Read ක්රිරයා Chapter 14 Online
Read ක්රිරයා Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ක්රිරයා and the Holy Bible online.
Choose a Chapter
ක්රිරයා 14
පරිච්ඡේදය 14
1. තවද ඉකෝනියේදී ඔව්හු එක්ව යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල්වී, යුදෙව්වරුන්ගෙන්ද ග්‍රීක්වරුන්ගෙන්ද මහත් සමූහයක් අදහාගන්නා පරිද්දෙන් කථාකළෝය.
2. නුමුත් අකීකරුවූ යුදෙව්වරු අන්‍යජාතීන්ගේ සිත් කලඹා, ඔවුන් සහෝදරයන්ට විරුද්ධව එදිරිකෙරෙවුවෝය.
3. එහෙයින් ඔව්හු ස්වාමීන්වහන්සේ තුළ නිර්භීතලෙස කථාකරමින් බොහෝ කලක් නැවතී සිටියෝය. උන්වහන්සේ ඔවුන්ගේ අත්වලින් හාස්කම්ද පුදුමද කරවමින්, ස්වකීය අනුග්‍රහයේ වචනයට සාක්ෂි දැරූසේක.
4. නුමුත් නුවර සමූහයෝ භේදව, සමහරෙක් යුදෙව්වරුන්ගේ පක්ෂයටද අන් සමහරෙක් ප්‍රේරිතයන්ගේ පක්ෂයටද සිටියෝය.
5. අන්‍යජාතීන්ද යුදෙව්වරුන්ද තමුන්ගේ ප්‍රධානීන් සමඟ ඔවුන්ට නිග්‍රහකරන්ටත් ගල්ගසන්ටත් යෝජනාවක් කළ කල්හි,
6. ඔව්හු ඒ දැන, ලුකෝනියේ නුවරවල්වූ ලුස්ත්‍රාවටද දර්බයටද අවට පළාතටද පලාගොස්,
7. එහිදී ශුභාරංචිය දේශනාකළෝය.
8. මවුකුස පටන් කොරවූ, පාද දුර්වලවූ කිසිකලකත් නෑවිද්දාවූ එක්තරා මනුෂ්‍යයෙක් ලුස්ත්‍රාවෙහි ඉඳගන උන්නේය.
9. ඔහු පාවුල් කථාකරනවා ඇසුවේය. පාවුල් ඔහු දෙස ඇස් යොමා, සුවය ලබන්ට ඇදහිල්ල ඔහුට තිබෙන බව දැක:
10. නැගිට නුඹේ පාදවලින් කෙලින් සිටින්නැයි මහත් හඬින් කීවේය. එවිට ඔහු පැන නැගී ඇවිද්දේය.
11. එකල සමූහයෝ පාවුල් කළ දේ දැක ශබ්දනගා: දෙවිවරු මනුෂ්‍ය වේශයෙන් අප ළඟට බැස සිටිතියි ලුකෝනියේ භාෂාවෙන් කීවෝය.
12. ඔව්හු බාර්ණබස්ට සියුස්ය කියාද පාවුල් ප්‍රධාන කථාකාරයා බැවින් ඔහුට හෙර්මීස්ය කියාද නම් තැබූහ.
13. නුවර ඉදිරියෙහි පිහිටියාවූ සියුස්ගේ දේවාලයේ පූජක තෙමේ ගොන්ද මල්මාලාද දොරටුව ළඟට ගෙනැවිත්, සමූහයන් සමඟ යාගකරන්ට හැදුවේය.
14. එහෙත් ප්‍රේරිතවූ බාර්ණබස් ද පාවුල්ද ඒ ගැන අසා, තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, සමූහයා අතරට දුව ගොස්, මොරගසා:
15. මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුභාරංචිය නුඹලාට ගෙනෙමුව.
16. උන්වහන්සේ පසුගිය පරම්පරාවලදී සියලු ජාතීන්ට තම තමුන්ගේ මාර්ගවල හැසිරෙන්ට ඉඩ හැරියසේක.
17. එහෙත් උන්වහන්සේ අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන්වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටියසේකැයි කීවෝය.
18. ඔව්හු මෙසේ කීමෙන්, තමුන්ට පූජා ඔප්පු නොකරන ලෙස සමූහයන් අමාරුවෙන් වැලැක්වූවෝය.
19. නුමුත් අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරු ඇවිත් සමූහයන් පොළඹවාගන, පාවුල්ට ගල්ගසා, ඔහු නැසුණේයයි සිතා නුවරින් පිටතට ඇද්දෝය.
20. නුමුත් ගෝලයන් ඔහු අවට රැස්ව සිටි කල, ඔහු නැගිට නුවරට ඇතුල්වී, පසුවදා බාර්ණබස් සමඟ දර්බයට ගියේය.
21. ඔව්හු ඒ නුවර ශුභාරංචිය දේශනාකොට, බොහෝ දෙනෙක් ගෝලයන් කර, ලුස්ත්‍රාවටද, ඉකෝනියටද අන්තියෝකියටද හැරී ඇවිත්:
22. අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑයයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට, ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාදකළෝය.
23. ඔව්හු සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල්ලන් පත්කොට, නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකොට, තමුන් අදහාගත් ස්වාමීන්වහන්සේට ඔවුන් භාරදී,
24. පිසිදිය මැදින් ගමන්කොට, පම්පිලියට ආවෝය.
25. ඔව්හු පර්ගායේදී වචනය කියාදී, අත්තාලියට බැස,
26. එයින් නැව් නැගී, යම් වැඩක් කරන පිණිස දෙවියන්වහන්සේගේ අනුග්‍රහයට අන්තියෝකියේදී ඔවුන් භාරදෙනලදද, ඒ වැඩ සම්පූර්ණකොට, එම අන්තියෝකියට ආවෝය.
27. ඔව්හු ආ කල, සභාව රැස්කරවා, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවු සියල්ලද අන්‍යජාතීන්ට උන්වහන්සේ ඇදහිල්ලේ දොරක් ඇරදුන් බවද දැන්වුවෝය.
28. තවද ඔව්හු ගෝලයන් සමඟ එහි බොහෝ කලක් සිටියෝය.
About ක්රිරයා Chapter 14
Read ක්රිරයා Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ක්රිරයා
Chapter: 14
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ක්රිරයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ක්රිරයා Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ක්රිරයා Chapter 14?
ක්රිරයා Chapter 14 is part of the Book of ක්රිරයා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ක්රිරයා Chapter 14 online for free with easy chapter navigation.
More Chapters from ක්රිරයා
- ක්රිරයා Chapter 17
- ක්රිරයා Chapter 26
- ක්රිරයා Chapter 6
- ක්රිරයා Chapter 1
- ක්රිරයා Chapter 28
- ක්රිරයා Chapter 25
- ක්රිරයා Chapter 20
Explore More from නව ගිවිසුම
- ශු. මතෙව් Chapter 18
- ශු. මතෙව් Chapter 22
- යාකොබ් Chapter 1
- ශු. මාර්ක් Chapter 6
- ශු. මතෙව් Chapter 1
- 2 තෙසලෝනික Chapter 2
- ක්රිරයා Chapter 5