එළිදරව් Chapter 19

For English

Read එළිදරව් Chapter 19 Online

Read එළිදරව් Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of එළිදරව් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එළිදරව් and the Holy Bible online.

Choose a Chapter

එළිදරව් 19

පරිච්ඡේදය 19

1. මින්පසු ස්වර්ගයෙහි සිටින මහත් සමූහයකුගේ හඬ මෙන් මහත් හඬක් මට ඇසුණේය. ඔව්හු කථාකොට: හලෙලූයා! ගැළවීමද මහිමයද බලයද අපගේ දෙවියන්වහන්සේට අයිතිය.

2. මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨය; මක්නිසාද ඇගේ වේශ්‍යාකමින් පොළොව කිලුටුකළ මහත් වේශ්‍යාව උන්වහන්සේ විනිශ්චයකළසේක, තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන්සේකැයි කීවෝය.

3. දෙවෙනි වරදක්ද ඔව්හු: හලෙලූයා කියති. ඇගේ දුම සදාකාලේටම නගින්නේය.

4. වැඩිමහල්ලන් විසිසතරදෙනාද ජීවමාන සත්වයන් සතරදෙනාද වැටී: ආමෙන්; හලෙලූයා කියමින් සිංහාසනයේ වැඩහිඳින දෙවියන්වහන්සේට නමස්කාරකළෝය.

5. තවද: අපේ දෙවියන්වහන්සේගේ සියලු මෙහෙකරුවෙනි, උන්වහන්සේට භය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියන ශබ්දයක් සිංහාසනයෙන් නික්මුණේය.

6. එවිට මහත් සමූහයකුගේ හඬ මෙන්ද බොහෝ ජලඝෝෂාවක් මෙන්ද බලවත් ගර්ජනාවල ශබ්දය මෙන්ද හඬක් මට ඇසුණේය. එනම්: සර්වපරාක්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රජකම්කරන බැවින්,

7. හලෙලූයා! අපි අතිශයෙන් ප්‍රීති සන්තෝෂවෙමු, උන්වහන්සේට ගෞරවය දෙමු. මක්නිසාද බැටළුපැටවාණන්ගේ සරණමංගල්‍යය පැමිණියේය, උන්වහන්සේගේ භාර්යාවද සූදානම්ව සිටින්නීය යනුයි.

8. දීප්තිමත්වූ පවිත්‍රවූ සිහින් වස්ත්‍රයෙන් පැළෙඳන්ට ඈට ලැබුණේය. සිහින් වස්ත්‍ර නම් ශුද්ධවන්තයින්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාය.

9. තවද: බැටළුපැටවාණන්ගේ සරණමංගල්‍ය කෑමට කැඳවනලද්දෝ වාසනාවන්තයෝය කියා ලියන්නැයි ඔහු මට කීවේය.

10. මේවා දෙවියන්වහන්සේගේ සැබෑ වචනයයිද ඔහු මට කීවේය. මම ඔහුට නමස්කාරකරන පිණිස ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහුද: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්න. මක්නිසාද, යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මයයයි මට කීවේය.

11. එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටුමි; බලව, සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සැබෑයයි කියනු ලැබූ තැනන්වහන්සේ ඌ පිට වැඩහුන්සේක; උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක.

12. උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබේ; උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නාවූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ.

13. තවද උන්වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටිසේක. උන්වන්සේගේ නාමය දෙවියන්වහන්සේගේ වාක්‍යයාණෝයයි කියනු ලැබේ.

14. ස්වර්ගයෙහි සිටින සේනාවෝ සුදුවූ පවිත්‍ර සිහින් වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිටින් උන්වහන්සේ පස්සේ ගියෝය.

15. ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩිනසේක.

16. උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.

17. තවද සූර්යයා තුළ දේවදූතයෙක් සිටිනවා දුටිමි; ඔහුද ආකාශ මධ්‍යයෙහි පියාසරකරන සියලු පක්ෂීන්ට මහත් හඬින් මොරගසා:

18. නුඹලා රජුන්ගේ මස්ද සේනාපතීන්ගේ මස්ද බලවත් මනුෂ්‍යයන්ගේ මස්ද අශ්වයන් සහ උන්පිට හිඳිනවුන්ගේ මස්ද දාස නිර්දාස ලොකු කුඩා සියලු මනුෂ්‍යයන්ගේ මස්ද කන පිණිස, දෙවියන්වහන්සේගේ මහත් රාත්‍රි කෑමට ඇවිත් රැස්වෙන්නැයි කීවේය.

19. අශ්වයා පිට වැඩහුන් තැනන්වහන්සේටත් උන්වහන්සේගේ සේනාවටත් විරුද්ධව යුද්ධකිරීමට මෘගයාද පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාවන්ද රැස්ව සිටිනවා දුටිමි.

20. එකල මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාරකළවුන් රුවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබුවෝය.

21. අනික් අය අශ්වයා පිට වැඩහුන් තැනන්වහන්සේගේ කඩුවෙන්, එනම් උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන්, මරනු ලැබුවෝය. ඔවුන්ගේ මාංසවලින් සියලු පක්ෂීහු තෘප්තියට පැමුණුණෝය.

About එළිදරව් Chapter 19

Read එළිදරව් Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of එළිදරව් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එළිදරව්
Chapter: 19
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එළිදරව්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එළිදරව් Chapter 19 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එළිදරව් Chapter 19?

එළිදරව් Chapter 19 is part of the Book of එළිදරව් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එළිදරව් Chapter 19 online for free with easy chapter navigation.

More Chapters from එළිදරව්

  1. එළිදරව් Chapter 20
  2. එළිදරව් Chapter 16
  3. එළිදරව් Chapter 10
  4. එළිදරව් Chapter 8
  5. එළිදරව් Chapter 21
  6. එළිදරව් Chapter 14
  7. එළිදරව් Chapter 5

Explore More from නව ගිවිසුම

  1. හෙබ්රෙනව් Chapter 2
  2. ශු. යොහන් Chapter 13
  3. ක්රිරයා Chapter 27
  4. 1 කොරින්ති Chapter 14
  5. ශු. ලූක් Chapter 12
  6. හෙබ්රෙනව් Chapter 3
  7. එළිදරව් Chapter 6

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 2
  2. දේශනාකාරයා Chapter 7
  3. 2 ලේකම් Chapter 13
  4. යෙරෙමියා Chapter 47
  5. ශු. මතෙව් Chapter 14
  6. යෝබ් Chapter 25
  7. හිතෝපදේශ Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *