
27. එකල ආණ්ඩුකාරයාගේ හේවායෝ යේසුස්වහන්සේ ප්‍රේතෝරියම්* ශාලාවට ගෙනගොස් මුළු හේවා කණ්ඩායම උන්වහන්සේ වෙතට රැස්කළෝය. (* හෙවත් රජගෙදරට)
28. ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් ගළවා, රතු සළුවක් උන්වහන්සේට හැඳෙවුවෝය.
29. ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසෙහි තබා, බටදණ්ඩක් දකුණතට දී, උන්වහන්සේ ඉදිරියෙහි දණ නමා: යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභසිද්ධවේවයි කියා උන්වහන්සේට කවටකම්කළෝය.
30. ඔව්හු උන්වහන්සේට කෙළගසා, බටදණ්ඩ ගෙන උන්වහන්සේගේ හිසට ගැසුවෝය.
31. උන්වහන්සේට කවටකම්කළ පසු ඔව්හු රතු සළුව ගළවා උන්වහන්සේගේම ඇඳුම් හඳවා, කුරුසියෙහි ඇණගසන පිණිස ගෙනගියෝය.
32. ඔව්හු නික්ම යද්දී සීමොන් නම් කිරේනියේ මනුෂ්‍යයෙකු සම්බවී, උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්ට ඔහුට බලකළෝය.
33. ඔව්හු ඉස්කබල ස්ථානය යන අර්ථ ඇති ගොල්ගොතා නම් ස්ථානයකට පැමිණ,
34. තික්ත මිශ්‍රකළ මුද්‍රිකපානය උන්වහන්සේට බොන්ට දුන්නෝය. උන්වහන්සේ රස බලා බොන්ට නොකැමතිවූසේක.
35. උන්වහන්සේ කුරුසියෙහි ඇණගැසූ පසු ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් දාදුදමා බෙදාගත්තෝය.
36. ඔව්හු එහි හිඳගන උන්වහන්සේ රැකවල්කළෝය.
37. තවද: මොහු යුදෙව්වරුන්ගේ රජවූ යේසුස්ය කියා උන්වහන්සේගේ වරද ලියා උන්වහන්සේගේ හිසට උඩින් තැබුවෝය.
38. එවිට සොරු දෙදෙනෙක්, එක්කෙනෙක් දකුණු පැත්තෙහිද එක්කෙනෙක් වම් පැත්තෙහිද, උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබුවෝය.
39. මග යන්නෝ තමුන්ගේ හිස් වන වනා උන්වහන්සේට නින්දාකරමින්:
40. දේවමාළිගාව කඩාදමා තුන් දවසකින් ගොඩනගන්නාවූ නුඹ නුඹම ගළවා ගන්න. නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බසින්නැයි කීවෝය.
41. ඒ ආකාරයෙන්ම නායක පූජකයොත් ලියන්නන් හා වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේට කවටකම් කොට:
42. ඔහු අනුන් ගැළවුවේය; තමාම ගළවාගන්ට නුපුළුවන. ඔහු ඉශ්‍රායෙල්වරුන්ගේ රජය; ඔහු දැන් කුරුසියෙන් බසීවා, එවිට අපි ඔහු අදහාගන්නෙමුව.
43. ඔහු දෙවියන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නේය; උන්වහන්සේ ඔහුට ප්‍රිය වනසේක්නම් දැන් ඔහු මුදාහරිනසේක්වා. මක්නිසාද-මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි ඔහු කීවේයයි කීවෝය.
44. උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනලද්දාවූ සොරුද එසේම උන්වහන්සේට නින්දාකළෝය.
45. සවෙනි පැය පටන් නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය.
46. නවවෙනි පැය පමණේදී යේසුස්වහන්සේ: ඒලී, ඒලී, ලාමා සබක්තානි කියා මහත් ශබ්දයකින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුයි.
47. එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා: මොහු එලියාට අඬගසන්නේයයි කීවෝය.
48. එකෙණෙහිම ඔවුන්ගෙන් එක්කෙනෙක් දිව ගොස්, මුදුහත්තක් ගෙන කාඩියෙන් පොඟවා බටදණ්ඩක ගසා, උන්වහන්සේට බොන්ට දුන්නේය.
49. සෙස්සෝ කථාකොට: නිකම් සිටින්න; මොහු ගළවන්ට එලියා එන්නේද කියා බලමුයයි කීවෝය.
50. යේසුස්වහන්සේ නැවතත් මහත් ශබ්දයකින් හඬනගා ආත්මය හළසේක.
51. බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය;
52. පර්වත පැළුණේය; සොහොන් ගෙවල්ද ඇරුණේය; සැතපී හුන්නාවූ නොයෙක් ශුද්ධවරයන්ගේ ශරීර නැගුටුවනලදුව,
53. ඔව්හු උන්වහන්සේ නැගුටුණු පසු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුල්ව, බොහෝ දෙනෙකුට පෙනුණේය.
54. සියයකට මුලාදෑනියාද ඔහු සමඟ යේසුස්වහන්සේ රැකවල්කරමින් සිටි අයද පොළෝකම්පාවත් සිදුවූ දේත් දැක ඉතා භයපත්ව: සැබවින්ම මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීවෝය.
55. යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ කැටුව ආවාවූ බොහෝ ස්ත්‍රීවරුත් එහි දුරින් බලා සිටියෝය.
56. ඔවුන් අතරෙහි මග්දලායේ මරියාද යාකොබ් සහ යෝසෙස්ගේ මවුවූ මරියාද සෙබදීගේ පුත්‍රයන්ගේ මෑණියෝද සිටියෝය.
57. සවස්වූ කල යේසුස්වහන්සේගේ ගෝලයෙක්ව සිටිය යෝසෙප් නම් වස්තුකාර මනුෂ්‍යයෙක් අරිමාතියේ සිට ඇවිත්,
58. පිලාත් ළඟට ගොස්, යේසුස්වහන්සේගේ මිනිය ඉල්ලුවේය. එවිට පිලාත් එය භාරදෙන්ට අණකෙළේය.
59. යෝසෙප් මිනිය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා,
60. තමා විසින් පර්වතයෙහි කප්පවා තිබුණ තමාගේම අලුත් සොහොන්ගෙයි තබා, එහි දොරඩකට මහත් ගලක් පෙරළා තබා ගියේය.
61. මග්දලායේ මරියාද අනික් මරියාද එතැන සොහොන් ගෙය ඉදිරිපිට ඉඳගන උන්නෝය.
62. පසුවදා, එනම් සූදානම් කිරීමේ දවසට පසුවදා, නායක පූජකයෝද ඵරිසිවරුද පිලාත් ළඟට රැස්ව ඇවිත්:
63. ස්වාමිනි, ඒ වංචාකාරයා ජීවත්ව සිටියදී-මම තුන්දවසකට පසු නැගිටින්නෙමියි කී බව අපට මතකය.
64. එහෙයින් තුන් වෙනි දවස දක්වා සොහොන් ගෙය ආරක්ෂා කරන්ට අණකළ මැනවි, නැතහොත් සමහරවිට ඔහුගේ ගෝලයන් ඇවිත් ඔහු සොරාගෙන ගොස්-ඔහු මළවුන්ගෙන් නැගුටුණේයයි සෙනඟට කියනවා ඇත. මෙසේ පළමු මුළාවට වඩා අන්තිම මුළාව මහත්වන්නේයයි කීවෝය.
65. නුඹලාට රැකවල්ලු සිටිති. නුඹලා ගොස් නුඹලාට පුළුවන් පමණ එය සුරක්ෂිත කොට තබන්නැයි පිලාත් ඔවුන්ට කීවේය.
66. ඔව්හු ගොස් ගල මුද්‍රාකර, රැකවලුන් ඇතුව, සොහොන්ගෙය සුරක්ෂිත කළෝය.
About ශු. මතෙව් Chapter 27
Read ශු. මතෙව් Chapter 27 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මතෙව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ශු. මතෙව්
Chapter: 27
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ශු. මතෙව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ශු. මතෙව් Chapter 27 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ශු. මතෙව් Chapter 27?
ශු. මතෙව් Chapter 27 is part of the Book of ශු. මතෙව් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ශු. මතෙව් Chapter 27 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- එපීස Chapter 2
- ශු. ලූක් Chapter 15
- එපීස Chapter 5
- ශු. ලූක් Chapter 23
Explore More from ශු.-මතෙව්
- ශු. මතෙව් Chapter 13
- ශු. මතෙව් Chapter 19
- ශු. මතෙව් Chapter 4
- ශු. මතෙව් Chapter 16
- ශු. මතෙව් Chapter 14
- ශු. මතෙව් Chapter 17
- ශු. මතෙව් Chapter 24