ක්රිරයා Chapter 12

For English

Read ක්රිරයා Chapter 12 Online

Read ක්රිරයා Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ක්රිරයා and the Holy Bible online.

Choose a Chapter

ක්රිරයා 12

පරිච්ඡේදය 12

1. ඒ කාලය පමණේදී හෙරොද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්ට අත දිගුකෙළේය.

2. ඔහු යොහන්ගේ සහෝදරවූ යාකොබ් කඩුවෙන් මැරුවේය.

3. ඊට යුදෙව්වරුන් ප්‍රසන්නවූ බව දැක, ඔහු පේතෘසුත් ඇල්ලුවේය. ඒ කාලය මුහුන් නුමුසු රොටි කන දවස්ය.

4. ඔහු අල්ලා හිරගෙයි තබා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට පිටත ගෙනෙන්ට සිතා, හේවායින් සතර දෙනෙකු බැගින් ඇති කාණ්ඩ සතරකට ඔහු රැකවල්කරන්ට භාරදුන්නේය.

5. එබැවින් පේතෘස් හිරගෙයි රැකවල්කරනලද්දේය. නුමුත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤාකළාය.

6. හෙරොද් ඔහු පිටතට ගෙනෙන්ට සිටිය දාට ප්‍රථම රාත්‍රියේ පේතෘස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ හේවායන් දෙදෙනෙකු මැද නිදාඋන්නේය. රැකවල්ලු දොර ඉදිරියෙහි හිරගෙය රැක සිටියෝය.

7. එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය, ආලෝකයක් කාමරයෙහි බැබළුණේය. ඔහු පේතෘස්ගේ ඇළයට ගසා, ඔහු පුබුදුවමින්: ඉක්මනින් නැගිටින්නැයි කීය. ඔහුගේ දම්වැල් අත්වලින් ගැළවී වැටුණේය.

8. දූතයා ඔහුට කථාකොට: ඉඟටිය බැඳ, වහන් දමාගන්නැයි කීවේය. ඔහු එසේ කෙළේය. නුඹේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නැයි ඔහුට කීවේය. ඔහු පිටත්ව ඔහු පස්සෙන් ගියේය;

9. දූතයා විසින් කරනලද දේ ඇත්තක් බව ඔහු නොදැන, තමා දර්ශනයක් දකින්නේයයි සිතුවේය.

10. ඔවුන් පළමුවෙනි දෙවෙනි මුරපළවල් පසුකොට, නුවරට යන යකඩ දොරටුව ළඟට ගිය කල, ඒක ඔවුන්ට ඉබේම ඇරුණේය. ඔවුන් පිටතට ගොස් එක වීථියක් පසුකළ කෙණෙහිම දේවදූතයා ඔහු කෙරෙන් අහක්ව ගියේය.

11. පේතෘස් සිහි ලැබ කථාකොට: ස්වාමීන්වහන්සේ තමන් දූතයා එවා හෙරොද්ගේ අතින්ද යුදෙව් සෙනඟගේ මුළු බලාපොරොත්තුවෙන්ද මා මිදූ බව දැන් සැබවින් දනිමියි කීවේය.

12. ඔහු ඒ ගැන කල්පනාකොට මාර්ක් නම්ලත් යොහන්ගේ මවුවූ මරියාගේ ගෙදරට පැමිණියේය; එහි බොහෝ දෙනෙක් රැස්ව යාච්ඤාකරමින් සිටියෝය.

13. ඔහු පිට-දොරට තට්ටුකළ විට, රොදානම් තරුණියෙක් බලන්ට ආවාය.

14. ඈ පේතෘස්ගේ කටහඬ හැඳින, ප්‍රීතිය නිසා දොර නෑර, ඈ තුළට දිවගොස්, පේතෘස් දොරටුව ළඟ සිටින බව කීවාය.

15. නුඹට ඔල්මාදයයි ඔවහු කීවෝය. නුමුත් ඈ: ඒ ඔහුමයයි සහතිකකොට කීවාය. ඒ ඔහුගේ දූතයායයි ඔව්හු කීවෝය.

16. නුමුත් පේතෘස් තට්ටුකරමින් සිටියේය. ඔව්හු දොර හැරිය කල ඔහු දැක, විස්මිතවූහ.

17. නුමුත් ඔහු ඔවුන්ට නිශ්ශබ්දවෙන්ට අතින් සංඥාකොට, ස්වාමීන්වහන්සේ තමා හිරගෙයින් පිටතට ගෙනා හැටි ඔවුන්ට ප්‍රකාශකොට: යාකොබ්ටද සහෝදරයන්ටද මේ කාරණා දන්වන්නැයි කියා, පිටත්ව වෙන තැනකට ගියේය.

18. පහන්වූ කල, පේතෘස්ට කුමක් සිදුවීදැයි හේවායින් අතරේ මහත් කැලඹීමක් විය.

19. හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, රැකවලුන්ගෙන් විචාරා, ඔවුන් මරන්ට අණකොට, යුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේය.

20. ඔහු තීර් සහ සීදොන් වැසියන්ට ඉතා කෝපව සිටියේය. ඔව්හු තමුන්ගේ රට රජුගේ රටෙන් පෝෂණයකරනු ලැබූ බැවින්, එක්සිත්ව ඔහු ළඟට ඇවිත්, රජුගේ ගෙයි ඇමතියා වන බ්ලාස්තුස් මිත්‍රකරගෙන, සමාදානය ඉල්ලුවෝය.

21. නියම දවසක හෙරොද් රාජාභරණ පැළඳ සිංහාසනය පිට හිඳ, ඔවුන්ට ප්‍රසිද්ධ කථාවක් කෙළේය.

22. සෙනඟ හඬනගා කථාකොට: මෙය මනුෂ්‍යයෙකුගේ හඬ නොව දෙවිකෙනෙකුගේ හඬයයි කීවෝය.

23. ඔහු ඒ ගෞරවය දෙවියන්වහන්සේට නුදුන් බැවින්, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහුට පහරදුන්නේය. ඔහු පණුවන් විසින් කනලදුව මැරුණේය.

24. නුමුත් දෙවියන්වහන්සේගේ වචනය පතළවී දියුණුවිය.

25. බාර්ණබස්ද සාවුල්ද තමුන්ගේ උපස්ථානය සම්පූර්ණකොට, මාර්ක් නම්ලත් යොහන් කැඳවාගෙන, යෙරුසලමෙන් හැරී ආවෝය.

About ක්රිරයා Chapter 12

Read ක්රිරයා Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of ක්රිරයා in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ක්රිරයා
Chapter: 12
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ක්රිරයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ක්රිරයා Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ක්රිරයා Chapter 12?

ක්රිරයා Chapter 12 is part of the Book of ක්රිරයා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ක්රිරයා Chapter 12 online for free with easy chapter navigation.

More Chapters from ක්රිරයා

  1. ක්රිරයා Chapter 17
  2. ක්රිරයා Chapter 28
  3. ක්රිරයා Chapter 26
  4. ක්රිරයා Chapter 25
  5. ක්රිරයා Chapter 20
  6. ක්රිරයා Chapter 6
  7. ක්රිරයා Chapter 1

Explore More from නව ගිවිසුම

  1. ශු. ලූක් Chapter 13
  2. ක්රිරයා Chapter 27
  3. ශු. මාර්ක් Chapter 9
  4. ක්රිරයා Chapter 24
  5. එපීස Chapter 6
  6. ගලාති Chapter 2
  7. ගලාති Chapter 1

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 43
  2. 1 රාජාවලිය Chapter 21
  3. ගීතාවලිය Chapter 146
  4. ගීතාවලිය Chapter 83
  5. ගීතාවලිය Chapter 11
  6. 2 රාජාවලිය Chapter 22
  7. ශු. ලූක් Chapter 21
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *